Watch Trailer

The Bodyguard (2016) with Sinhala Subtitles | මාරාන්තික පහරවල් 108 කින් සන්නද්ධ අභීත රණ ශූරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නෙ සුපිරිම මට්ටමේ, සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටයක්. Hard Target 2 (2016) චිත්‍රපටය දීලා සුමාන තුනක වගේ නිහැඬියාවකින් පස්සේ තමයි මේක අරගෙන එන්නෙ.වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ කාලය අතරතුරේදී, කට්ටිය ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න අලුත්ම හින්දි චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා. ඉ…

The Bodyguard (2016)

ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නෙ සුපිරිම මට්ටමේ, සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටයක්. Hard Target 2 (2016) චිත්‍රපටය දීලා සුමාන තුනක වගේ නිහැඬියාවකින් පස්සේ තමයි මේක අරගෙන එන්නෙ.වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ කාලය අතරතුරේදී, කට්ටිය ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න අලුත්ම හින්දි චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා. ඉතිං, චිත්‍රපටයේ හොඳ පිටපතක් ආපු සැණින් ඔයාලට  චිත්‍රපටය නරඹන්න පුළුවනි. මේ වතාවේ අරගෙන එන චිත්‍රපටය ගැන කියනවානම්, මේක චීන චිත්‍රපටයක්. ක්‍රියාදාම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයින්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක්.

චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන්නෙ මේ වර්ෂයේ අප්‍රේල් මාසයේදී.නමුත්, හොඳ පිටපතක් නිකුත් වුණේ දැනට දවස් කීපයකට කලින් තමයි.කෙසේ නමුත්, මේ වන විට චිත්‍රපට විචාරකයින්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබාගනීමට මෙම චිත්‍රපටය සමත් කම් දක්වා තිබෙනවා.විචාරකයින්ගේ ප්‍රතිචාර කෙතරම් ඉහල මට්ටමක තියෙනවාද කියනවානම්, ඔවුන් පවසන ආකාරයට පසුගිය දශක දෙකක කාලය තුලදී නිර්මාණය වූ හොඳම කුංග්-ෆු චිත්‍රපටය ලෙස ඔවුන් මෙම චිත්‍රපටය හඳුන්වනවා.එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාවට පණ පොවනා රංගන ශිල්පියාගේ සටන් හැකියාව කෙතරම් ඉහල මට්ටමක පවතිනවාදැයි පවසනවානම්, විචාරකයින් පවසන්නේ මෙය, එදා මෙදා තුර ලොව විසූ අසහායම සටන් ශිල්පියා වන බෲස් ලී ගේ නැවත සම්ප්‍රාප්තියක් ලෙසයි.එමෙන්ම මේ ලිපිය ලියන මොහොත වන විට IMDB දර්ශකයේ 6.0 ක් වැනි අගයකින් සන්නද්ධ වන්නටද මෙම ක්‍රියාදාම චිත්‍රපටය සමත් වී තිබෙනවා.චිත්‍රපටය පිළිබඳව දළ අදහසක් ලබාගන්න, මං හැමදාම කියනවා වගේම මුලින්ම පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්නකො.

