හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේ අරගෙන එන්නේ ගිය මාසේ 11වෙනිදා නිකුත් වුණු The Silent Heroes (2015) චිත්‍රපටයයි. Adventure,…

හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා.
මේ අරගෙන එන්නේ ගිය මාසේ 11වෙනිදා නිකුත් වුණු The Silent Heroes (2015) චිත්‍රපටයයි. Adventure, Drama, Family යන වර්ගවලට අයත් වෙන ඉන්දියාවේ නිකුත් වුණු මේ චිත්‍රපටය මිනිත්තු 115ක් පුරා ධාවනය වෙනවා. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය Mahesh Bhatt විසින් සිදු කර ඇති අතර Maanuv Bharadwaj (කපිල් මල්හෝත්රා), Priyanka Panchal (ගෞරි සිං), Mann Bagga (දීපන්කර් ලෙස), Simran Deep (හිමා ලෙස) සහ Tarun Bhargawa (ටරුන් ලෙස) රංගනයෙන් දායක වෙලා තියෙනවා. ගොඩක් අයව දැකලා පුරුදුනම් නැතිව ඇති. හැබැයි සත්‍ය කතාවකින් උපුගෙන තියෙන මේ චිත්‍රපටය බැලුවොත් ඔබේ ඇස්වලට කඳුළක් එක් කරන බව නොඅනුමානයි.
කතාව පැත්තට හැරුණනම්, කපිල් කියන්නේ සෝදිසි හා මුදවාගැනීම් පුහුණු කරන්නෙක් සහ කඳු නඟින්නන් පුහුණු කරන්නෙක්. ක්ෂිතිජ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඔහු බිහිරි පාසල් ගුරුවරයෙක්. ඔහුට හීනයක් තියෙනවා ඔහු වගේම, බිහිරි ළමුන්ව කඳු නඟින්නන් කරන්න, මිනිස්සු බිහිරි ළමුන් දිහා බලන්නේ අනුකම්පාවෙන්නෙ! හැබැයි ක්ෂිතිජ්ට ඕණෙ වුණේ මිනිස්සුන්ගේ ඒ හැඟීම වෙනස් කරන්න, ඔවුන්ව ආබාධිතයන් ලෙස නෙමෙයි නමුත් විවිධ දේට දක්ෂ අය ලෙස, සතුටින් ගරුත්වයෙන් ඔවුන් දෙස මිනිසුන්ට පෙන්වීම ඔහුට හීනයක් වුණා. නමුත් සිදු වෙන්නේ නොසිතූ දෙයක්… ක්ෂිත්ජ් අතුරුදන් වෙනවා. සෝදිසි හා මුදවාගැනීම් කණ්ඩායමට ඔහුව හොයාගන්න හැකි වෙන්නේ නැහැ. කොහොමනමුත් ක්ෂිත්ජ්ගේ ඒ හීනය ඉටු කරන්න ක්ෂිත්ජ් සමඟ විවාහ ගිවිසගෙන සිටි ගෞරි උත්සහ කරන්න පටන්ගන්නවා, ඒ ක්ෂිතිජ් අතුරුදන් වීමෙන් පසු ඔවුන් සෝදිසි කිරීමෙදි හමු වෙන දීපන්කර් සමඟ. ඒ වන විට වෙනත් පාඨමාලාවක් ලෙස කඳු නැඟීම උගන්වමින් සිටි කපිල්ට ගෞරි පසු කලක ආරධනා කරනවා ක්ෂිත්ජ්ගේ හීනය සම්පූර්ණ කිරීමට එකතු වන ලෙස, ඒ පාඨමාලාවක් තුළින් බිහිරි ළමුන්ට කඳු නැඟීමට ඉගැන්වීහ තුළින්. ඉතින් කපිල් ඔවුන් සමඟ එක් වෙයිද? ක්ෂිත්ජ්ට තිබුණු හීනය සාර්ථක වෙයිද? බිහිරි ළමුන්ට එවැනි දෙයක් සාර්ථකව කරන්න පුළුවන්ද? ඒ ප්‍රශ්ණවලට උත්තර සහ කතාව ගලාගෙන යන විදිහ දැනගන්න මේ සිනමාපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ලස්සන ගීත ටිකකුත් තියෙනවා කියලා අමතක කරන්නත් එපා.
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. තවත් උපසිරසකින් හමුවෙමු. ජය…
906 MB (720p.HDRip.x264) කොපිය මෙතනින් ගන්න
CEC99C76BF249981B918E94009DF577BCA26ADBE2.28 GB (720p.WEB-DL.x264) කොපිය මෙතනින් ගන්න
F8B27D9B9292953BA09FA7BFB9A63B68C5B7B06F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,316 downloadsDownload The-Silent-Heroes-2015.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
16 comments
Charuka Indunil
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks LCDM saho..sub ekata..digatama sub demu.jaya wewa……
...ලෝක හොරා....
නියමල් මැලෝ හිටන්.....
පරක්කු වෙනවයි කීවට මේ දීලා තියෙන්නෙ ඉක්මනට හිටන්...
අනිව බැලිල්ලක් තමයි හිටන්..
දිගටම සබ් දෙමු හිටන්.....░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.Nelson
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sevindu thilakshana
බෝහෝම ස්තුතියි.
isuru neranjan
Chalte Chalte (2003) mekatath sub dennako
indika
බොහොම ස්තුතියි... :)
Kalhara Prasad
මහන්සිවෙලා, කාලය කැපකරලා අපි වෙනුවෙන් මේ වගේ සිංහල උපසිරැසි දෙනවට බොහොම ස්තූතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
හොඳ කතාවක් වගේ,
ජය :Dsanju
thankssssss mchoooo elaaaaaaaaaaa
thvth sub ekakin hamuvemuAnonymous
මේ ෆිල්ම් එක ගන්න බෑනේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ සබ් එකට.