ටික දවසක්නම් ගියා. කමක් නෑනෙ. තවත් සලරුවකට උපසිරැසියක් ගෙනාවෙ ඔයාලත් එක්ක බෙදාගන්න. 1956 වසරෙ තිරගත වෙච්ච මේ චිත්‍රපටයෙ අදියුරුව ජොශුවා ලෝගන්ගෙ. ජෝර්ජ් අක්සල්රොඩ් ගෙ තිර පිටපතට පාදක වෙන්නෙ විලියම් ලැන්ග් ගෙ මෙනමින් වන නාට්‍ය. මේ සිනමා පටයට මැරලින් මොන්රෝ, ඩොන් මරී, ආතර් ඕ කොනර් බෙටී ෆිල්ඩ්, එලීන් හ…

ටික දවසක්නම් ගියා. කමක් නෑනෙ. තවත් සලරුවකට උපසිරැසියක් ගෙනාවෙ ඔයාලත් එක්ක බෙදාගන්න. 1956 වසරෙ තිරගත වෙච්ච මේ චිත්‍රපටයෙ අදියුරුව ජොශුවා ලෝගන්ගෙ. ජෝර්ජ් අක්සල්රොඩ් ගෙ තිර පිටපතට පාදක වෙන්නෙ විලියම් ලැන්ග් ගෙ මෙනමින් වන නාට්‍ය.
මේ සිනමා පටයට මැරලින් මොන්රෝ, ඩොන් මරී, ආතර් ඕ කොනර් බෙටී ෆිල්ඩ්, එලීන් හෙකර්ට් ඇතුලු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනව. ඩොලර් ලක්ෂ 22 වන ආදායමකට හිමිකම් කියන මේ සිනමා පටය ඔස්කාර් සමානයක් සඳහාත් නාම යෝජනා වෙනව. ඒ හොඳම සහය නළුවාට හිමි සම්මානයට. ඒ වගේම තවත් ප්‍රධාන පෙලේ සිනමා සම්මාන හයකට නිර්දේශ වී එක් සම්මානයක් දිනාගන්නවා.
බලමු ඉතිං කතාව මොකක්ද කියල ටිකක්. බෝ, ටවුන් එකට එන්නෙ තමන්ගෙ මිත්‍රයා බාරකාරයා වන වර්ජිල් එක්ක. ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැති මේ කොල්ලව කවුබෝයි තරඟෙට ඉදිරිපත් කරල කෙල්ලෙක්වත් හොයල දෙන බලාපොරොත්තුවෙන්. තමන්ගෙ ගොවිපලෙන් පිට ගිහින් නැති මේ කොල්ලට ඒකතාව නිසා පිස්සු නැහැදෙන ටික විතරයි. කොල්ලගෙ බලාපොරොත්තුව සුරංගනාවියක් වගේ කෙල්ලක්ව තමන්ගෙ ගොවිපලට එක්ක යන එක. ඒ විතරක් නෙමේ ෆීනික්ස් දැකල බෝව කරකවල අත ඇරිය වගේ.
මේ අහිංසකයට කෙල්ලො ගැන තේරුම්ගන්නවත් අවස්තාවක් නොදීම කෙල්ලෙකුත් හම්බවෙනව බාර් එකකදි. ඒ පමාවට කෙල්ලව කසාද බඳින්නත් පොරොන්දු කරවගන්නව. ඔක්කොටම වඩා දැන් කෙල්ලට පිස්සු වගේ මොකක්ද මේ ඔලුවට කඩාවැටුන මරාලෙ කියල. පාඩුවෙ බාර් එකේ සිංදුවක් කියල කීයක් හරි හොයාගන්න තිබුණ අවස්තාව නැතිවෙන පොටක් තමා මේක. ඒ නිසා යාලුවගෙ උදව්වෙන් මේ අටමගලෙන් පැනල යන්න හැදුවට ඒ කරන්න වෙන්නෙත් නෑ.
කවුබෝයි තරඟවලින් දිනල තෑගිත් අරගෙන බස් එකේ තමා දැන් ආපහු එන්න තියෙන්නෙ. අර කොහෙවත් හිටපු කෙල්ලවත් බලෙන්ම අල්ලල බස් එකේ දාගෙන බෝ ආපහු ගමට එන්න පිටත් වෙනව. ඒත් අතරමගදි හිම වැටිල නිසා පාර වහල. බස් එක රාත්‍රිය ගතකරන්නෙ අනුමත බස් නැවතුමක. එතනදි තමා බෝ ට හොඳම අකරතැබ්බ වලට මූන දෙන්න වෙන්නෙ. ෆිල්ම එක රසවිඳින්න. දීල තියෙන හෑෂ් ලින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න. කොහොමද කියල කොමෙන්ට් එකක් දාන්න. තවත් එකකින් නැවත හමුවෙනතුරු ආයුබෝවන්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
968 downloadsDownload Bus.Stop_.1956.Baiscopelk.com_.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
10 comments
Priyantha Dayakeerthi
Wijith666
Bluray pitapathata gelapenawa kiyala dala thiyenne. koi bluray eketh eka time thamai yanne. blura ekak download karaganna
Udara Damith Dissanayaka
මටත් ඔය වගේ සී න් එකක් awaa මන් දෙකක් ඩවුන්ලෝඩ් කරගත්තා සබ ගැලපුනේ නෑ
තුන් වෙනි පාර හරි ගියා
කොහොම හරි gb ගානක් නිකන් ඉවර උනා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
කේස් එකක් නෑ පරක්කු උනාට
Kulanjana Maduranga
subata thanks....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
පරණ චිත්‍රපටවලට සබ් දෙන එක ගාඩක් වටිනවා.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අවංකවම කනගාටුයි, ඔබ ඉදිරිපත් කරන උපසිරසි පිළිබඳව, අපේ අදහස් දැක්වීම් කියවන්නේ නැති එක ගැන. මීට පෙර ඔබ ඉදිරිපත් කළ අවසන් සිනමාපට තුනට ගැළපෙන එම වීඩියෝ වල ධාවන කාලය සහ මෙගා බයිට් ප්‍රමාණය කොමෙන්ට් එකක දමන මෙන් ඉල්ලා සිටිය ඒවාට ඔබගේ ප්‍රතිචාර නැහැ. මෙයට හෝ එම විස්තර කොමෙන්ට් එකක් ලෙස දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේවාට අදාළ නිවැරදි කාලය සහිත වීඩියෝව නැත්නම් ඔබේ උපසිරැසිය අපරාදේ. එම සිනමාපටවල ලින්ක් නොමැති නිසා සහ එම ලින්ක් බාගත වීම සිදු නොවූ නිසා එසේ ඉල්ලා සිටින්නේ. ස්තුතියි!