Watch Trailer

Cadaver (2020) AKA Kadaver Sinhala Subtitles | අරුම පුදුම රඟමඬල [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්. මං මේ පාර අරගෙන එන්නේ නොර්වේ රටේ නිර්මාණයක්. පසුගිය 2020 ඔක්තෝබර් 22 වෙනිදා Netflix හරහා නිකුත්වුණු නෝර්වීජියානු භාෂාවෙන් Kadaver කියල හඳුන්වන මේ නිර්මාණයේ ඉංග්‍රීසි නම Cadaver. Jarand Herdal කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වෙන මේකට Gitte Witt, Thomas Gullestad, Thorbjørn Harr වග…

හැමෝටම සුබ දවසක්. මං මේ පාර අරගෙන එන්නේ නොර්වේ රටේ නිර්මාණයක්. පසුගිය 2020 ඔක්තෝබර් 22 වෙනිදා Netflix හරහා නිකුත්වුණු නෝර්වීජියානු භාෂාවෙන් Kadaver කියල හඳුන්වන මේ නිර්මාණයේ ඉංග්‍රීසි නම Cadaver.

Jarand Herdal කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වෙන මේකට Gitte Witt, Thomas Gullestad, Thorbjørn Harr වගේ අය රඟපෑමෙන් දායක වෙනවා. IMDB එකේ 5.1 ක අගයක් අරගෙන තියන මේක වර්ග කරලා තියෙන්නේ Drama, Horror, Thriller නිර්මාණයක් විදියට.

මේකෙ කතාව දිගහැරෙන්නේ න්‍යෂ්ඨික පිපිරීමකින් පස්සේ. පරිසරය නිතරම දුමකින් වැහිල වගේ අන්ධකාරයි. ගොඩනැගිලි විනාශ වෙලා, පාරවල් වල සුන්බුන් පිරිලා. විදුලිය නැතිව මිනිස්සු අඳුරෙ ඉන්නේ. කන්න නැතිව පාරෙම වැටිල මියයන, නැත්නම් දිවි නසාගන්න තත්වයකට ඇවිල්ල.

හැබැයි හැම තැනම එහෙම නෑ. නගරයේ විනාශයෙන් බේරුණු ලොකු ගොඩනැගිල්ලක් තියනවා. ඒක විදුලිය, සැප පහසුව තියන හෝටලයක්. ඉතින් දවසක් ප්‍රචාරයක් යනවා මේ හෝටලයේ නාට්‍ය දර්ශනයක් පවත්වන බවත්, බලන්න එන හැමෝටම ආහාර වේලක් ලබාදෙන බවත්. නාට්‍යයේ නම “හෝටලය”. අපේ කතා නායිකාව ලියෝ දක්ෂ නිළියක්. ඇය මේ නාට්‍යය සඳහා ටිකට් 3ක් මිල දී ගන්නවා, සැමියා ජේකොබ් හා පුංචි දුව ඇලිස් ටත් එක්ක. විශේෂයෙන් මේ වගේ කාලෙක ඇලිස්ට විනෝද වෙන්න අවස්ථාවක් දෙන්නත් එක්ක.

ගියාට පස්සෙ කාටත් කෑම හම්බවෙනවා. ඉන් පස්සේ අමුතු උපදෙස් ටිකක් එක්ක කාටත් වෙස්මුහුණු ලබාදෙනවා. අමුතු විදියේ වැඩක්. මේ නාට්‍යය වේදිකාවක පෙන්නන එකක් නෙවෙයි. මුළු හෝටලයම නාට්‍ය වේදිකාවක්. දර්ශනය ආරම්භ වෙනවා. ප්‍රේක්ෂකයෝ එක්ක එකට වාඩිවෙලා කෑම කාපු සමහර අය නළුවො. එතනම කරන ආරම්භක ජවනිකාවෙන් පස්සේ එයාල විසිරිලා යනවා. උපදෙස් අනුව කරන්න තියෙන්නේ තමන් කැමති චරිතයක් පස්සෙන් යන එක. ඒ යද්දි හෝටලයේ තැනින් තැන තව ජවනිකා දැකගන්න පුළුවන්. හෝටලයෙන් දීපු වෙස්මුහුණ දාගෙන ඉන්න අය ප්‍රේක්ෂකයෝ. වෙස්මුහුණ නැත්නම් ඒ අය නළුවො. හෝටලේ පුරා ඇවිදිද්දී දකින්න ලැබෙන ඔක්කොම නාට්‍යයේ කොටස්.

මේ වංකගිරියක් වගේ හෝටලේ ඇතුලෙ ඇවිදගෙන යද්දී අමුතු දේවල් සිද්ධවෙනවා වගේ දැනෙනවා. එක අඳුරු කොරිඩෝවකදි ලියෝ, ජේකොබ් දෙන්නට තමන්ගෙ දුව ඇලිස් ව මගහැරෙනවා. ඊට පස්සේ….

ඊට පස්සෙ වෙන්නේ මොකක්ද කියල ෆිල්ම් එක අරගෙන බලන්න එහෙනම්.

එහෙමනම් බයිස්කෝප් කණ්ඩායමේ සහෝදරයෝ ඇතුළු හැමෝටම සුබ දවසක් කියල සමුගන්නවා.

අපි නළුවො නෙවෙයි, ෆිල්ම් එක බලන ප්‍රේක්ෂකයෝ. ඒ නිසා මතක ඇතිව වෙස්මුහුණු (Mask) පළඳින්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,741 downloadsDownload Cadaver-2020-AKA-Kadaver.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,741 downloadsDownload Subtitles22 KB

15 comments

  1. yohan

    meka norwigiyan bhashawen thiyana copy 1k da english copy ekakda bro

  2. Ramesh

    පට්ට භාන්ඩයක් වගේ
    නියමයි සහෝ
    දිගටම මේ වගේ ඒවා දෙන්න

  3. Nishan

    Thanx bro

  4. Shaggy

    Thank you very much

  5. Anonymous

    මේවනේ බන් ෆිල්ම්

  6. Supun Kaushalyas

    තෑන්ක්ස් සබ් එකට

  7. Suranjan

    Thanks jayawewa....!

  8. Anonymous

    Thanks bokka❤️

  9. UDARA DAMITH

    ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්රර්ර්ර්

  10. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Lakshansilva18

    thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!