සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree Tha…
සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree Thaskaraha මලයාලම් සිනමා නිර්මාණයට.
2014 සැප්තැම්බර් 06 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Comedy කාණ්ඩයේ සිනමා නිර්මාණයක්.
6.8/10 IMdb
93% Google Users
3.8/5 Times of India
3.6/5 Desinartini.com
ලබා ගන්න සමත් උන මේ නිර්මාණය North 24 Katham තුලින් ජනාදරයට පත් සිනමා අධ්‍යක්ෂක Anil Radhakrishnan Menon ගේ තවත් අපූරු අධ්‍යක්ෂණයක්. Anil Radhakrishnan Menon අධ්‍යක්ෂක තුමාගේම අගනා තිර රචනයක් වන මේ සිනමා නිර්මාණයෙහි Rex Vijayan, Sushin Shyam ගේ සංගීතයෙන් වර්ණ ගැන්වුණ ලස්සන ගීත කිහිපයක් ඇතුලත් වෙනවා.
ඉන්දියන් රුපියල් කෝටි 5 ක වියදමකින් නිර්මාණය කරන ලද මේ නිර්මාණය ඉන්දියන් රුපියල් කෝටි 19.57 ක වාර්තා ගත ආදායමක් උපයන්න සමත් උනා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් මේ කතාව පටන් ගන්නේ මාර්ටි චෙට්ටා (Chemban Vinod Jose). ඒ කියන්නේ ගමේ ඉන්න මෝඩ හොරෙක්. මෙයා කරපු වැරැද්දක් ගැන පල්ලියේ ෆාදර් ළඟ කරන පාපොච්ඡාරණයක් විදියට තමයි මේ කතාව දිග ඇරෙන්නේ.
මේ මාර්ටි චෙට්ටා හොරකමකට බන්ධනාගාර ගත වෙනවා. එහෙදි මෙයාට එක එක වැරදි වලට බන්ධනාගාර ගත උන යාළුවො හය දෙනෙක් මුණ ගැහෙනවා. මෙතනින් ක්‍රිෂ්ණා උන්නි (Prithviraj Sukumaran), නොබෙල් එට්ටන් (Nedumudi Venu) බන්ධනාගාරගත වෙන්න කෙලින්ම වග කියන්න ඕනේ මන්ත්‍රී කෙනෙක් ඉන්නව. ඒ තමා පායිස් (Joy Mathew). මෙයාල දෙන්නට මේ පායිස්ගෙන් පලි ගන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ මෙයාල සැලසුම් කරන්නේ පායිස්ගේ නීති විරෝධී ගනුදෙනු වලින් හම්බ කරපු කළු සල්ලි, පායිස්ගෙන් හොරකම් කරන්න. ඒකෙන් පායිස් බංකලොත් වෙනවා කියල මෙයාලට හොඳටම විශ්වාසයි. එතකොට ඒ වැඩෙන් කට්ටියට ගාණක් හොයා ගන්න ලැබෙන හින්දම මේකට අනික් යාළුවො ශබාබ් (Asif Ali), නාරායන කුට්ටි (Neeraj Madhav), ලීෆ් වාසු (Sudheer Karamana) සහ සලාම් (Salam Bukhari) උදව් කරනවා. එයාලත් අපූරු වැරදි වලට සිරගත උන පිරිසක්. විවිධ දක්ෂතා තියෙන මේ හොරු ටිකට සල්ලි හොරකම් කරන්න ලැබෙයිද? සැලැස්ම සාර්ථක වෙයිද? ඇත්තටම මෙයාලට සල්ලි ලැබුණද? ඒක ෆිල්ම් එක බලලම දැන ගන්න වෙනවා.
සමහරවිට ගොඩක් අයට මේ නිර්මාණය මග ඇරිලා ඇති. ජනප්‍රිය නළුවන් කීප දෙනෙක්ගෙ රංගනයෙන් හැඩ වෙලා තියෙන මේ නිර්මාණය බැලුවට කිසිම පාඩුවක් නැති, මලයාලම් සිනමාවට ආදරේ කරන හැමෝම බලන්න ඕන තවත් එක නිර්මාණයක් කියල මේක අඳුන්වන්න කැමතියි. ඔයාල හැමෝටම මේ නිර්මාණය රස විඳින්න ආරාධනා කරන ගමන් තවත් සිනමා උපසිරැසියකින් හමු වෙනකල්. ජය වේවා! ගොඩක් ස්තූතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,684 downloadsDownload Sapthamashree-Thaskaraha-2014.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
18 comments
Kantha_DLA
Lalani Maduwanthi
Thank you,,godaak pin,,,,god bless you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Ravisara Dharmapala
Amo sisi supiriyak ekm gindara mnm kine meka kawruhri bln ntywa inda hdnwnam eka a porage gon kama horunm horu supori film ekk aaa sub ekt lasmata krla tyba mhanskwel.. digtma sub krnda sahodriya..
❤❤ Jaya wewa..!!❤❤indika75
thanks..
isuru srinath sjs
සබ් එකට ස්තුතියි ..!!
Kavinu
සබට තුති අක්කේ!
ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ එහෙනම්,
බලලම කියන්නම්කෝ හොඳ නරක!!! ජය වේවාDamith
patta film eka.
Bandara
Thanks Dear Renuka....
Udaya Fdo
Thank you
kavi
thnx....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තූතියි දිගටම මලයාලම් ඒවා ඕනේ :-D
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Thanks nangi
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!විමා
සබට තුති අක්කේ..
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!