පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර එනකන් හිනා වෙන්න පුලුවන් පට්ටම කොමඩියක් තමා අරන් ආවේ ඉතින්.මෙයාගේ පෙනුම දැක්කම මොන වගේ ඩයල් එකක්ද කියලා පේනවනේ.පට්ට කටු ටිකක් කාල තමා ඔන්න මේකෙ සබ් එකත් කරන් ආවේ.ඒවා ඇති එහෙනම් ෆිලුම පැත්තට යමු…. The Dictator 2012, Borat 2006, The Brothers Grimsby 2016, Ali G Indahouse 2002…

පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර එනකන් හිනා වෙන්න පුලුවන් පට්ටම කොමඩියක් තමා අරන් ආවේ ඉතින්.මෙයාගේ පෙනුම දැක්කම මොන වගේ ඩයල් එකක්ද කියලා පේනවනේ.පට්ට කටු ටිකක් කාල තමා ඔන්න මේකෙ සබ් එකත් කරන් ආවේ.ඒවා ඇති එහෙනම් ෆිලුම පැත්තට යමු….
The Dictator 2012, Borat 2006, The Brothers Grimsby 2016, Ali G Indahouse 2002 වගේ පට්ට කොමඩි වල රගපාපු Sacha Baron Cohen තමා මේකේ බෘනෝ කියන චරිතයට රගපාන්නේ.මේ වගේ චරිතයක් කරන්න මිනිහට හිත දුන්නෙ කොහොමද කියලා නම් හිතා ගන්න බැරි වේවි මේක බලනකොට. 2009 ජූලි 10 දින ඇමරිකාවේ තමා මුල් වරට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.IMDB අගය 5.8ක සාමාන්‍ය අගයක් ගන්න අතර Rotten Tomatoes අගය 68% ගන්නවා.මේ චිත්‍රපටයෙත් අධ්‍යයක්ෂක වෙන්නෙ කලින් සදහන් කල ෆිල්ම් හදපු Larry Charles කියන අධ්‍යයක්ෂකවරයායි..Borat ෆිල්ම් එක බලලා තියෙනවා නම් අන්න ඒ විදියේ කැමරාකරණයක් තමා දකින්න හම්බෙන්නේ.The Dictator හා Borat එකේ වගේ මේකෙත් මෙයා යන්නේ ඇමරිකාවට තමයි.
කතාව වෙන්නේ මෙහෙමයි බෘනෝ කියන්නෙ විලාසිතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.මෙයා අතින් වෙන එක සිදුවීමක් නිසා ඔහුට ඉන්න තත්ත්වෙයි රස්සාවයි ඔක්කොම නැති වෙලා යනවා.මෙයාට කවුරුත් නැති වෙනවා.පස්සේ මෙයාට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වලට ගිහින් ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන වෙනවා.ජනප්‍රිය වෙන්න ගිහින් පිස්සු ජෝගි තමා නටන්නේ.ඒවා මොනවද කියලා ඉතින් ඔයාලම බලාගන්න…..
මේකට මේ වෙනකන්මේ සබ් එකක් තිබ්බෙ නැත්තේ මේ ෆිල්ම් එකේ සමහර දර්ශන හා රූපරාමු නිසාද කියලත් හිතෙනවා.වැඩිහිටියන්ට පමණක් සුදුසු ආකාරයේ ෆිල්ම් එකක් නිසා 18+ වැඩි අය මේක බලනවා නම් ගොඩක් හොදයි.ආයිත් උපසිරසියකින් හම්බෙමු එහෙනම්…..ජයවේවා…….!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
4,181 downloadsDownload Bruno-2009.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Ranidu-Sineth.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනිදු සිනෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රනිදු සිනෙත්
Subtitles
24 comments
Malinda
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mad max
Godak pin ban ubata
malith madhushan
sub ekata thanx issarahatath karamu jaya wewa
නිරෝෂ්
ස්තුතියි රනිඳු සහෝ.ජයවේවා !
