My Girl (2003) aka Fan Chan Sinhala Subtitles අවුරුදු 4කට පස්සේ බයස්කෝප් වෙබ් අඩවියට අරන් එන මගේ පළවෙනි උපසිරැසිය තමා මේ. අවුරුදු 4ක් කියන්නේ ලොකු කාලයක්. මම ඒ කාලයේ සම්පූර්ණයෙන්ම subtitle වලින් අයින්වෙලා හිටියේ. ඉතිං ඔහොම ඉන්නකොට මීට සතියකට වගේ උඩදි ලස්සන තායි ෆිල්ම් එකක් අහම්බෙන් වගේ දැකලා මට හ…
My Girl (2003) aka Fan Chan Sinhala Subtitles
අවුරුදු 4කට පස්සේ බයස්කෝප් වෙබ් අඩවියට අරන් එන මගේ පළවෙනි උපසිරැසිය තමා මේ. අවුරුදු 4ක් කියන්නේ ලොකු කාලයක්. මම ඒ කාලයේ සම්පූර්ණයෙන්ම subtitle වලින් අයින්වෙලා හිටියේ. ඉතිං ඔහොම ඉන්නකොට මීට සතියකට වගේ උඩදි ලස්සන තායි ෆිල්ම් එකක් අහම්බෙන් වගේ දැකලා මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකත් එක්ක උපසිරැසි කරන්න ගන්න. අනික බලද්දි මේ බයිස්කෝප් වෙබ් අඩවියේ 15 වෙනි සංවත්සරය. ඒ ගැනත් බොහොම ආදරයෙන් මතක් කරන්න ඕනේ. මම බයිස්කෝප් එකත් එක්ක එකතු වුනේ 2016 අවුරුද්දේ. ඉතින් අවුරුදු ගාණක් අක්‍රීයව ඉඳලා 15 වෙනි සංවත්සරය ලබනවත් එක්ක නැවත ආයේ සක්‍රීය වීමට ලැබීම හරිම අමුතු දෙයක් විදියටයි මට දැනෙන්නේ.
මේක 2003 වසරේ තිරගත වෙච්ච Romance/Comedy ගණයට අයත් වෙන එහෙමත් නැත්තම් coming-of-age romantic ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 51ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටිය IMDB දර්ශකයේ 8ක් වැනි ඇති විශාල අගයක් ලබා ගැනීමට සමත්වෙලා තියනවා. මේ ටිකම හොඳටම ප්‍රමාණවත් මේක කොයිතරම් නම් අපූරූ සුන්දර චිත්‍රපටියක්ද කියලා ඔළුවෙන් ලස්සන චිත්‍රයක් ඇඳගන්න. ඇත්තටම මේ චිත්‍රපටිය බලද්දි මම මගේ ළමා කාලයට නැවත ගියා. උදේට ඉස්කෝලේ යනකොට නැඟිටනකොට තිබුන යුද්ධේ, යාළුවෝ එක්ක රණ්ඩු කරගත්තු, ගහගත්තු, සෙල්ලම් කරපු හැමදේම හරිම සුන්දරව නැවත මගේ මතකයට ආවා. ගැනු ළමයි සම්බන්ධ දේවලුත් ආවා. හැබැයි මේ චිත්‍රපටියේ තරම් නම් හදවත උණුවෙන, දුරදිග ගිය දේවල් නම් වුනේ නෑ. තාමත් අමතක කරන්නම බැරි කෙනෙක් නම් හිටියේ 1 වසරේ.ජේබ්, බැන්කොක් වල වැඩ කරන තරුණ වයසේ කඩවසම් කොල්ලෙක්. දවසක් ජේබ්ගේ අම්මා දුරකථන ඇමතුමකින් ජේබ්ට දෙයක් කියනවා. මේත් එක්ක ගෙදරින් දුරස්වෙලා නගරේ රස්සාව කරන ජේබ් ගෙදර එනවා. ජේබ්ගේ තාත්තා කරණවෑමියෙක්, අම්මා ටිකක් වස ගෙදර ගෘහනියක්. ආයේ තමන්ගේ ගමට එනවත් එක්ක මේ කොල්ලට තමන්ගේ පුංචී ළමා කාලය ගැන හරිම සුන්දර මතකයන් සිහියට එනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ… නොයි නා කියන්නේ මේ ජේබ්ගේ පුංචී කාලේ හොඳම මිතුරිය. නොයි නා ලස්සන හුරුබුහුටි විසේකාර කෙල්ලෙක්. ඒකට ජේබ්… හා