The Story of My Son (1990) Sinhala Subtitles ආයුබෝවන්, 80 සහ 90 දශකයේ හොංකොං සිනමාවට මාව නිකන් ඇබ්බැහි වුණා වගේ එකපාරටම වුණා මීට කාලෙකට කලින් නිකමට වගේ මම ෆෝන් එකේ ඇප් එකකින් බලපු පැරණි චිත්‍රපටි කිහිපයක් නිසා. මේ අද අරන් ඇවිල්ලා තියන එකත් එහෙම එකක්. දැනට මම 30 ගාණක් වගේ මේ පරණ හොංකොං ෆිල්ම් බළලා […

The Story of My Son (1990) Sinhala Subtitles

ආයුබෝවන්, 80 සහ 90 දශකයේ හොංකොං සිනමාවට මාව නිකන් ඇබ්බැහි වුණා වගේ එකපාරටම වුණා මීට කාලෙකට කලින් නිකමට වගේ මම ෆෝන් එකේ ඇප් එකකින් බලපු පැරණි චිත්‍රපටි කිහිපයක් නිසා. මේ අද අරන් ඇවිල්ලා තියන එකත් එහෙම එකක්. දැනට මම 30 ගාණක් වගේ මේ පරණ හොංකොං ෆිල්ම් බළලා ඇති. ඒ සේරටම උපසිරැසි ඔයාලට අරගෙන එන්න මම කැමතියි නමුත් ඒවා ලේසියෙන් හොයාගන්න බෑ. ඒ නිසා වැඩේ තාවකාලිකව අතඇරලා තියෙන්නේ.

ඇත්තටම මේ චිත්‍රපටි වල පුදුම රසයක් තියෙන්නේ. මිනිස්සුන්ගේ දුක, සැප, වේදනාව, වෛරය, ගැටුම්, ආදරය, පළිගැනීම් මේ දේවල් අද කාලයට වඩා හරිම හිතට වදින විදියට පෙන්වනවා. පරණ ආදි කාලේ ඒවා කියලා මේවට ගරහන්න එපා… මොකද මාත් එහෙම කරපු කෙනෙක්. එක දිගට 3ක් 4ක් බලාන් ගියොත් ඔයාලටත් මම කියන දේ තේරෙයි.

මේකේ කතාව ඇවිල්ලා, කාර්යාලයක හොඳ රැකියාවක් කරන තාත්තෙක් ඉන්නවා. මෙයාට පොඩි පිරිමි ළමයින් දෙන්නෙක් ඉන්නවා නමුත් මෙයාලගේ අම්මා නෑ. තාත්තා තමා ළමයින්ව බලාගන්නේ. මේ වැඩේට තාත්තා නම් එච්චර දක්ෂ නෑ. ඉතින් ටිකක් වයසින් වැඩි පුතා තාත්තට ගේ දොර වැඩ වලට සහ පුංචී දඟ මල්ලියව බලාගන්න උදව් වෙනවා. කෑමෙන් බීමෙන්, මුදල් වලින්, අඩුවක් නැතුව ඉන්න මේ පුංචී පවුල එකපාරටම කබලෙන් ලිපට වැටෙනවා. ඒ දරුවන්ගේ තාත්තා යාළුවෙක් එක්ක එකතු වෙලා කරන එක මෝඩ වැඩක් නිසා. ඉතින් මේ වැඩෙන් පස්සේ කාටවත් ණය නැතුව වැදගත් විදියට හිටපු මේ තාත්තා පස්සේ පොලි සල්ලි එකතු කරන හොංකොං වල මැර කණ්ඩායමක් පන්නන්න ගන්නවා.
ඉතින් ඉඳපු ගේ දොර පවා මෙයාලට නැතිවෙලා මහ පාරට වැටෙනවා. කන්න දෙයක් හොයාගන්නත් හිඟමන් යදින්න වෙනවා.

ඉතින් මේ කරපු විස්තර කිරීම ඇති කියලා හිතනවා. මීටත් එහා කිව්වොත් මේක බලන්න ඉන්න ඔයාලගේ රසවින්ඳනය නැතිවෙලා යන්න පුළුවන්. මේක ගොඩක් දුක හිතෙන චිත්‍රපටියක්. එහෙනම් අරන් දැන්ම බලන්න.

The Story of My Son (1990) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any download links.

 මෙම ලබා දී ඇති උපසිරසි පහත සඳහන් පිටපත සඳහා අදාළවේ.
The Story of My Son [1990] x 264 DVD rip (ShawBros)

848 downloadsDownload The-Story-of-My-Son-1990.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Story of My Son (1990) Sinhala Subtitles

Subtitles by

UD Shehan

Subtitles

848 downloadsDownload Subtitles33 KB

6 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං සබ්එකට

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  3. Mahesh pubudu

    මාරම දුක හිතෙන කතාවක් පොඩි කොල්ලා (කාන්) සම්පුර්නයෙන්ම හිත පැහැර ගන්නවා කිව්වොත් නිවැරදියි. ලස්සනට හැගීම් දැනේන විදිහේ රගපෑමක්. 1990 වෙලත් විඩියො එකේ කොලිටි එක සුපිරි. මේ වගේ ෆිල්ම් හොයලා දෙනවට මාරම ස්තුතියි

    1. UD Shehan

      ස්තූතියි කමෙන්ට් එකට !!

  4. Mahesh pubudu

    හරිම දුක හිතෙන කතාවක් පරණ ෆිල්ම් එකක් උනාට කොලිට් එක නියමෙට තියෙනවා. මේ වගේ කතාවක් මග හැර ගන්න එකත් අපරාදේ. අගනා උපසිරසක් ගෙනාවට බොහෝම ස්තුතියි සහෝදරයා. මේ කාන්ට රගපාන පොඩ් ලමයා ඉන්න තව කතාවක් පුලුවන් නම් කරන්න. ජය වේවා..!!!

    1. UD Shehan

      ඉදිරියෙදි බලමු :)