කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට මේ වතාවේ ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඔයාලත් පුංචි කාලෙ අහල ඇති නේද කොස්සක නැගල අහසෙන් යන නපුරු මායාවන් කරන මායාකාරියො ගැන. මේකත් ඒ වගේ මායාකාරියො ගැන කතාවක්. Halloween සැමරුම ගැන ඔයාලා අහල තියෙනවද නේද? යුරෝපීය ජාතිකයින් තමයි ඒක ගොඩක් සමරන්නේ. මේ කතාවත් එදා වගේ දවස…
කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට මේ වතාවේ ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඔයාලත් පුංචි කාලෙ අහල ඇති නේද කොස්සක නැගල අහසෙන් යන නපුරු මායාවන් කරන මායාකාරියො ගැන. මේකත් ඒ වගේ මායාකාරියො ගැන කතාවක්. Halloween සැමරුම ගැන ඔයාලා අහල තියෙනවද නේද? යුරෝපීය ජාතිකයින් තමයි ඒක ගොඩක් සමරන්නේ. මේ කතාවත් එදා වගේ දවසක වුන දෙයක් ගැන.
ඔන්න එක ගමක කැලයක ඉන්නවා මායාකාරියො තුන්දෙනෙක්. එයාලා සහෝදරියො. එයාලගෙ වුවමනාව තමයි තරුණ වෙලා ලස්සන වෙන එක. ඉතින් ඒ මායාවට එයාලා ගමෙන් පුංචි ගෑණු ළමෙක් අරගෙන එනවා. එයාව බේරගන්න එයාගෙ අයියත් එයා පස්සෙන් එනවා. ඒත් අයියට එයාගෙ පුංචි නංගිව බේරගන්න බැරි වෙනවා. පුංචි ගෑණු ළමයගෙන් ලස්සන වෙන එයාලා අයියව කළු පූසෙක් කරනවා. මේ නංගිවත් අයියවත් හොයාගෙන එන එයාගෙ දෙමව්පියො සහ ගමේ මිනිස්සු මේ මායාකාරියො තුන්දෙනාව එල්ලල මරණව. ඒත් මැරෙන මොහොතෙ එයාලා කියනවා එයාලා දවසක ආයෙත් එනව කියලා.
මායාකාරියො මැරිල අවුරුදු 300කට පස්සේ ඒ ගම සාමාන්‍ය විදිහට පවතිනවා. ඒත් ඒ ගමේ අය මේ අතීත පුරාවෘතය විස්වාස කරනවා. මේ ගමට අළුතෙන් ආපු ළමයෙක් ඉන්නවා එයාගෙ නම මැක්ස්. එයා නම් මේ මායාවන් මායාකාරියො ගැන විස්වාස කරන්නෙ නැහැ. එයාට ඉන්නවා ඩැනී කියල පුංචි නංගියෙක්. හැලෝවීන් දවසෙ රෑට ගෙවල් ගානෙ ගිහින් පැණිරස එකතු කරල සතුටු වෙන්න එයා හරිම ආසයි. ඉතින් හැම වතාවෙම වගේ මේ අවුරුද්දෙත් මැක්ස්ට තමයි එයාව මේ ගමන එක්ක යන්න වෙන්නේ. අකමැත්තෙන්ම මේ ගමන යන මැක්ස්, ඩැනීත් එක්ක මෙහෙම ඇවිද ඇවිද ඉද්දි එයාගෙ පන්තියෙ ඉන්න ලස්සනම ගෑණු ළමයගෙ ගෙදරට යනවා. එතනදි එයාලා කතා වෙනවා පුරාවෘතයේ කියවෙන මායාකාරියො තුන්දෙනාගෙ ගෙදරට යමු කියලා. තමන්ගෙ පුංචි නංගි මේ ගමනට අකමැති වුනත් තමන්ගෙ සිහින කුමරියත් එක්ක මේ යන්න ලැබුන ගමන ගැන මැක්ස් බොහොම කැමැත්තෙන් ඉන්නේ. ඉතින් කොහොමින් කොහොමින් හරි මේ තුන්දෙනා ඒ පරණ මායා නිවසට යනවා. පුරාවෘතයේ කියවෙන්නේ කළු දැල්ලක් නැගෙන ඉටිපන්දම පිරිසිඳු කෙනෙක් අතින් දැල්වුවොත් මායාකාරියො ආයෙත් එනවා කියලා. මේ කතා විස්වාස නොකරන මැක්ස් අනිත් දෙන්නගෙම විරෝධය මැද ඒ ඉටිපන්දම දල්වනවා. ඒ මොහොතෙම මෙන්න මායාකාරියො තුන්දෙනා ආයෙත් එනවා. ඔවුන්ගේ සැලසුම මේ වතාවෙ ගමේ ඉන්න ඔක්කොම ළමයින්ගෙ ජීවය උරාගෙන සදාතනික වෙන්නයි. ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? මැක්ස්ට පුළුවන් වෙයිද තමන් අතින් වුන වැරැද්ද හරිගස්සල තමන්ගෙ නංගිවත් ගමත් බේරගන්න.
බලන්නකො කතාව කොහොමද කියලා. බලල අදහසුත් කියල යන්න. මම බලන් ඉන්නවා.
701 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
C7353B84B3045C5347DA0FF566A97CA557E944BD1.28 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න
19a7191161fb223a640e57fc6d03b560ecb488ec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,073 downloadsDownload Hocus-Pocus-1993.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
10 comments
Kulanjana Maduranga
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!Jayani
thawath lassana film walata sub denna..thank youuuu.. :)
අසිත
බොහොම පින් සහෝදරිය.
ජය වේවා!!!!තිසල්
එල අනිව බැමක්
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
ගොඩ කාලෙකට පස්සේ
සුපිරි ෆිලුමක් කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !Dilun
ස්තූතියි සබ් එකට.
ෆිල්ම් එක ගත්ත.
දිගටම සබ් දෙන්න.....Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hocus Pocus (1993) with Sinhala Subtitle | නපුරු මයාකරියෝ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Hocus-Pocus-1993.jpg)

niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……