මේ චිත්‍රපටය ගැන මම ලියන්න හිතුවෙ මෙහිදී අපට සැමවිටම දකින්න ලැබෙන ඇමරිකානු , සහ යුරෝපීය සමාජයෙන් බැහැරව වෙනම සංස්කෘතියකට අපව රැගෙන යන නිසාමයි. මෙමෙ චිත්‍රපටය මුලුමනින්ම රූපගත් කර තියෙන්නෙ ඊජිප්තුවෙයි. එහිදී ලෝක ප්‍රසිද්ධ සහ ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන පිරමීඩත් මෙම චිත්‍රපටිය තුලින් මනාව පිලිබිබ…

මේ චිත්‍රපටය ගැන මම ලියන්න හිතුවෙ මෙහිදී අපට සැමවිටම දකින්න ලැබෙන ඇමරිකානු , සහ යුරෝපීය සමාජයෙන් බැහැරව වෙනම සංස්කෘතියකට අපව රැගෙන යන නිසාමයි. මෙමෙ චිත්‍රපටය මුලුමනින්ම රූපගත් කර තියෙන්නෙ ඊජිප්තුවෙයි. එහිදී ලෝක ප්‍රසිද්ධ සහ ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන පිරමීඩත් මෙම චිත්‍රපටිය තුලින් මනාව පිලිබිබු කරනවා. අරාබියේ සමාජ ඝට්ටන, කාන්තාවට සලකන අයුරු, එම සංස්කෘතිය පිලිබඳව අමුතුම අයුරින් අප කවදාවත් දැන නොසිටින දේවල් රැසක් අපට මෙයින් දර්ශණගත වෙනවා. IMDB තුල 6.7 වැනි rating අගයක් මෙයට ලැබී තිබෙනවා.මෙය තිරගත වූයේ ගිය වසරේ අවසාන බාගයේදියි.
ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊජීප්තුවේ පත්කර ඇති විශේෂ කන්ඩායමට අයත් තම සැමියා සොයාඑන ඔහුගේ බිරිඳ වටායි මෙමෙ කතාව ගොඩනැගී තියෙන්නෙ. මෙම බිරිඳගේ චරිතයට පණ පොවන්නේ වරෙක ඔස්කාර් සඳහාද නිර්දේශ වුනු විශිෂ්ඨ නිලියක් වන Patricia Clarkson. මෙහිදී ඔහුට සුදු ජාතික කාන්තාවක් ලෙස අරාබි සමාජයෙන් ඇතිවෙන විවිධ ක්‍රියාකාරකම් සහ, ඇයගේ සැමියා විසින් තම බිරිඳට උදවු උපකාරී කිරීමට පත්කරන පුද්ගලයා අතර ඇතිවෙන බැඳීම අතර මෙම කතාව දිව යනවා. මෙය නාට්‍යමය අයුරින් දිවෙන ආදර කතාවක්. සටන් ජවනිකා සහ ලේ කුපිත කරවන දර්ශන වලින් තොර මෙම චිත්‍රපටය තරමක් නිවී-සැනසිල්ලෙ බලන්න පුලුවන් අය විතරක් බාගෙන බලන්න.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

18 comments
meenuka
Manula Nayanatharu
Onna mamat banna yanne.... Thanks wewa.....
Hamotama Suba Valantine dinayak Wewa....! Danma wish kare mama aith set wenne Monday nisai.....
Anju
බලන්නම හිතන්හිටිය film එකක්...බොහොම ස්තූතියි..!
චමි.දේ.වා.
මම බලන්නෙම නාට්‍යමය ෆිල්ම් තමයි.....ඉතිං අනිවා මේකත් බාන්නම වෙනවනේ....
තෑන්කූ කිව්වා.....dimuthu
පින් වේවා.
මම නම් ඊයේ ඉදන් තමයි ඔයාගෙ බ්ලොග් 1 ට ආවේ.ඊයේ ෆිල්ම් 2ක් ගත්තා.මේ කරන පිනෙන් තව තව නව චිත්‍රපට සොයා ගැනීමට හා බැලීමට වාසනාව ලැබේවා....
සාදු සාදු සා......................kathu
ම්ම්ම්ම්ම්ම්.....!! තාමත් හිතාගන්න බෑ බානවද නැද්ද කියලා.. කමක් නෑ බාලම බලමු... තැන්කූ වෙවා..!
දසයා
වෙනස් තේමාවක් තියන ලස්සන ෆිල්ම් එකක් වගේ. ඔන්න මමත් තැන්කූ කියල බාගන්නවා.
~බිன்ku~
මේක අධ්‍යක්ෂ කරලා තියෙන්නේ කැනඩියානු අරාබි ජාතක රුබා නද්දා කියලා තැනැත්තියෙක්. කැනඩාවේ හොඳම විශේෂාංග චිත්‍රපටියට සම්මානය දිනුවා. කථා වෘත්තය මට මතක ඇති හැටියට එක්තරා පොතක කතාවට සමාන නමුත් වෙනස් කරලා කියලා කියැවුණා.
එසේ වුණත් වෙනත් චිත්‍රපටිය ඇත්තටම හොඳයි කියන්න පුළුවන්.
හසී
බාමි.....තැන්කූ වේවා....!!!
Pubba
ela aethi baanna yanne reta dala yanawa pahuwadata badu avilla
රොයිලි
හොඳ චිත්‍රපටයක් වගේ. ස්තූතියි සහෝ...
ashan kandy
gindara wage onna ra unat mat damma ba wenta.. aho dewiyane.. heta ude wenakota ba wewa... thanka bra. la.....
Lucky
Edge Of Darkness fill eke hoda copy ekaka link ekak dennako.
Dinushka Udara | රොකියා
@ කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි.
අද දවස ඉතා කාර්යබහුල දිනයක් වුන නිසා දැන් තමයි බයිස්කෝප් එක පැත්තෙ ආවේ.
Dinushka Udara | රොකියා
@ ~බිன்ku ; බින්කු සහෝගෙ විස්තරේට බොහොම ස්තූතියි. සමස්තයක් වශයෙන් ගත්තාම කතාවෙ අවසනයට මම පුද්ගලිකව අකමැති උනත්, බොහොම තාත්වික චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්
Uraj Deemantha
ඔන්න බානවෝ.....!! :)
ගෝලයා
එළ කතාවක්... ප්‍රතිචාර ලබා දුන් සැමට තුති...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ubanam deiiyek neme ban dewalayak.. thnx ban ela film danawata..
onna man mekat bannai yanne..
tata...