Watch Trailer

C.I.Ape (2021) Sinhala Subtitles | චිම්පන්සියෙක් සී.අයි. කෙනෙක් වුනොත්? [සිංහල උපසිරසි]

ආයුබෝවන් කියලා අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ ටිකක් වෙනස් චිත්‍රපටයක්. comedy/sci-fi ගණයට අයත් චිත්‍රපටයක්. ඒ තමයි CI Ape… චිත්‍රපටය පිලිබඳව කෙටියෙන් දෙයක් විස්තර කළොත් මේ කතාවේ ප්‍රධාන චරිතය කරන්නේ Sophia Alongi විසින් බොන්ඩි කියන චරිතය. එයා වැඩ කරන්නේ රහස් ඔත්තු සේව…

ආයුබෝවන් කියලා අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ ටිකක් වෙනස් චිත්‍රපටයක්. comedy/sci-fi ගණයට අයත් චිත්‍රපටයක්. ඒ තමයි CI Ape…

චිත්‍රපටය පිලිබඳව කෙටියෙන් දෙයක් විස්තර කළොත් මේ කතාවේ ප්‍රධාන චරිතය කරන්නේ Sophia Alongi විසින් බොන්ඩි කියන චරිතය. එයා වැඩ කරන්නේ රහස් ඔත්තු සේවයක. මේ කෙල්ලට එහෙමත් නැත්නම් බොන්ඩිට ඉන්නවා, යාලුවෙක්. එයාගෙ නම සෑම්. ටිකක් වෙනස් යාලුවෙක්. එහෙම කිව්වේ මොකද එයා චිම්පන්සියෙක්. නිකන්ම නිකන් චිම්පන්සියෙක් නෙවෙයි. කතා කරන හොඳට හිතන්න කරන්න පුළුවන් චිම්පන්සියෙක්. වැඩේ කියන්නේ මේ චිම්පන්සියා වැඩ කරන්නේ බොන්ඩි වැඩ කරන තැනමයි. වැඩ කරනව කිව්වට සෑම් වැඩ කරන්නේ බොන්ඩිගේ පාට්නර් විදිහට. බොන්ඩිගේ ප්‍රධානියා නිකුත් කරන මෙහෙයුම බොන්ඩි ක්‍රියාත්මක කරනවා. හැබැයි මෙහෙයුමට යන්නේ සෑම්.

• Director: Ali Zamani
• Production company: Ace Entertainment Films
• Music composed by: Brad Dale
• Costume design: Alyssa Blair Cawthon
• Producers: Jerome Reygner-Kalfon, Zeus Zamani, Sebastien Semon, Brian Villim, Scott Clayton
• Executive producers: Mark Boot, Barry Brooker, Stan Wertlieb, Ryan Black

ඉතින් මෙයාලට අලුත් මෙහෙයුමක් භාර වෙනවා. ඒ තමයි ලෝකය අල්ලගන්න බලාපොරොත්තුවෙන් සුපිරි පන්නයේ ආයුධ නිපදවන්න උත්සාහ කරන්න දුෂ්ටයෙක්ව නවත්තන්න. ඒ තමයි ඇල්ෆා ඩෝග් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩැනියෙල් හෝතෝර්න්. මෙයාට ආයුධ නිපදවන්න වෙනම පිස්සු ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා. ඉතින් ලෝකය අල්ලගන්න හදන මේ සුපිරි දුෂ්ටයෝ ඉන්නේ වුල්ෆ්හවුන්ඩ් කියල වෙනම දූපතක. ඇල්ෆා ඩෝග්ට මේ ලෝකය අල්ලගන්න හීනයට හවුල් වුන තව පිරිසකුත් ඉන්නවා. ඔයාලට චිත්‍රපටය අතරතුර එයාලව බලාගන්න පුළුවන්. ඉතිං මේ අයව නවත්තන්න ඒජන්ට් සෑම් මෙහෙයුමට යනව.

හෝව් හෝව්…. ඔය කතාව ගැන කිව්ව හොඳටෝම ඇති. මේ ඔක්කොම දේවල් හරියටම බලාගන්න ඔයාලට චිත්‍රපටය බලන්න කියලා ආරාධානා කරලා මං මෙතනින් නවතිනවා. බයිස්කෝප් සිංහලෙන් වෙඩ් අඩවිය වෙත මං කරපු මේ තුන්වෙනි උපසිරැසිය. සුළු සුළු අඩුපාඩු තිබුනොත් නොසලකා හරින්න කියලත් මතක් කරනවා.

එහෙනම් හැමෝටම සුභ දවසක්! ජය වේවා!!
STAY SAFE…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,604 downloadsDownload C.I.Ape-2021.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

4,604 downloadsDownload Subtitles43 KB

17 comments

  1. Sandun

    thanks tor the sub

  2. මයිකි

    තැන්ක්ස් මචං සබ් එකට. ජයවෙවා තව එකක් කරන්න ඉක්මනින් එලම

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Escape from Mogadishu (2021) - IMDb
    The Trip (I onde dager) (2021)

  4. Udaya Fdo

    Thank you

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. Hasitha Madush

    සබ් එකට Thanks සහෝ.!!! ඒත් ෆිලුම නම් පට්ට අවුල්..1980 ගණන් වල හදපු ෆිල්ම් වල මීට වඩා හොඳට Animations පාවිච්චි කරලා තිබුණා..මේක නම් කාටුන් වගේ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Anonymous

    මේ ටිකේ ආපු Engilish ඔක්කොම කිසි ගතියක් නෑ,මේකත් එහෙම්ම තමයි

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. තරුශ අභිශෙක්

      සබ් එක නම් පට්ටයි ,Venom 2 carnage එක දෙන්නේ කවදා ද????

  12. Nelson Rodrigo

    Good work friend, thanks for the sub

  13. Himal

    how to correct showing rubbish characters

    නොමිලේ නිකුත් කරන ලද උපසිරැසියක් වන අතර
    මෙම චිත්‍රපට පිටපත පිලිබඳ වගකීමක් අප දරන්නේ නැත.

    what font should install

  14. dm

    mama balapu jaraama film eka
    mita wediya hodai demala film ekak beluwanam .

  15. Dewadithya

    Thanks for Sub!

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!