Watch Trailer

Breathless (2008) AKA Ddongpari with Sinhala Subtitles | අපාගතවන ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! එක දිගටම අළුත් ෆිල්ම් දීපු නිසා අද නම් ටිකක් පරණ වුණත් හොඳම චිත්‍රපටියක් තමයි අරන් ආවේ.මේකට තක්කාලි අගය 84% ක් වගේම imdb 7.6 අගේකුත් ලැබිලා තියෙනවා.2009 අප්‍රේල් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.crime/drama ගනයට වැටිල තියෙන මේ චිත්‍රපටියෙ සංවේදි දර්ශන තියෙන නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් හ…

 

ආයුබෝවන්!

එක දිගටම අළුත් ෆිල්ම් දීපු නිසා අද නම් ටිකක් පරණ වුණත් හොඳම චිත්‍රපටියක් තමයි අරන් ආවේ.මේකට තක්කාලි අගය 84% ක් වගේම imdb 7.6 අගේකුත් ලැබිලා තියෙනවා.2009 අප්‍රේල් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.crime/drama ගනයට වැටිල තියෙන මේ චිත්‍රපටියෙ සංවේදි දර්ශන තියෙන නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් හොඳයි කියල තමයි මම හිතන්නෙ.ඒ වගේම සල්ලි පොලියට දුන්නට පස්සෙ ඒවා එකතු කරන්න යන මැරයෙක්ගෙ ජීවිතයක් වටා තමයි මේ චිත්‍රපටියෙ කතාව ගලාගෙන යන්නෙ.මැරයෙක් කිව්වම ඒකත් අපි දැකල තියෙන වර්ගෙ එකෙක් නම් නෙමෙයි.ඒ වගේම තමයි මේ වගේ සිද්දි ඇත්තටම අදටත් කොරියාවෙ සිද්ද වෙනවා.රොමෑන්ටික් පැත්ත විතරක් දකින, කොරියාවෙ ලස්සන පැත්ත විතරක් දැකල තියෙන අය මේ කතාව බැලුවොත් යථාර්තෙ තේරුම් ගනීවි.ඉතින් වැඩි විස්තර නැතුව මම සාරාංශෙ ගැන කියන්නම්.

සන්ග් හුන් කියන්නෙ හැකර කටක් තියෙන කොයි වෙලෙත් තරහෙන් ඉන්න නීති විරෝධීව සල්ලි පොළියට දෙන යාළුවෙක් ලග වැඩ කරන  මැරයෙක්.මූ එතන වැඩ කරන අනිත් කොල්ලන්ට පවා ගහනවා.කියන දෙයක් අහන්නෙම නෑ. මේ සන්ග් හුන්ට බෑනෙක් ඉන්නවා.එයාගෙ අක්කගෙ පුතා.අක්කා වුනාට එක තාත්තගෙ විතරයි.අම්මලා වෙනස්.මොනව වුණත් මෙයා බෑනට ආදරෙයි.සන්ග් හුන් බෑනට කැමති වුණාට අක්කට වැඩි කැමැත්තක් නෑ.එයා නැති වෙලාවෙ හොරෙන් ඇවිත් තමයි පොඩි එකාව බලල යන්නෙ.මේකට හේතුව තමයි මේ සන්ග් හුන් පොඩි කාලෙ එයාගෙ තාත්තා බීලා ඇවිත් අම්මත් එක්ක රණ්ඩු කරනවා.ඒ අතරෙදි තාත්තා අතින් මෙයාගෙ නංගි මැරෙණවා.නංගිව ඉස්පිරිතාලෙට අරන් යද්දි අම්මවත් වාහනේකට හැප්පිලා මැරෙණවා.ඊට පස්සෙ තාත්තා හිරේ යනවා.තාත්තට තවත් කසාදයක් තිබිලත් තියෙනවා.ඒ කසාදෙ ළමය තමයි මේ අක්කා.මේ සේරම නිසා සන්ග් හුන් තාත්තට නොසෑහෙන්න වෛර කරනවා.තාත්තා දැන් හිරේ ගිහින් නිදහස් වෙලා ඇවිත් ඉන්නෙ.

