“ස්වාමීනි, මැය ගණිකාවක්.” “බොරු කියන්න එපා මහත්තයෝ.” “ස්වාමීනි, මැය අවුරුදු 19ක ගණිකාවක්.” “දෙයියනේ..මගේ දුව ගණිකාවක් නෙමෙයි.” ”ස්වාමීනි, මැය මේ වයසට පිරිමි රාශියක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා.” ”තොට හෙන වදිනවා මහත්තයෝ, ඔය කියපු කතාවට.” එක් පසෙකින් නීතීඥයෙක්ගේ බරපතළ තර්ක කිරීමක්. තවත් පසෙකින් අම…

“ස්වාමීනි, මැය ගණිකාවක්.”
“බොරු කියන්න එපා මහත්තයෝ.”
“ස්වාමීනි, මැය අවුරුදු 19ක ගණිකාවක්.”
“දෙයියනේ..මගේ දුව ගණිකාවක් නෙමෙයි.”
”ස්වාමීනි, මැය මේ වයසට පිරිමි රාශියක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා.”
”තොට හෙන වදිනවා මහත්තයෝ, ඔය කියපු කතාවට.”
එක් පසෙකින් නීතීඥයෙක්ගේ බරපතළ තර්ක කිරීමක්. තවත් පසෙකින් අම්මෙක් සහ දුවක්. නීතිය අන්ධයි. උසාවිය ඇතුළේ මනුස්සකමට තැනක් නැහැ. හැමදේම තීරණය වෙන්නේ ඔප්පු කිරීම මත. තරුණ නීතීඥයෙක් උගුර ලේ රහ වෙන්න කෑ ගහමින් අවුරුදු 19ක තරුණියක් ගණිකාවක් කරන්න හදනවා. විත්ති කූඩුවේ ඉන්න අම්මෙක් පපුව පිච්චි පිච්චි තමන්ගේ දරුවාව නිර්දෝෂී කරන්න හදනවා.
” උසාවිය කල් දමනු ලැබේ. අවසන් තීන්දුව අපේල් 04 වෙනිදාට.” ඒ නඩුකාරයාගේ කටහඬ.
කන්නඩ සිනමාව කියන්නේ ඉන්දියාව ඇතුළේ කැකෑරෙන එකම ශානරයේ චිත්‍රපටි තොගයක් මැද්දෙන් එක පාරටම විසිල් ගගහා උණු උණුවේ බෙදන අලුත්ම කන්සෙප්ට්වලට හොඳ තෝතැන්නක්. Buckaasuura හි උපත සිද්ධ වෙන්නෙත් කන්නඩ සිනමාව තුළයි. 2018 අප්‍රේල් 06 වෙනිදා තිරගත වීම ආරම්භ වන මේ සලරුවට මේ වනවිට 89% ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වෙලා තියෙනවා. Buckaasuura කියන්නේ 2018දී කන්නඩය ම හොලවපු Psychological Thriller ෆිලුම. කන්නඩ සිනමාව තුළ මතු බලාපොරොත්තු තියාගන්න පුලුවන් Naveenathගේ අධ්‍යක්ෂණයට Rajasimha Tadindaගේ කුතුහලය පිරුණු නවතම තිර පිටපතේ එකතුව.
Crazy Star, V. Ravichandran පවා රංගනයෙන් දායක වුණු මේ සලරුව Action,Thriller වර්ගීකරණයට අයිතියි. ප්‍රධාන චරිතය රඟපාන්නේ R.J.Rohit විසින්. විශේෂත්වය තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නෙත් ඔහුමයි. Kavya Gowda, Shashikumar, Vijay Chendoor වගේම Sitharaත් දායක වුණු නිර්මාණයක් තමයි Buckaasuura කියන්නේ. Central Board of Film Certification එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට CBFC මණ්ඩලයෙන් U/A කාණ්ඩයට නිර්දේශ වූ මෙම චිත්‍රපටය පැය දෙකක ධාවන කාලයකින් යුක්තයි.
මේ කතාව ගෙතෙන්නේ මුදලට ආශාවෙන් අයුක්තියට හිස නමන තරුණ නීතීඥයෙක් වටා. ඇත්ත බොරු කරන, එළිපිට අපරාධ කරන ලෝකයක නීතියත් අවනීතිය බවට හැරවිලා. අසරණ මනුස්සයන්ව වැරදිවලට පටැලැවිලා. මුදලට ආශාවෙන් මේ තරුණ නීතීඥයාත් අපරාධකාරයන්ට සහාය දක්වනවා. නමුත්, කල් යද්දී ඔහුට තේරෙනවා ඔහු කරන වැරැද්දේ බරපතලකම. අවනීතිය වෙනුවට, ඔහු තීරණය කරනවා නීතිය වෙනුවෙන් පෙනී සිටින්න. මේ වෙනස්වීමත් එක්ක ඔහුට අපරාධකාරයන්ගෙන් බාධා එල්ල වෙනවා. තමන් ඉස්සරහදීම තමන්ගේ ආදරවන්තිය මිය යනවා. ඔහුගේ සමීපතමයන් අහිමි වෙනවා. නමුත් අවසානයේදී….බැහැ! ඒක කියන්න බැහැ. මොකද ඒකයි Bවල ආතල් එක. එක් තත්පරයකදී මුලු චිත්‍රපටියම වෙනස් වෙලා ප්‍රෙක්ෂකයාගේ මොළය කුරුවල් වෙලා අවසානය, තවත් ආරම්භයක් කරවන එක තමයි Psychological Thriller ෆිල්ම්වල වෙනස.
එකම එක ඉඟියක් විතරක් දෙන්නම්.
අවසානය, තවත් ආරම්භයක් පමණි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,099 downloadsDownload Buckaasuura-2018.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
36 comments
Kulanjana Maduranga
Sajiya99
Thanks bro
Isuru minipa
Thanks for sub puluwannam me kannada film eka denna Aa Karaala Ratri film eka 2018 apu supiri thiriller film ekak
Hemantha De Silva
ස්තුතියි කවිනු...
ජයවේවා..!snak
sthuthiyi jayawewa thawa thawa hoda film walata sub karanna jayawewa
prageeth
thanks malli sub ekata jaya wewa
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekataa. Jaya wewa...!
darshana100
niyamai sahodaraya
YASANTHAB
suppa kavi niyamai bn
gihan perera
සුපිරි මචෝ...පට්ට...ස්තුතියි සහෝ මහන්සි වෙලා මේ වගේ උපසිරැසි දෙනවාට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
palithadesilva
thank you..
Aac3
සුපිරි ෆිලුමක් වගේ.. සබ් එකට තැන්ක්ස් බ්‍රෝ... දිගටම සබ් දෙන්න... ජය වේවා !!!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ජයවේවා ........himesh
elah
puluwannam chamak 2017 kannda film ekata sub denna thnxAjith kumara
thanks bn ela.
all the bestsooriyapatabadige
Thanks for sub .....bro.....(maasthi gudi 2017 / Jayammana maga 2013 ) films walata sub dennako please ......
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝ.......ජයවේවා !!
ushan
tnq
Dvk
thanks mchn.
Lahiri
thankz saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sakraya
ela
ඩොක් අයියා
තැන්කු වේවා
supun priyanath
Ela
Thank youදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
ජයෙන් ජය.N_R
Thank You.
prasakr
supiri jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Jayawikrama
THanks bro..
NuwanK
Thank u bro....
WWEKMN
Thank you sahooo
asankachathuranga
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
subata thanks saho...keep it up...