Watch Trailer

Mary Poppins (1964) Sinhala Subtitles | ළමා ලෝකයේ නැනීගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර උන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයනම් ටිකක් පරණ එකක්. එත් මේකේ කතාවනම් නියමයි. ඒවගේම තමයි ත්‍රිමාණ සජීවීකරන තාක්ෂණය. 1964 වසරක මෙවැනි තාක්ෂණයක් සමග මෙම චිත්‍රපටය නිකුත්වීම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකල ලොව ප්‍රකට Walt Disney සමාගම විශාල පි…

ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර උන චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයනම් ටිකක් පරණ එකක්. එත් මේකේ කතාවනම් නියමයි. ඒවගේම තමයි ත්‍රිමාණ සජීවීකරන තාක්ෂණය. 1964 වසරක මෙවැනි තාක්ෂණයක් සමග මෙම චිත්‍රපටය නිකුත්වීම මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකල ලොව ප්‍රකට Walt Disney සමාගම විශාල පිම්මක් සනිටුහන් කරන්නට සමත්වෙනවා Hollywood සිනමාව තුල.

ඉතින් මේක මම ගන්න හිටිය එකක් නෙවෙයි මෙම චිත්‍රපටයේ දෙවන කොටස 2018 වසරේ නිකුත් වීමත් සමග තමයි මට මේ නිර්මාණයට අතගසන්න අවස්ථාව හිමි වෙන්නේ අපේ නවෝදනී සහෝදරිය තමයි අපේ බයිස්කෝප් එකේ නියෝ අයියට කියන්නේ මට මේක ලබා දෙන්න කියල ඉතින් ඒ දෙන්නට ස්තුති වන්ත වෙනවා මුලින්ම. ඒවගේම තමයි කරගෙන යනකොට ¾ කරලා ඉවර වෙලා විශ්ව විද්‍යාලයේ වැඩ වලට හිරවෙලා කරගන්න විදියක් නැතුව ඉන්න කොට අපේ කවිශාල් මලය සෙට් වෙන්නේ උදවුවට ඉතින් මේ සබ් එකේ එයාගේ නම නොතිබුනත් එයත් මේකේ කොටස් කාරයෙක් කියන්න ඕනේ. ඉතින් කවිෂල් මලය හරහා තමයි අපේ සෙව්වන්දි නංගි සෙට් වෙලා මේකේ සම්පුර්ණම වැඩ ටික ඉවර කරගන්නේ. ඒ දෙන්නටත් ස්තුති වන්ත වෙන්න ඕනේ.

ඉතින් මම දැන් චිත්‍රපටය ගැන කියන්නම් 1946 වර්ෂයේ තමයි මේ සලරුව කරලියට පැමිණෙන්නේ. ඉතින් 1965 වර්ෂයේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 13 සඳහා මෙම සලරුව නිර්දේශ වෙනවා. ඒ අතරින් හොඳම නිළිය සම්මානයද ඇතුළුව අතවත් සම්මාන 4ක් දිනා ගැනීමටද මෙම චිත්‍රපටය සමත් වෙනවා.

Winner Oscar

  • Best Actress in a Leading Role: Julie Andrews
  • Best Film Editing: Cotton Warburton
  • Best Effects, Special Visual Effects: Peter Ellenshaw, Hamilton Luske, Eustace Lycett
  • Best Music, Original Song: Richard M. Sherman, Robert B. Sherman For the song “Chim Chim Cher-ee”
  • Best Music, Substantially Original Score: Richard M. Sherman, Robert B. Sherman

Nominee Oscar

  • Best Picture: Walt Disney, Bill Walsh
  • Best Director: Robert Stevenson
  • Best Writing, Screenplay Based on Material from Another Medium: Bill Walsh, Don DaGradi
  • Best Cinematography, Color: Edward Colman
  • Best Art Direction-Set Decoration, Color: Carroll Clark, William H. Tuntke, Emile Kuri, Hal Gausman
  • Best Costume Design, Color: Tony Walton
  • Best Sound: Robert O. Cook (Walt Disney SSD)
  • Best Music, Scoring of Music, Adaptation or Treatment: Irwin Kostal

