Watch Trailer

Call of the Wolf (2017) Sinhala Subtitles | ඝන හිම මැද දාම ඝාතකයෙකු සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

පෙම්වතිය සහ මිතුරන් එකක් රාත්‍රියේ විනෝද වෙන්න ගිහින් පොඩ්ඩක් මදුවිත එහෙම පානය කරල ඉන්න ඔබට එක්වරම නොදන්නා අමුතුම හුදෙකලා තැනක පසු දින අවදි වෙන්නට සිද්ධ වුනොත් ඔබට කොහොම දැනෙනු ඇද්ද ? අවදිවී තමුන් සිටිනා තැන පරික්ෂා කර බලන විට ඒ ඝන හිමෙන් වටවුණ පාළු භූමියක පිහිටි බංගලාවක් නම්, මේ බංගලාවේ කිසිදු තැන…

පෙම්වතිය සහ මිතුරන් එකක් රාත්‍රියේ විනෝද වෙන්න ගිහින් පොඩ්ඩක් මදුවිත එහෙම පානය කරල ඉන්න ඔබට එක්වරම නොදන්නා අමුතුම හුදෙකලා තැනක පසු දින අවදි වෙන්නට සිද්ධ වුනොත් ඔබට කොහොම දැනෙනු ඇද්ද ? අවදිවී තමුන් සිටිනා තැන පරික්ෂා කර බලන විට ඒ ඝන හිමෙන් වටවුණ පාළු භූමියක පිහිටි බංගලාවක් නම්, මේ බංගලාවේ කිසිදු තැනක කෑමට යමක් හෝ බීමට ජල බිදක් හෝ නැති නම් ? ඔබට වෙනත් විසදුමක් නැහැ ඔබට සොයාගත හැකි දේ ප්‍රයෝජනයට ගන්නවා මිසක්… ඔබට හැකි වේවි කුස්සියේ මේසය උඩින් තුවක්කුවක්, පතුරොම් කිහිපයක්, පොරෝවක්, මරීන් සෙබළුන් වෙනුවෙන් නිකුත් කරනා වන මැද දිවි බේරා ගැනීමට උපදෙස් අත්පොතක් සහ වෝකිටෝකි යන්ත්‍රයක් සොයා ගන්නට. වෝකිටෝකි යන්ත්‍රයක් !!! ඒ හොඳටම ප්‍රමාණවත් තුවක්කුව ආදාරයෙන් ආරක්ෂාව සපයා ගනිමින් කෙනෙකු සම්බන්ධ කරගෙන ජීවිතය බේරා ගැනීමට…

නමුත් ඔබ ඉක්මන් වුවා වැඩි බවයි මගේ අදහස… ඒ ඔබට දැන් සිදු වෙනව වෝකිටෝකි යන්ත්‍රය හරහා ඔබ සමඟ සම්බන්ධ වීමට උත්සහ කරන අමුත්තා සමඟ සම්බන්ධ වීමට…. වාසනාවන් යමෙකු හා සම්බන්ධ වෙන්න ඔබට පිළිවන්, ඒ හොඳටම ප්‍රමාණවත් ජීවිතය බේරා ගැනීමට… ආයෙත් ඔබ වැරදි ! මේ ඔබගේ ආරක්ෂාවේ දේව දූතයා නොවෙයි, මේ තමයි ඔබගේ මරණයේ දොරටුව… ඔබ පිහිට පතන අමුත්තා ඔබට ඔබ හරි මිනිහෙකු නොවන බවත්, ඔබ ඔහුගේ ඉලක්ක පුහුණු වීම වෙනුවෙන් නිර්මාණය වුන ඉලක්කයක් පමණක් බවත් කිව්වොත් ? නොදන්නා තැනක දැනටම ව්‍යාකුල මනසකින් පසුවෙන ඔබට ඒ හොඳටම ප්‍රමාණවත් උන්මන්තක අනාගතයක් වෙනුවන් අත වනන්න…

