Watch Trailer

Camp Rock (2008) Sinhala Subtitles | ගිම්හානයේ සංගීත කඳවුර [සිංහල උපසිරසි සමඟ]

ශලිනි මල්ෂා සොහොයුරියගේ ලිපිය මම නම් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන නවකයෙක්.ඒකට ඉඩ දුන්න හැමදෙනාටම ගොඩක් ස්තූතියි මම ආසාවෙන් හිටියේ සබ් එකක් කරන එක කොහොම වැඩක්ද කියලා කරලම බලන්න. අපොයි කියන්නම ඕන බලාගෙන ඉන්නවා වගේනම් ඒ වැඩේ ලේසි නැහැ . මම තෝරාගත්ත Champ Rock 1 ෆිල්ම් එකට තිබුනා සබ් ලයින් 1500කට වඩා.…

ශලිනි මල්ෂා සොහොයුරියගේ ලිපිය

මම නම් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන නවකයෙක්.ඒකට ඉඩ දුන්න හැමදෙනාටම ගොඩක් ස්තූතියි මම ආසාවෙන් හිටියේ සබ් එකක් කරන එක කොහොම වැඩක්ද කියලා කරලම බලන්න. අපොයි කියන්නම ඕන බලාගෙන ඉන්නවා වගේනම් ඒ වැඩේ ලේසි නැහැ . මම තෝරාගත්ත Champ Rock 1 ෆිල්ම් එකට තිබුනා සබ් ලයින් 1500කට වඩා. අවංකවම දවස් ගානක් ගියා මට මගේ පලවෙනිම වැඩේ කරලා ඉවර කරන්න. හැබැයි ආස හිතුණා. බයිස්කෝප් කණ්ඩායමට ආයෙත් ස්තූතියි. මට මේ අවස්ථාව ලබාදුන්නට!!

ෆිල්ම් එක ගැන කිව්වොත්,IMDB අගය නම් 5.1ක් වුණාට ඒක එපා වෙන ලව් ස්ටෝරියක් නෙවයි. රොක් ආරේ ගීත තොගයක් තියෙන කම්මැලි හිතෙන්නෙ නැති ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එකේ ගීත වල සිංහල තේරුම ලියනවා කියන එක බොරු වැඩක් විදිහටයි මම දැක්කේ. ඒ නිසා ෆිල්ම් එකේ ප්‍රධානම ගීතය විතරක් මම සිංහලෙන් තිබ්බා. ෆිල්ම් එක පුරාවට ලස්සන කතාවක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් දක්ෂතාවක් එක්ක හැංගිලා ඉන්න දඟකාර ගැහැණු ළමයෙක් ඉන්නවා නම මිචී, එයා ශෝර්ට් ඇන්ඩ් ස්වීට් ගමේ කෙල්ලෙක් . එයා හීන මවනවා සංගීතයේ තරුවක් වෙන්න.ඒත් එයා ඉන්නේ එයා ගැන අවතක්සේරුවෙන්. Champ Rock ගිම්හාන කඳවුරට යන්න හීන බලන මිචීට එයාගේ අම්මා කරන කේටරින් එකේ පිහිටෙන් අවස්ථාවක් ලැබෙනවා Champ Rock ගිම්හාන කඳවුරට යන්න. ඇයට එහෙදි හමුවෙනවා ගොඩාක් යාළුවෝ ඒ අතරෙන් බොහොම අහංකාර ගැහැණු ලමෙක් ඉන්නවා නම ටෙස්. ඇත්තටම එයා ගොඩක් ජනප්‍රිය කෙනෙක් නිසා මිචීට ඕන වෙනවා ඇයගේ යාළුවෙක් වෙන්න. ඉතින් මිචී තමන් කවුද කියන එක හංගලා ලොකු බොරුවක් කරනවා. මේ ගිම්හාන කඳවුරේ පැවැත්වෙන සංගීත තරඟාවලියේ අවසන් තරඟය දිනන කඳවුරුකරුවට ගීතයක් පටිගත කරන්න ඉඩ ලැබෙනවා ශේන් ග්‍රේ කියන සුප්‍රසිද්ධ ගායන තරුව එක්ක, ඒ අතරෙ මිචීට පුළුවන් වෙනවා ශේන් ග්‍රේ කියන සුප්‍රසිද්ධ ගායන තරුව එක්ක මිත්‍ර වෙන්න. ‍ඔහුට අහම්බෙන් ඇහෙනවා ගැහැණු ළමයෙක් ගයන හඬ. ඉතින් ඔහු ඇයව හොයන්න පටන් ගන්නවා. මිචී ගොතපු බොරු නිසා එයාට කරදර ගොඩක පැටලිලා අවසන් තරඟයට ඇතුල් වෙන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම ටෙස් මොනවගේ කෙනෙක් ද? ශේන් හොයන ගැහැණු ළමයා හමුවෙයිද? අවසානයේ මිචීට මොකද වෙන්නේ? මේ සේරම දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලනවනම් . ඇත්තටම ගොඩක් ආස හිතෙන ෆිල්ම් එකක් තමයි Champ Rock ෆිල්ම් එක.

ඉතින් මේ සබ් එකේ අඩුපාඩු නම් ගොඩාක් ඇති. මම කරන පලවෙනිම සබ් එක නිසා. ඔයාලා දකින අඩුපාඩු, වැරදි කියන්න මට. එතකොට ඊලඟ එකෙන් ඒවා හදාගන්න පුළුවන් වෙයි මට.

මේ වැඩේ ඩිංගක් හරි හොඳයි නම් Camp Rock 02 ෆිල්ම් එකේ සබ් එකත් .කරන්න තමයි බලාපොරොත්තුව. ස්තූතියි හැමදෙනාටම. !!

පෙර ලිපිය

හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ තරුණ පිරිස අතර ගොඩක් ජනප්‍රිය වුනු ෆිල්ම් එකක් ගැන..තරුණ අයට විතරක් නෙවේයි ඕන කෙනෙක්ට බලල රසවිදින්න පුලුවන් ලස්සන කතාවක්…හ්ම්ම්ම්..මම කතාව ටිකක් කියන්න මේකෙ රසය නැති නොවෙන විදියට..මෙහෙමයි..එක් ගැහැණු ළමයෙක් ඉන්නව ගායනයට දක්ෂ..ඈය සහභාගී වෙනව Camp Rock නම් වැඩමුළුවකට,ඇයගේ අම්මා සූපවේදිනියක් වන අතර ඇයත් මේ වැඩමුළුවේ කෑම පිසීමේ වැඩ වලට එනව..ඒ වගෙම මෙම වැඩමුළුවට තවත් තරුණ දක්ෂ ගායෙකයෙක්..ඔහු තරමක් හිතුවක්කාර චරිතයක්..මොහුත් මෙම තරුණියත් අතර තමයි කතාව ගෙතිල තියෙන්නෙ..කතව මීට වඩා කිව්වොත් ඒකෙ අගය අඩු වෙයි කියලයි මට නම් හිතෙන්නෙ..කොහොම උනත් මේක ලස්සන ෆිල්ම් එකක්..High school musical චිත්‍රපටයට සමානකම් තියනව නමුත් මම නම් මේක ආසාවෙන් බැලුව..මම හිතනව ඔයාලත් ආසාවෙන් බලයි කියල..කතාවෙ විශේෂත්වයක් නැති උනත් බොහොම විශේෂ සිංදු ටිකක් තියෙනව..මේකේ තේමා ගීතය බොහොම ජනප්‍රිය උනා..ආකර්ෂණය,මානය,පාසල් ළමුන්ගේ නිදහස් සරළ පැවැත්ම හා සංගීතය එක් කළ කතාවක්..බැලුවට පාඩු නෑ… 😀

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

2,253 downloadsDownload Camp-Rock-2008.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Shalini-Malsha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශලිනි මල්ෂා

Subtitles

2,253 downloadsDownload Subtitles45 KB

30 comments

  1. KoK

    Film eka hodai saralai

  2. kavin

    wooow film ekaa super i love jonas brothers

  3. Ramraj

    මේකත් බාන්න බැරි වෙලා. බාන් ඕන.

  4. Ramraj

    බලන්න බැරි වෙළා.

  5. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    බාගයක් බලපු film එකක්.. post එක දැක්කමයි මතක් වුනේ..

  6. Illusion

    banna bane bnssssss

  7. Illusion

    sub eka bapu kenek innawanam mata email karanawada machnzlaa([email protected])

  8. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  9. kavindu

    කොහෙද මේකේ subtitle එක

  10. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

    1. ශලීනි

      ස්තූතියි!!!

  11. KAVINDA GAMAGE

    මේ කථාව නම් සුපිරි වගේ බොහෝම ස්තුතියි මේ කරන සේවයට .

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..! තව තවත් උපසිරැසි කරන්න ලැබේවා. බුදුසරණයි..ජය වේවා!

  13. Adee

    Thanx mchan..
    Ikmanata camp rock 2 ekatath sub denna..

    1. ශලීනි

      ස්තූතියි....aniva dennam

  14. Thamindu

    Niyamai aah. thanks for the sub

  15. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Sis.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. ශලීනි

      ස්තූතියි!!!

  16. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    1. ශලීනි

      ස්තූතියි!!!!

  17. Helili Hemamali

    පළමු වෑයමට සුබ පැතුම් නංගි. තවත් නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා.

    1. ශලීනි

      ස්තූතියි අක්කේ..

  18. ශලීනි

    දිරි ගන්වන හැමදෙනාටම ස්තූතියි!! අසන්ථවක් දුන්නට බයිස්කෝප් ඔයාලට ගොඩක් ස්තූතියි!!
    camp rock 2 කරමින් පවතිනවා ඒකත් බලන්න අමතක කරන්න එපා..

  19. හසිත මධුෂාන්

    පලමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්!
    බොහොම ස්තූතියි උපසිරැසියට........
    ලගදීම තවත් උපසිරැසියකින්ම හමු වෙමු,
    ඔබට ජය........

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ශලිනි.
    ජයෙන් ජය.

  22. Kaushan Herath

    Thank You වේවා

  23. MAALnath

    Thanks ......................good luck ............................