Watch Trailer

Days of Glory (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ නිරුවත…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Black Book (2006) හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Black Book (2006) හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.1 ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලසම්මාන 9 ක් සහ නිර්දේශවීම් 13 ක් ලබාගත්තු දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය වෙනුවෙන් සටන් කල ප්‍රංශ ජාතික සොල්දාදුවන් පදනම් කරගෙන නිපදවූ සුපිරිම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2007 අවුරුද්දේ ඔස්කාර් සම්මන උලෙළේදී හොදම විදේශ භාෂා චිත්‍රපටය සදහා නිර්දේශ උනා. නමුත් ඒ වසරේදීම තිරගත වූ “The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……!” ෆිල්ම් එකට ඒ සම්මානෙ ලැබෙනකොට නිර්දේශ වීමෙන් විතරක් සෑහීමකට පත් වෙන්න මේ ෆිල්ම් එකට සිද්ධ උනා.සම්මානෙ නොලැබුනත් මේ ෆිල්ම් එකත් අනිත් එක තරමටම සුපිරි සිනමා සිත්තමක් කියන එකයි මගේ නං හැගීම. තව එක දෙයක් තියෙනවා, සාම්ප්‍රදායික යුද ෆිල්ම් එකක් බලනවට වඩා වෙනස් ඇහැකින් මේක දිහා බලන් හිටියොත් මේ ෆිල්ම් එකෙන්ලෝකයාට කියන්න හදන අයුක්තියට අසාධාරණයට ලක්වෙන සාමාන්‍ය සොල්දාදුවන්ගේ දුක් ගීය ඔබේ හදවතටත් දැනේවි.

මේකේ කතාව දිවෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රංශ ජනපද වලට අයිති සොල්දාදුවො හය දෙනෙක් වටායි.කෝප්‍රල් අබ්දෙල්කාඩර් – මෙයා තමයි කණ්ඩායමේ නායකය වගේම ලියන්න කියවන්න දන්න එකම සොල්දාදුවා. මෙයාට ඕනෙ අනිත් ප්‍රංශ සොල්දාදුවො වගේම සමානාත්මතාවය. මෙයාට අයුක්තිය අසාධාරණය පෙන්නන්නම බෑ. කොයි වෙලාවෙත් පොතක් අතේ තියන් පාඩම් කරන මෙයාගෙ හීනෙ කවදා හරි පලවෙනි පංතියේ සාජන්ට් කෙනෙක් වෙන එක.ස්නයිපර් සෙබල මසාඋද් සූනි – “පරාජිතයා” කියලා පපුවෙ පච්චයක් කොටන් ඉන්න මෙයාට අතර මගදි හම්බ උන ලස්සන ප්‍රංශ කෙල්ලෙක්ගෙ ආදරේ නිසා පිස්සු වැටිලයි ඉන්නෙ. මෙයාට තියෙන එකම හීනෙ ඒ කෙල්ලව කසාද බැදලා දරු මල්ලො හදාගෙන ප්‍රංශෙම කොනක පුංචි පැලක් අටවන් පදිංචි වෙන්න.ඔට්මානී සයීඩ් – පවුලේ දුප්පත්කම නිසාම හමුදාවට බැදුන මෙයා අහිංසකයෙක්. ඇගෙන් නැති උනාට හිතෙන් තවම පොඩි එකෙක් වගේ තමයි හැසිරෙන්නෙ. කොච්චර අහිංසකද කියනවා නං මෙයාට අනිත් අය කතා කරන්නෙ “ගෑනු කොල්ලා” කියලයි. මෙයාගෙ මේ අහිංසක කම් වලින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම මෙයා කවදාවත්ම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ. මෙයාට ඕනෙ කොහොම හරි කෙල්ලෙක්ව යාලු කර ගන්නමයි.යසීර් සහ ලාර්බි සහෝදරයෝ – මොරොක්කෝවෙන් ඇවිත් ප්‍රංශ හමුදාවට බැදුන මේ අයිය මලෝ දෙන්නගෙන් යසීර්ට එහෙමත් නැත්තන් අයියට ඕනෙ කොහොම හරි සල්ලි ටිකක් හොයන් ගමට ගිහිල්ල කසාදයක් බැද ගන්න එක.ලාර්බි මල්ලි තමයි අයියගෙ මේ මගෝඩි වැඩ වලට සපෝට් එක දෙන කෙනා. මේ දෙන්නගෙ වැඩේ සල්ලි හොයාගෙන හොරකමේ යන එකමයි. කොටින්ම කිව්වොත් මැරුන ජර්මන් කාරයෙක්ටවත් යහතින් ඉන්න නොදී සුද්දයක් දෙන එක තමා මේ දෙන්නගෙ රාජකාරිය.මාණ්ඩලික සැරයන් රොජර් මාර්ටිනස් – මෙයා තමයි මේ හැමෝගෙම ලොකුම ලොක්කා. මෙයා පිටින් බොහොම සැර පරුෂ කෙනෙක් කියල පෙන්නගෙන හිටියට එයාගෙ අම්මට හුගක් ආදරේ කෙනෙක්. මෙයා හැම වෙලාවෙම එයාගෙ අම්මගෙ ෆොටෝ එකක් සාක්කුවෙ දාගෙන තමයි ඉන්නෙ. ඒත් මෙයා එයාගෙ අම්මා අරාබි ජාතික ස්වදේශීය කාන්තාවක් කියන එක ලෝකෙට කියන්න ලැජ්ජයි. මෙයා කොච්චරවත් කටින් ගේම ගහ ගෙන තමයි ජාමෙ බේර ගන්නෙ.

