Eleven (2025) Sinhala Subtitles මෙම උපසිරසි ලබා දී ඇත්තේ තෙළිඟු අනුවාදය සඳහායි. ලෙවන් 2025 මැයි 16 වන දින දෙමළ සහ තෙළිඟු බසින් තිරගත වූ අපරාධ, ත්‍රාසජනක වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටයක්. මෙය ලෝකේෂ් අජ්ල්ස් විසින් රචනා කරන ලද අතර ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලදි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ලෙස නවීන්…
Eleven (2025) Sinhala Subtitles
මෙම උපසිරසි ලබා දී ඇත්තේ තෙළිඟු අනුවාදය සඳහායි.
ලෙවන් 2025 මැයි 16 වන දින දෙමළ සහ තෙළිඟු බසින් තිරගත වූ අපරාධ, ත්‍රාසජනක වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටයක්. මෙය ලෝකේෂ් අජ්ල්ස් විසින් රචනා කරන ලද අතර ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලදි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් ලෙස නවීන් චන්ද්‍රා, රේයා හරි රඟන අතර, ශෂාන්ක්, අභිරාමි, දිලීපන්, රිත්විකා, ආඩුකලම් නරේන්, රවි වර්මා ඇතුළු රංගන ශිල්පීන් රැසක් සහාය භූමිකාවන්හි රංගනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටයට සංගීතය D ඉම්මාන් විසින් සම්පාදනය කළා.
පසුගිය මාස කිහිපය ඇතුලත නගරයෙන් පිටත කිසිදු අනන්‍යතාවයක් සොයා ගත නොහැකි ආකාරයෙන් ඝාතනය කර පුළුස්සා දැමූ සිරුරු කිහිපයක් හමු වෙන්නට ගන්නවා. මෙම දාම ඝාතන සම්බන්ධව විමර්ශනය කිරීමට පැවරුණු විමර්ශන නිළධාරියා වුණ සහකාර පොලිස් කොමසාරිස් රංජිත් අභිරහස් ලෙස හදිසි අනතුරකින් කෝමා තත්වයට පත් වෙනවා. රංජිත්ගෙන් පසු මෙම පරීක්ෂණය අරවින්ද් හට පැවරෙනවා. ඔහුට මේ පරීක්ෂණය ඉක්මනින් විසඳීමට නොහැකි වුව හොත් CBI වෙතට භාර දෙන බව කියමින් කොමසාරිස්ගේ පීඩනය එල්ල වී තිබුණා. IQ මට්ටම ඉහළ මනෝව්‍යාධිකයෙක් විසින් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර සිරුරු පුළුස්සා දමමින් කරන මේ දාම ඝාතන මාලාවේ යම් පොටක් අල්ලාගන්නට අරවින්ද්ට එක් අවස්ථාවකදී හැකි වෙනවා. මේ දාම ඝාතනයන් අරවින්ද්ව ගෙන යන්නේ කොතැනටද? අවසානය පුදුමයෙනුත් පුදුමයට පත් කරවනවා නිසැකයි.
2023 අගෝස්තු 23 වන දින මෙහි රූගත කිරීම් ආරම්භ වූ අතර, රේයා හරි සහ AR එන්ටර්ටේන්මන්ට් බැනරය යටතේ අජ්මල් ඛාන් සමඟ එක්ව මෙය නිෂ්පාදනය කළා. මෙම චිත්‍රපටය 2024 නොවැම්බර් 15 වන දින තිරගත වීමට නියමිතව තිබුණත්, පසුව එය 2024 නොවැම්බර් 22 දක්වා කල් ගිය අතර, අවසානයේ 2025 මැයි 16 වන දින තිරගත වුණා.
චිත්‍රපටයේ සංගීතය D ඉම්මාන් විසින් සම්පාදනය කර ඇති අතර, එය විචාරකයින්ගේ පැසසුමට ලක් වුණා. මෙහි පළමු ගීතය වන “ද ඩෙවිල් ඉස් වේයිටින්” ගීතය ශ්‍රුති හසන් විසින් ගායනා කරන අතර, පදරචනය අධ්‍යක්ෂක ලෝකේෂ් විසින්ම ලියා ඇත. දෙවන ගීතය “අලගාන අරක්කන” දෙමළ ගීතය ජොනිටා ගාන්ධි සහ “තගුවාඩු දොරිකෙනේ” තෙළිඟු ගීතය ශ්වේතා මෝහන් ගායනා කළා. ප්‍රවර්ධන ගීතයක් ලෙස “ඉක්කඩ රා” ඇන්ඩ්‍රියා ජෙරමියා ගායනා කළා.
