ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනිය…
ඉතිං, ඔන්න ගොඩ කාලෙකින් ආයේ ආවා ලස්සනම, සුපිරිම සුපිරිම සුපිරි හොලිවුඩ් හා සමාන චිත්‍රපටියක් අරගෙන. මේක කරන්න නම් හිට්යේ අපේ යශෝධ මලයා, ඒත් පොර මොකද්ද බීච් පාර්ටි පාඨමාලාවක් කරනවා කියලා වෙලාවක් නැති නිසා මට කරන්න කිව්වා. දෙන්නත් එක්ක කරමු කියලා පටන් ගත්තට මට තනියමයි කරන්න වුනේ. තනියමෙයි කිව්වට තනියමත් නෙවි, නිර්මාණි විජේසිංහ සහෝදරී මේකේ අන්තිම ටික නොකරන්න අද මේක දෙන්න වෙන්නේ නැහැ. එයාටත් බොහොම ස්තුතියි කියනගමන්, කෙටියෙන් කතාව නිම කරන්නම්. ඒ වගේම තිසර නියෝ සහෝදරයත් නොහිතපු පැත්තකින් උදව් කළා. තව, උපසිරසියේ තිබුණු ටයිම් අවුල් හදලා දුන්නේ අපේ ධනුෂ්ක සහෝ.
IMDB වල 6.9 ක්, ආක්ෂේ කුමාර්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ජැකී ශ්‍රොප් සහ ජැකලින් ෆර්නැන්ඩස් විසින් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය ගොඩදෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි එකක් කියලා කියන්න පුළුවන්.
කතාව මෙහෙමයි,
ගැරිසන්/ජැකී ශ්‍රොප් කියන්නේ ප්‍රසිද්ධ හිටපු මික්ස් මාර්ෂල් ආර්ට් සටන්කරුවෙක්. බීමට ඇබ්බැහි වුනු ඔහුට නීත්‍යානුකූල බිරියක් සහ පුතෙක්ද (ඩේවිඩ්/ ආක්ෂේ කුමාර්) අනියම් සම්බ්න්දයකින් දාව උපන් පුතෙක්ද (මොන්ටි/ සිද්ධාර්ත්) ඉන්නවා. අනියම් බිරියගේ මරණයෙන් පසුව ගැරිසන් මොන්ටිව තමන්ගේ ගෙදෙට්ට රැගෙන එනවා, ඩේවිඩ් සහ මොන්ටි මොනතරම් එකමුතුව සිටියත් ඔවුනගේ පියා වන ගැරිසන් ගේ බේබදු කම නිසාවෙන් සිදුවන අත්වැරැද්දකින් ඩේවිඩ් ගේ මව (ගැරිසන් ගේ නීත්‍යානුකූල බිරිය) මියයනවා. මවගේ මරණයට හේතුව තම පියා සහ අනියම් සබදතාවයෙන් උපන් පුතා (මොන්ටි) නිසා බැව් හිතන ඩේවිඩ් ඔවුනට වෛර කරමින් තම පවුලෙන් ඈත් වෙනවා. ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනා අතර මහත් වෛරයක් හටගන්නවා. ඒ වගේම තම බිරියගේ මරණය හේතුවෙන් ගැරිසන් සිරගත කරනු ලබනවා.
කලකට පසු, ගැරිසන් හිරෙන් නිදහස් වී එන අතර ඩේවිඩ් තම නව පවුලේ ප්‍රශ්ණ සමග ජීවත් වෙනවා. ඩේවිඩ් ගේ දුවට වකුගඩුවේ ආබාධයක් ඇති අතර එයට ප්‍රතිකාර කිරීමට විශාල මුදලක් වැය වෙනවා. එම මුදල් සොයාගැනීම සඳහා ඩේවිඩ් R2F (Right to Fight) නමැති ජාත්‍යන්තර වීදි සටන් තරඟාවලියට සහභාගී වෙනවා. ලෝක ප්‍රසිද්ධ සටන්කරුවන් සහභාගී වන මේ තරඟයට එක් පැත්තකින් තම සුළු සොහොයුරු මොන්ටි ද සහභාගී වෙනවා. ඉතිං, ජාත්‍යන්තර සටන් කරුවන් සමග මේ සොහොයුරන් දෙදෙනා කෙලස සටන් කරයිද? තරඟාවලියේ ඉදිරියට යෑමට තරම් මේ සොහොයුරන්ට පුහුණුවක් තියේද? සොහොයුරන් දෙදෙනාගේ වෛරය කෙලෙස අහවර වෙයිද? රුධිරයට එරෙහි රුධිර සටනෙන් කවුරුන් ජය ගනීද? එව්වා ඉතින් කස්ට්ය බලලම දැනගන්න, ඒ එක්කම අදහසක් එහෙමත් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් කාලෙකින් හම්බෙමු. ජය වේවා!!
702 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8DE585831A96B263FA5872B3628B475EFBF2B7531.45 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
EC5F489BD48025F612E97AAE2F609D117B0D5E92 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
19,199 downloadsDownload Brothers-2015Baiscopelk.com_.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
46 comments
sachintha
Dilan Sachinthaka
Thanx Bro =D
shan
Thanks brother......
shan
thanks brother .........
THarindu
එල එල thank you
Tharindu_Rukshan_Perera
thanks bro
තාරක නුවන් දිල්හාර
හදවතින්ම දුකයි ඔයා උදව්වක් ඉල්ලපු වෙලේ මුකුත්ම කරගන්න බැරි උන එක සම්බන්ධයෙන්...
ඔයාව නොසලකා හැරියා නොවේ...
