යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය ටිකක් මනෝ ව්ද්‍යාත්මක පැත්තට බරවෙච්ච චිත්‍රපටයක්.කෙසේ වෙතත් ඉතින් Thriller චිත්‍රපට බලන්න ආස අයටනම් මේ චිත්‍රපටය ගොඩක් උද්වේගකර වේවි. ඉතිං අපි මේ චිත්‍රපටය දිහාට පොඩ්ඩක් හැරිලා බලමු. මේක ඇත්…

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය ටිකක් මනෝ ව්ද්‍යාත්මක පැත්තට බරවෙච්ච චිත්‍රපටයක්.කෙසේ වෙතත් ඉතින් Thriller චිත්‍රපට බලන්න ආස අයටනම් මේ චිත්‍රපටය ගොඩක් උද්වේගකර වේවි.
ඉතිං අපි මේ චිත්‍රපටය දිහාට පොඩ්ඩක් හැරිලා බලමු. මේක ඇත්‍තටම කිව්වොත් පුංචි පවුලක් වටා ගෙතුනු ටිකක් සංවේදී මෙන්ම, ගොඩක් ත්‍රාස්‍යජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ පුංචි පවුලේ චූටි දූ කුමරියක් ඉන්නවා, එයාගෙ නම තමයි ජෙනී. ඉතිං මේ පුංචි මල් කැකුලගෙ අම්මා හදිසියේම රිය අනතුරකින් මිය යනවා. පස්සෙ ඒ අම්මගෙ ආත්මය මේ දූව හොයාගෙන එයාලගෙ ජීවිතයට ආයෙමත් එන හරි අපූරු සිද්ධියක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ.
චිත්‍රපටය නිකුත් වෙන්නෙ අප්‍රෙල් මාසෙ 30 වෙනිදා. ඉතිං මේ චිත්‍රපටය ඇත්තටම ටිකක් බයානකයි. ඒ කියන්නෙ, මේ ච්ත්‍රපටයේ අපේ හිත කම්පා කරවන ආකාරයේ පසුබිම් සංගීත, දර්ශන වගේම දෙබස් ඇතුලත් වෙනවා. ඒ නිසා හර්දයාබාධ වගේම සුලු දෙටත් බියවන පුද්ගලයින් මේ චිත්‍රපටය බලනකොට ටිකක් ප්‍රවේසමින්. ඒ කෙසේ වෙතත් ඉතා අපූරු කතා තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන මෙම චිත්‍රපටය,අද වෙනකොට IMDb රේටින්ග්ස් 4.9 ත් ඉක්මවලා ගිහින් තියෙනවා.
ඒ වගේම මේ චිත්‍රපටයේ චරිත ගැන කතා කරනවනම්, මේ චිත්‍රපටයෙ පුංචි සෝස පැටික්කිවෙන “ජෙනී” ගෙ චරිතය රග දක්වන්නේ Violet McGraw. ඒ වගේම එයාගෙ තාත්තා, එහෙමත් නැත්නම් “ජෙෆ්” කියන කලාකරුවගෙ චරිතය, Rupert Friend විසින් නිරුපණය කරනවා. ඊට අමතරව, Madeline Brewer, Brian Cox, Mamie Gummer වගේ ප්‍රවීන හොලිවුඩ් රංගන ශිල්පීන් මඩුල්ලක්ම සිය රංගනයෙන් දායක වෙනවා.
William Brent Bell විසින් අද්‍යක්ෂණය කරපු මේ separation චිත්‍රපටය Universal චිත්‍රපට ආයතනයේ ඉදිරිපත් කිරීමක් වෙන අතර Open Road Films සහ Briarcliff Entertainment වැනි ආයතන මගින් මෙම චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු කරලා තියෙනවා.මේ චිත්‍රපටය ඇතුලේ තියෙන ඒ මනෝවිද්‍යාත්මක ත්‍රාසය නිසාම ඇතිවෙන කුතුහලය අපේ අවදානය චිත්‍රපටය තුලම රදවාගන්නෙ හරි අපූරු විදියට.
