මුලින්ම මම මෙම චිත්‍රපටියට අදාල පෙර දසුන ලබා දෙන්නම්කෝ. හැබැයි මේ චිත්‍රපටිය නම් මේ තරම් පාට කැත නෑ. මේ පෙර දසුන මම ලබා ගත්තේ ගූගල් සෙවීමකින්. මුහුදේ රළ ගෙඩි සමඟ හැප්පෙන්න කැමති ජේසන්, ඔහුගේ හොදම මිතුරා ටොමස් හා ඔහුගේ හිතවතිය සමඟ පාරේ වෙළදසැල් ගානේ ඇවිදිමින් යන විට ජේසන්ට ඉතා අප්‍රසන්න, රළු පෙනුමකි…

මුලින්ම මම මෙම චිත්‍රපටියට අදාල පෙර දසුන ලබා දෙන්නම්කෝ. හැබැයි මේ චිත්‍රපටිය නම් මේ තරම් පාට කැත නෑ. මේ පෙර දසුන මම ලබා ගත්තේ ගූගල් සෙවීමකින්.

මුහුදේ රළ ගෙඩි සමඟ හැප්පෙන්න කැමති ජේසන්, ඔහුගේ හොදම මිතුරා ටොමස් හා ඔහුගේ හිතවතිය සමඟ පාරේ වෙළදසැල් ගානේ ඇවිදිමින් යන විට ජේසන්ට ඉතා අප්‍රසන්න, රළු පෙනුමකින් යුත් වෙළදසැලකට ගොඩවෙන්න ලැබෙනවා. මෙහිදී එහි පාද අහිමි වෙළදසැල් හිමියා මොහුට මම්බා නැමැති පූරාණ වටිනාකමක් ඇති සෙල්ලම් ලෑල්ලක් ලබා දෙනවා. මෙන්න මේ අතරවාරයේ පණපිටින් සම ඉවත් කරලූ මිනිසෙක්ගේ මරණයක් සම්බධයෙන් තවත් තැනක පරීක්ෂණයක් මෙහෙවනවා තවත් පොලිස් නිළදාරියෙක්. මොහු මෙම මිණිමැරුම සිදුවූ අකාරය සිතින් මවාගත්, මෙය සිදුවන ආකාරය දන්නා පුද්ගලයෙක්. කෙසේ වෙතත් ජේසන් හා තවත් ඔහුගේ යාළුවන් කිහිපදෙනෙක් දිනක් මෙම සෙල්ලම, මම්බා ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. මෙතෙන් සිට තම ජීවිතයේ මුහුණ දෙන අප්‍රසන්නම අත්දැකීම් මොවුන් සියළු දෙනාට අත් විදින්න සිදුවෙනවා. මෙහි අගමුල සොයා ගැනීමට මොවුන්ට හැකි වේවීද? එය සොයන්න ගිහින් සියළු දෙනාම තම ජීවිත පූජා කිරීමට සිදුවේද? පොලිස් නිළඳරයා මෙය දැන ගෙන කුමක් කරයිද?

එහෙනම් අපිත් සෙල්ලම පටන් ගමු.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

37 comments

  1. sw7x

    ණපිටින් සම ඉවත් කරලූ මිනිසෙක්ගේ මරණයක් බුදු අම්මො මෙව කොහොමද බලන්නෙ

  2. Manula Nayanatharu

    Good Morning! Adat mulma comment eka widiyata danna bari unane...... Awula naha... Hoda film ekak wenna ona.... Thanks....

  3. Akila

    ela.Thanks

  4. nishantha

    meee monaada mee den den film ?
    Open Graves (2009) = IMDB 3.9
    chaatar films denna epaa. daanna films neththan nikan inna.

  5. ගෝලයා

    නිශාන්ත සහෝ, මම දන්න horror චිත්‍රපටි විශේෂඥයා රන්දික සහෝදරයායි. මිනිහ දුන්නොත් එළ horror බයිස්කෝප් එකක්ම තමයි.. බාගෙන බලලම කියන්නකෝ...

  6. Uකුස්ස

    ‍ෆිල්ම් එකනම් නියම්යි වගේ. තැන්කු කිව්වා

  7. Dinushka Udara | රොකියා

    @ චිත්‍රපටියක් IMDB එකේ රේටින් වලින් විතරක් නිගමනය කරන්න එපා. ඔබතුමා ෆිල්ම් එක බලන්නෙත් නැතුව ඔහොම නිගමනය කරන්න එපා. බයිස්කෝප් කට්ටිය කවදාවත් චාටර් ෆිල්ම් දෙන්නෙ නෑ. කරුනාකර ෆිල්ම් එක නැරබුවාට පස්සෙ කමෙන්ට් එකක් දාන්න.