ෆිල්ම් එක බාගන්නවත් විදිහක් නැතිවෙන තරමට අසරණ උනා ඊයේ මම... අවංකවම කියනවා නම්...
පුළුවන් තරම් ගේමක් දුන්නා වැඩේට සහයෝගයක් දෙන්න.. ඒත් බැරි උනා සමාවෙන්න...
..
කෝම උනත් ඔය දීලා තියෙන්නේ යස අගේට...
බොහොම ස්තුතියි උපසිරසියට..
එනකල් ආසවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
හැකි විගසම බලනවා..
උඹේ සබක් කියන්නේ ඉතින් හැලීගේ වල්ගා තරුව වගේ නේ...
පින් කරලා තියෙන්න ඕන උඹේ සබ් බලන්න...
තවත් එකකින් හම්බවෙමු.. ජයෙන් ජය...!!
හින්දි නම් හේවා.. හේවා නම් හින්දි..
elazzzzzz..kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
හින්දි වැඩිය බලන්නේ නැති වුනාට මේකනම් බලනවා!
ජය!!!!!!pramuk
thanx kattiyatama
Kulanjana Maduranga
patta filumak ne….elazzz…onna gatta ehenm….thanks HEWA saho ..sub ekata..digatama sub demu.jaya wewa……
Sahan
fatta thankz sahooo
Kosala Deshan
Tnx....
කේ.යූ.ජී. උදාර
උඹේ සබක් දැක්කෙ කාලෙකින්..............
සිංහල සබට බොහොම ස්තූතියි මචෝ.Sanj
Thanks
bobby
මමත් හින්දි බලනවා අඩුයි. නමුත් මේක බලනවා. ස්තතියි සබ් එකට
sajith
mama th dan baana gaman [dialog nt pak ekaa 5.am ewarai] ekanisaa ayee pahuwadaa ta thamai baanna wenee ela film ekak sab ekatath goodaaak T.N.X
Chanz
thnkz broooo
නිර්මාණි
බොහොම ස්තූතියි මාවත් මතක් කරලා තිබුනාට. මම කරේ පොඩි උදව්වක් විතරයි. උපසිරසියට බොහොම ස්තූතියි. බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් මේක. ලස්සන සිංදුවක් එහෙම තියනවා. උපසිරසි එක්කම බලලා කියන්නම්කො. බොහොම ස්තූතියි.
සමන් ප්‍රසාද් [පූසා]
මම ඉතින් වැඩිය හින්දි බලන්නෙ නෑ කියල අයියා දන්නවා නොවැ... :D
මගෙන් ෆිල්ම් ගෙනියන සෙට් එක මට බැන බැන හිටියේ ඉංග්ලිෂ් මගුල්ම බාන්නේ හින්දි එකකුත් බාපන්කෝ කියලා...
අද ඉතින් ආසිරි අයියට පිං සිද්ධ වෙන්න උන්ගෙ කරදරෙන් බේරෙතෑකි... :D
ඔන්න එහෙනම් බාන්න දානවා...
සබට තුති...
ජය වේවා...!!!තිසර නියෝ
බොහොම ස්තූතියි මාවත් මතක් කරලා තිබුනාට.
මම කරේ පොඩිම පොඩි උදව්වක් විතරයි.
උපසිරැසියට තුති…
බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක් තමයි මේකනම්...
ඉක්මනටම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Krishan
Good job thanks for the subs. Good movie story is based on Hollywood movie Worrier 2011. https://www.youtube.com/watch?v=I5kzcwcQA1Q
sandamal
Baiscopelk sit 1Niyamai
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
නියමයි මචෝ...
මේක නම් එනකම් බලන් හිටපු බයිස්කොප් එකක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Lahiru Ruwanga
ela ela machan...ohoma yan
Aditha Praween
කාලෙකට පස්සේ හේවා අයියා පට්ට ෆිල්ම් එකක් අරගෙනම ඇවිත් තියෙන්නේ.
බොහොම ස්තුතියි හේවා අයියා සබට !#ChalinduDeshan(කිනා)
මේ උබ හේවාමද?
නැත්නං මට මේක කරලා තියෙන්නේ හේවා කියලද පේන්නේ? :3SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි හේවා අයියේ
ගොඩ කාලෙකට පස්සේ
ඒකත් අවිත් තියෙන්නේ සුපිරි ෆිලුමක් එක්ක
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !Gayan
Thanks...
Kalum Gunasekara
අප්පේ ... අපේ ආසිරි මලයා කාලෙකින් දැක්කේ. බොහොම ස්තුතියි උපසිරැසියට.
Sanindu Lakkitha
Thnx machan... Sub eka super... Good luck
janith mathula
thanks....
mahesh
Warrior 2011 කියන film එකේ Hindi කොපිය
chamara
excellent job dear. all the best... thanks lot brother
Ruwantha Gunasinghe
Thanks meka ikmanata dunnata supiri kathava
kamal
මේ film කාලෙකින් ආපු හොදම් හින්දි film එකක් කියල ratings දැක්ක ගමන් කියතහැකි.
සබට thanx.
Sasindu
ela ela bro thawa one patta ewwa...........
එන්.විජිත අසංක
Thank you very much Bro...
Is this updated to BRRip??මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි උපසිරසියට.
Sajith Akalanka
Thanks....
Niky
thanks saho..meke BR rip 1ta sub upload karanna puluwanda?
Kasun Danuka
Thank you!!!
Tharindu 2000
Blurey copy sub eka wada karanvda....✋
Tharindu 2000
BRRIP ekath sub eka denna puluwanda .
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Brothers (2015) with Sinhala Subtitles | රුධිරයට එරෙහිව රුධිරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/Brothers-2015-.jpg)

tnx bro sub ekata mama 1st ada