ඒ, 1950 දශකයේ අග භාගයයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී තවමත් ගතවී ඇත්තේ වසර කීපයක් පමණක් නිසාවෙන්, ලෝක යුද්ධයේ බිහිසුණු බාවය තවමත් මොනවට දැකගත හැකි කාල සීමාවකි මේ. ලෝක යුද්ධයේ අතුරු ප්‍රථිපලයක් ලෙස අපරාධකරුවන් ශීග්‍ර ලෙස වර්ධනය වූ කාල සීමාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත්, ක්‍රම ක්‍රමයෙන් නීතියේ හස්ත…

ඒ, 1950 දශකයේ අග භාගයයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී තවමත් ගතවී ඇත්තේ වසර කීපයක් පමණක් නිසාවෙන්, ලෝක යුද්ධයේ බිහිසුණු බාවය තවමත් මොනවට දැකගත හැකි කාල සීමාවකි මේ. ලෝක යුද්ධයේ අතුරු ප්‍රථිපලයක් ලෙස අපරාධකරුවන් ශීග්‍ර ලෙස වර්ධනය වූ කාල සීමාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. නමුත්, ක්‍රම ක්‍රමයෙන් නීතියේ හස්තය තම ආධිපත්‍ය පතුරුවා හරිමින්, මෙතෙක් කාලයක් පුරාවට අන්ධකාරේ ගිලෙමින් තිබුණා වූ සමාජය, ආලෝකය කරා රැගෙන ඒමට සිය බලය උපයෝගී කරගන්නවා. මේත් සමගින්, මේ තාක් කාලයක් පුරාවට සිය ආධිපත්‍ය පතුරුවා හරිමින්, තමන්ට රිසි සේ අපරාධ ලෝකයේ රජයමින් සිටියා වූ දරුණු අපරාධකරුවන් හට කරකියා ගත දෙයක් නොමැතිව අසරණ භාවයට පත්වෙනවා. මෙයට විසඳුමක් ලෙස, නීතියෙන් පලා යමින් සිටින්නාවූ යුරෝපිය අපරාධකරුවන්, හිටපු නාසී සොල්දාදුවන්, අනෙකුත් දරුණු අපරාධකරුවන් සහ බටහිර රාජ්‍ය වලින් තම හිස වෙනුවෙන් ඉහල වටිනාකම් ලබා දී ඇති ලොවට අත්‍යාවශ්‍ය දරුණු පුද්ගලයින් හට නීතීයේ හස්තයට හසු නොවී සිටිය හැකි ක්ෂේම භූමියක් ලෙස, ඉන්දු-චීනය හඳුන්වා දෙනු ලබනවා.

මෙම ඉන්දු-චීනයේ, යටත් විජිත පොලීසිය තුල තිබෙන්නාවූ එකම එක සිර මැදිරිය තුල, වසර තුනක් තිස්සේ, මාටින් තිලමන් නම් එකම එක සිරකරුවෙකු රැඳී සිටිනවා. මහා බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවය විසින් ඔහුගේ හිස සඳහා, පවුම් දසදහසක ත්‍යාග මුදලක් නියමකොට තිබෙනවා. යටත් විජිත පොලීසිය විසින් සංවිධානය කරන්නාවූ එළිමහන් මල්ලවපොර තරඟ සඳහා සහභාගී වීම පමණයි මොහු සතු රාජකාරිය වන්නේ. නමුත්, හදිසියේම මොහුව නිදොස් කොට නිදහස් කරනු ලබනවා.

කාලය ශීග්‍රයෙන් ගෙවී යනවා. නොයෙකුත් ආකාරයේ සිදුවීම් සිදුවෙනවා. අවසානයේ කෙසේහෝ,  යටත් විජිත පොලීසියේ කුරිරු පාලනය හමුවේ මාටින් තිලමන්ගේ සමීපතම සගයෙකු ජීවිතයෙන් සමුගෙන යනවා. ඔහුගේ ජීවිතයේ, තවත් ආදරණීය පුද්ගලයෙකු, ජීවිතයත් මරණයත් අතර සටන් කරන තත්වයට පත්වෙනවා. මේත් සමගින් ඔහුගේ සිත පලිගැනීමෙන් පිරී ඉතිරී යනවා. තමන්ට සිදුවූ අකටයුත්ත වෙනුවෙන්, අදාළ පුද්ගලයින්ගෙන් දරුණු ලෙස පළිගන්නා ලෙස ඔහුගේ සිත මොරගසනවා. නමුත්, යටත් විජිත හමුදාවකට විරුද්ධව, තනි මිනිසෙක් කුමක් නම් කරන්නද? ඔබ මෙසේ සිතනවා නිසැකයි. නමුත්, මතකයේ තබාගන්න, මාටින් තිලමන් යනු, කුඩා කාලයේ සිටම සටන් සඳහා හුරු පුරුදු වී ඇති, මහා බ්‍රිතාන්‍ය සඳහා අත්‍යාවශ්‍යම දරුණු අපරාධකාරයෙක් බව. ඔහුගේ මෙම වියරු පලිගැනීමත් සමගින්, දකුණු බුරුමය පුරා ජනප්‍රවාදයක් ප්‍රචලිතව යනවා. එමගින් පැවසෙන්නේ, තමාට සිදුවූ අකටයුතුකම් වෙනුවෙන්, මරණයෙන් පිබිද පැමිණ, රුධිර ගංගාවක් තුලින් තම පළිය සාක්ෂාත් කරගත් දරුණු පුද්ගලයෙක් පිළිබඳවයි…

