Watch Trailer

Dragon Rider (2020) Sinhala Subtitles | මකර රණශුරයා [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඇනිමේෂන් Film එකක් කියලා ඔයාට Tambnail එක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් අරන් එන්න හිතුවේ මේකේ කතාව සුපිරි නිසා. මේක How to Train your dragon කතාව සම්බන්දකමක් දක්වන්නේ නෑ. ඒත් මම එකේ පාවිච්චි කරපු වචන දෙක-තුනක් පාවිච්චි කළා ඒවා අපිට නිතර ඇහ…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඇනිමේෂන් Film එකක් කියලා ඔයාට Tambnail එක දැක්කම තේරෙනවා ඇති. ඉතින් මේ පාර වෙනසකටත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් අරන් එන්න හිතුවේ මේකේ කතාව සුපිරි නිසා. මේක How to Train your dragon කතාව සම්බන්දකමක් දක්වන්නේ නෑ. ඒත් මම එකේ පාවිච්චි කරපු වචන දෙක-තුනක් පාවිච්චි කළා ඒවා අපිට නිතර ඇහිලා ඇහිලා පුරුදු නිසා. ඇනිමේෂන් ෆිල්ම් වල සිද්ධ වෙන දේවල් මේ ලෝකේ වෙන්නේ නැති වුනාට ඒවා නිර්මානාත්මක අතින් ගොඩක් ලස්සනයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයිද? අන්න ඒ නිසයි මම මේ ෆිල්ම් එක තෝරාගන්න ගොඩක් මුල් වුනේ. කොහෙන් හරි මේ ෆිල්ම් එක හොයාගත්තට පස්සේ මම Google එකේ ගහලා බැලුවා මේකේ Subtitles හදලද කියලා. හැබැයි Sub හදලා තිබ්බේ නෑ. ෆිල්ම් එකත් හොඳ නිසා Sub හදලත් නැති නිසා මම මේ ෆිල්ම් ඒක තෝරාගත්තා. සමහර වෙලාවට ෆිල්ම් එකක් තොරගනිද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා මොකද ඒ ෆිල්ම් එක ලංකාවට ගැලපෙනවද කියලා. ගැලපෙනවද කියලා මම අදහස් කලේ 18+ ෆිල්ම් නෙවෙයි. ලංකාවේ සංස්කෘතියට සෙට් වෙන්නේ නැති දේවල්. මම ඒවා මේ ලිපියේ mention කරන්නේ නෑ. පොඩි ළමයි මේ ලිපිය කියවනවා වෙන්න පුළුවන්, අනික මේවා ගැන දන්නේ නැති කෙනෙක් මේ ලිපිය කියවලා ඕවා දැනගන්න පුළුවන්.

හරි හරි වැඩි කතා නැතුව අපි හැරෙමු කතාව දිහාට. අද කතාවේ ඉන්නේ මකරෙක්. ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. මේ කතාවේ විදිහට මකරු ඉස්සර මිනිස්සුත් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කොටින්ම කිව්වොත් මිනිස්සු මකරුන්ගේ පිටේ ගිහිනුත් තියෙනවා. හරියට How to train your dragon කතාවේ වගේම. ඉතින් පස්සේ මකරු සහ මිනිස්සු අතර යුද්ධයක් ඇති වෙලා පස්සේ මකරු පැනලා ගිහින් තියෙනවා. ඉතින් මිට අවුරුදු 500 කට විතර පස්සේ තමා අපේ කතාව ගොඩ නැගෙන්න ගන්නේ. පස්සේ මේ පැනලා ගියපු මකරු අතරේම ඉන්න තවත් මකරෙක් තව කාලෙකට පස්සේ මනුස්සයෙක් එක්කම ගොඩක් ලොකු වික්‍රමයක් කරනවා. ඒ තමයි ස්වර්ගයේ නිම් වළල්ල හොයා ගන්න එක. මේක වළල්ලක් නෙවෙයි හැබැයි. මේක තැනක්. කොහෙන් හරි මෙයාලා එතන හොයාගෙන යන ගමන් අත් විඳින්න වෙන අත්දැකීම් තමා මේ ෆිල්ම් ඒක පුරාවට තියෙන්නේ..

කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. ඔබට ජය වේවා. දවස සුභ වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,819 downloadsDownload Dragon-Rider-2020.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,819 downloadsDownload Subtitles36 KB

14 comments

  1. maleesha lakmal

    1st download. thank you

  2. Samoth

    A man called ove (2015 ) Film ekata Subtitle denna Please

  3. Nilush Angana

    Sub ekata thanx

  4. DILmin

    Thanks! පුළුවන් නම් 'Clouds (2020)' film එකටත් sub දෙන්න ..

  5. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...තව කාටුන් වලට සබ් කරමු...

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. sithum L. Kodagoda

    ඔබේ මහන්සියට ස්තූතියි සහෝ.ඔන්න එහෙනම් අපි බෑවා සබ.

  9. Pulastha

    Thank you vey much for the subtitle...

  10. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Ruchira

    Thanks for the sub!!!!

    1. Anonymous

      පම්ට බ්‍රෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.