ලෙවන් චිත්‍රපටයට සමස්තයක් ලෙස මිශ්‍ර විචාර ලැබී තිබෙනවා. එහි පළමු භාගය බොහෝ ලෙස පුරෝකථනය කළ හැකි බවට විවේචනය වුණත්, දෙවන භාගයේ ඇති බුද්ධිමය උපක්‍රම, ත්‍රාසජනකත්වය, සහ නවීන් චන්ද්‍රගේ රංගනය විචාරකයින්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක් වුණා. D ඉම්මාන්ගේ සංගීතය සහ කර්තික් අශෝකන්ගේ සිනමාකරණය ද චිත්‍රපටයේ ධනාත්මක අංග ලෙස පෙන්වා දී තිබෙනවා. තවද විචාරකයින් විසින් චිත්‍රපටයේ ත්‍රාසජනක බව, බුද්ධිමය උපක්‍රම, සහ ලෝකේෂ්ගේ තිර රචනය අගයමින් “Ratsasan (2018)” සහ “Por Thozhil (2023)” චිත්‍රපටවලට සමාන තත්ත්වයේ ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස “ලෙවන්” හඳුන්වා දුන්නා. මෙම චිත්‍රපටයේ කතාව සරල වුණත් බලවත් බවට බොහෝ විචාරකයින් විසින් ප්‍රශංසා කරනු ලැබුවා. එය ආදරය, අහිමිවීම, සහ පුද්ගලික වර්ධනය වැනි තේමාවන් ඒකාබද්ධ කරමින්, සරල බව තුළින් බලවත් බවක් ගෙන එනවා.
චිත්‍රපටයට ප්‍රධාන ආකර්ෂණයක් ලබා දෙන්නේ නවීන් චන්ද්‍රාගේ අද්විතීය රංගනයයි. බුද්ධිමත් හා ධෛර්යවන්ත නිලධාරියෙකු ලෙස ඔහුගේ රංගනය බලවත් හා ආකර්ෂණීය බවට විචාරකයින් විසින් සඳහන් කළා. මෙහි නිෂ්පාදිකාවක්ද වන රේයා හරිගේ රංගනය ගැන මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. සමහරු ඇයගේ රංගනය දුර්වල බවට විවේචනය කළා. අනෙකුත් සහාය රංගන ශිල්පීන් වන ශෂාන්ක්, අභිරාමි, ආඩුකලම් නරේන් ඇතුළු සහාය රංගන ශිල්පීන්ගේ රංගනය චිත්‍රපටයේ ගුණාත්මක බව ඉහළ නංවා ඇති බවද පෙන්වා දුන්නා.
මේ ලෙවන් චිත්‍රපටය ත්‍රාසජනක, අපරාධ, සහ රහස් ගවේෂණ ගණයේ සරල, ඒත් බලවත් ආඛ්‍යානයකින් සහිත චිත්‍රපටයක්. පළමු භාගයේ පුරෝකථනය කළ හැකි බවක් තිබුණත් මෙහි දෙවන භාගයේ බුද්ධිමය උපක්‍රම සහ නවීන් චන්ද්‍රගේ අද්විතීය රංගනය නිසාවෙන් මෙය ත්‍රාසජනක චිත්‍රපට ලෝලීන්ට නැරඹිය යුතු චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම නවීන් චන්ද්‍රා රඟපෑ ත්‍රාසජනක කතා මාලාවක් වන Inspector Rishi ද නරඹන්න කියලා නිර්දේශ කරනවා. එම කතා මාලාවේද ඔහු මෙවන් දක්ෂ පොලිස් නිළධාරියෙකුගේ චරිතයක් මවනවා.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Eleven (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
12,664 downloadsDownload Eleven-2025-Sinhala-Subtitles.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eleven (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2025
- #Aadukalam Naren
- #Abhirami
- #Eleven
- #Eleven (2025)
- #Eleven (2025) Sinhala Sub
- #Eleven (2025) Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Naveen Chandra
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #රවිඳු නවින්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Bimsara Yashan (ඔලිව)
Sanjeewa
Tamil copyta sub eka sync wen nane bro
Buddhika laKMal
Thanks bro sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
ishan madusanka
Thanx brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Eleven (2025) Sinhala Subtitles | සැලසුම් තුනක් එකවර මෙහෙයවමින් පිස්සු වැට්ටවූ අති දක්ෂ මොළකරුවා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/07/Eleven-2025-Cover-02.jpg)

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔයා උපසිරැසි දෙනකල් හිටියේ බලන්න මේක. ජයවේවා!