  8. DjAT

    film 1kak gana Rating walin witharak manina eka sadarana naaa.samahara film hamotama allanneth naaa.anisa balala comment dennam Tnx bro.story line 1ka ela wage will c

  9. nishantha

    hari hari den kattiya uda daagena hodayi kiyanne meka balala nethi hindane. mama meka beluwa. anthima chaaaatar. mama mee kiyanne hodade hodayi, narakade narakayi kiyala api kiyanna one. ekayi.

  10. සහන්

    ඔන්න කාලෙකින් හොද බයිස්කෝප් එකක් :D
    පහුගිය දවස්වල ලව් කතා :P හින්ද මම මේ පැත්තෙවත් ආවෙ නෑ

  11. Enri

    @nishantha සහෝදරයා එහෙම කියන්න එපා හරිද? බයිස්කෝප් සෙට් එක මේ වැඩේ කරගෙන යන්නේ කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමේ. අනික සිංහල සබ් හිටන් දෙනවා. අනික ඔයාට වෙන කොහෙන්වත් සබ් හම්බවෙනවද නෑනේ? එහෙම කෑගහන එක වැරදියි.

  12. රොයිලි

    හරි කවුරුත් ප්‍රශ්න ඇති අර ගන්න අවශ්‍ය නෑ. Nishantha සහෝදරයට ෆිල්ම් එක අල්ලන්නේ නැහැල්ලු. අනික් අයට ඒක බාන්න තහනමක් නෙමේනේ. දැන් බලන්න සහන් සහෝදරයට ලව් ෆිල්ම් දිරවන්නෙම නැහැලු. මම නම් අනේ ඒකේ අනික් පැත්ත. :P

    කොහොමහරි කට්ටිය බාල බලන්න. හොඳ නම් හොඳයි කියන්න. නැත්තම් තමුන්ගේ විචාරය දෙන්න.

    @nishantha,
    මචෝ IMDB ශ්‍රේණිගත කිරීම බලද්දි ලැබිලා තියෙන ඡන්ද සංඛ්‍යාවත් බලන්න. මොකද අඩු ඡන්ද සංඛ්‍යාවකින් ලැබෙන සාමාන්‍ය එච්චරම ස්ථාවර මට්ටමක් නැහැනේ. හරිම ඉක්මනට වෙනස් වෙනවා. අනික එක එක අය කැමති වෙන චිත්‍රපටි වෙනස් නේ. ඉතින් බයිස්කෝප් එකට එන හැමෝම වෙනුවෙන් විවිධ වර්ග වල චිත්‍රපට දීම තමයි අපේ අරමුණ. නොදී සිටීම නෙවෙයි. කොහොම වුනත් ස්තූතියි කමෙන්ට් එකට. :D

  13. kathu

    මොකද අද කට්ටිය වලියක්ද..?? සුහද වලියක් නම් මමත් රෙඩි...!!! හහහා..

  14. රන්දික පෙරේරා

    ගෙදර ආවේ දැනුයි... :)
    මුලින්ම කියන්න ඕන කමන්ට් දාපූ හැමට ස්තූතී...

    මෙතන වලිදා ගන්න එපා සහෝදරවරුනී. හොරර් චිත්‍රපටි ගැන කියනවනම් මේක වෙනස් ආරක එකක්. ඒකයි මම මේක වෙනස්ම විදියකට දෙන්න හිතුවේ. IMDB ශ්‍රේණි ගත කිරීම් ගැන කියනවනම් කවදත් හොරර් චිත්‍රපටි වලට ලැබෙන ප්‍රතිචාර අඩුයි. මොකද ගොඩාක් දෙනා ඒවා බලනවා අඩුයි. ඒ වගේම ඒක බැලුවත් ඒකට ප්‍රතිචාර දක්වනවාත් අඩුයි. ඒ නිසා හොරර් චිත්‍රපටි රේටින්ස් ගැන බලලා විතරක් නිගමනයකට එන්න එපා. මම ගොඩාක් වේලාට බලන්නේ හොරර් ඒ නිසා තමයි මම කියන්නේ මේක ඒ තරම් නරක නෑ කියලා. (මම නරක හොද ගැන බලන්නේ නැත්නම් මීට පෙරම ලිපි 100ක් විතර එවලා හොරර් ගැන. එහෙම එවන්න බැරි වෙන්නේත් හැම හොරර් එකක්ම සාර්ථක ඒවා නොවන නිසා. මට සාර්ථකයි කියලා හැගෙන ඒවා තමයි මම අපේ බයිස්කෝප් පාඨකයන් සමඟ බෙදා ගන්නේ.) හැබැයි හැමෝටම අල්ලලා යන්නෙත් නෑ. ඒ නිසා කැමතිනම් බාගන්න. අකමැතිනම් ඒත් අපි තරහා නෑ. හැබැයි බැලුවොත් ඒ ගැන කමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා මොකද ඒක අපේ ලිපි ලියන සහෝදර සහෝදරියන්ට ඊළඟ ලිපියට ලියන්න ඕන චිත්‍රපටිය ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි ඒවා බලලා ඇතිවන සතුටත් ආයි මම කියන්න ඕන නෑ නේ... ;)

