ඉතින් කොහොමද යාළුවනේ මාගේ 56 වෙනි උපසිරසිය විදිහට ලබාදුන් (Kadhal 2004) චිත්‍රපටයෙන් පසු මෙතෙක් මා ආ උපසිරසි ගමන් මගෙහි වෙනසක් සිදු කල දිනයක් විදිහට අද දවස හදුන්වන්න පුළුවන්. ඒ මොකද මං අද වෙනකන් ඔයාලාගේ රසවින්දනය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කරේ දමිල , තෙළිගු, කන්නඩ හා මලයාලම් යන භාෂා වල සිනමා උපසිරසි…
ඉතින් කොහොමද යාළුවනේ මාගේ 56 වෙනි උපසිරසිය විදිහට ලබාදුන් (Kadhal 2004) චිත්‍රපටයෙන් පසු මෙතෙක් මා ආ උපසිරසි ගමන් මගෙහි වෙනසක් සිදු කල දිනයක් විදිහට අද දවස හදුන්වන්න පුළුවන්. ඒ මොකද මං අද වෙනකන් ඔයාලාගේ රසවින්දනය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කරේ දමිල , තෙළිගු, කන්නඩ හා මලයාලම් යන භාෂා වල සිනමා උපසිරසියි. ඒත් අද වෙනස්ම විදිහට මගේ තිබ්බ ආශාවක් ඉෂ්ඨ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒ මේ මං විසින් උපසිරසි ගන්වමු මාගේ පලමු වන හොලිවුඩ් උපසිරසියයි මේ විදිහට අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.
ඉතින් වෙනදා වගේම අදත් මං මට මේක කරන්න අවස්ථාව අරන් දීපු බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ සොයුරු ශාන් විමුක්ති හටත් බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් මේ අවස්ථාවේ මා ස්තූති කරනවා.
ඉස්සෙල්ලාම මං ඔයාලගෙන් ඉල්ලන්නේ මේක මං English එකකට කරපු පලවෙනිම එක නිසා අඩුපාඩුනම් ඇති ඉතින් ඒ ගැන කමා කරල , අඩුපාඩුත් කියන්න කියලා ඉල්ලා සිටිනවා.මේක පොඩ්ඩක් සොබ්බි පැත්තට යන චිත්රපටයක්. චිත්රපටය ගැන පොඩ්ඩක් කථා කලොත්, කිර්බි කියන ගෑණු ළමයා දවසක් කඩයකින් බඩු අරගෙන එන අරම මගදි ඇයට මුහුණ දෙන්න වෙන සිදුවීමක් හරහා මෙය ගලාගෙන යනවා. කිර්බි දිනක් නගරයේ ඇති වෙළදසැලකින් භාණ්ඩ රැගෙන තමන් යන අතරමග පාරෙදි ඇයගේ වාහනය දෝෂයකට ලක් වෙනවා. ඉතින් ඇය වාහනයේම ඇති රේඩියෝවෙන් කථා කරලා ඇදගෙන යන ට්‍රක් රථයක සේවය ඉල්ලනවා. මේකට කිර්බිට උපකාර කරන්න කථා කරන්නේ මැක්ස් කියලා කෙනෙක්. ඉතින් මේ ප්‍රෙද්ශයම සොම්බි ප්‍රහාරයට ලක් වෙලයි මේ වන විට තියෙන්නේ. ඒත් කිර්බිට ඒ ගැන අවධානයක් නෑ. ඇය ට්‍රක් රථය එනතුරු වාහනයේ රැදී සිටින විට සොම්බිගේ ක්‍රියාකරකම් දකිනවා. පසුව ඇය මැක්ස් හට කථා කරමින් නිතර නිතර උපදෙස් ලබා ගන්නවා. මැක්ස් සමගින් මේ කථා කරන අතර තුර ඇයට ඔහු ගැන සෙනෙහසක් ඇති වෙනවා. කොහොම හරි මෙයා බලාගෙන ඉන්නේ මෙයාගේ වාහනේ හදාගන්න එනව කිව්ව ට්‍රක් එක එනකන්. ඒත් ….එතනින් එහාට වෙන දේ ඔයාලම බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. තවත් වෙනස්ම උපසිරසියකින් හමුවෙනතුරු සියළු දෙනාට තෙරුවන් සරණයි..
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : Bob Schultz & Robert Conway (special guest director)
කාණ්ඩය : Drama, Horror
නිෂ්පාදනය : Bob Schultz, Robert Conway
කථාව රචනය : Bob Schultz & Robert Conway (additional scenes written by)
රංගන ශිල්පීන : Whitney Moore, Stephen Tyler Howell, Shane Dean
ධාවන කාලය : 1h 16min
තිරගත කල දිනය : May 16th, 2017
IMDB අගය :2.7/10

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,390 downloadsDownload Breakdown-Lane-2017.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
13 comments
රොෂාන් ශමීර
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Roshan
thanks. me site eke comment dapu gaman sent wena widihata hadanna barida. name , email gahala wada godak karanna wenawa. ekai comment adu wenne mama hithanne. eka apitath lesi.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Suranjan
Thanks jayawewa......!
isuru srinath sjs
දැන් English වලටත් බැහැලා නේද.?? බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
GihanM98
ස්තුතියි සබ් එකට...පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Film ekanam melo rahak na. Sub ekata thanx..
Ravishka Chamod
Sirawata bn. Aparade bewe.
Dewadithya
Thanks for sub!
Ruchira
Me movie eka banda epa. Melo rahak na. Subtitles walata thanks. .(IMBD ratings 2.7)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි...
ස්තූතියි..