දවසක් මෙයා පොඩි එකාව බලල එද්දි වැරදීමකින් ඉස්කෝලෙ කෙල්ලෙක්ගෙ ඇගට කෙල ගහනවා.කෙල්ලටත් හැකර කටක් තියෙන්නෙ,ඒකි සන්ග් හුන් එක්ක රණ්ඩුවට එනවා.ඒ වගේම තමයි සන්ග් හුන් මේ කෙල්ලට ගහපු පාරකට සිහි නැති වෙනවා. කෙල්ලට සිහිය එද්දිත් මූ ගිහින් නෑ.කෙල්ලට ගැහුවට කෙල්ල වන්දියක් ඉල්ලනවා..කෙල්ලටත් මැර ගතියක් තියෙන හින්දා මේ දෙන්න ටිකක් හිතවත් වෙනවා.නිතරම හම්බෙනවා.යාළුවො වෙනවා..

මේ කෙල්ලගෙ හැසිරීම හින්දා සන්ග් හුන් හිතන්නෙ  කෙල්ල පෝසත් කියලා.ඒත් ඇත්තටම කෙල්ලගෙ අම්මත් මැරිලා.අම්මා තාමත් ජීවත් වෙනව කියලා හිතාගෙන ඉන්න බාගෙට පිස්සු හැදුන තාත්තයි අයාලෙ යන මල්ලියි එක්ක හුඟක් වදකාර ජීවිතයක්ත මයි මෙයා ගත කරන්නෙ.මල්ලිත් සල්ලි ඉල්ලලා කොයි වෙලෙත් රණ්ඩු වෙනවා.හොරකමෙත් ගිහින් තියෙනවා.

මේ මල්ලිගෙ යාළුවෙක් සන්ග් හුන් වැඩ කරන තැනම වැඩ කරනවා.ඒ කියන්නෙ මැරකමේ යනවා.මේ යාළුවා අර කෙල්ලගෙ මල්ලිව එතන්ට බන්දව ගන්නවා.දැන් සන්ග් හුන් ඒ කෙල්ලගෙ මල්ලි කියල දන් නැතුව උටත් ගහනවා අනිත් කොල්ලන්ට වගේ සළකනවා. කොල්ලටත් සන්ග් හුන් ගැන පැහැදීමක් නෑ..

ඉතින් මම කතාව එතනින් නවත්තන්නම්.. මොකද කතාව ගැන තේරුමක් ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා.ඉතින් මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ ඔයාලටත් තේරෙයි මේ වගේ ජීවිතයක් ලබන්න තරම් අපි කොච්චර වාසනාවන්තද කියලා.අදට එහෙනම් ගිහින්, තවත් උපසැරසියක් අරන් ආයෙම දවසක එන්නම්.

බුදු සරණයි!

Breathless (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Breathless.2009.BR720P.x264-FILMKU.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,053 downloadsDownload Breathless-2009.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,053 downloadsDownload Subtitles43 KB

21 comments

  1. shehan

    thankz so much for sub.karana siyalu wadakma sarthaka wewa

    1. chamalkalum

      ස්තූතියි...

  2. Mithun

    හම්මේ.. මුලූ ලිපියම කියෙව්වා කියන්නකො .. මුල ටික කියවන් එද්දි කොරියන් කියල තිබුන නිස ඉක්මනින් අයේ පතට ගිහින් චාමල්ද කියල බලලා අයේ මුල ඉදම් ලිපිය කියෙව්වා...
    දැම් ඉතින් එකත් බලන්නම වෙනවනේ
    ගොඩක් ස්තුතියි ඔන්න

    1. Mithun

      Imdb rat eka 7.6 kiyanna fattama wanna one

    2. chamalkalum

      අනිවා බලන්න.කලින් දුන්නු එකත් බලන්න.පට්ට.

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි.සහෝ පුලුවන් වෙලාවක Kim Ki-duk අධ්‍යක්ෂණය ෆිල්ම් ටිකකටත් සබ් දෙන්නකො
    මෙයාගෙ ෆිල්ම් කිහිපයකට සයිට් එකේ සබ් දීල තියනවා.ඉතිරි ඒවටත් සබ් දෙනවනම් වටිනවා
    ජය වේවා!

    1. chamalkalum

      හරි සහෝ.. බලමු..

    2. ඉෂාන් මදුෂ

      එල

  5. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  6. kumara

    බොහෝම ස්තූතියි මවෝ සබට. ජයවේවා.

  7. Gayan

    Tnx malli.supiri.

    1. chamalkalum

      ආ.. එල..

  8. Sasa

    Dhruva akata simhala sub danna

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chamalkalum

      ජය !

  10. Chamu

    Thxxx sub ekata puluwannam
    Phantom Detective( 2016) kiyana korean film ekata sub denna balanna .ekath supiri

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Yukthi Sudheera

    Supiri bro.... Jaya wewa...!

  13. Rajitha

    Thanks machan......jayawewa......!

  14. අසිත

    elama saho thanks