කොහොම වුනත් මම මේ චිත්‍රටය කුඩා ලමුන්ට නම් නිර්දේශ කරන්නෙ නෑ. හේතුව තමා එක අතකට මේකෙ තියෙන බයානක ගතිය. අනික් එක තමා මේ චිත්‍රපටයේ යම් යම් තැන්වල මනෝ විද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට කුඩාලමුන්ට තේරුම් ගන්න අමාරුයි. කෙසේ වෙතත්, මම අර කියපු කාරණය, ඒ කියන්නෙ, කුඩා ලමුන්ට අමතරව අර මම ප්‍රවේසම් විය යුතු පිරිසක් කිව්වෙ? අන්න ඒ අය මම ඒ කරපු අවවාදෙත් එක්කම, ඒ අයට ඇතුලු, අනික් හැමෝටමත් මේ අපූරු චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් අදට මම නවතිනවා! හැමෝටම සුබ දවසක්!
ප.ලි
ඒ වගේම ඔයාලට පුංචි මතක් කිරීමකුත් කරන්න ඕන. මම මේ උපසිරැසි වැඩේට අලුත්. ඔයාලා ඒක දන්නවනේ 🙂.ඉතින් මගේ උපසිරැසි වල යම්කිසි වැරදි සහගත් තැන් තියෙනවද? ඒව හොදයිද? නරකයි ද? පිලිවෙලයි ද? අපේ වචනයෙන්ම කිව්වොත්, “පහරක්!” ද කියලා දන්නෙ ඉතිං උපසිරැසි කියවන දයාබර ඔබලාම තමා.ඉතිං ඒ නිසා, මගෙ උපසිරැසි වල ගුනාත්මක බාවය ගැන ඔයාලට හිතෙන දේත් පොඩි කොමෙන්ටුවකින් දන්වගෙනම යන්න හරිතෙ. 😊 එතකොට මට පුලුවන් වැරදි තියේනම් ඒවත් හදාගෙන ම ඉදිරියට යන්න.
ප.ලි අවසන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,592 downloadsDownload Separation-2021.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
34 comments
Nishan S Ariyarathna
Anonymous
සුලු වැරදි වලට නම් සමාව දෙන්න පුලුවන්
ලොකු වැරදි තිබුනොත් තමයි අවුල...Sachintha Rathnayake
ප.ලි. කියන එකේ තේරුම කියන්නකො
Anonymous
"පසුව ලියමි" කියන එක
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හරිම වටිනවා මේ වැඩේ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳිලා Horror movies සබ් කරන්න. සබ් නොකරපු Horror Films සබ් කරන එක සෑහෙන වටින වැඩක්.හැකිනම් Jakob's Wife - 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න.
Thiwanka
සහෝ , Netflix ලගේ සුපිරි හොරර් සීරීස් එකක් තියෙනෝ Midnight Mass කියලා
පුලුවන්නම් අනිත් අයත් එක්ක එකතුවෙලා ට්‍රයි එකක් දෙන්න බලන්නAnonymous
tnx ban sub ekata
Kushan
Sub akta thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Samith
Thanks brother
Dilahan Sachintha
සුපිරී. දිගටම සබ් දෙමු...
Anonymous
ලගදි ආපු හොරර් සෙට් එකනම් අන්තිමයි
බලමු මේකවත් කොලිටියට තියේද කියලා
සබට තැන්ක්ස් මචන්Eshan Senanayake
Kiwwa tharam nam film eka baya hithenne naa
Neo
Thanks brother
Keep it upNaveen
උපසිරසියට තුති
indika 75
thanks..
දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර
Spontaneous 2020 Movie එකට Subtitle දෙන්නකෝ...
Dune 2021 එකටත් ඕනි....
Tharuka
Thank you very much bro issrahatath me wagema hoda upasirasi genna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks.....jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Rukshan kR
Thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
DiLu
paharak
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anjana Wickramasinghe
Thank you
Anonymous
Thanks
Udara Damith
elaaaaa
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Pahasara
Paharak saho...
Anonymous
Thank you very much bro issrahatath me wagema hoda upasirasi genna
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Aravinda Fernando
බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