නමුත් ලෙස්ටර් සුදානම් නැහැ ඒ අනාගතය ඔහුගේ කරගන්නට. කුඩා කල සිටම සැප සම්පත් පිරුණු ජිවිතයක් ගත කල ලෙස්ටර් මෙලෙස පාළු බංගලාවක අවදි වන්නේ දාම ඝාතකයෙකු නිසාවෙන්. ඔහු එසේ මෙසේ දාම ඝාතකයෙක් නෙමෙයි, ඔහු දඩයම් ක්‍රීඩාවට බොහොම ප්‍රිය කරන දාම ඝාතකයෙක්. ඔහුගේ ක්‍රියා පටිපාටිය වෙන්නේ තමුන්ගේ ගොදුරු මේ නිවහනට ගෙනවිත් ඔවුනට දිවි ගලවා ගැනීමට, ඔහුට අපහසු ඉලක්කයක් වීමට ඉඩ සැලසීම. ඉතින් දැන් මේ ලෙස්ටර් ගේ වාරය. තුවක්කුව නිසාවෙන් යම් ශක්තියක් එක් රැස් කරගන්නා මේ තරුණයා නිවසෙන් එලියට ගොස් වැඩි දුරක් යන්නට මත්තෙන් ඔහු දෙසට එල්ල වෙන වෙඩි පහර ප්‍රමාණවත් මෙය විහිළුවක් නොවන බව ඔහුට පසක් වීමට. මේ සියල්ල එකක් ඔහු දකිනවා ඈතින් දිවයන රතු හිම කබායක් ඇදගත් තරුණියක්… කන්න බොන්න නැති, ජිවිත කාලය පුරාවට සැපට හැදුන, දෑතේ කර්මාන්තයක් කරගැනීමට හෝ ප්‍රධාන ජිවිත ආරක්ෂණ ක්‍රියා පටිපාටින් කිසිවක් පිලිබඳ අවබෝධයක් නැති ලෙස්ටර් හා මිදුණු හිමේ කාලය ගත කරන්නට ඔහු හා මේ දාම දඩයක්කරුවාට එරෙහිව නැගී සිටින්නට හැකි නම් ඔහුගෙන් පැන යන්නට, හැකි නම් ඔහුගෙන් පළිගන්නට මේ ඔබට කරනා ආරාධනයයි…

2017 වසරේ පෙබරවාරියේ නිකුත් වුන R.D. Womack II නම් අධ්‍යක්ෂකවරයාගේ කුළුදුල් සිනමා නිර්මාණය වන මෙය Drama, Thriller කාණ්ඩයන් නියෝජනය කරනා පැය 1 කුත් මිනිත්තු 45 පුරාවට දිවයන සිනමා නිර්මාණයක්. මෙහි රංගන දායකත්වය බොහොම නවකයන් පිරිසක් විසින් තමයි සපයන්නේ ඔවුන් නමින් Aleksander Ristic, Cynthia Bravo, Matthew Oliva. නම් තුනක් සඳහන් කලේ වැරදීමකින් නෙමෙයි මේ තමයි මේ කුතුහලය එකක් ඔබ හිමේ ඇදගෙන යන පිරිස. ලබාගෙන ඇති IMDB අගය වන්නේ 6.5 ක් නොදන්නා පිරිසක් ඉන්න, කුළුදුල් අධ්‍යක්ෂණයක් වුන නිර්මාණයක් එවැනි අගයක් ලබා ගැනීම සැබවින්ම ප්‍රමාණවත්. මොකද මේ වෙනුවෙන් ඔවුන්ට විය පැහැදම් වෙලා තියෙන්නෙ ඩොලර් 20 000 ක වගේ බොහොම සුළු මුදලක්. නමුත් ඒ මුදල බොහොම අගේට යොදාගන්නට ඔවුන් සමත් වෙලා තියන බව ඔබට දැකගත හැකි වේවි.

ඉතින් ලෙස්ටර් හා ජීවිතය බේරා ගැනීමට පොර බදන්න එහෙනම් ඔබට භාරයි… මේ කුතුහලය පිරුණ චිත්‍රපටය වගේම තවත් උපසිරසක් එකක් නැවත හමුවෙමු. එහෙනම් එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

19 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank sub ekata broo...

  2. THE NEW FOLDER

    Thank broo.......

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. gihan perera

    Thanks bro...Well done..good luck and god bless you..keep continue it...

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  8. malith

    Ela ela

  9. ranga11112

    balanna ona wena widihata liyala...aniva wisthare nisa film aka balanawa

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. wwkasun

    ela

  13. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  14. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...

  15. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  17. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  18. AsithaDilruwan

    ela ela saho thanks

  19. arawindasunimal

    thanks....................