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Ishan
thanx machn
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Udaya Fernando
Thanks bro
අසිත
elama saho thanks
DINUSHA FERNANDO
mona magule film akak da ban mee mula idan joke kiwwata meka hodai manda buddikayanya nai mee wage awwata sub karanna epa ban aparade kale sub karana akata thank you ath mekanai melo rak nati movie akak
Ranidu Sineth
ඒක එක එකාගෙ රසවින්දන මට්ටම බං.උබට මේක ගොන් පාර්ට් එකක් වෙන්නැති.තව එකෙක්ට කොමඩියක් වෙන්න පුලුවන්.මේ නලුවා ඉන්න Borat ෆිල්ම් එකටත් කට්ටිය ජරාවක් කියල කමෙන්ට් දාලා තිබ්බා.කොහොම උනත් උබෙ උපදෙස වටිනවා.ඊළගට හොද නිර්මාණයකින් හම්බෙමු..
Amila Kaushalya
Bro thanx bn mn balapu best ma comerdy film 1a bn meka saha gana kiyanna vachana na
Dulanga
Thanks
madu
Thank you
ශිරන්
මචන් මේක තනිකර අසහනකරයෙක් ගැන තියෙන filme එකක් .මේ වගේ බාල film වලට කාලේ නහත්ති කරන්න එපා මචන් .මොන comedy වත් නැහැ .අසහනයක් විතරය් .උබලගේ මහන්සිය මේ වගේ බාල නිර්මාණ සදහා යෙදවීම කණගාටු මචන්
Ranidu Sineth
ඔව් බං එක පැත්තකින් බැලුවොත් අසහනකාරයෙක්ගේ සීන් එකක් තමයි තියෙන්නෙ.ඔකට සබ් එක කලේ නලුවයි රේටින්ග්ස් එහෙමත් හොදට තිබ්බ නිසා බං.කරන්න ගත්තු සබ් එක නවත්තන්න බෑනේ බං ඒ නිසා දිගටම කලා.ෆිල්ම් එක බලල නෙමේ සබ් එක කරන්න ගත්තේ.මැදක් යනකොටයි ඕකේ සීන් ටික දැක්කෙ.ආයිත් මේ වගේ ගොන් පාර්ට් වලට බ් කරන් නැහැ බං...උබේ අදහසට ස්තුතී මචං.
ශිරන්
උබ නිහතමානී කොල්ලෙක් මචන්.එක හින්ද වරදින්නේ නැහැ .සැලෙන්න එපා ඉස්සරහට යමු .අද පරිනත මිනිස්සු මුලින් අම්බානකට වැරදිච්ච් උන් .ඒක හින්ද සලෙන් නැතිව ලස්සන filme එකකින් අයෙත් හම්බෙමු මචන් .
ASH
මේ වගේ මුසල අසහනකාරී ෆිල්ම් වලට නාස්ති කරන වේලාවෙන් වෙන මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක් කරපන් සහෝ...
මිට පස්සේ ෆිල්ම් එක බලල සබ් එක කරපන් නැත්තම් උබ කැපවීමෙන් කරන සබ් එකට තියන වටිනාකමත් නැති වෙන එක විතරයි වෙන්නේ මේ කියපු කිසිදෙයක් හිත රිදවීමකට නෙමෙයි කිව්වේ කියලත් මතක තියාගනින් අනාගතයේදී හොඳ සබ් එකකින් මුණගැසීමට බලාපොරොත්තු වෙනවා....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaushan Herath
සබට තෑන්ක්ස් සහෝ
RUWINDA
CHAATER FILM EKAK...COMEDY NEMEI MACHAN GON ATHAL. THAWATH ME WAGE JARAWA WALATA SUB KARANNA EPA APARAADE UBEI MEEWA DOWNLOAD KARANA APEI KAALE... MONAWA UNATH SUB EKA KARANNA UBA MAHANSI UNAANE. ISSARAHATA HODA EKAKIN HAMBAWEMU.. GOOD LUCK MACHAN
ජයවේවා ...!!!!!!Shan Ashok
Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?
L asalaka
Tnxx brooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Brüno (2009) with Sinhala Subtitles | හායි! මං බෘනෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Brüno-2009.jpg)
Thanks Bro.