Watch Trailer

Think Like a Dog (2020) Sinhala Subtitles | බල්ලෙක් වගේ හිතමු! [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. සොහාන් ජයසූරිය සහෝදරයා මගෙන් ඇහුවා මේකට සබ් එක හදන්න පුළුවන්ද කියලා. මමත් ඉතින් වැඩේ බාරගත්තා. ශාන් විමුක්ති සහෝදරයා මේක ඉක්මණටම හදලා දෙන්න කිව්වා. කොහොම හරි වැඩ අතරේ ඔන්න අද මං ඔයාලට සබ් එක අරන් ආවා. සොහාන් සහ විමුක්ති…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. සොහාන් ජයසූරිය සහෝදරයා මගෙන් ඇහුවා මේකට සබ් එක හදන්න පුළුවන්ද කියලා. මමත් ඉතින් වැඩේ බාරගත්තා. ශාන් විමුක්ති සහෝදරයා මේක ඉක්මණටම හදලා දෙන්න කිව්වා. කොහොම හරි වැඩ අතරේ ඔන්න අද මං ඔයාලට සබ් එක අරන් ආවා. සොහාන් සහ විමුක්ති සහෝදරයන්ට මාගේ ස්තුතිය…

ඉතින් චිත්‍රපටය ගැන කියනවනම්.. ඔලිවර් කියන ළමයත් හෙන්රි කියන බල්ලත් එක්ක තමයි කතාව යන්නේ. ඔලිවර් නව නිපැයුම් කරුවෙක්. එයාගේ හොඳම යාළුවා හෙන්රි හිතන විදිහ ගැන දැනගන්න එයා උපකරණයක් හදනවා. ඒ තාක්ෂණය හොරකම් කරන්න එන මිල්ස් ගෙන් ඔලිවර්ව බේරගන්නේ හෙන්රි සහ එයාගේ යාළුවෝ ටික. පාසල් මිත්‍රත්වය, ආදරය, පවුල් සමගිය, හාස්‍ය මේ සියල්ලම මේ චිත්‍රපටයේ තියනවා.

පසුගිය 09 වන දා Lionsgate ආයතනය විසින් කල ඉල්ලීම මත video on demand (VOD) හරහා මෙම චිත්‍රපටය නිකුත් කර ඇත. Gil Junger විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටය M-Star International සහ Mad Chance වෙනුවෙන් Cory Chen, Andrew Lazar සහ Linshu Zhang නිෂ්පාදනය කර ඇත. චිත්‍රපටයේ රංගනයෙන් Josh Duhamel ලූකස් ලෙසත්, Megan Fox එලන් ලෙසත්, Gabriel Bateman ඔලිවර් ලෙසත්, Madison Horcher සොෆී ලෙසත්, Janet Montgomery බ්‍රිජට් ලෙසත්, Julia Jones නියෝජිත මූනෝස් ලෙසත්, Kunal Nayyar මිල්ස් ලෙසත් සහ Bryan Callen නියෝජිත කෝලන් ලෙස එකතු වේ. හෙන්රි වෙනුවෙන් කටහඬ දී ඇත්තේ Todd Stashwick විසිනි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන බව 2016 සැප්තැම්බර් මස නිවේදනයක් කර ඇත. ඒත් Josh Duhamel සහ Megan Fox ගේ රංඟනය සමඟ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කෙරෙන බව 2018 මාර්තු මාසය වනතුරු නිවේදන නිකුත් වී නැත. පසුව එම වසරේම මැයි මාසයේ නිව් ඕර්ලියන්ස් වලදී මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී ඇත. චිත්‍රපටය සඳහා මේ වනවිට IMDb අගය 5.5 ලෙස ලැබී ඇත. Rotten Tomatoes අගය 67% වී ඇත. එහෙනම් මං ගිහින් එන්නම්..

ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,869 downloadsDownload Think-Like-A-Dog-2020.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,869 downloadsDownload Subtitles60 KB

14 comments

  1. Anonymous

    Thanks For Sub

  2. indika75

    Thanks..

  3. Sohan Jayasooriya

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.. ස්තූතියි මාවත් මතක් කළාට.. තව තවත් උපසිරැසි දෙන්න හැකියාව, කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කොමඩියක් වගේ...
    දිගටම සබ් කරමු...

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. isuru srinath sjs

    සබ් එකට ස්තුතියි

  8. GihanM98

    සබ් එකට ස්තුතියි...පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න...

  9. සඳුනි කාංචනාමාලා

    The academy of magic 2020 film එකේ සබ් දෙන්න....
    සබ් එකට ස්තූති

  10. Nelson

    Good work friend, Thanks for the sub!

  11. Udaya Fdo

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. D.Chamara

    bohoma sthuthi

  14. SMS

    බොහොම ස්තුතියි!!!