හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ සබ් එකක් අරගෙන එන්නෙ. සබ් කරන්නෙ නෑ කියලා අයින් වෙලා හිටියට හසා අයියගෙ මැසේජ් එකට බෑ කියන්න බැරි වුණා. “මෙන්න බ්ලැක් පැන්තර් එකට හොඳ කොපියක් ඇවිල්ලා. උඹ කරනවද? මං එදා විහිලුවට කිවුවෙ මං කරනවා කියලා. උඹ ආසාවෙන් හිටපු එකනෙ”. නිවාඩුත් හම්බුන එකේ ඉතිං කරලා දැම්මා. ලිපි නම…

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ සබ් එකක් අරගෙන එන්නෙ. සබ් කරන්නෙ නෑ කියලා අයින් වෙලා හිටියට හසා අයියගෙ මැසේජ් එකට බෑ කියන්න බැරි වුණා. “මෙන්න බ්ලැක් පැන්තර් එකට හොඳ කොපියක් ඇවිල්ලා. උඹ කරනවද? මං එදා විහිලුවට කිවුවෙ මං කරනවා කියලා. උඹ ආසාවෙන් හිටපු එකනෙ”. නිවාඩුත් හම්බුන එකේ ඉතිං කරලා දැම්මා. ලිපි නම් ලියන්න දැන් හරිම කම්මැලි. ඒ නිසා මං අපේ තිසර නියෝ කොල්ලට බාරදුන්නා ඒ වැඩේ කරන්න. මතක විදිහට කොල්ලා මට මේ ලියලා දෙන දෙවනි ලිපිය. මුල් එක Gotham season 2 එකේ මුල් එපියට ලියලා දුන්නෙ. කොල්ලා ඉතිං බෑ නොකියා ලස්සනට ලිපියක් ලියලා දුන්නා. ඔන්න එහෙනම් පල්ලෙහා ඒ ලිපිය දාලා තියෙනවා තිසරයා ලියපු. සබ බාගෙන යන ගමන් කැමති අය ලිපියත් කියවගෙනම යන්න. එහෙනම් මං ආයෙ බොහෝ දුරට ලබන අවුරුද්දෙ Fantastic Beasts: The Crimes of Grindelwald එකෙන් ඔයාලව හම්බෙයි. එහෙනම් තිසර නියෝට අවස්ථාව දීලා මං කැපෙනවා.
2018 අවුරුද්ද මාර්වල් රසිකයන්ට නම් අමතක නොවන තවත් අවුරුද්දක් වනවාට කිසිම සැකයක් නැහැ. වෙන කිසිවක් නිසා නෙවෙයි මාර්වල් හි තවත් දැවැන්ත චරිතයක් වන Black Panther පළමු වරට තමන්ගේම කියා සිනමාපටයකින් ඇති සාර්ථක ලෙස පැමිණීමයි. ඒ වගේම කොමික් රසිකයන් පුල පුලා බලා සිටින මෙතෙක් පැමිණි සියලු කොමික් සිනමාපට අභිබවා යන දැවැන්තම නිර්මාණය ලෙස එළිදැක්වීමට නියමිත Avengers: Infinity War සිනමාපටය නිසයි. මේ සිනමාපට ද්විත්වය නිසා මේ වසර මාර්වල් කොමික් රසිකයන්ට සාර්ථක වසරක් වනු නොඅනුමානයි.
ඉතින් අද මේ අරගෙන එන්නේ ඇති සාර්ථක ලෙස තිරගත වන Black Panther සිනමාපටයේ සිංහල උපසිරැසියි. මේ අවුරුද්දේ පෙබරවාරි තිරගත වීම ඇරඹු මේ සිනමාපටය අති සාර්ථක ලෙසින් තවමත් ලෝ පුරා තිරගත වනවා.
මේ විදියට සිනමාවට පැමිණි බ්ලැක් පැන්තර් ගේ සිනමා ආගමනය ගැන බලමු. අපි කව්රුත් දන්නා බ්ලේඩ් සිනමාපට ත්‍රිත්වයේ නළු වෙස්ලි ස්නයිප්ස් 1992 දී බ්ලැක් පැන්තර් සිනමාපටයක් නිර්මාණයට බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. එත් ඒ ව්‍යාපෘතිය ඉටු වෙලා නැහැ. පසුව 2005 දී මාර්වල් ස්ටුඩියෝව නිවේදනය කරා පැරමවුන්ට් පික්චර් හා එක්ව රිදී තිරයට ගෙනෙන්නට සංවර්ධනය කරන කොමික් චරිත 10 ක් අතරින් බ්ලැක් පැන්තර් එක් චරිතයක් බව. 2011 දී මාර්ක් බෙයිලි ව පිටපත නිර්මාණයට එක් කරගනු ලැබුවා. පසුව 2014 ඔක්තෝම්බර් නිවේදනය කරා බ්ලැක් පැන්තර් හි අනාගතය පිළබඳව. මේ අනුව චැඩ්වික් බොස්මන් විසින් බ්ලැක් පැන්තර් ලෙසින් අති සාර්ථක ලෙස 2016 දී Captain America: Civil War තුලින් සිය ප්‍රථම සම්ප්‍රාප්තිය සිදුකරනු ලබනවා. මේ තුලින් මේ චරිතයට ඇති සාර්ථක රසික ප්‍රසාදයක් දිනාගනු ලබනවා. මේ අනුව බ්ලැක් පැන්තර් සිනමාපටය උදෙසා 2016 දී රයන් කූග්ලර් සහ ජෝ රොබට් කෝල් එකතු කරගනු ලබනවා. 2016 මැයි මෙහි රංගන ශිල්පීන්ව නිවේදනය කරනු ලැබුවා. මේ අනුව MCU ඉතිහාසයේ පළමු වරට කළු ජාතික නළුවරණයක් මේ සඳහා ඉදිරිපත් වනවා. සුදු ජාතික චරිත කිහිපයක් හැරෙන්නට අනෙත් සියළුම චරිත කළු ජාතික රංගන ශිල්පීන් විසින් රඟ දක්වනවා. මේ අනුව චැඩ්වික් බොස්මන් විසින් ප්‍රධාන චරිතය රඟදක්වන අතර Michael B. Jordan, Lupita Nyong’o, Danai Gurira, Martin Freeman, Daniel Kaluuya, Letitia Wright, Winston Duke, Angela Bassett, Forest Whitaker සහ Andy Serkis වැන්නවුන් එකතු වී තියෙනවා. EUE/Screen Gems ස්ටුඩියෝව මගින් ඇට්ලන්ටා මෙට්‍රොපොලිටන් කලාපයේ මෙන්ම දකුණු කොරියාවේ බූසාන් නගරයේ රූගත කිරීම් සිදු කරනු ලැබුවා. වෝල්ඩ් ඩිස්නි බෙදාහැරීමක් වන මේ සිනමාපටය මාර්වල් සිනමා විශ්වයේ (MCU) 18 වන සිනමපටයයි.
ෆිල්ම් ඒක ගැන කියන්න කලින් පොඩ්ඩක් විතර කොමික් ඉතිහාසය කියන්නම්කෝ.. ලොකු විස්තරයක්නම් කියන්න අදහසක් නෑ සරලවම කියන්නම්කෝ. බ්ලැක් පැන්තර් ගැන කියද්දී මතක් වෙන සුපුරුදු චරිත දෙකක් තියෙනවා. ඒ වෙන කව්රුවත් නෙවෙයි මාර්වල් ඉතිහාසයේ දැවැන්තම චරිත දෙකක් වන ස්ටෑන් ලී සහ ජැක් කර්බි. ස්ටෑන් ලී මේ චරිතය නිර්මාණය කරද්දී ජැක් කර්බි තමා සිතුවමට නැගුවේ.. මේ දෙන්නගේ එකතුවෙන් බ්ලැක් පැන්තර් මුලින්ම කොමික් ලෝකයට පිය නැගුවේ කොමික් ඉතිහාසයේ රිදීමය යුගයේ 1966 ජූලි Fantastic Four 52 වන කලාපය තුලින්. බ්ලැක් පැන්තර් තමයි කොමික් ඉතිහාසයේ අප්‍රිකානු සම්භවයක් සහිත පළමු කළු ජාතික super hero චරිතය. 1966 දී බ්ලැක් පැන්තර් පැමිණි පසු පසු කාලයේ මාර්වල් තුලින් 1969 ෆැල්කන්, 1972 ලුක් කේජ්, 1973 බ්ලේඩ් මෙන්ම DC තුලින් 1971 ජෝන් ස්ටුවර්ත් (ග්‍රීන් ලැන්ටර්න්) වැනි කළු ජාතික සුපිරි වීර චරිත බිහි උනා. මීට කලින් විවිධ කොමික් වීර චරිත බිහිවෙලා තිබුනත් පළමු සුපිරි වීර චරිතය (සුපිරි බල සහිත) බ්ලැක් පැන්තර්. පළමු එළිදැක්වීමක් පසුව 1967 Fantasic Four Annual 5 වම කලාපයෙන් නැවත දකින්නට ලැබුනා. 1968 ජනවාරි-අප්‍රේල් කාලයේ Tales of Suspense #97–100 කලාප තුලින් මෙන්ම 1968 මැයි වලදී ඇවෙන්ජර්ස් 52 කලාපයෙන් දැකගන්නට ලැබුනා. පසුව ඩෙයාඩෙවිල් කලාප තුනකින් තනි ඇරඹුමක් ලබාගන්නට යෙදුනා. 1971 දවන විට Astonishing Tales #6–7 කලාප තුලින් දැවැන්ත මාර්වල් චරිතයක් වන ඩොක්ටර් ඩූම් එක්ක සටන් වැදීමට පවා සිදු උනා. 1973 දී Jungle Action 5 වන කලාපයෙන් තමා බ්ලැක් පැන්තර් හට මුල් වතාවට ප්‍රධාන චරිතයක් ලෙස එක්වීම අවස්තාව ලැබෙන්නේ. පසුව 1977 දී තමන්ගේම කියා කොමික් කලාපයක් හිමිවෙනවා. පසුව විවිද කොමික් කලාප තුලින් බ්ලැක් පැන්තර් චරිතය එළිදැක්වෙනවා. කොමික් පැත්ත බලද්දී නම් කතාකරන්න කරුණු බොහොමයක් තියෙනවා. අවශ්‍ය කරුණු පමණක් අවශ්‍ය තැන වලදී සඳහන් කරන්නම් ඉස්සරහට.
ෆිල්ම් එකට එන්න කලින් තව කරුණු කිහිපයක් කියන්නම්. බ්ලැක් පැන්තර් යනු පුද්ගල නාමයක් නෙවෙයි. ඒක වකන්ඩාවේ රජකම සමඟම හිමිවන තනතුරක්. බ්ලැක් පැන්තර් වන තැනැත්තාගේ වගකීම වන්නේ වකන්ඩාව ආරක්ෂා කරගනිමින් එය පාලනය කිරීමයි. මේක සාමාන්‍යයෙන් පියාගෙන් පුතාට හිමිවන තනතුරක් උනාට තමන් බ්ලැක් පැන්තර් සඳහා සුදුසුකම් තියෙන පුද්ගලයෙන් බවට ඔප්පු කරලා පෙන්වන්න ඕනි. වකන්ඩාවේ වෙනත් ගෝත්‍ර වල සටන් කරුවන් සමඟ සටන් වැද ජයග්‍රහණය කිරීම වැනි දේ ඒ අතර වනවා. බ්ලැක් පැන්තර් වන තැනැත්තා වකන්ඩා ව තුල තිබෙන හදවතක හැඩය තියෙන විශේෂ කොළ වර්ගයක යුෂ පානය කිරීමෙන් තමා ඔහුට බලයන් ලැබෙන්නේ. එය පානය කිරීමෙන් දෙවියන් හා බැඳෙන බවට සලකන නිසා දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් විදියටයි වකන්ඩාවේ අය මේ බලයන් සලකන්නේ. කොමික් වලට අනුව බ්ලැක් පැන්තර් චරිත කිහිපයක්ම සිටියත් අපට අදාල වන්නේ ජනප්‍රියතම සහ ප්‍රධානතම බ්ලැක් පැන්තර් චරිතය වන ටි’චාලා චරිතයයි.
බ්ලැක් පැන්තර් ගැන කතා කරන්න කලින් අපි බලමු වකන්ඩාව ගැන. වකන්ඩා යනු අප්‍රිකානු මහද්වීපයේ තියෙන කුඩා රාජ්‍යක් (මනකල්පිත) වකන්ඩාව ගොඩනැගිලා තියෙන්නේ ඈත අතීතයේ වකන්ඩාවට කඩා වැටුණු උල්කාපාතයක් මතයි. මේ උල්කාපාතය සාමාන්‍ය උල්කාපාතයක් නොව වයිබ්‍රේනියම් (මනකල්පිත) වලින් සෑදුනු උල්කාපාතයක්. මාර්වල් කොමික් වලට අනුව දෙවනියට ශක්තිමත්ම ලෝහය වයිබ්‍රේනියම්. වයිබ්‍රේනියම් වල ප්‍රධානම ගුණාංගය තමයි කම්පන දරාගැනීමේ හැකියාවයි. මේ නිසා ශක්තිය මෙන්ම වටිනාකමෙන්ද වයිබ්‍රේනියම් ඉහල වනවා. ඉතින් මේ වයිබ්‍රේනියම් උල්කාපාතය නිසා වකන්ඩාව ලොව සෑම රටකටම වඩා සෑම අතකින්ම දියුණු රාජ්‍යක් බවට පත් වෙලා තියෙනවා.වයිබ්‍රේනියම් වලින් ලැබෙන අදායමින් රට දියුණු වූ අතර ලොව වටා පිටත් කර අද්‍යාපනය හැදෑරවූ පිරිස් මගින් වකන්ඩාවේ දියුණුවද සිදු වුනා. ඉතින් මේ දියුණු වකන්ඩාව රැකගැනීම තමා බ්ලැක් පැන්තර් ගේ ප්‍රධාන රාජකාරිය.
දැන් අපි හැරෙමු ටි’චාලා දෙසට. මොහුගේ පියා තමයි ටි’චාකා. ටි’චාලා ට පෙර බ්ලැක් පැන්තර් තමා ටි’චාකා. දරු ප්‍රසූතියේදී ටි’චාලා ගේ මව මියයනවා. පසුව රමොන්ඩා කියන කෙනාව ටි’චාකා විවාහ කරගත්තත් ඇයව ඇන්ටන් ප්‍රෙටෝරියස් නැමැත්තා පැහැරගත් නිසා ටි’චාලා ඇතිදැඩි වෙන්නේ තාත්තා සමඟ යි. පසුව ඔහු තරුණ වියට එළඹෙද්දී යුලිසිස් ක්ලොව් (Ulysses Klaw – අවේන්ජර් ඒජ් ඔෆ් අල්ට්‍රන් බලපු අය මෙයාව මතකයිනේ) විසින් ටි,චාකාව මරා දමනවා. මේ නිසා ටි’චාලා සුදුසුකම් පෙන්වලා තමන් බ්ලැක් පැන්තර් සඳහා සුදුසු බව පෙන්වන තුරු ටි’චාකා ගේ සහෝදරයා හෙවත් ටි’චාලා ගේ මාමා වෙච්චි ස්’යාන් තාවකාලිකව බ්ලැක් පැන්තර් වෙනවා. පසුව ටි’චාකා සුදුසුකම් පෙනවලා රජකම සමඟ බ්ලැක් පැන්තර් තනතුර ලබාගන්නවා. හදවතක හැඩය තියෙන කොලයේ යුෂ බීමෙන් පසුව එයින් ලැබෙන බලයන් විදියට සාමන්‍ය මිනිසෙකුට වඩා වැඩි ශක්තියක්, තියුණු සංවේදනයක්, ප්‍රතික්‍රියා වේගයක්, නම්‍යශීලී බව වැනි දේවල් හිමිවෙනවා. ඊට අමතරව ටි’චාලා යනු දක්ෂ දේශපාලකයෙක්, ඇති දක්ෂ සටන්කරුවෙක්, නව නිර්මාණකරුවෙක්, දක්ෂ විද්‍යාඥයෙක්, බුද්ධිමතෙක් මෙන්ම දක්ෂ දඩයම්කරුවෙක් ද වනවා. ඒ සෑම දෙයක් සමඟම තවත් ප්‍රධාන දෙයක් සතු වනවා. ඒ තමයි වයිබ්‍රේනියම් වලින් තැනුණු බ්ලැක් පැන්තර් ඇඳුම මෙන්ම වයිබ්‍රේනියම් ආයුධ. මේවා නිසා බ්ලැක් පැන්තර් යනු එසේ මෙසේ කෙනක් නම් නෙවේ. ස්වභාවික දක්ෂතා සමඟ වයිබ්‍රේනියම් ආයුධ සමඟ ඇඳුම නිසා බ්ලැක් පැන්තර් අති විශේෂ වනවා.
- දැන් හැරෙමු ෆිල්ම් එක දිහාවට.තවමත් ඇති සාර්ථක ලෙස තිරගත වන බ්ලැක් පැන්තර් තමයි මාර්වල් සිනමා ඉතිහාසයේ දෙවනියට සාර්ථකම සොලෝ ෆිල්ම් ඒක වෙන්නේ. පළවෙනියට තිබෙන්නේ අයන් මෑන් 3 සිනමපටයයි. ඩොලර් මිලියන 200 ක වියදමකින් නිම කල මේක සිනමා ශාලා 4020 ක තිරගත වුනු පළමු සතියෙන්ම එම වියදම සොයාගන්නට සමත් උනා. (ඩොලර් 202.003.951) ඒ ඇමරිකාව තුල පමණක් තිරගත කිරීමෙන් පමණක් වේ. මම මේ ලිපිය ලියන මොහොතේ (03/24/18) මේ වන විට ඇමරිකාව තුල ඩොලර් මිලියන 614 කට අධික මුදලකුත්, ලොව වටා තිරගත කිරීම් වලින් ඩොලර් මිලියන 593 කුත් ලබාගෙන සමස්ථ ආදායම ඩොලර් බිලියන 1.20 කට අධිකව (ඩොලර් 1,207,258,236) ලබාගෙන තිබෙනවා. තවත් ඉහල යන ඒ ආදායම ඩොලර් බිලියන 1.21 ක් ලබා සිටින අයන් මෑන් 3 පසුකර යනු ඇතැයි කිව හැකිය. බ්ලැක් පැන්තර් හි බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක් පහලින් සඳහන් කරන්නම්.
- ඇමරිකාව තුල සුපිරිවීර සිනමාපට අතර (Superhero Movies) ඉහලම අදායමක් ලබාගත් දෙවන සිනමාපටය. පළවෙනියට තිබෙන්නේ ඩොලර් මිලියන 623 ක් ලබාගත් අවේන්ජර් (2012) සිනමාපටයයි.
- ලොව වටා තිරගත වුනු සුපිරිවීර සිනමාපට අතර (Superhero Movies) සිව්වෙනියට ඉහලම ආදායමක් ලබාගත් සිනමාපටය වීම. පළවෙනියට ඩොලර් බිලියන 1.5ක් ලබාගත් අවන්ජර් (2012) ද දෙවැනියට ඩොලර් බිලියන 1.4ක් ලබාගත් අවන්ජර් ඒජ් ඔෆ් අල්ට්‍රන් (2015) ද තෙවැනියට ඩොලර් බිලියන 1.2ක් ලබාගත් අයන් මෑන් 3 (2013) ද සිටිනවා. බොහෝ දුරට අයන් මෑන් 3හි ආදායම පසුකර යාමට බ්ලැක් පැන්තර් හට අවස්ථාව උදා වී තිබෙනවා චීනය තුල ප්‍රදර්ශනය ඇරඹු නිසා.
- ලොව වටා ඉහලම ආදායම ලද සියලුම සිනමාපට අතර 14 වන ස්ථානය බ්ලැක් පැන්තර් හිමිකරගෙන තිබෙනවා.
- ඩොලර් බිලියනයේ කඩයිම පසුකල 33 වන සිනමාපටය මෙයයි.
- සුපිරිවීර සිනමාපට අතර ඩොලර් බිලියනයේ කඩයිම පසුකල 7 වන සිනමාපටය මෙයයි.
මෙතෙක් තිරගත වුනු සෑම mcu සිනමාපටයකටම වඩා වෙනස්ම අත්දැකීමක් ලබාදෙන වෙනස්ම ආකාරයේ සිනමාපටයක් තමා බ්ලැක් පැන්තර්. 99% කළු ජාතිකයන් වන රංගන ශිල්පීන් මෙන්ම සංගීතය, සිනමාරූපීත්වය වැනි බොහෝ දේ මේ සිනමාපටය සුවිශේෂී වන්නට මග පාදවා තිබෙනවා. බ්ලැක් පැන්තර් සඳහා දායක වන Chadwick Boseman ව මාර්වල් ස්ටුඩියෝව තෝරාගෙන තිබෙන්නේ කුසලතා පරීක්ෂණයක්වත් නොතබාය. මාර්වල් ස්ටුඩියෝවේ ඒ තීරණය සාර්ථක බවට තහවුරු කරමින් සිවිල් වෝ සිනමාපටයෙන්ම බ්ලැක් පැන්තර් mcu හි තමන්ගේ තැන දිනාගනු ලැබුවා. එය තවත් තහවුරු කරමින් බ්ලැක් පැන්තර් සිනමාපටය තුලද ඔහු සිය කුසලතා උපරිමයෙන්ම ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වගේම බ්ලැක් පැන්තර් හි දෙවන ප්‍රධානතම චරිතය වන එරික් කිල්මොන්ගර් චරිතය සඳහා Michael B. Jordanව තෝරාගෙන තිබෙනවා. ඔහු විසින් මේ චරිතයට කල සාධාරණය කෙසේද යත් mcu හි විලන්ලාගෙන් ලෝකි ගෙන් පසුව බිහිවුණු හොඳම විලන් ලෙස එරික් කිල්මොන්ගර් හඳුන්වනවා. (තානොස් ආවම මේ දෙන්නම කැලේ තම ඉතින් :p) බ්ලැක් පැන්තර් අධ්‍යක්ෂණය කල රයන් කූග්ලර් 2015 දී අධ්‍යක්ෂණය කල ක්‍රීඩ් සිනමාපටය නරඹපු අය දන්නවා මයිකල් කෙතරම් දක්ෂ රංගන ශිල්පියෙක්ද කියලා. මොහු බ්ලැක් පැන්තර් හි කර සාර්ථක රංගනය සමඟ දෙවන වරටද මාර්වල් ස්ටුඩියෝව ෆොක්ස් හි ෆැන්ටෑස්ටික් 4 හි හියුමන් ටෝච් චරිතයක් අති සාර්ථක ලෙස මාර්වල් චරිතයකට යොදාගනු ලැබුවා. මුල්ම ෆැන්ටෑස්ටික් 4 සිනමාපට ද්විත්වයේ යම් තරමක සාර්ථක රංගනයක් දැක්වූ හියුමන් ටෝච් ලෙස සිටි ක්‍රිස් එවන්ස් දැන් mcu හි අමරණීය චරිතයක් වන කැප්ටන් ඇමෙරිකා ලෙස අති සාර්ථක ගමනක් පැමිණියා. ෆැන්ටෑස්ටික් 4 අසාර්ථක 2015 සිනමාපටයේ හියුමන් ටෝච් ලෙස අසාර්ථක රංගයක් දැක්වූ මයිකල් බී ජෝඩන් ද මේ වන විට බ්ලැක් පැන්තර් සිනමාපටය සමඟ mcu හි දැවැන්ත චරිතයක් වී අවසන්.