    ජය වේවා...!!!

  15. Darko

    SUPERB MOVIE!! THANK S FOR UP LOADER!!

  16. Dushan

    dan ithin okkomala sansunn ne.....mama edhdhi okkoma wela ivarai ,,,mona karannada dan ne awe. thx film ekata bala balannam randika saho.

  17. danushan

    old dogs film 1 hodaida???

  18. danushan

    mekath bala kiyannamko

  19. tharindu

    balanna one meka nam

  20. සහන්

    අයියෝ සීඩර්ස්ලා නෑ 1.9ට බැහැලා බෑවිල්ල ඉව‍රවෙයි වගේ තව විනාඩි කීපයකින්
    අනේ සීඩ් ක‍රපල්ලා..............

  21. Aki

    mmmm film ekanam hithata alluwa madi ... "orphan" wage film tawa nedda .. eka nam mam 2paraak beluwa ...

  22. Uraj Deemantha

    හෆොයි මට නම් බෑ මේක බාන්න..... :( මොකද මම ඔය horror ෆිල්ම්ස් වලට බයායි..... :P හික් හික්.... :D

  23. iampissa

    thnx a lot
    mama nam asama horror films walata
    khma hari heta raata meka balanna one
    habai hodata baya une natnam balagamu :P

  24. iampissa

    ane nishantha saho oyata pissuda?
    imdb ratings walin films maninna ba
    http://www.imdb.com/chart/top
    me balanna imdb ratings wala top tyna films
    wadipura tynne paranama parana films
    imdb top films one nam oya ehnam me films hoyagena balanna :D

  25. සමන් කලුබෝවිල

    අය්යෝ......... මමනම් ආදරනීය, බයානක, කීරීඩා, පරීක්ශන, එතකොට අරවා....එහේම ඔනෙම ෆිල්ම් එකක් බලනව..... මොනාද මේ කතා කිව්වාලු..... නිකන් තියෙන ඇස් දෙකයි... නිකන් දෙන නෙට් කනෙක්ශන් එකයි මගේ ලැපයි තියෙනවනම් ඇයි මේවා නොබලන්නේ..... මමනම් බයිස්කෝප් සෙට් එකටම පින් දීදී බලනවා........... තැන්කූ වේවා........... අහා.......සුබ උදෑසනක් කියන්න බැ රි උනා......

  26. zoniczz

    මමනම් ඉතින් horror ෆිල්ම් වලට බුධු බයයි.. :D

  27. niruth

    DEAR JOHN film eka danna ko

  28. elazzzz

    ado meke charter sn (sex) thiyenawada?
    paule samata ekata balanna puluwanda?
    podi comment parak dapallako.

  29. danushan

    alliuwe na film 1nam mata

  30. Pra

    mamath baluwa...e taram gata yuththak an wage.....:(

  31. AL1717

    Ela Ela Meka Mama Balala Ne Thanks Wewa

  32. Casanova

    This is a fake torrent .....

  33. Bunchi

    Niyam film ekak wage ! Aniwaryen Download karanawa!Tanx!

  34. sajith

    THANK YOUUUUU AIYAAAAAAAAAAAA

  35. Danuka

    Maxxxxxxxxxxxxa Film 1a bohomatma stuooti sho.......!

  36. Anonymous

    පුලුවන්නම් the last stand of the 300 Spartans දෙනවද? දුන්නොත් නම් ලොකු දෙයක් සහො. පට්ට film එක.
    සලකා බලන්න හොදෙ?

  37. Ramraj

    නියම ගේම. ගහන්න හිතයි.හැබැයි අවසානය නමි ටිකක් අවුල වගේ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.