සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම. මේක මගේ 18 වෙනි උපසිරසි ගැන්වීම. මේ වතාවෙ අරන් ආවේ ටිකක් පරණ එකක්. පරණ උනාට මේක හොලිවුඩ් සිනමාවේ එදා මෙදා තුර බිහිවු ඉතා විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් විදියට සැලකෙන්නක්. ඒ වගේම මේක වර්ණ චිත්‍රපටියක්. ඒ වගේම මෙය සත්‍ය කතාවක් හා සැබෑ චරිත යොදාගෙන නිර්මාණය කෙරෑ සිනමා නිර්…
සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම. මේක මගේ 18 වෙනි උපසිරසි ගැන්වීම. මේ වතාවෙ අරන් ආවේ ටිකක් පරණ එකක්. පරණ උනාට මේක හොලිවුඩ් සිනමාවේ එදා මෙදා තුර බිහිවු ඉතා විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් විදියට සැලකෙන්නක්. ඒ වගේම මේක වර්ණ චිත්‍රපටියක්. ඒ වගේම මෙය සත්‍ය කතාවක් හා සැබෑ චරිත යොදාගෙන නිර්මාණය කෙරෑ සිනමා නිර්මාණයක්. මෙය Biography / Western / Crime / Drama යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පැරණි කාලයේ කව්බෝයි චිත්‍රපටි නරඹන්න කැමති කට්ටියට මෙය හොඳ චිත්‍රපටයක් වේවි.
මෙය තිරගත වී තිබෙන්නෙ 1969 වර්ෂයේදි. අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Geroge Roy Hill විසින්. ඒ වගේම මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ 60,70 දශක වල ඉතා ප්‍රකට රංගන ශිල්පීන් දෙදෙනෙක් වන Paul Newman සහ Robert Redford.ඒ වගේම මෙය ඇමරිකන් ඩොලර් මිලියන 102ක ආදායමක් උපයමින් 1969 වර්ෂයේ ලොව වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඒ වගේම වර්තමාන උද්ධමනයට සාපේක්ෂව බැලු විට මෙය එදා මෙදා තුර ලොව 34 වෙනියට වැඩිම ආදායම ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවට අයත් එකක්. 8.1 ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් ලබා මෙය IMDB දර්ෂකයේ 200 වෙනි ස්ථානයේ පසුවෙනවා. තවද American Film Institue (AFI) මගින් නම් කළ එදා මෙදා තුර බිහිවු හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට හිමි වී තිබෙන්නෙ 49 වෙනි තැන. එමෙන්ම Hollywood Reporter වෙබ් අඩවිය නම් කෙරෑ හොඳම චිත්‍රපට 100 ලැයිස්තුවේ මෙයට 54 වෙනි තැන හිමි වී තිබෙනවා. ඉතිං බොක්ස් ඔෆිස් ආදායම්, රේටින්ග්ස් මේ හැම දෙයක්ම සලකා බැලු විට මෙය ඉතා ඉහල මට්ටමේ සිනමා නිර්මාණයක් බවට පැහැදිළියි.
මේ කතාවෙන් නිරෑපණය වෙන්නෙ සත්‍ය චරිත මත පදනම් වූ කතාවක්. 19 වන සියවසේ අවසාන දශකයේදි ඇමරිකාවේ බැංකු සහ දුම්රිය මංකොල්ලයේ යෙදුන Butch Cassidy සහ Sundance Kid නම් වූ මංකොල්ලකරැවන් දෙදෙනෙක් ගැන තමා මේ කතාවෙන් නිරෑපණය වෙන්නෙ. මෙම මංකොල්ලකෑම් වඩාත් හොඳින් කරගැනීමේ අරමුණින් මොවුන් දෙදෙනා පසුව බොලිවියාවට සංක්‍රමණය වෙනවා. මොවුන් බොලිවියාව තුළ මංකොල්ලකරණයේ යෙදුන හැටි සහ ඔවුන්ට එහිදි අත්වන ඉරණම ගැන තමා මේ චිත්‍රපටය තුළින් දිගහැරෙන්නෙ.තවද එම අවධියේ විසූ සැබෑ චරිත වන Joe Leffors, E.H Harriman Etta Place, Harvey Lognan යන චරිතද මේ චිත්‍රපටිය තුළින් මුණගැසෙනවා. මේ වගේ Western වර්ගයේ කව්බෝයි චිත්‍රපට වර්තමාන සිනමාවේ එච්චර දකින්න හම්බවෙන්නෙ නෑ. ඉතිං වෙනසකටත් එක්ක මේ චිත්‍රපටය නරඹලා බලන්න.
ඉක්මනින්ම තවත් සබ් එකක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා. ඔබ සැමට ස්තූතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
235 downloadsDownload Butch-Cassidy-and-the-Sundance-Kid-1969.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
10 comments
Dulanga
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
Withanage Priyantha Dayakeerthi
පැරණි කලාත්මක සිනමාපට රසිකයෙක් ලෙස මෙම උපසිරසියට මාගේ ස්තුතිය!
himmanth
donnie darko film 1 ta sub denna ko
Chalana
thnx bro...
ආසිරි ප්‍රියන්ත (හේවා)
හම්මට අලුත්ම ෆිලුමක් නොව.
සබට තැන්ක්ස් හොදේ.
පස්සේ වෙලාවක බාගන්න ඕනේ. සත්‍ය කතානම් අතාරින්නෙ නෑ.
සබ 18 යි, පනහට තව පොඩ්ඩයි.
ගහමු ගේම/
ජයවේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisher
in the name of father film 1ට පුලුවන්නම් සබ් කරන්න. ඔයා වග්‍ෙම old film වලට(හින්දි)සබ්දෙන කොල්ලෙක් බයිස්කොප් එකෙ ඉන්නවා.එක නියම වැඩක්.දැන් දිලා තියන film එක වගෙ එකක් මෙලෝක්‍ෙ තියනවද කියලවත් දැනන් හිටියෙනෑ.සබ්එකට තෑන්q.පුලුවන්නම් පට්ට පරණ tv show එකක් කරන්න.
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!sasanka
thanks.for.the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks