Watch Trailer

Requiem for a Dream (2000) with sinhala subtitles | හඹා යන්න ඒ සිහිනය පසුපස…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “The Road Home අනන්තයට යන පාර දිගේ… (1999) ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “The Road Home අනන්තයට යන පාර දිගේ… (1999) ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම තවමත් සිංහල උපසිරැසි කරලා නැති IMDb වර්ගීකරනයට අනුව ලොව හොඳම සිනමා සිත්තම් වලට උපසිරැසි දෙන එකේ තවත් එක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විදියට එලි දකින්නේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ වුන සමන් ප්‍රසාද් සහෝ ටත්.

IMDb වර්ගීකරනයට අනුව 8.4/10 ලබා ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 78 වන ස්ථානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 78% ක් ලබාගත්  ලොව පුරා සම්මාන උලෙළවල් වලදී සම්මාන 33ක් දිනා ගත් නිර්දේශවීම් 62 කට හිමිකම් කියන මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස් කුමට?

Darren Aronofsky අධ්‍යක්ෂණය කරපු  මේ සිනමා සිත්තමට  පාදකවෙන්නේ Hubert Selby Jr විසින් රචනා කරපු  Requiem For a Dream කියන ජනප්‍රිය නවකතාවයි. ඇකඩමි සම්මාන ඇතුලු ලොව පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයීමට ලක්වුන මේ සිනමා සිත්තමට  IMDB දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. හැරී කියන චරිතය වටා මේ කතාව කේන්ද්‍ර වුනත් සරා ගෝල්ඩ්ෆාබ් කියන චරිතය නිරූපණය කරන Ellen Burstyn පුදුම රංගන කුසලතාවක් පෙන්වනවා. මේ නිසාම ඇයට මේ චරිතය වෙනුවෙන් සම්මාන රැසක් හිමිවෙලා තියනවා. ඒ වගේම ඔස්කාර් සම්මාන උළෙලේදී ඇය හොදම සහාය නිලියට හිමි සම්මානයටත් නිර්දේශ වෙනවා. මුලදි මේ චරිතය භාරගන්න අකමැති වුනත් Darren Aronofsky ගේ Pi කියන චිත්රපටය ගැන දැනගත්තම තමයි ඇය මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ.

මේ සිනමා සිත්තම සුවිශේෂි වන අනෙක් කාරණය තමයි සංස්කරණය සහ සංගීතය. සිනමාව කියන මාධ්‍ය අපූරු භාවිතාවක් බව පෙන්වන්න මේ සංස්කරණ හැකියාව හොද සාක්කියක්. මොකද සාමාන්‍ය චිත්‍රපටියක ජවනිකා (Scenes) 600ක් 700ක් භාවිතා වුනත් විනාඩි 102 ධාවනය වන මේ චිත්‍රපටියට ජවනිකා 2000 ක් විතර අඩංගුයි. ඒ වගේමයි පසුබිම් සංගීතය. කතාවට වගේම බලන අපිටත් අපූරු ජවයක් එන මේ පසුබිම් සංගීතය නම් ඔබ අහලත් ඇති. මොකද ඒක ඒ තරමටම ජනප්‍රියයි.

