Watch Trailer

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන එන්නේ. IM…

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන එන්නේ.

IMDB දර්ශකයේ 7.1/10 අගයක් ලබා ඇති මේ කථාව අධ්‍යක්ෂණය කර ඇත්තේ Planet Of The Apes කථා මාලාවේ සීසර්ට හඩ පොවන සහ Lord Of The Rings කථාවෙත් ගොලම්ට හඩ පොවන Andy Serkis විසින්.

මම චිත්‍රපටය ගැන ලොකු විස්තරයක් නොකියන්න වග බලාගන්නම්. මේ කථාවේ කියවෙන්නේ බ්‍රිතාන්‍යයේ දිගු කාලයක් ජීවත් වෙච්ච පෝලියෝ රෝගියෙක් ගැන. නමින් ඔහු රොබින් කැවෙන්ඩිෂ්. අවුරුදු 28 දී පෝලියෝ රෝගයට ගොදුරු වන ඔහුට දොස්තර වරුන් පවසන්නේ ජීවත් වීමට ඇත්තේ තව මාස ගාණක් බවයි. හුස්ම ගැනීමේ උපකරණයක ආධාරයක් නොමැතිව ජීවත් වීමට නොහැකි ඔහු, තමාගේ ජීවිතය පිළිබදව සියලු බලා පොරොත්තු අතහැර මැරෙන්නට ලෑස්ති වෙනවා. ඒත් තමන්ගේ බිරිදගේ දැඩි උත්සාහය හා ඔහු වටා සිටින අයගේ සහයෝගය ඇතිව දොස්තරවරුන්ගේ කීම නොතකා ඔවුන් රෝහලින් පිටවෙනවා.මෙවැනි රෝගයකට ගොදුරු වෙලත් ජීවිතේ පිළිබද බලා පොරොත්තු හැර නොගන්නා රොබින් ලෝකය පුරා සංචාරය කරලා දහස් ගණන් පෝලියෝ රෝගින්ට ජීවිතයට නව බලා පොරොත්තුවක් දෙනවා. කථාවේ වැඩිදුර විස්තර පැවසුවොත් රසවින්දනයට බාධාවක් වෙයි කියලා හිතන නිසා මෙතතින් මම ඉතිරි හරිය කියන එක නවත්තන්නම්.

විශේෂයෙන් මේ වගේ කථාවකට සබ දෙන්න අවස්ථාවක් දීපු ශාන් විමුක්ති සොහොයුරාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

5,743 downloadsDownload Breathe-2017.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-04-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

5,743 downloadsDownload Subtitles44 KB

39 comments

  1. Udara Damith Dissanayaka

    එල
    ආදර්ශයක් දෙන \එකක්
    වගේ
    මන්නම් මේක
    බලන්නේ නෑ
    සොරි
    බලන අය වෙනුවෙන් දුන්නට තැන්ක්ස්

  2. Pabe

    ඩ්‍රාමා කැටගරියට ලව් උන් පමණක් ඒකේ රස දනී.ඒක වෙනමම ආතල් එකක් ලොක්කා.සබට ස්තුතියි

  3. Kulanjana Maduranga

    niayamai…lassana storyak..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. rmesbandara

    Thankz saho sub ekata

  5. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මලේ
    ගිය අවුරුද්දේ නිකුත්හැ වෙච්ච ෆිල්ම් වලින් කෙනෙක්ටම බලන්න කියල
    ඉහලින් නිර්දේශ කරන්න පුළුවන් ෆිල්ම් අතුරින් එකක්
    හෙමින් සැරේ වැඩේට බහිමු ආ මීකෙන් නවතින්නේ නැතුව :D

  6. Nirosh C

    ස්තුතියි බුද්ධිල සහෝ.ජයවේවා !

  7. spd

    Thank you very much bro...

  8. Pasan sanju

    බොහොම ඉස්තූතියි සබට සහෝ

  9. Chathu922

    Thank you, Boss

  10. ශසිත් සඳරුවන්

    හම්මේ... කාලෙකින් නේද මලයා...
    උපසිරැසියට බොහොම ස්තූතියි..
    තව සබ් ඕනි ආ... :P
    ඔබට ජය!

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  12. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ උපසිරසට... තවත් උපසිරසකින් හමුවෙමු! :)

  13. THE NEW FOLDER

    බොහොම ස්තුතියි brother
    good work

  14. සමීර චතුරංග

    කාලෙකින් ලැව් ස්ටොරියක් බලන්නේ, බොහොම ස්තූතියි සබ් එකට. ජය!!!!

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. sanojmadu

    Supiri macahan ohoma yamau

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. Malinda

    ME SPIDER MAN NE? ELA ELA.

  19. nuwan rangana

    ස්තූතියි උපසිරැසියට

  20. jagath55

    Thanks

  21. pabc

    ela ela sahoo

  22. gayan4

    බොහොම ස්තූතියි බුද්ධිල යසස්.

  23. sameeraprasath

    elaaa

  24. Tharangani

    thanx

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. nimalmax

    patta brooo...

  27. visartnadeera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. AsithaDilruwan

    elama saho thanks

  29. niwanthaka

    බොහෝම ස්තුතියි

  30. tharakat

    තැන්කු සහෝ සබට....

  31. sampath n perera

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  32. sampath n perera

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  33. roxx

    තැන්කු සහෝ

  34. Lakpriya Madushan

    Thnkx

  35. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුද්ධිල සහෝ.
    ජයෙන් ජය.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. chamodhtest

    Thanks sub walata saho

  38. Kapila4499

    thanks for sub