Watch Trailer

Call Me by Your Name (2017) Sinhala Subtitles | දුක සතුට උරුම සීමා නැති ආදරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්, පිටින් බලනා කෙනෙකුට දෙදෙනෙකු අතර ඇති ආදරය පිස්සුවක් වගේ පෙනෙන්නට හැකි… මොකද කියනවා නම් ආදරය කියන්නේ එක රාමුවක සිරගත කල හැක්කක් නොවෙයි. ඔබ ආදරය වෙනුවෙන් කරලා දේ මම නොකරනවා වෙන්නට පුළුවන්… මොකද මගේ කෝණයෙන් ඒ ආදරේ නොවන නිසා… නමුත් මගේ ආදරයේ අඩුපාඩුවක් තියේ ද? අන්න එතන…

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්, පිටින් බලනා කෙනෙකුට දෙදෙනෙකු අතර ඇති ආදරය පිස්සුවක් වගේ පෙනෙන්නට හැකි… මොකද කියනවා නම් ආදරය කියන්නේ එක රාමුවක සිරගත කල හැක්කක් නොවෙයි. ඔබ ආදරය වෙනුවෙන් කරලා දේ මම නොකරනවා වෙන්නට පුළුවන්… මොකද මගේ කෝණයෙන් ඒ ආදරේ නොවන නිසා… නමුත් මගේ ආදරයේ අඩුපාඩුවක් තියේ ද? අන්න එතන දී තමයි හැමෝටම පොදුවෙන ආදරයට විවිධ අරුත් එක්කාසු වෙන්නේ.

අද සමාජයේ අපි විවිධ ප්‍රභේදයේ ආදරයන් දකිනවා, මේ කතාව ශ්‍රීලංකාවට ලොකුවට අදාළ නොවෙන්නත් පුළුවන්, නමුත් අපි ජිවත් වෙන සමාජය ගැන අපි දන්නේ මොනතරම් අල්පයක්ද ? ඉතින් එහෙව් සමාජයක මේ චිත්‍රපටයේ කතාව වැන්නක් දේ සිදුවෙන්නේ නැහැ කියන්නට අපිට හැකියාවක් නැහැ… එහෙම සිදුවුන පමණින් එය හෙලා දකින්නට අපිට අයිතියක් ඇත්තෙත් නැහැ, ඒ අපේ ආදරයේ කෝණය නොවෙන්නට පුළුවන් නමුත් තවත් කෙනෙකු ඒ ඔහුගේ කොණයම කරගෙන වෙන්නට පුළුවන්….

1983 උතුරු දිග ඉතාලියේ ජීවත්වෙන එලියෝ වයස අවුරුදු 17 ක තරුණයෙක්, වයසත් එක්ක ඔහුගේ හැඟීම් මුහුකුරා ඉස්මතුවෙන කාලයක් මේක… ඔහු සංගීතයට ලැදි තරුණයෙක්, ඔහුගේ පියා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක්, ඔහුගේ මවත් එවැනිම උගත් රට තොට ලෝකය පිලිබඳ අවබෝධයක් ඇති කාන්තාවක්. හැම අවුරුද්දකම ගිම්හාන නිවාඩුව ඔවුන් ගත කරන්නේ උතුරු දිග ඉතාලියේ ඔහුන්ගේ නිවහනේ… විවේකයෙන් කාලය ගෙවන එලියෝගේ ජීවිතය වෙනස් වීම ආරම්භ වෙන්නේ හැම ගිම්හානයකම වගේ මෙවරත් ඔවුන්ගේ නිවසට පැමිණෙන අමුත්තා නිසාවෙන්. මෙවර ඔහු නමින් “ඔලිවර්” ඇමරිකානු ජාතිකයෙක් වන ඔහු පුරාවිද්‍යාව හදාරන්නෙක්… එලියෝ ඔහුට කොහොමවත් කැමති නොවුනත් කාලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව මුහුකුරා යන ආකාරය… ඒ එක්කම සතුට, දුක, වේදනාව ජිවිතයට පාඩම් කියා දෙන හැටි ගැන තමයි මේ ලස්සන ආදර කතාව…
මේ කතාව හැමෝටම නොවෙන්න පුළුවන් නමුත් ඔබ කිසිවෙකුගේ කෝණයකට කොටු නොවී සිනමාව සිනමාව ලෙස අත්විදින්නට කැමති අයෙකු නම් මේ ඔබට අගනා කතාවක් වේවි…