ඔබත් මමත් අපි හැමෝමත් ජීවිතේ ගැන විවිධාකාරයේ හීන දකිනවා. ඒ වගේම ඒ දකින හීන හැබෑ කර ගන්න, ඒ හීන පිටිපස්සෙ අපි හඹා යනවා. ඒත් ඒ හීන හැබෑ කර ගන්නකොට අපිට ජීවිතේ මොනතරම් නම් දේවල් මග ඇරෙන්න ඇද්ද? ඒ වගේම හීන පස්සෙ දුවනකොට අපි අමතක කරන දෙයක් තමයි, හීන පිටිපස්සෙ දුවලා දුවලා හති වැටුනාම නතර වෙන්න ඕනෙ කියන එක. අනිත් එක තමයි හීන හැබෑ කර ගන්න කෙටි ක්‍රමවත් හොර ක්‍රමවත් නෑ කියන එක.  මේකේ කතාව ගැන මම වැඩිපුර මොනාවත් කියන්න යන්නෙ නෑ. මොකද මේක වචන වලින් කියන්න බැරි තරමටම සුපිරි සිනමා නිර්මානයක් නිසා. ලැබිලා තියන සම්මාන ගානෙම්ම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි කතාවක්ද කියන එක ගැන. මේ කතාවේ ප්‍රධාන චරිත 4ක් ඉන්නවා. ඒ හතර දෙනා දකින්නේ එකිනෙකාට වෙනස් හීන හතරක්. හීන පිටිපස්සේ දුවන මේ හතර දෙනාගෙ ජීවිත කතාව ඇතුලේ ඔබෙත් මගේත් ජීවිත කතාව හරි අපූරුවට ලියැවිලා තියෙනවා. ඔබත් මමත් දකින ඒ හීන වල අවසානය දැක ගන්න, ජීවිතේ ගැන විවිධාකාරයේ හීන මවන, දකින ඔබ හැම දෙනාටම ආරාධනා කරනවා.

ඔබ චිත්‍රපටි ලෝලියෙක් නම් තවමත් මේ සුපිරි සිනමා සිත්තම රසවිදලා නැත්නම් මේ තමයි ඔබට මග ඇරුන ඒ හීනෙ දැක ගන්න හොදම වෙලාව. ඒ වගේම ඔබ මේ සිනමා සිත්තම කලින් රසවිදපු කෙනෙක් නම් තවත් කෙනෙක් එක්ක ඒ රසය බෙදා ගන්න පහලින් අදහසක් දක්වලා යන්න.

” හඹා යන්න ඒ සිහිනය පසුපස
එපා නතර වෙන්න දිනා ගන්න එය
නමුත් දෙපා රිදෙන විට හති වැටෙන විට
මග නතර වෙන්න මතක තියා ගන්න “

තවත් මෙවැනිම සුපිරි සිනමා සිත්තමක සිංහල උපසිරැසිය සමගින් නැවත හමුවෙමු. ඔබට ජය….

2012 මැයි 14 Sanju Liyanage සොහොයුරා විසින් පල කළ ලිපිය.

හීන සැබෑ කරගන්නේ හීන දකින මිනිස්සුම තමයි.මේ කතාව ගලාගෙන යන්නෙත් ඒ වගේ හීන දකින චරිත 4ක් කේන්ද්‍ර කරගෙන.සරා ගෝල්ඩ්ෆබ් කියන්නේ තරුණ පුතෙක් ඉන්න වයස්ගත අම්ම කෙනෙක්.තාත්තා නැති මේ පවුලේ අම්මට ඉන්න එකම වස්තුව හැරී කියන මේ තරුණ පුතා.හැරීගෙ පෙම්වතිය මැරියන්.හැරීගේ හොදම යාලුවා ටිරෝන්.හැරී පෙම්වතියට සහ තමන්ගෙ අම්මට වගේම තවත් දෙයකට ආදරය කරනවා.ඒක ආදරයකට වඩා ඇබ්බැහියක්.හැරී මැරියන් සහ ටිරෝන් ඒ ඔස්සේ තමන්ගේ හීන හැබෑ කරගන්න අතරේ ගෙදර පාලුවෙන් ඉන්න මේ වයස්ගත අම්මාගේ තනිය මකන්නේ රූපවාහිනිය.රුපවාහිනියේ විකාශය වෙන එක්තරා රියැලිටි වැඩසටහනකට හැරීගේ අම්මා සෑහෙන ආසයි.ඔය අතරේ හැරී ගෙදරින් යන්නේ අම්මා තවත් හුදකලා කරලා.මේ අතරේ හැරීගේ අම්මට ඒ කියන්නේ සරාට හදිසියෙම තීරණාත්මක ඇමතුමක් එනවා.මෙතනින් පස්සේ ඇය සම්බන්ධ කතාව අපූරු විදිහකට ගලාගෙන යද්දි හැරී මැරියන් සහ ටිරෝන්ගේ කතාවත් උණුසුම්ව ගලාගෙන යනවා.

Darren Aronofsky අධ්‍යක්ෂණය කරපු Requiem For a Dream කියන මේ චිත්‍රපටයට පාදකවෙන්නේ Hubert Selby Jr ලියපු පොතක්.ඇකඩමි සම්මාන ඇතුලු ලොව පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයීමට ලක්වුන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 8.4 වැනි ඉහල ශ්‍රේණිගත කිරීමක් ලැබී තිබෙනවා.හැරී කියන චරිතය වටා මේ කතාව කේන්ද්‍ර වුනත් සරා ගෝල්ඩ්ෆබ් කියන චරිතය නිරූපණය කරන Ellen Burstyn පුදුම රංගන කුසලතාවක් පෙන්වනවා.මේ නිසාම ඇයට මෙම චරිතය වෙනුවෙන් සම්මාන රැසක් හිමිවෙලා තියනවා.ඇය මුලදි මේ චරිතය භාරගන්න අකමැති වුනත් Darren Aronofsky ගේ Pi කියන චිත්‍රපටය ගැන දැනගත්තම තමයි මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ.

මේ චිත්‍රපටය විශේෂි වන අනෙක් කාරණා තමයි සංස්කරණය සහ සංගීතය.සිනමාව කියන මාධ්‍ය අපූරු භාවිතාවක් බව පෙන්වන්න මේ සංස්කරණ හැකියාව හොද සාක්කියක්.මොකද සාමාන්‍ය චිත්‍රපටයක ජවනිකා (Scenes) 600ක් 700ක් භාවිතා වුනත් විනාඩි 102 ධාවනය වන මේ චිත්‍රපටයට ජවනිකා 2000 ක් විතර අඩංගුයි.ඒ වගේමයි පසුබිම් සංගීතය.කතාවට වගේම බලන අපිටත් අපූරු ජවයක් එන මේ පසුබිම් සංගීතය නම් ඔබ අහලත් ඇති.මොකද ඒක ඒ තරම් ජනප්‍රියයි.
මේ චිත්‍රපටය ඔබට යමක් කියලා දේවි.ඒ පාඩම සමාජයේ ඉන්න තවත් කෙනෙකුට කියලා දුන්නොත් ලෝකය මීටත් වඩා ලස්සන වේවි.එදාට අපිට වගේම ඒ උදවියටත් දකින හීන හැබෑ කරගන්න පුලුවන් වේවි….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

               මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

9,525 downloadsDownload Requiem-for-a-Dream-2000.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Hasitha-M.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07

Subtitles

9,525 downloadsDownload Subtitles47 KB

48 comments

  1. mahesh babu

    Lipiya kyewwama film eka nobala khomada?
    Wenasakatath ekka me wage film balanna ona
    Thank's saho sub ekata
    Digatama sub demu
    Jaya wewa!!!

  2. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ වලට තව තවත් උපසිරැසි ලබා දෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  5. අසිත

    මෙය නොබැලූ දෑස් කුමට?
    American Beauty (1999) පිස්සු හදයි.කොච්චර නම් සබ් ඉල්ලුවද???
    බොහොම පින් සහෝ.

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    1. Daspi

      yp !!!! Man with a taste !!!

    2. Geethanga

      Well said

  6. Chalana

    thnx bro...

  7. Dulanga

    Thanks

  8. නිවන්දක සුබසිංහ

    film athare hodafilm hoyana apita me wage lassana supiri film akak dunnata thanks neme pin saho!
    balannan wale nobala balala anthimata apita hithanna puluwan filumak denawata pin aith.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Daspi

    great choice !!!!!!!!!!!!!!!!!!! . thanks bro !!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rajitha

    Thank you machan .......jayawewa......!

