විශ්වාසය.. මේ ලෝකේ හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් නියම ආයුධයක්.. සමහරු, අපිට පොලවේ පය ගහල ජිවත් වෙන්න තමන්ට හැකි උපරිම හයිය දෙන අතරේ.. තවත් සමහරු අපිට කකුල් මාට්ටු දානවා.. තවත් අයෙක්, අපේ සාර්ථකත්වයට සුභ පතනගමන් බදාගෙන පිහියෙන් අනිනවා. අඹ යාළුවො දෙන්නෙක් හිටියා. ඒ යාළුවො දෙන්නා හැදුනේ, වැඩ…

විශ්වාසය..
මේ ලෝකේ හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් නියම ආයුධයක්..
සමහරු, අපිට පොලවේ පය ගහල ජිවත් වෙන්න තමන්ට හැකි උපරිම හයිය දෙන අතරේ..
තවත් සමහරු අපිට කකුල් මාට්ටු දානවා..
තවත් අයෙක්, අපේ සාර්ථකත්වයට සුභ පතනගමන් බදාගෙන පිහියෙන් අනිනවා.
අඹ යාළුවො දෙන්නෙක් හිටියා.
ඒ යාළුවො දෙන්නා හැදුනේ, වැඩුනේ, ඉගනගත්තේ හැමදේම කරේ එකට.
එයාලගේ බැඳීම තේරුම් ගන්න පුළුවන් සහකාරියන්ද ඔවුන්ට හම්බුනා..
යාළුකම කියන “විස්වාසය” පදනම් කරගෙන..
අඹ යාළුවො දෙන්නෙක් අඩියෙන් අඩිය ගොඩනගපු අධිරාජ්‍යයක් තිබ්බා.
සතුට කියන දේ..
ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් වුනා.
නමුත් ඔවුනට..
ආගන්තුක “ද්‍රෝහිකම” අත වැනුවා..
දහසක් කැපකිරීම් මතින් තැනු අධිරාජ්‍යය..
බිඳ වැටුනා..
මේක විස්වාසය ගැන කතාවක්…
කාලයට ඕනම ලොකු තුවාලයක් සුව කරන්න පුළුවන් කියල කියනවා…
ඒත් සමහර තුවාල තියෙනවා…
හදවත නතර වෙනකන් සුව කරන්න බෑ ඒවා…
මේ වසරේ නිකුත් වූ තවත් සුපිරියක් අරගෙනයි අද බයිස්කෝප් නිවහනට මේ ගොඩවදින්න සැරසෙන්නේ. මාස් මහරාජ් රවී තේජාගේ මේ වසරේ නිකුත් වෙච්ච අවසන් චිත්‍රපටය විදිහට නොවැම්බර් 16 වෙනිදා ලොවපුරා තිරගතවීම ආරම්භ කරනා ලද අමර් අක්බාර් ඇන්තනි චිත්‍රපටය සාර්ථක තෙලුගු නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල Srinu Vaitla ගේ අධ්‍යක්ෂණයක්. තෙලුගු සිනමාවෙන් බොලිවුඩය ජයගත් ඉලියානා ඩි’කෘස් නැවතත් තෙලුගු සිනමාවට වසර හයකට පසු පා තැබීම සිදුවන්නේද මේ අමර් අක්බාර් ඇන්තනි චිත්‍රපටයෙන් වීමද විශේෂත්වයක්. S. Thaman ගේ සප්තස්වර සංගීතයෙන් නොඅඩුව පෝෂණය වන්නා වූ මෙම සලරුව 5.9/10 ක IMDb අගයක් ගැනීමට සමත් වී තියෙනවා. රවී තේජා සහ ඉලියානාට අමතරව Vikramjeet Virk, Tarun Arora, Sunil, Abhimanyu Singh, සහ Sayaji Shinde එහෙමත් මේ සඳහා තම රංගන දායකත්වය එක්කොට තිබෙනවා.
කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. විශ්වාසය, ආදරය, ද්‍රෝහිකම සහ දඬුවම වටා ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ. සමාජයේ වෙන්න පුළුවන් සහ අද කාලයේ උවද සිද්ද වෙන දෙයක් තමයි පදනම් කරගෙන තියෙන්නේ. විස්වාසය කියන දේ ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ හෝ නරක ඕනම විදිහට. මං දන්නවා ගොඩක් අය රවී තේජාව දැක්ක ගමන් කියන්නේ “හපෝ මූද ඉන්නේ” කියලා. හැබැයි ඒ අතරේ රූපේ දැක්ක ගමන් මේක නම් හිනාකාලා මැරෙන්න පුළුවන් එකක් කියල හිතන අයත් ඉන්නවා. ඉතින් ඔය එක එක විදිහට හිතන එක එක අය හැමෝටම කියන්න තියෙන්නේ මේක වෙනස්ම චිත්‍රපටියක්. වෙලාවකට අපිව හිනාවෙන් නාවනවා. එහෙම යන ගමන් වෙලාවකට අපිව සංවේදී කරන්නත් මේ චිත්‍රපටිය සමත් වෙනවා. මේ හැමදේම එක්කල මේකේ පිටින් පෙනෙන සුකුරුත්තම නොසලකා හැරලා කතාව අභ්‍යන්තරයෙන් අපිට දෙන පණිවුඩය ගැන හිතල බැලුවම අන්න එතැනදී මේක අපේ හදවතට තට්ටු කරනවා. දිනෙන් දින කුරිරු වෙන මේ සමාජය තුල විස්වාසය කියන සාධකයට තියෙන වටිනාකම මොනවගේද කියල මේක බැලුවම ඔබට තේරෙයි. ඉතින් ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අරගෙනම බලන්න කියල කියනවා. ඉන්නේ කවුද භාෂාව මොකද්ද, කියල හිතන් නැතුව. කතාව ගැන හිතල අරගන්න. වගකීමෙන් කියන්නම් ඔබ බලාපොරෝත්තු වනවාට වඩා වෙනසක් මේ කතාවේ තියේවි.
ඉතින් හැමදාමත් වගේම අවසාන මතක් කරනවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත් ඇඩ්මින් මඩුල්ලත්. ඒ වගේම එදිනෙදා පිවිසෙන පාඨක ඔබ සැමවත්. මේ එන්නේ නත්තල් මාසය. ඉතින් ඉස්සරහට ගොඩක් චිත්‍රපටි නිකුත් වෙනවා. ටෙලි කතා නිකුත් වෙනවා. නිවාඩු කාලේ නිසා ගොඩක් අය කැමතියි නිවාඩුව සතුටින් ගත කරන්න, පාඩුවේ විඳින්න. ඉතින් සිනමාවට වගේම ටෙලිකතා අවකාශයට නිකුත් වෙන හැම නිර්මාණයක්ම ඔබේ රසවින්දනය වෙනුවෙන් හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න බයිස්කෝප් කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. දිගටම රැඳී සිටින්න කියල ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය කැපකරන උපසිරැසිකරුවන් හැමෝවමත් දිරිමත් කරන්න කියල ඉල්ලනවා. මොකද ඔබේ එක වචනයක් පවා ඔවුන්ගේ විඩාව නිවනට මහඟු ඔසුවක් වනවා නිසැකයි. ඉතින් නත්තල් මාසයේ දිගටම රැඳී ඉන්න. බයිස්කෝප් නිර්මාණ රසවිඳින්න. මේ හැමදෙයකටම අවශ්‍ය ශක්තිය ධෛර්යය බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝටමත් ලැබෙන්න කියලත් පතමින්. මං විසිවෙනවා. ඔබ සැමට ජයෙන් ජය..!!!
විශේෂ ස්තුතිය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරා හට.
” පොරවට අමතක උනත් තමන් ගසක් කැපු බැව්…
ගසට මතක තියේවි තමන් කැපුවේ මොන පොරවෙන්ද බැව්… “

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා වලංගු වේ.
14,928 downloadsDownload Amar-Akbar-Anthony-2018.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
65 comments
R.chandimal
IndunilN
ස්තූතියි සහෝ සබ් එකට,
සුපිරි ෆිල්ම් එකක් තමා ඉතින්.baharath_nenu
Thanks bro AMAR AKBAR ANTHONY film ekata subtitle dammata bro
Sanjeewa2010
Thnxxxxxxxx machannnn....sub denakam hitiyeee...