André Aciman විසින් 2007 දී ප්‍රකාශයට පත් කරන ලද Call Me by Your Name කෘතිය ඔවුන්ගේ ගිම්හාන ආදරයෙන් ආරම්භව වසර 20ක් වගේ කාලයක් පුරා ජීවිතය ගැන සටහන් තබනවා නමුත් මෙම සිනමා නිර්මාණයට පාදක කොටගෙන තිබෙන්නේ ඔවුන්ගේ 1983 ආදරබර ගිම්හානයේ අත්දැකීම් පමණයි… නමුත් මෙම සිනමා පටයේ අතිසාර්ථකත්වය සමඟම අපිට මෙම කතාවේ ඉතිරි කොටසත් දැකගන්න ලැබෙන බවට ආරංචි. අධ්‍යක්ෂණය Luca Guadagnino ගෙන්, ඔහු තමයි A Bigger Splash (2015) අපි වෙත ගෙන ආවේ. පිටපත නිර්මාණය වෙන්නේ James Ivory අතින් ඔහු තමයි මින් පෙර මෙවැනිම නිර්මාණයක් වූ Maurice (1987) පිටපත සකස් කරන්නෙත් ඊට අමතරව A Room with a View, The Remains of the Day, Howards End වගේ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කර තිබෙන්නේත් ඔහුයි.

එලියෝ ලෙස Timothée Chalamet තමයි රංගනයෙන් එක්කාසු වෙන්නේ ඔහු මේ වසරේ බොහොම කතා බහට කල් වුන සම්මාන උළෙලවල බොහොම ඉදිරියෙන් ඉන්නා නැගී එන තරුවක්. ඔලිවර් ලෙස එක්කාසු වෙන්නේ Armie Hammer. එලියෝගේ පියා ලෙස විශිෂ්ඨ රචිත නිරුපනයක් එක්ක Michael Stuhlbarg මෙම සිනමා කෘතියට අරුතක් එක්කාසු කරනවා. මේ වනවිට IMDB මීටරයේ 8.4 ක් වගේ ඉහල අගයක් එක්ක වසරේ චිත්‍රපටය, හොඳම නළුවා හා සහය නළුවා ඇතුළු Golden Globe සම්මාන 3ක් වෙනුවෙන් නාමයෝජනා ලබා ඇති මේ සලරුව අනිකුත් සම්මාන 37ක් දිනාගෙන තවත් සම්මාන 104 ක් වෙනුවෙන් නාමයෝජනා ලබාගන්නත් සමත් වෙලා තියනවා. TOMATOMETER නරකම නැහැ 97%…

අපේ රොයිලි අයියාගේ “ආයේ මේ පැත්තේ ඇවිත් සබක් දාමුද ?” මැසේජ් එක නරක වෙලාවකට වැටුන එකේ ප්‍රතිපලයක් තමයි මේ උපසිරැස.. ඒ ටිකේ මේක දෙපාරක් වගේ බලලා සෙට් වෙලා උන්න නිසා වෙන එකෙක් ලේසියෙන් කරන්නෙත් නැනි නිසා කරලා දැම්මා ඉතින්, අඩුපාඩු තියනවා නම් සමාවෙන්න… ආ… ලැබුවා වූ 2018 වසර කිරියෙන් පැණියෙන් උතුරන හොඳ ගුණාත්මක සිනමා නිර්මාණ දකින්න ලැබෙන වසරක් වේවායි කියාත් පතන ගමන්, බොහොම ස්තුතියි රොයිලි අයියේ… ඔබ සැමට ජය !!!

