Bring Her Back (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ මේ අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසිත් අරගෙන ආවා. ඇත්තෙන්ම මේක පෞද්ගලිකව මම එකනම් ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්.අවාසනාවට ලංකාවෙ අපිට මේකෙ theater experience එක ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න වෙබ් පිටප…

Bring Her Back (2025) Sinhala Subtitles
ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ මේ අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසිත් අරගෙන ආවා. ඇත්තෙන්ම මේක පෞද්ගලිකව මම එකනම් ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්.අවාසනාවට ලංකාවෙ අපිට මේකෙ theater experience එක ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න වෙබ් පිටපත් ආව සැනින් ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවා.
මේක මම බලාගෙන හිටපු ප්‍රධනම කාරණා දෙකක් තියෙනව. එක,මේක 2023 වසරේ නිකුත් වුනු Talk to me කියන චිත්‍රපටය අධ්‍යාපනය කරපු Philippou Brothers ලගෙ දෙවන සිනමා නිර්මාණය.එහෙම කිව්වට දන් නැති ගොඩක් දෙනෙක් මෙයාල දෙන්නව දන්නෙ The Racka Racka කියන මෙයාලගෙ Youtube නමින්. මීට අවුරුදු ගානක ඉඳල Youtube ඔස්සෙ විවිධ Action,comedy වගේ Cinematic short Content කරමින් ඉන්න මේ ඩබල බොහොම වාසනාවන්ත විදියට Sundance වලට පවා තේරී පත්වෙන විදියෙ අති දැවැන්ත සිනමා නිර්මාණයක් කරමින් සිය සිනමා ගමන ආරම්භ කරනව.ඒ Talk to me චිත්‍රපටයත් සමඟ. ඉතිං මේ Bring Her Back කියල කියන්නෙ එයාලගෙ දෙවන සිනමා නිර්මාණය. ඉතිං,වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.
ඇන්ඩි සහ එයාගෙ අර්ධ සහෝදරියගෙ තාත්තා නැතිවෙනවත් එක්කම ඒ දෙන්න සම්පූර්ණ අනාත වෙනවා. ඒ නිසා ළමා කටයුතු කාර්‍යාංශය විසින් ඒ දෙන්නව ලෝරා කියල මනෝ උපදේශක වරියෙකු ගෙ නිවසේ නතර කරවනව.එතනින් පස්සෙ තමයි මේ ඇන් ඩි සහ එයාගෙ සහෝදරිය පයිපර් ජීවිතේ අඳුරු අතට හැරෙන්න ගන්නෙ.ලෝරා කියන කාන්තාව එයාගෙ මිය පරලොව ගිය දුවව නැවත වරක් මරණයෙන් පුබුදුවන්න උත්සහ කරනව.ඒකට එයා කරන Dark වගේම හරිම Cult Ritual එකකට මේ සහෝදර සහෝදරියො දෙකට්ටුව අහු වෙනව. ඉතිං ඉන් එහාට මොකක් වෙයි ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනව.
චිත්‍රපටය මේ වෙද්දි හොඳ Rotten tomato අගයක් මෙන්ම IMDB අගයක් අරගෙන,ඉහල ආදායම් වාර්තා තබමින් Box office hit එකක් බවට පත් වෙලා,2025 වසරේ පිට වුනු දැවැන්තම Horror චිත්‍රපටය බවට පත් වෙලා හමාරයි.ඉතිං,සබ් එකත් එක්ක චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් ම අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු!
සැ.යු :- ලේ වැගිරීම් වගේ භයානක දර්ශන ගොඩක් ඇතුලත් වෙනව.ඒ නිසා සංවේදී අය ප්‍රවේසමෙන්.
Bring Her Back (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,579 downloadsDownload Bring-Her-Back-2025-baiscopelk-sinhala-subtitle-update.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bring Her Back (2025) Sinhala Subtitles
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
8 comments
hasind
Buddhika laKMal
thanks machan sub ekata
Kesara Withanage
Thanks bro for the sub
Hashan Ariyawansha
ස්තූතී සබ් එකට
Viraj
Thanks.........
Akila Dilhara
Thanks for Sub...
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට.
ඇත්තටම movie එකත් ගොඩක් හොඳයි.
Nishan Sameera
බොහෝම ස්තුතියි උපසිරසියට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro