James and the Giant Peach (1996) කියන්නේ 1996 වසරේ නිකුත් වුණු හෙන්රි සෙලික් විසින් අධ්‍යක්ෂණය කළ, ෆැන්ටසි ගණයේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 1991 වසරේ රෝල්ඩ් ඩාල් විසින් නමින් රචනා කළ ළමා නවකතාව යි. මෙම නවකතාව ද කලකට ඉහතදී උපාලි උබයසේකර මහතා අතින් , “අරුම පුදුම පීච්…

James and the Giant Peach (1996) කියන්නේ 1996 වසරේ නිකුත් වුණු හෙන්රි සෙලික් විසින් අධ්‍යක්ෂණය කළ, ෆැන්ටසි ගණයේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 1991 වසරේ රෝල්ඩ් ඩාල් විසින් නමින් රචනා කළ ළමා නවකතාව යි. මෙම නවකතාව ද කලකට ඉහතදී උපාලි උබයසේකර මහතා අතින් , “අරුම පුදුම පීච් ගෙඩිය” නමින් සිංහලයට පරිවර්තනය කෙරුණා. James and The Giant Peach චිත්‍රපටය Tim Burton සහ Denise Di Novi දෙදෙනාගේ නිෂ්පාදනයක්. 1996 අප්‍රේල් 12 වැනිදා එක්සත් ජනපදයේ තිරගත කෙරීම ඇරඹුණු මෙම චිත්‍රපටය එක්සත් රාජධානියේ තිරගත කිරීම ඇරඹුණේ 1996 අගෝස්තු 02 වැනිදා යි. IMDb දර්ශකයේ 6.7/10 ක අගයක් හිමි කරගන්නට සමත් වුණු මෙම චිත්‍රපටය හොඳම සංගීතය සඳහා ඔස්කා සම්මානය ද ඇතුළුව තවත් සම්මාන 10 කට නිර්දේශ වුණු අතර එයින් හොඳම සජීවිකරණ අංග ඇතුළත් චිත්‍රපටය, හොඳම සජීවිකරණ චිත්‍රපටය, හොඳම ෆැන්ටසි චිත්‍රපටය සහ හොඳම පවුලේ චිත්‍රපටය ඇතුළුව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා.
James and the Giant Peach (1996) චිත්‍රපටය නැවතුම් චලන සජීවිකරණ (Stop motion Animation) තාක්ෂණය සහ සජීවි නිරූපණය (Live Action) යන දෙකෙහි සංකලනයක් ලෙසින් නිර්මාණය කෙරුණා. චිත්‍රපටය ආරම්භයේ සිට ජේම්ස් පීච් ගෙඩිය තුලට යන තෙක් සජීවී නිරූපණ ලෙසින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ඉන් අනතුරුව සම්පුර්ණ නැවතුම් චලන සජීවිකරණ චිත්‍රපටයක් බවට පත්වෙනවා. එමෙන්ම චිත්‍රපටයේ අවසාන කොටසෙහි මේ ක්‍රම දෙකම එකවර යොදාගෙන තිබෙනවා. Rotten Tomatoes අඩවියෙන් මේ චිත්‍රපටය සඳහා 92% ක අගයක් ලබා දුන්නේ මේ ගැන පළකෙරුණු අදහස් දැක්වීම් 73ක් සලකා බැලීමෙන් පසුවයි, එහි සාමාන්‍ය අගය 7.2/10 ක් වුණා. රෝල්ඩ් ඩාල්ගේ ජිවිත කාලය තුළ දී James and the Giant Peach නවකතාවේ සිනමා අනුවර්තන ගැන කෙරුණු යෝජනා සියල්ල රෝල්ඩ් ඩාල් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, ඔහුගේ භාර්යාව වන ලිසී, ඔහුගේ මරණයෙන් කලක් හත වූ පසුව මෙම සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය පිණිස අනුමැතිය ලබා දුන්නා.
චිත්‍රපටය නරඹා අවසානයේ ඇය පළකලේ මෙවන් අදහසක්,
“රෝල්ඩ් හිටියා නම් ජේම්ස්ගේ කථාව ඇසුරින් මේ කළ දෙය ගැන ගොඩක් සතුටු වේවි. එය අපුර්ව චිත්‍රපටයක්.”
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජැනට් මැස්ලින් විසින් ලියූ විචාර ලිපියක මෙම චිත්‍රපටය ගැන මෙසේ සඳහන් වෙනවා.
“නව නිර්මාණාත්මක තාක්ෂණික ප්‍රයෝග කර්මයන් ආශ්චර්යමත් ලෙස යොදාගැනුණු අපුර්ව දෘශ්‍ය සංකල්පනාවක්, සහ ත්‍රාසජනක අන්දමින් මහත් පරිශ්‍රමයෙන් කළ දක්ෂ සිනමා නිර්මාණයක් .”
කතාව ගැනත් යමක් කියන්න ඕනෙ. ජේම්ස් හෙන්රි ට්‍රොටර් කියන්නේ එංගලන්තයේ වෙරළබඩ ගෙදරක තමන්ගේ අම්මයි තාත්තයි එක්ක ජීවත්වෙන පුංචි ළමයෙක්. ජේම්ස්ගේ උපන්දිනය දවසේ මේ පවුලේ අය ලෝකයේ උසම ගොඩනැඟිල්ල වන එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල නැරඹීමට සැලසුම් කරනවා. ඒත් හදිසියේම අහසෙන් ආපු අද්භූත රයිනෝසිරස් කෙනෙක් එයාගේ අම්මයි තාත්තයි දෙන්නව මරලා දාන නිසා ජේම්ස්ට එයාගේ නපුරු නැන්දලා දෙන්නෙක් එක්ක ජිවත් වෙන්න සිදුවෙනවා. මේ දෙන්නා තමයි කෝටු නැන්දා සහ ඉස්පංචි නැන්දා. මේ දෙන්නා ජේම්ස් ලවා ගෙදර හැම වැඩක්ම කරවාගෙන සැපපහසු ලෙස ජීවත්වෙනවා. දවසක් දා ජේම්ස්ට හමුවෙනවා එක අමුතු පෙනුමක් තියෙන මායා මිනිහෙක්. එයා ජේම්ස්ට බෑග් එකක දාපු කොළපාට මැජික් කිඹුල් දිවවල් වගයක් ජේම්ස්ට දෙනවා, එයින් ඔහුගේ ජීවිතය වඩා හොඳ වෙයි කියල කියමින්. මේවත් අරගෙන ගෙදර දුවනකොට මැරුණු පීච් ගහක් ළඟ කකුල පැටලිලා ජේම්ස්ව ඇදගෙන වැටෙන නිසා කිඹුල් දිවවල් ඔක්කොම ගහ මුල බිම වැටිලා පොළව අස්සට රිංගනවා. මේවගේ බලපෑම නිසා මැරුණු පීච් ගහේ එකපාරටම පීච් ගෙඩියක් එනවා. මේක බැලුමක් පිම්බෙනවා වගේ බලා ඉද්දි ලොකුවෙන්න ගන්නවා. මේක ගොඩාක් ලොකු වුණාට පස්සේ ඉස්පංචි නැන්දයි කෝටු නැන්දයි දෙන්නා මේක මිනිසුන්ට බලන්න දෙන්න ටිකට් විකුණන්න පටන් ගන්නවා. මිනිස්සු ගෙනත් දාපු කුණු එකතු කරන්න ජේම්ස් ව එළියට එවපු වෙලාවක ජේම්ස් මේ ගෙඩියේ පහළ තිබුණු විවරයක් දැකලා ඒක ඇතුළට රිංගනවා. ඒක ඇතුලේ සද්දන්ත කෘමියෝ වගයක් ඉන්නවා ජේම්ස් දකිනවා. මේ අය එක්ක එකතු වෙලා ජේම්ස් නිව්යෝක් වලට යන්න හදනවා. පත්තෑයා පීච් ගෙඩියේ නැට්ට කපන නිසා පීච් ගෙඩිය රෝල් වෙලා රෝල් වෙලා යන්න පටන් ගන්නවා. මේ කෘමි කණ්ඩායම එක්ක නිව්යෝක් යන ගමන ජේම්ස් කෙසේ සිදු කරයි ද? රෝල් වෙලා ගිහින් මුහුදට වැටෙන පීච් ගෙඩිය මුහුදට ඉහලින් පියාසර කරවන්නේ කොහොමද? මේ දේවල් ගැන දැනගන්න මේ අපුර්ව චිත්‍රපටය බලන්නකෝ.
රංගන ශිල්පින්:
Paul Terry – ජේම්ස් හෙන්රි ට්‍රෝටර්
Miriam Margolyes – ඉස්පංචි නැන්දා
Joanna Lumley – කෝටු නැන්දා
Pete Postlethwaite – මායා මිනිසා
Steven Culp – ජෙම්ස්ගේ තාත්තා
Susan Turner-Cray – ජෙම්ස්ගේ අම්මා
Mike Starr – පොලිස් නිළධාරියා
හඬ කැවීමේ ශිල්පින්:
Simon Callow – තණකොළ පෙත්තා
Richard Dreyfuss – පත්තෑයා
Jeff Bennett – පත්තෑයා (ගායනය)
Jane Leeves – ලේඩි කුරුමිණි මෙනවිය
Susan Sarandon – මකුළු මෙනවිය
David Thewlis – ගැඩවිලා
Miriam Margolyes – රෑ බදුල්ලා
මේ උපසිරැසි ලබාදී ඇත්තේ Disney.Presents.James.And.The.Giant.Peach.1996.720p.BluRay.H264.AAC-RARBG [983 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
Disney.Presents.James.And.The.Giant.Peach.1996.720p.BluRay.H264.AAC-RARBG [983 MB]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
Ishan Madusha
gayan4
බොහොම ස්තූතියි..
Thilina Jayarathna
ela bn,. anna e vage link eke name eka ekka dunnanm hena lasi bn . natam epa venva
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි..
hoda ekak wageWolwerine.
ඉස්සර ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
තවත් මේ වගේ ෆිල්ම් වලට උපසිරැසි ගේන්න.
ජය!ranga11112
Thank You bro
thuglife
බොහොම ස්තූතිය් මහත්තයො.......
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Deepani
ප්‍රබුද්ධ සහෝ ගොඩක් ස්තුතියි
baiscope එකට ජය වේවාupulcmiller
නියම් මූවි එකක්
දිගටම මේ වගේ සබ් දෙන්න සහෝ
ස්තුතියි ! ජය වේවා !!!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......
පොඩිකාලෙ මේ පොත කියවලා තියෙනවා.
දැන් ෆිල්ම් එක බලනවා....
ආයෙම වතාවක් ස්තූතියි සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් කරන්න තෝර ගත්තු එකට.
පුලුවන්නම් දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
ela ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි.බොහොම ස්තූතියි සහෝ