කතාව පිළිබඳව නම් වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. පොඩි කොටසක් පමණක් කියන්නම්. Wu-Lin කියන්නෙ, හුදකලා ගම්මානයක තම ගුරුවරයාගේ මග පෙන්වීම මත කුංග්-ෆු සටන් කලාවේ පරතෙරටම ගිය සටන් කරුවෙක්. මොහුට හැකියාව තිබෙනවා එකිනෙකට වෙනස් ආකාරයේ අති ප්‍රබල අයෝමය ප්‍රහාර 108ක් එල්ල කිරීමේ හැකියාව. එමෙන්ම තියුණු තීක්ෂණ බුද්ධියකින්ද සමන්විත වෙනවා. කුඩා කාලයේ පටන් තම දරුවෙකු මෙන්ම තමාව හදාවඩා ගත් සිය ආදරණීය ගුරුතුමාගේ වියෝවෙන් හුදෙකලා වන මෙම අභීත රණ ශුරයා නගරයට පිය තබන්නෙ කිසිඳු අපේක්ෂාවකින් තොරවයි. එනමුත්, කිසිසේත් නොපැතු විරූ අයුරින් නගරයේ ධනවත්ම පුද්ගලයාගේ දියණියගේ පුද්ගලික ආරක්ෂක තනතුර මොහුට හිමිවනවා. ඒ, එකල්හි එම නගරය භීතියෙන් මුසපත් කොට ගෙන සිටින, අති දරුණු මිනීමරු ඝාතන හමුදාවකින් තම බලය දසත පතුරා ගෙන සිටින, කාලයක තම ජීවිතයේ සමීපතම සගයෙකු වී සිටි පුද්ගලයෙකුගෙන් එම ධනවතාගේ දියණිය ආරක්ෂා කිරීම උදෙසා. Wu-Lin සමගින් එම පුද්ගලයාට ඇති අතීත සම්බන්ධතාවය කුමක්ද… මේ සියලු සිදුවීම පිටුපස සිටිනා අදෘශ්‍යමාන බලවේගය කුමක්ද… පළමු මිනිත්තුවේ පටන් අවසාන මොහොත දක්වාම ක්‍රියාදාම ජවනිකා වලින් පිරිපුන් මෙම අනගි නිර්මාණය නරඹන ඔබ සැමට ඉතිරිය භාරයි. ක්‍රියාදාම චිත්‍රපට නරඹන අය අනීවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. විනාඩි 10කට ආසන්න කාලයක් දිගහැරෙන සුපිරිම සටන් ජවනිකා කීපයක්ම තියෙනවා. ඒ නිසා එක හුස්මට නරඹලා ඉවරයක් කරන්න පුළුවන් කියා සහතික කොට කියන්න පුළුවන්.

තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, සියලු දෙනාටම ජයවේවා!

ප.ලි. – චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවසරය ලබා දුන් සමන් ප්‍රසාද් සොයුරාට විශේෂ ස්තුතිය…

The Bodyguard (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Bodyguard (2016) 720p WEBRip 550MB nItRo

ලබා දී ඇති උපසිරසි WEBRip සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,917 downloadsDownload The-Bodyguard-2016.Baiscopelk.com_.rar16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

10,917 downloadsDownload Subtitles16 KB

54 comments

  1. Ravi

    bohoma thuthi sub ekata ane download link eka hoya ganna bane pls help

  2. Sisila Prasad

    මෙම චිත්‍රපටයේ නමින්ම මෙම භාෂාවෙන්ම මෙම වර්ෂයේදීම නිකුත් කරන ලද තවත් චිත්‍රපටයක් ඇති අතර, චිත්‍රපටය බාගත කිරීමේදී කරුණාකර පරික්ෂාකාරී වන්න.
    මෙම චිත්‍රපටය බාගත කිරීමට අවශ්‍යය වන link ලබාගැනීම සඳහා කරුණාකර මෙම comment එක මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වන්න.

    1. Sisila Prasad

      Download Links - 550MB

      clicknupload.link/0izt46ryadvj
      uptobox.com/nra0r4xfxjbz

    2. 19893@

      මට Link eka ewanna plzzzzzzzzzzzzzzz

  3. Ajith Priyantha

    oya kiyapu aka hari ma namin thawa film thiyanawa

  4. MAD

    link ekath danna bro

  5. praneeth madu

    බොහොම ස්තුතියි

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. Sandaruwan

    niyamai sahoo. thank you sub ekata. jaya wewa.!

  8. Thiran

    trailar eka baluwa ammta hudu.......thnks bro....me wage china film tikak hoyala dennako apata

  9. Bobby

    බෛාහෝම ස්තුතියි සහොදරයා මේ චිතපටියට උප සිරස යෙදුවාට

  10. maheshbabu

    thank's bro, aniwa bamak thama, suppa......

