මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Shoplifters (2018) හිත නැවතුන තැන” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Shoplifters (2018) හිත නැවතුන තැන” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ලෙබනන් සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 8.4ක් rotten Tomatoes වර්ගීකරනයේ 89%ක් එක්කම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 22ක් සහ නිර්දේශවීම් 36ක් ලබාගත්තු සුපිරිම ලෙබනන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීත් හොදම විදේශ භාශා චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. ඒ වගේම 2018 වසරේදී ප්‍රංශයේ පැවති Cannes සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලබන්නත් මේ සිනමා නිර්මාණයට හැකි උනා. ඒ විතරක්ම නෙමෙයි Cannes සිනමා උලෙළේදී මේ සිනමා පටයේ මංගල දර්ශන වාරය අවසන් වූවායින් පසුව සංවේදී උන නරඹන්නන් විසින් මිනිත්තු 15ක් පුරාවටම එකදිගට පැවති අත්පොලසන් නාද මාලාවකින් මේ සිනමා සිත්තමට සුබ පතලත් තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙම්ම කිව්වොත් ඔබත් මාත් එදිනෙදා දකින ලෝකය තුල වූ නොදකින ලෝකයක් පුරා මිනිත්තු 126ක් පුරාවට ඔබේ දෑස් ඉදිරියේ දිග හැරේවි.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම මහ බොරු වැඩක්. ඒත් ඉතිං පුලුවන් විදියකට උත්සාහ කරන්න එපැයි. සායින් අල් හජ්, නීතිය ඉදිරියේදී පිහි ඇනුමකට වරදකාරයෙක් වෙලා බාලාපරාධකරුවන් වෙනුවෙන් වූ බන්ධනාගාරගාරයක පස් අවුරුදු සිර දඬුවමක් විදින වයස අවුරුදු 12ක ලෙබනන් දරුවෙක්. සායින් හදිසියේම සජීවී රූපවාහිනී වැඩසටහනකට කෝල් එකක් අරගෙන කියනවා මාව මේ ලෝකෙට බිහි කරපු එක වෙනුවෙන් මට මගේ අම්මටයි තාත්තටයි විරුද්ධව නඩු දාන්න ඕනෙ කියලා. ඒක ටිකක් අප්සට් කතාවක් වගේ දැනුනා නේද?
Capernaum කියන්නෙ මේ ලෝකෙ තවත් එක දරුවෙකුගේ ජීවිත කතාවක් විතරක්ම නෙමෙයි ඔබත් මමත් හැමදාම දකින සුවඳ විලවුන් ගල්වා, සුදු පිරුවට පෙරවූ මේ අසිරිමත් සමාජයේ පාට සලු පිලි උනා දමා එහි ගඳ ගසන නිරුවත ලොවට පෙන්වූ කතාවක්. මේ සිනමා සිත්තම ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න.
තවත් දෙයක් ලෙබනනයේදී පුරා හය මාසයක් පුරාවටම සැබෑ දර්ශනතල මත රූ ගත කල මේ සිනමා සිත්තමේ සංස්කරණය නොකල මුලු දිග පැය 12කට ආසන්නයි. ඊට පස්සෙ කොටස් ඉවත් කරලා පැය 2කට ආසන්න ධාවන කාලයකට මේ ෆිල්ම් එක සංස්කරනය කරගන්න වසර 2කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ ෆිල්ම් එකේ පැය 2ක් තුල අපි දකින කතාවට අමතරව අපි නොදකින කොච්චරක් නං දිග කතාවක් හැංගිලා තියෙනවද කියලා. අන්තිමේදි ඉතිං වාසනාවන්තයෝ නරඹත්වා කියලා තමයි කියන්න තියෙන්නෙ.
” උඹ කවුද යන වග මම දන්නේ නැත….
මම කවුද යන වග උඹ දන්නේත් නැත….
නමුත් උඹත් මාත් එකම ගමනක් දෙවිදියකට ගමන් කරනු ඇත….