වකන්ඩා රජුගේ හෙවත් බ්ලැක් පැන්තර් ගේ රාජ්‍ය ආරක්ෂක පිරිසහෙවත් රෝයල් ගාර්ඩ් එකේ සිටින නාකියා චරිතය සඳහා ලුපිටා න්‍යන්ගෝ නම් රංගන ශිල්පිනිය සහභාගී වනවා. 2014 වසරේ 12 Years a Slave සිනමාපටය උදෙසා හොඳම සහය රංගනයට හිමි ඇකඩමි (ඔස්කාර්) සම්මානය දිනු ඇයගේ දක්ෂතාවය එමගින්ම මැනගත හැකිය.
වොකින් ඩෙඩ් රසිකයන් හොඳින් හඳුනන මිශෝන් චරිතයට පන පොවන ඩැනායි ගුරිරා ඔකෝයි නැමති රෝයල් ගාර්ඩ් චරිතයට එක් වනවා. එමෙන්ම හොලිවුඩයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් වන ඩැනියෙල් කලූයා, ෆොරෙස්ට් වයිටේකර්, ඇන්ජෙලා බැසට් වැන්නවුන් එක්වෙලා තියෙනවා. 99% වෙච්චි කළු ජාතික රංගන ශිල්පීන් අතර සුදු ජාතික ශිල්පීන් ලෙස එක්වන මාර්ටින් ෆීමන් සහ ඇන්ඩි සර්කිස් සුවිශේෂී වනවා.එවරට් කේ රොස් ලෙස සිවිල් වෝ සිනමාපටයෙන් එක වූ මාර්ටින් බ්ලැක් පැන්තර් සිනමාපටය තුලද සුවිශේෂී කාර්යක් ඉටු කරනු ලබනවා. එමෙන්ම ප්ලැනට් එප්‍ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වැන්නවුන් තුලින් සිය රංගන පරාසය කෙතරම් දුරකට විහිදෙනවාද යන්න පෙන්වූ ඇන්ඩි සර්කිස් ඒජ් ඔෆ් අල්ට්‍රන් තුලින් පැමිණි ලෙසින්ම සුපුරුදු පරිදි ක්ලොව්ස් ලෙස එක් වනවා. මේ සෑම චරිතයක් අතරම කළු කෙල්ලන් කෙතරම් සුන්දර විය හැකිදැයි පෙන්වමින් ටි’චාලා ගේ සොයුරිය ලෙසින් අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක් පරදවන දැනුමකින් යුතු ශුරී නම් චරිතයට එක්වන ලේටිටියා රයිට් රසික හදවත් අමන්දානන්දයට පත් කරන්නට සමත් වෙලා තියෙනවා. එමෙන්ම අනෙකුත් සෑම චරිතයක් තුලින්ම බ්ලැක් පැන්තර් සිනමාපටය සාර්ථකත්වයට ගමන් කර තිබෙනවා.