අපි අපේ ගොඩක් දේවල් උගුලා දමනවා
ඉක්මනින් හොඳ වෙන්න කියලා හිතාගෙන…
අවුරුදු 30 වෙනකොට අපි බංකොලොත් වෙලා යනවා…
අලුත් කෙනෙක් එක්ක, අලුතෙන් යමක් පටන් ගන්නා
වාරයක් පාසාම අපිට ඒ කෙනාට දෙන්න තියන දේවල් අල්ප වෙනවා.
නමුත් තමුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙන්න…
කිසිම දෙයක් නොදැනෙන්න…
මොන අපරාධයක් ද?!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය DVDSCR / HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

55 comments

  1. losaka

    ක්‍රියාදාම චිත්‍රපට වලටම කොටු නොවි වෙනස් කථාවක් දුන්න එකට ස්තුතියි සහෝ

  2. Subhash13

    Zoo Season 3 වලට සබ් දාන්නකෝ... නියම වැඩක් සමීර අයියා..

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  4. විමා

    සබට තුති සැමි
    වෙල්කම් බැක් ;)

  5. අසංක ප්‍රදීප් රණතුංග

    සාදරයෙන් පිලිගන්නවා සහෝ ආපහු. මෙහෙම දිගටම සබ් දෙන්න

  6. damithrodrigo

    Ela digatama dendo...............................

  7. දිල්ශාන් සචින්ත

    niyamayi ayya, digatama kwran yamu 200ta tawa tikaine

    1. mkavisekere

      MATH GODAK AGE KERENA FILMEKAK BN MEKA

    2. mkavisekere

      The Love Of Siam·2007 FILM EKATATH SUB DENNA AYYA PATTAMA FILM EKAK GODAK ANGATA DANENAWAAA

  8. ශසිත් සඳරුවන්

    දෙපාරක්ම බැලුවා සමීර අයියාමද කියලා... :P
    බෝම තුති උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  9. Kushan Charuka

    සබ් එක ලස්සනට කරලා තියෙනවා. thanks අයියේ සබ් එකට.

  10. Kulanjana Maduranga

    ahhhh SAMEERA aiya sahena kalekin subak dela...me gammenma digatama sub demu neda? niayamai…thanks SAMEERA aiye..sub ekata..jaya wewa……

  11. සාෂා

    දෙවියනේ හිතාගන්න බැරි උනා මෙච්චර ඉක්මනට මේකට සබ් දුන්න එක ගැන, ඇත්තටම ගොඩාක් ස්තුතියි, ආදරය කියන්නේ කිසිම දෙකට සිමා උන දෙයක් නෙවෙයි කියන එක හරි ලස්සනට මේ film එකෙන් දැනෙනවා, ගෙවෙන තත්පරයක් ගානේ අපරාදේ ඉවර වෙන්නේ හිතෙනවා,
    ලංකාව වගේ රටක මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එක රාමුවක් ඇතුලට විතරක් කොටු වෙලා හිතන්න, එත් ආදරේ කියන්නේ හැමෝටම පොදුවේ දැනෙන දෙයක් , කාටවත් බෑ වෙනකගේවත් හැගීමක් ගැන අදහස් කියන්න,
    ගොඩාක් ස්තුතියි..

  12. Madusara

    බුදු අම්මො,සමිර අයියා ආයි ඇවිත්,දිගටම සබ් දෙන්න.
    ඔබගෙ ජිවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුබ පතනවා.

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. hansaka7788

    හිතට වදින ලස්සන ෆිල්ම් එකක් උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ඔබට ජය!

    1. hasithapr1

      all me by your name movie eke torrent link eka kohomada hoya ganne??

  15. Tharangani

    thanx

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. AsithaDilruwan

    welcome back saho
    thanks

  18. Viraj

    welcome back sameera aiya.. sub ekata thanks.. jaya wewa!!