Scott Adkins කියලා කිව්වාම නොදන්නා චිත්‍රපටි රසිකයෙක් ඉන්න බැහැ. වර්තමාන හොලිවුඩ් සිනමාවේ, අංක එකේ ක්‍රියාදාම නළුවෙක් ලෙස රජයමින් සිටින්නාවූ මොහුගේ නවතම සිනමා සංක්‍රාන්තිය තමයි මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්නෙ. ක්‍රියාදාම ලේබලය යටතේ, මෙම චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වීමට තිබෙන්නේ, මැයි මස නව වෙනිදා. නමුත්, කිසිවෙකුත් නොසිතූ මොහොතක මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් නිකුත් වුණා. එහෙනම්, ක්‍රියාදාම සඳහා රුචිකත්වයක් දක්වන චිත්‍රපට ලෝලීන් අමතක නොකර නරඹන්න. පැරණි සමාජයේ වටපිටාව, අවි-ආයුධ, රථ වාහන යනාදිය ඒ ආකාරයෙන්ම යොදාගෙන, සාර්ථක ආකාරයෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙනවා.

එසේනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

Savage Dog (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Savage.Dog.2017.720p.BRRip.850MB.MkvCage

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,183 downloadsDownload Savage-Dog-2017.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

3,183 downloadsDownload Subtitles32 KB

30 comments

  1. randika

    ela mchan

  2. Thilina chamara

    නියමයි, බොහොම ස්තූතී....

  3. CHANAKA WITHARANA

    TANX SUB EKATA

  4. Ruwan

    බොහොම ස්තුතියි "සිසිල සහොදරයා" උපසිරැසි ලබා දුන්නට......ජය වේවා

  5. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  8. dana

    thanks saho. digatma sub denna. jaya weewa!!!!

  9. Bobby

    Thank you very much Sisila

  10. Dulanga

    Thanks

  11. Ajith Priyantha

    sub akata thanks wawa

  12. ආසිරි ප්‍රියන්ත (හේවා)

    බොලේ මස්ස්නා නේ ඩයල් එක දැන්.
    හිටු කියලා බස්සනවා නේ. මේකාගේ දෙයියනේ කියලා පොඩි ලිපි කෑල්ලක් දකින්නත් ආසයි.
    කලිනුත් කිව්වා වගේ මේකාගේ ලිපියක් කියවලා ෆිල්ම් එක නොගෙන ඉන්නවා කියන්නේ නම් කරන්න බැරි වැඩක්.
    එහෙනම්, මේක නම් ගන්නේ නෑ, ඩේටා ඉවර සීන් එකක් තියෙන්නේ. කාගෙන් හරි උස්සන් එනවා.
    සබට තැන්ක්ස් හොදේ.
    ජයවේවා!!

  13. maheshbabu

    Thank's bro......KUTTRAM 23 movie eke sub denna

  14. Viraj

    sub ekata thanks saho..

  15. Pubudu

    thanks machan

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Rajitha

    Thanks machan......jayawewa......!

  18. asitha

    elama saho thanks

  19. Aruna Disanayaka

    ස්තුති, බොහෝ රසිකයින් වෙනුවෙන් කරන මේ නිහඩ මෙහෙයට. ස්බක් හදන්න කන කට්ට ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.අපි විනෝදාස්වාදය වින්දට ඒ සබ් එක කරන්න දරපු මහන්සියට වටිනාකමක් තබා හරි ඇගයීමක් හෝ ලැබෙන්නේ නැහැ.ඇත්තටම මම උනත් හැම වෙලාවකම ක්මන්ට් කරන්නේ නැහැ. එයට සමාවෙන්න. මොකද මම ඉන්නේ ජපානයේ.download කරගන්න film එකක් උනත් බලන්නේ 6/7 වතාවකට කඩින් කඩ. කාර්‍ය බහුලත්වය නිසා මා මෙන්ම අනෙක් අයටත් එහෙම බැරි වෙනවා ඇති. කොමන්ට් ලැබුනත් නැතත් ඔබ්වෙ සේවය ඉතාමත් වටිනා එකක් මෙන්ම හදවතින්ම අගයමි. Biscope.lk වෙබ් අඩවිය මුල ඉදන්ම පරිහරණය කරන කෙනෙක් මම.එයට යම් විදියකින් දායක වෙලත් තියෙනවා.කොහොම උනට්න් මෙම වෙබ් අඩවිය මේ තත්වයට ගේන්න දහදිය හෙලූ ඔබ සියළු දෙනාට බොහොමත්ම ස්තුති.

  20. Thusitha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Kulanjana Maduranga

    great work & lot of thanks........saho 4 u'r sub....

  22. LAKSHAN

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Nishan

    Thanx bro

  24. Prabuddha Kulatunga

    pattama bro..thank u

  25. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  26. ruwan

    niyamai saho

  27. shanukanew

    thanks bro

  28. Nishanfernando

    Thanx bro

  29. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි....

  30. Indika Aruna Kumara

    බොහොම ස්තුතී සබ් එකට
    ජය වේවා !