ඉතින් ගොඩක් අය පරණ මාදිලියේ දේවල් වලට කැමති නැනේ. එත් ඉතින් මේකනම් අනිවා බලන්න කියල මම යෝජනා කරනවා. මොකද මේකේ දෙවෙනි කොටසක් නිකුත් වෙන්නේ 2018. ඒ කියන්නේ 1964න් පසු වසර 44 වීම නිසයි. අනෙක් කරනයනම් දෙවෙනි එක බලන්න කලින් මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක් මොකද දෙවෙනි එකේ කතාව මේකට සම්බන්දයි. ඔයාලම බලන්නකෝ. ඒවගේම තමයි දෙවෙනි එක බලනකොට ටිකක් දුක හිතෙයි මොකද මේකේ සමහර චරිත දෙවෙනි සලරුවේදී වයස්ගතව හමු වෙන නිසා. ඒවගේම තමයි මෙම සලරුවේ මයිකල් ගේ කුඩා චරිතයට පණපොවන Matthew Graber 1977 වසරේ මෙලොවින් සමුගෙන තිබීමයි.

Matthew Graber


Jane Banks (1964) = Elegant Woman (2018)

චිත්‍රපටයේ වැඩි කොටසක් අයත් වන්නේ අලංකාර සින්දු වලට. කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් මේරි පොපින්ස් කියන්නේ නැනී කෙනෙක්. එත් සාමන්‍ය නැනි කෙනෙකුගේ චරිතයට වඩා යම් ආකාරයක වෙනස් කෙනෙක් ඉතින් මෙය එන්නේ බෑන්ක්ස් පවුලේ ළමයින් වන මයිකල් සහ ජේන්ව බලාගන්න. ඊට පස්සේ වෙන සිද්දි දාමයක් තමයි කතාවේ අඩංගු වෙන්නේ. ළමා ලෝකයේ සුන්දරත්වය මැනවින් විදහා දක්වන ඉතාමත් සාර්ථක සලරුවක් කිව්වොත් වඩා නිවැරදි කියල හිතනවා දෙමාපියනේ.

ඉතින් ඔයාලම බලන්නකෝ. දෙවන කොටසින් හමුවෙමු ඉක්මනින්ම. ජය වේවා .

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

1,438 downloadsDownload Mary-Poppins-1964.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට සහ සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,438 downloadsDownload Subtitles69 KB

16 comments

  1. Praneeth priyadarshana

    Tks aluth ekath one

  2. Hashan M. Priyadarshana

    Thank you dennatama sub eka dunnata..

  3. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  5. Sahan Sulakkhana

    sthuthiyi sub ekata

  6. rajitha mahesh

    Ela, tnx, mary poppins return ekata sub sub denwada

  7. YasasPerera

    thanks both of you

  8. Tharaka

    මෙවැනි ලෝක සිනමාවේ තවත් අමරණීය ලස්සන සිනමා සිතුවමකට සබ් ගෙනාවාට ඔබ දෙදෙනාට ගොඩාක් ස්තූතියි! දෙවැනි ෆිල්ම් එකෙත් සබ් ඉක්මනින් ලැබේවියැයි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදිත් මෙවැනි හොඳ සිනමාපට වලට උපසිරැසි ලබාදෙන මෙන්ද ඉල්ලනවා. ජයවේවා!

  9. IreshSampath

    thanks

  10. Priyantha Dayakeerthi

    මා විසින් පුගලිකවම කැමැත්තක් දක්වනවා. ඔස්කාර් සම්මාන සහ IMDb දර්ශකය තුළ ඇති පැරණි සිනමපටවලට. ඉතින් මේ සිනමාපටය නරඹන්නට තීරණය කළා. ඔයාලාගේ වෙහෙසින් නිමවූ මේ සිනමාපට උපසිරසියට මාගේ ස්තුතිය මෙයින් පිරිනමමි!!!

    1. Priyantha Dayakeerthi

      හැකිනම් IMDb 250 තුළ ඉතිරිව ඇති තවත් වටිනා පැරණි සිනමාපටයකට උපසිරසි සපයන මෙන් මෙයින් යෝජනාකර සිටින්නෙමි.

  11. Sandeepmadushan

    Thanx

  12. Haritha245

    Thank you

  13. AsithaDilruwan

    ela saho thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Nilush Angana

    Sub ekata thanx