ජොන්ග්-ෂු. උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්. හයි-මි. සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්‍රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කර…

ජොන්ග්-ෂු.
උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්.
හයි-මි.
සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්‍රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කරගත් කෙනෙක්.
බෙන්.
තරුණ ධනවතෙක්. සුඛෝපබෝගී නිවසකට, යාන වාහන වලට හිමිකම් කියන්නෙක්. තනිව ජීවත්වන කෙනෙක්. වෙනස් දේවල්වලින් විනෝදවෙන, වෙනස් විනෝදාංශයන් ඇති කෙනෙක්. ජොලිකරන, සෙල්ලම්කරන කෙනෙක්.
දවසක් ජොන්ග්-ෂු රැකියාව කරමින් ඉන්න අතරතුර කෙල්ලෙක් එයාට කතාකරනවා. ජොන්ග්-ෂු හදුනගන්නේ නෑ මේ කවුද කියලා. තමන් හයි-මි බවත් පොඩිකාලෙ එකම ගමේ හිටිය බවත් මතක් කලායින් පස්සෙ ජොන්ග්-ෂු හදුනගන්නවා මේ හයි-මිව. බොහෝ කලකට පස්සෙ මුනගැහුන මේ දෙන්නා ටිකෙන් ටික හිතවත් වෙනවා. දවසක් සංචාරයට කැමති මේ හයි-මි අප්‍රිකාව බලා පිටත්වෙනවා. නමුත් හයි-මි ආපහු එන්නෙ එහෙදි මුනගැහුනු බෙන් කියලා පුද්ගලයෙක් එක්ක. තරමක් ගුප්ත චරිතයක් වන මේ බෙන් ඉතා ධනවත් පුද්ගලයෙක්. කෙසේ හෝ බෙන් මුනගැහීමත් එක්ක හයි-මි වැඩි කාලයක් බෙන් එක්ක ගත කරනවා. ජොන්ග්-ෂු මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. නමුත් වැඩි කලක් යන්නට කලින් සිදුවෙන්නේ අභිරහස් දෙයක්…. මේක තුන්කොන් ආදර කතාවක් වගේ හිතෙයි. නමුත් මේක ඊට වැඩි යමක්. චිත්‍රපටියේ පලමු අර්ධයෙන් පස්සෙ ඒ තුන්කොන් කතාව අභිරහස් ගුප්ත බවකින් පිරෙයි. අවසනට ලංවෙනවත් එක්ක එය තවත් තීව්‍ර බවක් ගනු ඇත. අවසානයේ ඔබට දවසක්, දෙකක්, සතියක්, මාසයක් හෝ අවුරුද්දක් වුනත් සිතන්නට දෙයක් ඉතුරුකරනවා ඇත. ඔබටම කතාව මෙන්න මේකයි මෙන්න මේකයි කියා ඔබ කැමති විදියට තීරණය කරන්න වුනත් තේරීම් ලැබෙනවා ඇත. හැම සිදුවීමක්ම, හැම රූපයක්ම, හැම වචනයක්ම දිහා හොදට අවධානය දෙන්න. ඔබ නැරඹූ චිත්‍රපට අතරින් හොදම චිත්‍රපටි ගොන්නට මෙය එකතුකරන්න හැකිවේවි. තාත්වික බවේ උපරිමය මෙයයි..
ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක චිත්‍රපටයකට උපසිරැසි කරන ප්‍රථම වතාව. ගියවසරේ මුළු ලෝකයේම අවදානය දිනාගත්ත කොරියානු චිත්‍රපටයක් තමයි මේ Burning කියන්නෙ. Drama,Mystery කාණ්ඩයන්ට අයිතිවෙන මෙම සිනමාපටය 7.6ක IMDb අගයකට වගේම විවිධ සම්මාන 35කටත් නිර්දේශයන් 103කටත් සුදුසුකම් ලබා තිබෙනවා. මිනිත්තු 148ක් පුරා දිවෙන මේ නිර්මාණය ඔබට ඉහල රසවින්දනයක් ලබාදෙනවා වගේම ඔබේ ඔළුව එක්ක ටිකක් සෙල්ලම් කරනවා නොඅනුමානයි. එහෙනම් තවත් වැඩකින් හමුවෙනකම් සමුගන්නවා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,324 downloadsDownload Burning.2018.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
34 comments
madurocks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි සහෝ...
හොද ෆිල්ම් එකක් වගේ....RA1c
thanks bro
Bandara76
Thanks Isuru...You are Selected Good Film
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Mayura
ඇහැරෙද්දි කීබෝඩ් එකේ කෙල ගංගාවයි. පිලුමත් ඉවර වෙලා. පට්ට පිලුම :*
Tharindu1829
අඩෝ මෙලෝ දෙයක් තේරුනේ නෑනෙ.
charitha
ඩ්‍රාම කැටගරියෙ ෆිල්ම් වලට කැමති නැත්තං බෝරින් වෙයි තමා..දෙවෙනි පාර බලන්න .එතකොට කතාව තේරෙයි..
කවිඳු ජයවර්ධන
green house කියන එකේ තේරුම ගැන පොඩ්ඩක් හිතල බලන්න..ඒකෙන් අදහස් වෙන දේ ගැන හිතන්න .එතකොට කතාව තේරෙයි...
Hashan M. Priyadarshana
Thank you saho sub ekata...
Jaya wewa.!indika75
thanks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි ඉසුරැ bri
මිලින්ද ප්‍රියලාල්
bro
Rukshan37
Aela ela
RuwanLakshan93
බොහොම ස්තූතියි සහෝ ....
AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for Sub!
Denu1 Avishka
baiscopedownlods eke nane
Raphaele
Movie aka download karanne kohenda
mahinda
thanks..
JAYANTHA2015
Thank you Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
sampath n perera
thanks
Tharu kariyawasam
ane meke movie ek download krgna plwn link ekk dennko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
prageethkuma1010
Sub dunnata moovi eka ganne kohenda kiyala kiyanna puluwanda
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Janaka Maraweera
Thanks bro sub ekata supirima film ekak fatta .......
කවිඳු ජයවර්ධන
කාලෙකින් බලපු සුපිරිම සුපිරි කතාවක්..බලන්නං වාලෙ බැලුවොත් නං එපා වෙයි.හොඳ අවධානෙන් බැලුවොත් බලපු සුපිරිම කතාවක් වෙයි.සබ් එකත් ලෙසටම තිබ්බා සහෝ..ගොඩක් ස්තුතියි මේ වගේ කතාවකට සබ් කරාට..
Anonymous
Thanks for the subtitles
Rishantha
Thanks Brother
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Niyami bro tnx sub ekata
Digatama me wage rating wadi films tikak ona