  13. Asiri

    බොහොම ස්තූතියි සහෝ sub වලට.ෆිල්ම් එක බැලුවා.අවසානය හිතුවට වඩා ගොඩක් වෙනස් උනා.ඒකත් මාරයි.මොනා උනත් donnie darko එකට sub දෙන්න අමතක කරන්න එපා හොදේ.

  14. Nirosh Madhushan

    පට්ට ෆිල්ම් එකක් සහෝ.... ගොඩක් දේ ඉගෙනගත්තා... sub එක දුන්නට ගොඩක් ස්තූතියි....

  15. sujith kodithuwakku

    supireeey tnx

  16. ප්‍රභාෂ

    Thanks bokka

  17. bandara

    මේ වගේ ඉහල සිනමා රසයක් ඇති ෆිල්ම් එකකට සබ් දෙන්න තෝරා ගත්තාට ගොඩාක් ස්තුතියි. ඔබට ජය

  18. bandara

    Enduring.Love.2004 පට්ට ෆිල්ම් එකක් සහෝ සබ් දෙන්න බොහෝම ස්තුතියි............

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ අවුරුදු 2කටත් වඩා වැඩි කාලයක් ගියා මේ කමෙන්ට් එක දකින්න. මම අදවෙනකල් බලලා නැති මග ඇරුන හොද ෆිල්ම් එකක් වගේ...
      මම බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...

  19. venuka

    film eka patta athi...
    Sub ekata thanx....
    Good luck
    All the best....

  20. Geethanga

    Thanks a lot...

  21. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ ෆිල්ම්එ කට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  22. අසිත

    මාර ලස්සන ෆිල්ම් එකක්
    ගන්න පුලුඅවන් ආදර්ශ බොහොමයි
    සමාජයේ සිදුවිය හැකි සත්‍ය කතාවක්
    ගොඩක් පින් සහෝ සබට

  23. Pasan

    Me Wage Supirima Kathaa Thiyena Parana Films Hoyaagena Ewata Sinhala Sub Karala Deela Apita Karana Udawwa Wachana Walin Kiyanna Bea Saho.. E Tharamma Godak Hoda Wedak Oyaa Karanne.. Digatama Karagena Yamu. Jaya Wewaa..!

  24. arunaprasad

    thanks

  25. Supun shanika

    ස්තූතියි සහෝදරයා

  26. CharithXD

    Thanks bro

  27. Stranger

    thanks

    1. Ajithfilm

      Thank you all

  28. thushararox

    මම මේක ඊයෙ බැලුවෙ,තාම ඔලුව අප්සට්.
    පට්ට ෆිලුමක්
    උපසිරැසියට ස්තූති

  29. Maduwa306

    Thanks bro

  30. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි සහෝ......

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  32. sathyajith

    Thanks for sub

  33. chinthaka_priyadrshana

    Thank u..............

  34. dimuthu_tharaka

    Blow 2001 subtitle please

  35. Js

    Thanks bro

  36. Bruce

    Thanx sub ekt,.

  37. Shaggy

    Thank you very much

  38. Thisaru

    Thanks

  39. Anonymous

    Thanks for the subtitles

  40. salamuthu

    thank you

  41. achintha

    sub eka download krnna bane

  42. Achintha

    Sub eka download kranna bane

  43. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  44. Isuru

    අද තමයි මුලින්ම බැලුවේ. මේක බැලුවම හිතුනේ මේ විශිෂ්ඨ නිර්මාණ ඇයි දැන් බිහි වෙන් නැත්තේ කියලා. මේ චිත්‍රටියේ තියන පසුබිම් සංගිතය නම් Next level .
    ජිවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියන film එකක්. Film එක බලපු අනිවා බලන්න. ඔයාට හොඳ රසඥතාවක් තියනම් film ⁣මොන විශිෂ්ඨ නිනිර්මාණයක්ද කියලා දැනෙයි.

    මේ film එකට උපරැසි ලබාදුන් හසිත සහොදරයාටත්
    Baiscope web අඩවියටත් බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.