අති සුපිරි රංගන ශිල්පීන් ගෙන් පසුව මේ සිනමාපටය උදෙසා පසුබිම් සංගීතය සහ Black Panther The Album නම් ගීත ඇල්බමය මහඟු දායකත්වයක් දක්වනවා. ලුඩ්විග් ගොරන්සන් විසින් නිර්මාණය කරන ලද පසුබිම් සංගීතය මේ සිනමාපටය උදෙසා අපූර්ව වෙනසක් එක කර තිබෙනවා. විශේෂයෙන්ම අප්‍රිකානු වාදන භාණ්ඩ වල සංගීතය මේ සඳහා යොදාගෙන තිබීම අමුතුම වෙනසක් එක කර තිබෙනවා. ඒ වගේම කෙන්ද්‍රික් ලමාර් නිර්මණය කල ගීත ඇල්බමය ඇති සාර්ථක ගීත ඇල්බමයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ගීත ඇල්බමය තමා mcu හි පළමු ස්වකීය (Original) ගීත ඇල්බමය වන්නේ. මෙයට පෙර ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි සිනමාපටය සඳහා ගීත ඇල්බමයක් නිකුත් කලද එය පැරණි ගීත එක්කර නිකුත් කල ඇල්බමයක් වුවද බ්ලැක් පැන්තර් සිනමාපටය සඳහාම මේ ගීත ඇල්බමය අලුතින්ම නිර්මාණය වුනා. එහි All The Stars වැනි ගීත රූප රචනා සමඟ අතිශය ජනප්‍රියත්වයට පත් වන්නට සමත් වෙලා තියෙනවා.
මේ වන විට IMDb හි 7.8 ක් ද රොටන් ටොමැටෝස් හි 97% ක අගයක්ද ලබාගන්නට බ්ලැක් පැන්තර් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වන විටත් බ්ලැක් පැන්තර් දෙවැන්නක් නිර්මාණය කරන බව මාර්වල් ස්ටුඩියෝව තහවුරු කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී පැමිණෙන ඇති දැවැන්තම mcu සිනමාපටය වන අවන්ජර් ඉන්ෆිනිටි වෝර් හි බ්ලැක් පැන්තර් දැවැන්ත කාර්යක් ඉටුකරන බවට නොරහසක්.
ඉතින් මේ අපූර්ව සිනමාපටය උදෙසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි අරන් එක පූසා තමයි ලිපියක් ලියල ඉල්ලුවේ. ඔන්න ඉතින් වෙලාව තියෙන විදියට ලිපියක් ලියල දුන්නා. ලොකු විස්තරයක්නම් නෑ අවශ්‍ය කරුණු දැනගන්න ඇතැයි හිතනවා. එහෙනම් ඉතින් දැන් කියෙව්වා ඇති. දැන් ඉතින් මේ අපූර්ව සිනමාපටය අරන් රසවිඳින්න. බ්ලැක් පැන්තර් හි වාක්‍යකින්ම ලිපිය අවසන් කරන්නම්.
ප.ලි – ලිපිය ලිව්වේ මාසෙකට විතර කලින්නේ. දැන් ඉතින් ඇවෙන්ජර් ඉන්ෆිනිටි වෝර් ඇවිත්. දන්නවනෙ දැනට තිරගත උනු දවස් කීපයේදා ආදායම් වාර්තා කුඩු කරමින් තිරගත වන බව. අන්න ඒ නිසා බ්ලැක් පැන්තර් හි ආදායම් වාර්තා කිහිපයක්ම දැන් ඇවෙන්ජර් නිසා බිඳ වැටිලා සහ ඉදිරි දිනවලදී නිසැකවම බිඳ වැටෙනවා.. ඒ නිසා ඉහත සඳහන් කල වාර්තා කිහිපයක්ම මේ වන විට වෙනස් වී ඇති බව සලකන්න
“Wakanda Forever”
#Hail_Hydra

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
70,871 downloadsDownload Black.Panther.2018.Baiscopelk.com_.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Jerome-e1521923242251.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
338 comments
Ravindu Rukshan
Shan1984
great bro
sasiyaa
ummaaaaaaa raththarane meka dunnata
Bandaramudiyansi
Wow thank you
dsdkavishka
Bohima sthuthi saho sub ekata meka enajanmai idiye
ශසිත් සඳරුවන්
උදේ බ්ලුරේ ආපු ගමන් බෑවා. අද හවස සබ දෙනවා කියලා දන්න නිසා
මේ පැත්තේ කැරකි කැරකි හිටියේ.
සුපිරියක් තමයි ඉතින්. සබට තුති පූසෝ... :P
දිගටම සබ් දෙමු ආහ්...
ඔබට ජය!Lahiru
Pluwannm kuru hari BR eke link eka danna puluwanda...
cnk
elama
Prabodha Madhusankha Hettiarachchi
Supirima film ekak me awrudde apu thank bro suv ekata...
GihanRangana
ude br eka awa.hawas weddit sub ekath dala patta saho thnks
Anuruddha Leo
බ්ලූ රේ කොපිය එනකම් දතකටමැඳන් හිටියේ...සබ හැදුව ,ලිපිය ලිව්ව,සබ් එකසින්ක් කලහැමෝටම ස්තුතියි
Udith
thank u wewaa.....