  19. Shehan96

    patttaaa

  20. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

    1. hasithapr1

      all me by your name movie eke torrent link eka kohomada hoya ganne??

  21. Mayura

    උඹ බැහැලා යන්න නම් එපා බන්, මේ වගේ උසස් නිර්මාණ අපි අතරට ගේන්න උඹ වගේ උන් ඉන්නම ඕන. උඩ පැන පැන ගහගන්න ඒවා ගේන්න නම් කට්ටිය ඕන තරම්. ස්තූතියි බොක්කෙන්ම

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. වෙල්කම් බැක් කිව්වා.... ජය෴෴ :P :P

  23. hasithapr1

    call me by your name movie eke torrent link eka kohomada hoya ganne??

  24. Wnirosh602

    හොදයි මේ වගේ films ටිකක් දාන්න.ඒ කියන්නෙ නොදකින නොහිතන පැත්තක් අපේ සමාජෙ

  25. Arrow T

    Thank you

  26. Eshan97

    thanks

  27. piyasiri

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  28. upulcmiller

    ලස්සන මෝවි එකක්. ස්තුතියි සබ් වලට.

  29. sam fisherr

    if you want a award for a movie make gay or lesbian one.එක ඇත්ත න‍ෙම‍ෙයිද බලන්න ගිය අවුරැද්ද‍ෙ moonlight(මම මුවි බලන්න දන්නව කියවන්න දන්නැ එවුනත් නම් හිතන්න‍ෙ එක එච්චර ල‍ොකු මුවියක්න‍ෙම‍ෙ,මම ඔන තරම් ක‍ෙල්ල‍ො ක‍ොල්ලන්ට පන යන්න ආදරය කරන මුවි බලල තියනව ම‍ොකද ම‍ෙක ම‍ෙච්චර වට්න‍ෙ ක‍ොල්ල‍ො ක‍ොල්ල‍ො නිසාද ෆ්fu)karol ඩැනෂ් ගල් උනත් that catagory එක‍ෙතමා නම න‍ෙ.බලමුක‍ෙ ම‍ෙකත් ස්තුති අයිය‍ෙ සබ් එකට

  30. Bandaramudiyansi

    බොහොම ස්තුතියි!!!!!

  31. JackJill

    Dude , Web rip available in Yify , pls update the sub , Thanks!

  32. Damith Kaw

    ගොඩක් හොඳ චිත්‍රපටයක්. ඔස්කාර් සම්මාන කීපයකට දැනටමත් නිර්දේශ වෙලා තියෙනවනේ. නළුවන්ගේ රඟපෑමුත් හරිම තාත්විකයි. ගොඩක් ස්තූතියි මේ වගේ විශිෂ්ට නිර්මාණවලට සබ් හදන්න උනන්දු වීම ගැන...

  33. Isampath

    thanks..............

  34. suchroxx

    Thank you so much for the subtitle.

  35. ricadodamien

    Thank you Sameera brother & Baiscope Team for the sub, all the best to baiscope team...........

  36. Gigi_ft

    Thanks bro

  37. cooldissa

    ela bro

  38. kulunu denulka

    God's Own Country 2017 ekath dennako

  39. sajitha rasanga

    good work

  40. Kp harshana

    thanks for sub

  41. Lakshansilva18

    ,උපසිරිසියට බොහොම ස්තුති

  42. avishka360

    Thanks

  43. css_sena001

    Thanks brother.. keep it up.m

    1. Dulara kavinda

      Thanks bro

  44. SANJAYASAPUMAL

    Thank you so much my dear

  45. Anonymous

    thanks

  46. Chamika

    Thank you or the sub

  47. sasanka

    thanks for the sub

  48. siynm

    sub file eka aye danwada

    1. Lp9

      matath one. file eka hoyaganna puluwan unada?

    2. Lp9

      matath one. file eka hoyaganna puluwan unada?