මට නොලැබුණු ඒ ජීවිතයත්….
උඹට නොලැබුණු ඒ ජීවිතයත්….
හමුවන තුරු අපි එකටම ගමන් කරමු….
නමුත් අමතක නොකරන්න,
“දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු කිණිති සිප ගනිමු හෙට මලක් වනු පිණිස….” “
තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ උන සිනමා සිත්තම් අතුරින් තවමත් සිංහල සබ් එකක් නැත්තෙ “Never Look Away” ෆිල්ම් එකට විතරයි. හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම ඒ ෆිල්ම් එකේ සිංහල උපසිරැසියත් සමගින් නැවත හමු වෙමු. ඒ වගේම සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්. ඔබට ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web-DL පිටපත් සඳහා අදාළ වේ.
7,361 downloadsDownload Capernaum.2018.Baiscopelk.com_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
79 comments
Bandaramudiyansi
zero123@123
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
මෙවැනි චිත්‍රපට තවතවත් කරන්න...
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!Request :
Dogman (2018)
303 (2018)
What Will People Say (2017)
Border (2018)
Steel Rain (2017)
The Drug King (2018)
Kinder des Kalifats (2017)
Shadow (2018)
Jupiter Holdja (2017)
(mkvcage-Foreign Movies)හසිත මධුෂාන්
පට්ටම ෆිල්ම් සෙට් එකක් සහෝ....
දැනට සහෝ කලින් ඉල්ලපු Kursk එකේ සබ් එක හදා ගෙන යන ගමන් ඉන්නෙ. ඒකෙ වැඩ ටික ඉවර කරලා මේවගෙන් හොද ටිකකට සබ් දෙන්නං.Kantha_DLA
ගොඩක් ස්තූතියි.
Malithsank
#Kantha_DLA
What will people say 2017 මේකට බයිස්කෝප් එකේ සබ් තියේ මචන්
bLack_sNow
Thank you shaho sub ekata
gihan perera
මේක නම් බලන්න හිතෙනවා...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
දිලා
අඩො සුපිරිම ෆිල්ම් එකක් බං තැන්ක්ස් සබ් එක හොදට තිබුන, ෆිල්ම් ර්ක බලල ඉවර උන ගමන් comment එකක් නොදා ඉන්න බැරිඋනා සුපිරිමයි
හසිත මධුෂාන්
හොරෙන්ම සබ් එක බාගෙන මාරු නොවී එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි......!
jagath55
thanks
charithhasantha123
Hithata danena lassanama dewal lassanatama denawata sthuthi sahoo...
NuwanK
Thank u bro..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Achi
Thanks ❤️
Tharaka
ඔබගේ කලින් උපසිරැසිය දුන් සිනමා පටයත් මා නැරඹුවා. හොඳ සිනමා නිර්මාණයක්. ඉතින් මෙම චිත්‍රපටත් ඔන්න මා බාන්න දැම්මා. ඉදිරියටත් මෙවැනි හොඳ සිනමා නිර්මාණයන් වලට සබ් දෙන්න සහෝ! මෙවැනි උසස් රසවින්දනයක් ඇති චිත්‍රපට අප හට ගෙන එනවාට ඔබ හට මගේ හදපිරි ස්තූතිය හා ශීර්ෂ ප්‍රණාමය...................!
dsdkavishka
Thenks bro
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!IreshSampath
thanks
Bandara76
ලෝකෙ වටේ සිනමා නිර්මාණ රසවිඳින්න සලස්වන “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය
Pradeepkumara
Thanx sahoo
Malithsank
බයිස්කෝප් අඩවියට නියම වටිනාකමක් එක්කරනවා හසිත සහෝ ඔබේ මේ සිනමා ගවේෂණය ලෝකයේ විවිධ භාෂවන්ගෙන් එළිදැක්වුනු විශිෂ්ඨ නිර්මාණ සිංහලෙන් රසවිදින්න අපිට ඉඩහසර විවර කරන මේ වෑයමට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පිළිගන්න !!!!
