Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles අද ඔන්න 2011 ආපු ඇමරිකානු කොමඩි සිනමාවක් තමයි ගෙනාවේ. මේකේ පිටපත ලියලා තියෙන්නේ ඇඩම් සැන්ඩ්ලර්, ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. සැන්ඩ්ලර්ගේ හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ. මම ඇඩම් සැන්ඩ්ලර්ගේ ෆිල්ම් කිහිපයකටම සිංහල උපසිරැ…
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitlesඅද ඔන්න 2011 ආපු ඇමරිකානු කොමඩි සිනමාවක් තමයි ගෙනාවේ. මේකේ පිටපත ලියලා තියෙන්නේ ඇඩම් සැන්ඩ්ලර්, ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. සැන්ඩ්ලර්ගේ හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ. මම ඇඩම් සැන්ඩ්ලර්ගේ ෆිල්ම් කිහිපයකටම සිංහල උපසිරැසි ගන්වලා තියනවා. නමුත් මේ ෆිල්ම් එකේ නම් ඇඩම් රඟපාන්නේ නෑ. චරිත වලට රඟපාන්නේ ස්වාර්ඩ්සන්, ක්‍රිස්ටිනා රිචි වගේ අය. ඔයාලා කොමඩි නළු ස්වාර්ඩ්සන් එහෙම අතරින් පතර දැකලා ඇතිනේ ෆිල්ම් වල. මිනිහගේ එච්චර කඩවසම් ගතියක් නැති වුණාට සුපිරි පොර. කොහෙන්හරි මිනිහා ඉන්නවා හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් එළියට දාන චිත්‍රපටියක 🙂
කතාව ගැන කිව්වොත්, **බකී ලාර්සන්** කියන්නේ පුංචි ගම්මානයක බඩු කඩයක වැඩ කරන, අම්මා තාත්තා එක්ක ජීවත් වෙන ටිකක් අමුතු මොංගල් වගේ මෝඩ පහේ ඩයල් එකක්. මිනිහට තියනවා ඉස්සරහින් එළියට පැනලා පොල් ගෙඩි වගේ දත් දෙකක්, දැක්කම හිනා ගිහින් පණ යනවා 😉 ඉතින් ජීවිතේ හරි සාමාන්‍ය විදියට මිනිහා ගෙවාගෙන යන කොට, දවසක් යාළුවෝ එක්ක ඉන්න වෙලාවක මිනිහට දැනගන්න ලැබෙනවා තමන්ගේ පවුලේ ලොකුම රහසක්. ඒ තමා 1970 දශකයේ තමන්ගේ අම්මා තාත්තා නිල් චිත්‍රපටි වල රඟපාපු ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට කලාකරුවෝ වුණා කියලා. මේක දැනගත්ත ගමන්ම බකී තීරණය කරනවා තමන්ගේ ගම්බද පළාත අතඇරලා හොලිවුඩ් යන්න. ගිහින් නිල් චිත්‍රපටි ලෝකයේ තරුවක් වෙන්න, අම්මා තාත්තා වුණා වගේම.
ලොස් ඇන්ජලීස් වලදි බකීට කැතිව හම්බවෙනවා, කෙල්ල අහිංසක වේටර්වරියක්. ඉතින් බකී යන එනමන් නැතුව පාරක පදුරක් අස්සේ නිදාන් ඉන්නවා දැකලා කැතිට දුක හිතිලා මිනිහට ඉන්න තැනක් හොයලා දෙනවා. මෙතනින් මිනිහා තමන්ගේ වෘත්තීය ගමන ආරම්භ කරනවා. මයිල්ස් ඩීප් කියන අධ්‍යක්ෂකයෙක් එක්ක මේ නව ගමන ආරම්භ කරන බකී අභියෝග රැසකටම මුහුණ දෙනවා.
මේ කතාවේ වඩාත්ම විශේෂම දේ තමයි මෝඩ පහේ කිසි පෙනුමක් නැති පුද්ගලයෙක් කොහොමද අනපේක්ෂිත ජනප්‍රියත්වයකට පත් වෙන්නේ කියන එක. මේක වෙන්නේ කොහොමද දැනගන්න YTS පැත්තට ගිහින් කතාව අරගෙනම බලන්න. IMDB රේටින්ග්ස් ගැන හිතලා නොබලා ඉන්න එපා, සුපිරි කතාව, මම කියනවට අරන් බලන්න.
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළවේ.
1,229 downloadsDownload Bucky-Larson-Born-to-Be-a-Star-2011-baiscopelk-sinhala-subtitle.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
6 comments
Buddhika laKMal
Asanga Basooriya
bohoma sthuthi.. jayama wewa
Sahan Gayantha
thanks a lot brother sub ekata
AKEESHA THATHSARA
invincible sesone 3 ta sub denko
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
indika 75
thanks..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ පරණ වුනත් මගඇරුණ මේ වගේ සුපිරි ඒවට සිංහල සබ් දෙනවට......
ජයවේවා........