Watch Trailer

Doomsday (2008) Sinhala Subtitles | ලෝක විනාස දිනය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ ච…

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) ගෙ මේ චරිතෙට පණ පොවන්නෙ Rhona Mitra. මතකයිද ඒ කවුද කියලා. The Loft, Hard Target 2, Stolen, Skin walkers, Spartacus චිත්‍රපටිවල වගේම Strike Back, The Last Ship, Boston Legal වගේ ටීවී සීරීස්වලත් මෙයා හිටියා. දැන් දන්නවනෙ Rhona Mitra කවුද කියලා?

ඊට අමතරව Bob Hoskins, Adrian Lester, Alexander Siddig, David O’Hara, Malcolm McDowell වගේ අයත් මේ චිත්‍රපටියට දායකවෙලා තියෙනවා.

දැන් කතාවත් පොඩ්ඩක් කියන්නම්කො. ස්කොට්ලන්තය පුරා “රීපර්” කියන මාරාන්තික වෛරසයක් පැතිරෙනවා. රට පුරාම මිලියන ගණනකට ආසාදනය වුණාම පැතිරීම වළක්වන්න ආසාදිතයො  දස දහස් ගණනක් ඝාතනය කරල දානවා. මේ වයිරස් තර්ජනය වළක්වගන්න බලධාරීන් බලහත්කාරයෙන් රට නිරෝධායනය කරනවා. ලොකු ශක්තිමත් තාප්පෙකින් (බිත්තියකින්) ආසාදිතයො වෙන්කරනවා.

අවුරුදු විසි පහකට පස්සෙ, රීපර් වෛරසය ලන්ඩන් වලදි ආපහු පැතිරෙන්න පටන් ගන්නවා. මේකට බෙහෙතක් හොයාගෙන ඊඩ්න් සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමක් ස්කොට්ලන්තයට යවනවා. සින්ක්ලෙයාර් ඇතුළු කණ්ඩායමට බෙහෙතක් හොයා ගන්න පුළුවන් වෙයිද? නැත්ද? කියල බලන්න නම් චිත්‍රපටිය ඔක්කොම බලන්න වෙනවා.

ආ… මේකත් කියන්න ඕන. ඔය කපන, කොටන, මරණ,පුච්චන, සීන් බලන්න අකමැති අය නොබැලිය යුතු කෑලි ටිකකුත් තියෙනවා. උච්චතම අවස්ථාවක මම ඒ ගැන කළින්ම මේකෙ පෙන්නලා ඇති.

හරි, එහෙනම් තව උපසිරැසියකින් ආපහු මුණ ගැහෙමු. මේක ගැන ඔයාලගෙ අදහසත් පහළින් දාගෙනම යන්නත් අමතක කරන්න එපා.  

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

6,853 downloadsDownload Doomsday.2008.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

6,853 downloadsDownload Subtitles35 KB

21 comments

  1. kw

    1st comment eka bro film eka balanna kainma thank you

  2. losaka

    a kale balapu supirima film 1ka Thanx sub akata

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  5. Udaya Fernando

    Thanks bro

  6. tharindu

    thanks for sub

  7. gihan perera

    Good job bro...good luck and see you soon...

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Hasith

    සබ් එකට තැන්ක්ස් සහෝ

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  12. දමිත්

    බොහොම ස්තුතියි රංජීව සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  13. Dulanga

    Thanks

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. thisan

    thx bro

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. UDARA DAMITH

    elaaaaaaaaaaaaaaaaa

  18. Anonymous

    thank u

  19. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  20. Madushanka

    Subtile link eka weda nethooo 404 enawa. please reupload it.

    1. Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.