James DC
බොහොම ස්තූතියි සහෝ මේ උපසිරසියටත්.
පුළුවන්නම් සහෝ සබ් එකක් හදන්න Network (1976) ෆිල්ම් එකට...හසිත මධුෂාන්
අනිවා සහෝ.... බාර ගත්තුවා ඉවර කරලා උත්සාහයක් කරන්නම්...
Sanath Indika
thx bro
kjsnperera
සුපිරි කතාවක් සහෝ .... එලම ... ජය වේවා ජීවිතේ ...
harshani11112
ස්තුති හසිත සහො ..
තෙරැවන්සරණයි
ජයවේවාgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Krishan NiShalya
බොහොම ස්තූතී මේවගේ සුපිරි චිත්‍රපට හොයලා උපසිරැසි ලබාදෙනවට..
Good Luck Bro ❤️
Psujithj
Thanks machn. supirima film 1k
Zameera
adoooooo
Nirosha Nirosha
thanks
indika75
thanks..
prageeth chamalka
බොහොම පින් අයියේ , මේක සුපිරිම ෆිල්ම් එක..ඇස් දෙකට කදුලු උනන කතාවක්..
nirosha
me wage film ekakata sub karala apita meka balanna salaswanawata godak sthuthiyi.
Mastang
ෆිල්ම් එක නම් තවම බැලුවේ නැහැ. ඒත් සබ් එකට නම් ගොඩක් ස්තුතියි බ්‍රො.
Liamdee
thx bro
AsithaDilruwan
ela saho thanks
D.Chamara
bohoma sthuthi sahooo
sampathkadc
Thank you hasi
danukaTMj
Thanks bro sub ekata
neelanethra
ස්තූතියි .
chathurangakpc
නියමයි සහෝ..........
mudith_shiwanka
capharnaum 2018 meke tprrent link eka nane bn
හසිත මධුෂාන්
මේ සබ් එකට ගැලපෙන හොද කොපියක් ලේසියෙන්ම බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් හරි mkvcage එකෙන් හරි ලේසියෙන්ම ඩිරෙක්ට් බා ගන්න පුලුවන් සහෝ...
Bandaramudiyansi
Bluray walata hadala dnnnako .please
හසිත මධුෂාන්
සමා වෙන්න සහෝ අදයි දැක්කේ...
උත්සාහකරන්නම්....!
sammana1975
විශිෂ්ඨ නිර්මාණයකට උප ශීර්ෂ ලබාදුන් ඔබට බොහෝ පින්
MAALnath
Thanks ................good luck .....................
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි අයියේ...
මෙච්චර කාලයක් මන් බලපු ඔයාගේ උපසිරැසිවල තිබ්බේ වෙනස්ම රහක්!
ලිපියේ හැටියට, අදහස්වල හැටියට මේකත් දෙවෙනි නෑ වගේ!!
ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලත් තිබ්බා..
ජය වෙවා එහෙනම්!
බලන්නයි හදන්නේ..chinthaka_priyadrshana
Thank U Bro.............
Sandun fernando
Thank u bro.....
Chamil-kumara
ස්තුතියි මචං .❤️❤️❤️
Chamika Prabath
බොහොම ස්තුතියි හසිත සහෝදරය ඔයාගේ ලිපියට සහ උපසිරසි එකට..ඇත්තටම ලෝක සිනමාවෙ මොන තරම් නම් සුන්දර සිනමා පට බිහිවෙනවද..එවයින් කීයෙන් කීයද අපිට බලන්න ලැබෙන්නෙ...ඒකත් ඔයා වගේ අය නිසා..කොහොම උනත් අවසානයේ කියන්න තියෙන්නෙ සිත සසල වන මේ වගේ ෆිල්ම් එකකට උපසිරසි දුන්නට බොහොම පිං කියල....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
nuwanlankapriya
Sub ekata godak stutiiii
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පොස්ට් එකේ ලිපි වගේම ගෙන නිර්මාණත් Great