Sherlock holmes
Thanks bro
sheyya
thnx wewa
tharindu gunarathna
thanks.... Hail_Hydra,,,,,,
Thisara Neo
උපසිරසියට තුති පූසෝ ...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraඋදයංග සම්පත් හතරසිංහ
බොහොම ස්තුතියි ජය වේවා
geeganagamage
බොහොම ස්තුතියි බ්ලුරේ එකම බලන්න පුළුවන් එක ඊයේ තමයි ඇවෙන්ජර් ඉන්ෆිනිටි වෝර් බැලුවේ ෆිල්ම් හෝල් එකෙන්
Kaushan Rasanga
සබට තුතී ❤️
3dwije
හම්මෝ ❤️❤️❤️
Yohan Lakmal
tnx tnx
viraj harsha
Thanks mcho...denkm balagena hitiye
Amila89
සුපිරි වැඩක් සහෝ.ජය
undugoda
tnx
Sajithlakshan
බොහොම ස්තුතියි
Ravindu Dharmasiri
enakam balan hitiye ban. thanks sabata
darshana100
patta saho goda thanks
Sudesh Madusanka
සබ් එක ඉක්මනටම අප්ඩේට් කලාට ස්තූතියි.
Silva
නියමයි සහෝ.....
Udara Sachinthana
thanks for the sub. nice article... :D
Lahiru Rasadun
ජයවේවා
සුභ පැතුම්Thisura hirushan Godage
Thank you.
krishanmadusanka
sub ekata thanks samson 2018 blu ray ekak awith ikmanata dei kiyala hithanawa
Pradeepkumara
Thank uuu
kaweesha kalyana
thanx for sub
Supun T.S
Thank bro,,,,,,,,,,,,,,,,,,,
LuckyDhananjaya
සබට තුති..... දෙවෙනියට ශක්තිමත්ම ලෝහය වයිබ්‍රේනියම් නම් අංක 1 මොකද්ද? ඇඩමැන්ටියම් ද?
web
කැප්ටන්ගේ පලිහ හදලා තියෙන මිශ්‍රනය තමා වැඩියෙන්ම ශක්තිමත් මාවල් විශ්වයේ. ඒක ඇඩමැන්ටියම්, වයිබ්‍රේනියම් උරූ (තොර්ගේ මිටිය හදලා තියෙන ලෝහය), කාබෝන්ඩියම් සහ ඒ ආශ්‍රීත තවත් ලෝහ ගනනාවක දුර්ලබ මිශ්‍රණයක්. ඇඩ ඇඩමැන්ටියම් තමා බලසම්පන්නම. ඒත් අවාසි තියේ කම්පන උරාගන්නේ නෑ. වයිබ්‍රේනියම් තමා ඔරොත්තු දීමේ හැකියාම වැඩිම. ඉතිං පොඩ්ඩක් මවලා බලන්න ඇඩමැන්ටියම්වල බලයයි වයිබ්‍රේනියම්වල ඔරොත්තු දීමයි එකතු වුනාම කෝමද කියලා.
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
subodha
Thank you....
jehan_muthuma
sub ekata godaak sthuthi saho mekanam bluray eka awa gamnma dunna hinda hodai
kaveesha dilshan
සබ් එකට තෑන්ක්ස් සහෝ!!!!blueray release උනාට පස්සේ සබ් එක දෙනක්ම් හිටියේ......
තෑන්ක්ස් වෙරි වෙරි මච් බ්‍රෝ........Vimukthi2001
ඕහ් මාස තුනක් විතර බලාගෙන හිටිය මේක එනකං.ඔන්න ආව.ආපු ගමං සිංහල සබ් එකත් දුන්නට ගොඩාක් ස්තූතියි.කොහොමත් baiscopelk හෙනම ස්පීඩ් නෙ
kapila27
thanks.Ela
vas0303
Thank you very much bro
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ.. ඒ වගේම ලිපිය ලියපු සහෝත් ලස්සනට වැඩේ කරලා තියෙනවා... දෙන්නටම ස්තුතියි... ජය වේවා!!... :-)
Chathuka Dilshan
Sub ekata godak sthuthi
Nilush Angana
Sub ekata thanx
lahiru sadaruvan
ammo meka denakan baln hitiye.. thank you so much aiye...
Ravindu Nimsara
Thanks Bro
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
Sasankathulshanaberathna
එනකම් බලන් හිටිය ෆිල්ම් එකක් thanks mcn
kavinda_fernando
Sub ekata thanks brother
Advertisement

thx