මේ ෆිල්ම් එකේ කියැවෙන හැම වචනයක් පාසාම හැම රූපරාමුවක් පාසාම ප්‍රේක්ෂකයයා දකින අර්ථයට වඩා එහා ගිය වෙනම අර්ථයක් හංගලා තියන්න අධ්‍යක්ෂවරයා පුදුමාකාර විදියට සමත් වෙලා තියෙනවා. කාලෙකින් ඔබේ හද පතුලටම කතා කරන ෆිල්ම් එකක් බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක…….. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,107 downloadsDownload Days.of_.Glory_.2006.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

4,107 downloadsDownload Subtitles34 KB

34 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  2. thisal

    ස්තූතියි.

  3. dammi

    ela ela... good bro...........

  4. suranga

    thanks brother...

  5. Hirantha

    සබට thanks බ්‍රෝ .baiscopdownload වල ලින්ක් එකක් දාන්න බ්‍රෝ

  6. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  7. Nishan

    Thanx bro

  8. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Rajitha

    Thanks machan........jayawewa......>!

  12. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  13. dilan lakmal

    Ela macho thanks sub ekata.jaya wewa

  14. mohotti

    thanks

  15. Lahiru W

    Thank you very for Sinhala subtitle.

  16. Lahiru W

    Thank you very much for Sinhala subtitle.

  17. දමිත්

    බොහොම ස්තුතියි හසිත සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  18. Dulanga

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. smsp senanayake

    බොහොම ස්තුතියි

  21. Prasad Lakmal

    thanx sub ekata

  22. akila13

    thanx sub ekata

  23. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති Ww2 movie ekak nam aniwa balanawa

  24. Lakshansilva18

    Flame and citron (2008) mekatath sub dennako

    1. හසිත මධුෂාන්

      අනිවා සහෝ මේක පට්ටම ෆිල්ම් එකක් මේකට සබ් එක කරන්න හිතන් ඉන්නෙ දැන් අවුරුද්දක විතර ඉදලා. තවම බැරි උනා. මේ දවස් ටිකේ ඔස්කාර් නොමිනේටට් වගේකට සබ් කරන ගමන් ඉන්නෙ. ඒ ටික ඉවර උන ගමන්ම සබ් එක දෙන්නම්. බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එක ගැන මතක් කලාට.... තව දෙයයක්, සමාවෙන්න සහෝ අදයි මේ කමෙන්ට් එක දැක්කෙ. නැත්තං මෙලහකටත් සබ් එක දීලා....

  25. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී සබ් එක හදන්න උන මහන්සිය වෙනුවෙන් එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි....!

  26. MSMB12

    THANKS

  27. dimantha26

    god job.thanks

  28. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  29. ජීවන

    බොහොම ස්තූතියි. මං අහලා තියෙනවා මේක ගොඩක් හොඳ ෆිල්ම් 1ක් කියලා

  30. Anonymous

    Ayye puluwnnm Generation Kill kiyna TV Series ekt sub dennko

  31. Tharun Pahasara

    Ayye puluwannam Generation Kill kiyn TV series ekt sub ek dennko

  32. Anonymous

    thanks ayye

  33. Akila Dilhara

    Thanks Brother...❤