Eranda Malith 2.0
Thanks bro
Beach
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ ජයවේවා ඉදිරි ගමනට
Thamira
Thanks bro enakan balan hitiye ⏳
kelumchathuranga
thanks
Nilush Angana
Sub ekata thanx
gihan perera
නියමයි මචෝ...මේක දෙනකන් හිටියේ...පට්ට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
thilz
thank youuuuu
sunithmadusanka
machan andhadun and badaahi ho film 2kta sub dennako please..me aurudde apu supirima hindi film 2..
Pravidu Fdo
Thnx For The Subtitle Do More Sub Good Luck n May God Bless U
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Bandara 1976
” පොරවට අමතක උනත් තමන් ගසක් කැපු බැව්…
ගසට මතක තියේවි තමන් කැපුවේ මොන පොරවෙන්ද බැව්… “උපසිරැසියට ගොඩක් ස්තුතියි
nisalt
Congrats Bro
Shehanchathu
Thanx machan sub eakata
Jumanji
Elama bokka.
Mpmjkumara
Thanks bro Sandakozhi 2 mekatath ewanna thanks
Kulanjana Maduranga
niyamai...bamak thama ithin...subata thanks THARAKA saho....keep it up....
Sajiya99
Thanks bro
maikee
බොහොම ස්තුතියි bro. මේ මාසේම බලන්නේ film තමා. සබක් එනකන් ඉන්නේ. ගන්න බලන්. එල thankyou සබට , ජයවෙවා
darshana100
godak thanks yalu oya gollo karana me wadata hama sourakutama hada piri stutiya pudanawa
rangika Kariyawasam
බෝම ස්තුතියි හදවතින්ම
Aac3
ගොඩාරියක් ස්තූති සබ් එකට... දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න බ්‍රෝ... ඔයාලා නිසා තමා ෆිල්ම් එකක් තේරෙන්න බලන්නේ... ජය වේවා බයිස්කෝප්
sanjeewa8836
Thanks bro
Mekata kalin ravi thejage awa NELA TICKET Movie ekata sub denna puluwanda loku deyak brosuperlahiru5678
tanx bro,,,,,,thawa me wage film walata sub denna.......
Thilinamadushankaalwis
thanks bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
මුගේ ෆිල්ම් නම් වැඩිය බැලෙන්නෑ..
මේක නම් හොඳයි වගේ.
කවුරුහරි ගෙනාවම බලනවා.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!gayan215
bohoma sthuthi saho....
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
dsdkavishka
Thenks for sub
sanjux
උපසිරැසියට ගොඩාක් ස්තුතියි,,,තවත් මේ වගේම උපසිරසි ගන්වන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි
vas0303
Thanks bro
ushan
godak sthuthi
Chathu_OO
මේ නමින්ම මලයාලම් එකක් තියෙනවා...
මේත් ඒකේ කතාවමද???
ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්ටකෝ..Chathu_OO
මේ නමින්ම මලයාලම් එකක් තියෙනවා...
මේත් ඒකේ කතාවමද???
ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්ටකෝ..Bandarajbandara
Thanks Ft
subodha
Thanks
Lahiri
thankz saho
Milinda Sandaruwan Syco
Sub ekt thnx bro....
me film eke sub ekath ikmantma denna...
#Nela Ticket (2018) Telugu Proper True HDTV-Rip - 700MB - x264 - 1CD - MP3.mkv#oshanda
thanx sahoo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
supun priyanath
Good
Thank youදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරාක සහෝ.
කදිම විස්තරයක්.
ජයෙන් ජය.TharakaWAS
Subata thanks saho..
Jaya wewa...!!!Chathuck
film eka baganna link ekak depanko
m.c.i.srimal
Elaaa thankssss
N_R
Thank You.
Lasantharathnasirirox
තාරක ඔබට තව තවත් ධෛර්යය ලැබේවා මෙවැනි නිර්මාණය කිරීමට......ජය නියතයි....!!
Advertisement

ela bn