  11. Tharaka Rupasinghe

    link eka hoya ganna beny

  12. Roshan

    Thanks sub ekata
    download link eka hoya ganda babne.hash ekawath denda puluwanda

  13. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට.attack on titan part 2 සබ් දෙන්න.
    ජය වේවා!

  14. Kolitha

    Thanx bro..

  15. Devinda

    ela macho.ty gdk.

  16. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “සිසිල ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    (UN-zipped file)

  17. අසිත

    elama thanks

  18. මාලින්ද

    ඔහොම ආටිකල් ලියන්න එපා සහෝ. නොබලා බැරි වෙනවා. මාෂල් ආට්ස් සහ කාටුන් කියන්නෙ මගේ දේවල්. සබ් එකට පින්.

  19. රයන් ද සිල්වා

    සබ් එකට තුති සිසිල සහෝ
    පට්ටම ෆිලුමකටනේ සබ් දීලා තියෙන්නේ
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  20. කවීන් ලහිරු

    එලම සහෝ තෑන්ක්ස් සිංහල උපසිරැසියට

  21. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona 1k..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Jack

    පට්ටයි සහෝ...
    සුපිරි ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  23. kapila

    this is good job bor
    go ...........................................

  24. thisal

    ස්තුතියි සහෝ සබ්

  25. Lushan Kuruppu

    tnx! bro!

  26. Chamith Mihiranga

    Thank you very much.. Nice movie Bro..

  27. wimukthi

    me jet li ragapapu bodygard eke copyakda?

  28. Thenuka Maxwell

    thankss bro
    Neighbors.2 ekata sub denna puluwan nam

  29. Malinda

    බී කෙයාපුල්......
    මේකේ .... නමින් .... තවත් ..... film.... එකක් තියෙනවා. කොච්චර බැලුවත් ඒ film එක තමයි එන්නේ.

    1. Buddhi

      Machan ube download keregattada

  30. sldiwakara

    torrent link neddoooo........

  31. Ishara

    e kohenda ban meke link eka hoyaganne.. epawenawa film eka hoyanna giyama wate yanna wenwa ban ..
    anyway thank u for sub

    1. Sisila Prasad

      පලවෙනි comment එකේ download link එක දීලා තියෙනවා.
      අපිට එක එක්කෙනා අහන අහන වතාවට ලින්ක් එක comment කර කර ඉන්න බැහැනෙ.
      එහෙන වුණාම අපිටත් මේ වැඩේ එපා වෙනවා.
      කරුණාකරලා මීට වඩා විමසිලිමත් වෙන්න.

  32. Buddhi

    Machan downlaod kerepu ekak innewanam torrent link eke diyanko wene film ekak ban enne serch kerama

    1. harsha

      link eka kooo

  33. Thusitha TPKA

    meka banna ba.......link ekak dendo

  34. r.s samantha

    ela ela machoo..
    Thank You...!!
    Thank You....!!!

    1. r.s samantha

      aiyo.. e naminma thiyana wena film 1k bala thiyenne...
      apahu down kala bn.
      me link eka wada ela
      clicknupload.link/0izt46ryadvj

  35. anjana Indunil (podda)

    download karanne kohomada???

  36. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  38. Sanath Indika

    thx broo

  39. Supun

    Thanks saho

  40. apa

    thanks bro

  41. NuwanK

    Thank u bro....

  42. speed_man

    Tnx ayya super

    1. 19893@

      Link plzzzzzzzzzzzzzzz

  43. Supun Srimal

    Thnq sahoo

  44. Udaya Fdo

    Thank you

  45. Anonymous

    Thanks machoooo

  46. Anonymous

    Aye sub eka download karanna bane, please help me

    1. Sanupa Ranmeth

      සබ් එක එහෙම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා සහෝ.
      වෙන browser එකකින් ට්‍රයි කරන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.