Watch Trailer

Bridgend (2015) with Sinhala Subtitles | සියදිවි නසාගැනීමේ ගම්මානය [සිංහල උපසිරසි සමඟ]

සුභ උදෑසැනක් හැමෝටම. කොහොමද ඔයාලට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. නැත්නම් ඔහොම ආතල් එකේ ෆිලුමක් බලන්න කියලා බයිස්කෝප් එකට එන්නෑනෙ නේ.. මං මුලින්ම කියන්නම් මමත් ඔයාලා වගේම ෆිල්ම්වලට සබ් ගන්න තමයි ඉස්සර ඉදන් මේ සයිට් එකට ආවේ. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඒකට මේ ආව නිවාඩුවත් උදවුවක් උ…

Bridgend (2015)

සුභ උදෑසැනක් හැමෝටම. කොහොමද ඔයාලට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. නැත්නම් ඔහොම ආතල් එකේ ෆිලුමක් බලන්න කියලා බයිස්කෝප් එකට එන්නෑනෙ නේ.. මං මුලින්ම කියන්නම් මමත් ඔයාලා වගේම ෆිල්ම්වලට සබ් ගන්න තමයි ඉස්සර ඉදන් මේ සයිට් එකට ආවේ. පස්සේ මටත් හිතුණා උපසිරැසියක් කරන්න. ඒකට මේ ආව නිවාඩුවත් උදවුවක් උනා. එහෙම නැත්නම් ඔෆිස් එකේ වැඩත් එක්ක වෙන වැඩකට අතගහන්න හිතෙන්නෙම නෑනේ. මං මුලින් හිතාගෙන හිටියේ දවස් තුනට ෆිල්ම් තුනක් කරන්න. පස්සෙයි වැඩේ එච්චර ලේසි නැතිබව  තේරුනේ. කමක් නෑ ඉතින්. මේ පටන්ගැන්මනේ.. ඉස්සරහට වේගෙ වැඩිකරගමු. නිදහස් වෙලාව ගොඩක් අඩු උනත් මේකෙන් පස්සේ මං හිතාගත්ත, වෙලාවක් තියෙන හැමවෙලාවකම තවත් උපසිරැසියක් ගොඩදාගන්න. ඔයාලත් උත්සහ කරලා බලන්න. එතකොට ඔයාලත් වැඩේට ආසවෙලා දිගටම කරයි.

හොඳයි, මගෙ මුල්ම උපසිරැසිය විදියට මං ඔයාලට ගේන්නේ මේ ෆිලුම. මේක නාට්‍යමය කාණ්ඩයට අයිති වෙන්නේ. මේ ෆිලුම සිනමා උළෙලවල් 14කට යෝජනා වෙලා තියෙනවා වගේම ඒවගෙන් 10කදිම සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. රේටින්ග්ස් 6/10ක් ලැබිල තියෙනවා මේකට. මෙම චිත්‍රපටය බ්‍රිඩ්ජ්එන්ඩ් කවුන්ටි, වේල්ස් වල සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන තමයි නිර්මණය කරලා තියෙන්නේ. ඩෙන්මාර්ක චිත්රපට නිශ්පාදක Jeppe Rønde වසර හයක් ප්‍රදේශයේ ඉදලා කතාවේ තිර රචනය ලියලා තියෙනවා.. නළු නිලියන් ලෙස  Hannah Murray, Josh O’Connor, Adrian Rawlins යන අය රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය සියදිවි නසාගැනීම් අතර අඳුරේ ඉතිරි වී සිටින අවදානම් යෞවනයන් හා ඔවුන්ගේ දෙමාපියන් අතර ඇති සම්බන්ධය කෙරෙහි අවධානය යොමුවන සම්මුති විරහිත කතාවක්.

ඉතින් කිවුව වගේ කතාව පටන්ගන්නේ සාරා සහ ඇගේ තාත්තා ඩේව් අර කිවුව පැත්තට යනවා. තාත්ත පොලිස් පරීක්ෂක කෙනෙක්. එහෙදි සිද්දවෙන සියදිවි හානිකර ගැනීම්, අබිරහස් මරණයන් හා සාරා සහ ජැමීගෙ සම්බන්දය වට කතාව ගෙතෙනවා. ඒ පැත්තට වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද, සාරාට හා එයාගේ තාත්තට මොනාද වෙන්නේ, එහෙ තරුණ තරුණියන්ට මොකද වෙලා තියෙන්නේ කියල දැනගන්න ඔයාලත් මේ ෆිලුම අරගෙන බලන්න. බැලුවා කියලා ඔය ගෙදර තියෙන අනංමනං අටවාගෙන එල්ලෙන්න නම් එපා ඕන්න.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. ම්..තව දෙයක්, සමහර දර්ශන නිසා මේ ෆිලුම ලොකු අය විතරක් බලනවනම් හොඳයි. අඩුපාඩු නම් ගොඩක් ඇති. අනිත් එකේදී හදාගන්න, යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න. ස්තූතියි.

Bridgend (2015) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bridgend.2015.1080p.WEB-DL.DD5.1.H264-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,020 downloadsDownload Bridgend.2015.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/ChamithMihiranga-e1474327085153.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිත් මිහිරංග

Subtitles

1,020 downloadsDownload Subtitles24 KB

19 comments

  1. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි! මේකේ imdb rating එක 5.7ක් කියන්නේ මේ ෆිලූම හොඳ ඇති. ඔන්න බාන්න දැම්මා. ඉදිරියටත් හොඳ imdb rating එකක් තියන ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ....
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Tharaka

      පුළුවන්නම් Final Girl (2015) ෆිල්ම් එකටත් සබ් දෙන්න.

    2. Chamith Mihiranga

      ස්තූතියි. වෙන කෙනෙක් භාරගෙන නැත්නම්, මං ඒකට සබ දෙන්න බලන්නම්.

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  3. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “චමිත් මිහිරංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  4. Dimuthu

    Thank you!!!

  5. udaya madusanka

    Thanks kollo...

  6. අසිත

    elama thanks

  7. මාලින්ද

    ස්තූතියි සහෝ

  8. Udara Damith B/K

    ස්තූතියි

  9. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  10. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය..

  11. Chamith Mihiranga

    ස්තූතියි කට්ටියටම..

  12. Rajitha

    Thank you machan.....jayawewa,......!

  13. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    සබ් එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chamith Mihiranga

      Thanks Boss.

  15. ගලේ

    එල,
    සුබපැතුම්..

  16. Anonymous

    Thanks kollo