පැටියෙක් වගේ හරිම අහිංසකයි. වෙලාවකට මුව පැටියෙක් වගේ, ඔහේ බලාන් ඉන්නවා. දෙන්නා නිතර එකටමයි ඉන්නේ, දුවන්නේ පනින්නේ සෙල්ලම් කරන්නේ, ඉස්කෝලේ යන්නේ හැමදේම එකට. මේ හේතුව නිසාම ජේබ්ගේ ඉස්කෝලේ යාළුවෝ නිතර මිනිහට කෙනෙහිලිකම් විහිළු තහලු වගේ දේවල් කරනවා කෙල්ලෙක් එක්ක ඉන්න හින්දා. මේ කාරණා නිසා ජේබ්ට ගමේවත් ඉස්කෝලෙවත් කිසිම පිරිමි යාළුවෙක් හිටියේ නෑ. සෙල්ලම් කරන්න හිටියේ නොයි නයි එයාගේ ගැහැණු යාළුවෝ ටිකකුයි. දවසක් ජේබ් තමන්ට ඉන්න මේ හොඳම එකම යාළුවා එහෙමත් නැත්තම් යාළුවෙකුටත් වඩා එහා ගිය සම්බන්ධයක් තියන මේ සුන්දර නොයි නට කරන එක නොහොබිනා වැඩක් නිසා නොයි නගේ හිත හොඳටම පෑරෙනවා. මේ නිසා කෙල්ල ඇස් දෙකත් රතු කරගෙන කඳුලුත් පුරවන් ජේබ් දිහා දැඩි කලකිරීමකින් මොහොතක් බලාගෙන ඉන්නවා. දෙදෙනාගේම ජීවිත වල තීරණාත්මක හා සංවේදීම මොහොත ලියවැන්නේ මෙතැන් සිටයි.
My Girl (2003) aka Fan Chan Sinhala SubtitlesMy Girl (2003) aka Fan Chan Sinhala Subtitlesතවත් කතාව මම ඔයාලට කියන්න යන්නේ නෑ. මේක අනිවාර්-යෙන්ම බලන්න. මඟ ඇරගන්න එපා. මම හිතනවා අපි හැමෝටම child-hood love එකක් ජීවිතේ කොතනැකදි හරි තියෙන්න ඇති කියලා. එයාලව අපිට අමතක කරන්න හරිම ලේසියි, ඒ වුනත් ඒ මතකය අපේ ඔලු වල මැකෙන්නේ නැතුව සදාකාලිව සුන්දරව තියනවා. මේ චිත්‍රපටියෙන් ඒ බව උපරිමයෙන්ම බොහොම අපූරුවට අපිට පෙන්වනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,582 downloadsDownload My-Girl-2003-aka-Fan-Chan-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
My Girl (2003) aka Fan Chan Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Anusara Chantarangsi
- #Box Office Hits
- #Charlie Trairat
- #Charwin Jitsomboon
- #Editor's Pick
- #Focus Jirakul
- #Must Watch
- #Nipawan Taveepornsawan
- #Prem Tinsulanonda
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #Wongsakorn Rassamitat
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
asela
Buddhika Lakmal
කාලකින් සබක් අරං ආවට තෑන්ක්ස් සහෝ....
සියලු වැඩකටයටුතු සාර්තක වේවා....
ඉඩ තියෙන වෙලාවට තවත් සබක් ගේමු...UD Shehan
ස්තූතියි!
kavinda gamage
බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වගේ සුපිරි නිර්මාණ වලට උපසිරැසි ගේමු. ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
supiri film ekak thanks for sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bhoma isthuthi sahodaraya sub ekata, jaya wenna ona karana kiyana siyaluma dewal