Watch Trailer

Capmaari (2019) Sinhala Subtitles | ගැහැණු හුටපට! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඔයාලට 2019 නොවැම්බර් මාසේ තිරගත වුණ පැය 2 කුත් විනාඩි 06 පුරා දිවෙන Comedy, Drama, Romance වර්ගීකරණය යටතට අයත් ප්‍රධාන චරිත Jai, Athulya Ravi, Vaibhavi Shandilya, චරිත නිරූපණය කරන චිත්‍රපටයක් මගේ 68 වන සිංහල උපසිරැසි නිර්මණය විදියට ඔයාලට අරගෙන ආවා. කලින්ට වඩා මේ අවුරුද්දේ කාර්…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඔයාලට 2019 නොවැම්බර් මාසේ තිරගත වුණ පැය 2 කුත් විනාඩි 06 පුරා දිවෙන Comedy, Drama, Romance වර්ගීකරණය යටතට අයත් ප්‍රධාන චරිත Jai, Athulya Ravi, Vaibhavi Shandilya, චරිත නිරූපණය කරන චිත්‍රපටයක් මගේ 68 වන සිංහල උපසිරැසි නිර්මණය විදියට ඔයාලට අරගෙන ආවා. කලින්ට වඩා මේ අවුරුද්දේ කාර්යය බහුලත්වය නිසා උපසිරැසිය අරගෙන එන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ ගැන කණ ගාටුව පල කරන අතරම කතාව දිහාට ටිකක් හැරෙමු.

ජේයි, කියන්නෙ පරිගණක සමාගමක වැඩ කරන කඩවසම් තරුණයෙක්. තිරිචි වලට යන්න කෝච්චියට නැගලා දුම්රිය මැදිරියට යනකොට ඇතුළේ ඉන්නව ලස්සන කෙල්ලෙක්, කොටින්ම කිව්වොත් අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට කෑල්ලක්. ජේයි ලයින් එක දාන්න හිතාගෙන කතාවට අල්ලගෙන එයා ගාව තියෙන බියර් එකක් අරගෙන බොන්න ගද්දි කෙල්ලගෙන් අහනව ඕනෙද කියල. දෙන්නම බියර් දෙකක් විතර බිව්වට පස්සේ දෙන්නටම හැගීම් ඇතිවෙලා කෝච්චි පෙට්ටියෙම විනෝද වෙනවා. පස්සෙ එහෙම්ම දෙන්නා වෙන් වෙලා යනව. ඔහොම කාර්‍යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන් ජේයිගේ කාර්‍යාලයේ වර්ෂා කියල කෙල්ලෙකුත් ජේයිට බැල්ම දාගෙන ඉන්නව. දවසක් ජේයි වැඩ ඉවරවෙලා බියර් එකක් බොන්න හිතාගෙන හවස බාර් එකේදි බියර් අරගෙන පාරට එනකොට එදා කෝච්චියෙදි හම්බවුණ කෙල්ලව හම්බවෙනව. හම්බවෙලා කතා කර කර ඉන්නකොට දෙන්නම කසාද බදින්න ගෙවල් වලින් හොයන නිසා කසාද බදිමුද කියල දෙන්නම එකට අහල කසාද බදින්න තීරණය කරනවා. පස්සෙ ඉක්මනින්ම වෙඩින් එකත් අරගෙන පළමු රැය ගත කරන්න කියල ඇදට ආවාම ජෙනී කියනව දැන්ම බබාල හදන්න බෑ, අවුරුදු 5ක් වත් ජීවිතේ විනෝද වෙලා පස්සෙ ළමයෙක් හදාගමු ඒ නිසා ග්ලවුස් (කොන්ඩම්) නැතුව මැච් එක සෙල්ලම් කරන්න බෑ කියල. නමුත් ජේයිට නම් සෙල්ලමට බැහැල 6 පාරවල් ටිකක් නෙලාගන්නකම් ඉවසුමක් නෑ. ග්ලවුස් හොයාගන්න කියල යාලුවන්ට කතා කරල හම්බවුණේ නැති තැන බයික් එකේ පාර දිගේ යනව ෆාමසියක් හොයාගෙන. ඔන්න එතකොට දකිනව සල්ලි වලට එන කෑල්ලක් පාරේ ඉන්නව. එයාගෙන් පොර කරල ග්ලවුස් එකක් අරගත්තාම පොලීසියෙන් ඇවිත් අල්ලගෙන පොලීසියට එක්කගෙන ගිහින් හොදට නෙලනව. පස්සෙ ජෙනී ඇවිල්ලා හිනා වෙවි ජේයිව එක්කගෙන යනවා. පහුවදා කාර්‍යාලයට ගියාම හැමෝම සුභ පතල ජේයිව පිළිගන්නවා. නමුත් වර්ෂා එයාගෙ බැල්ම දාන එක නවත්තන්නෙ නෑ. ජේයිව බැදල හිටියත් කමක් නෑ කියල වර්ෂා, ජේයිව අල්ලගන්න ගහන ප්ලෑන මොකද්ද කියල බලන්නකෝ…

හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

11,018 downloadsDownload Capmaari-2019.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

11,018 downloadsDownload Subtitles63 KB

10 comments

  1. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  2. tharidu16

    අඩො කමෙන්ට්ස් නැ කියලා මොකුත් හිතන්න එපා. අපි හැමෝම වැඩ අස්සෙනේ එන්නේ බම්. ෆිල්ම් එක ඩවුන්ලොඩ් වෙන්න දාලා යනවා. සබ් එක තව දවසක ගන්නවා එහෙමනේ. භාගයක් එක දවසක බලනවා ඉතිරි ටික වෙන දවසක. තෑන්ක්ස් උඹලට. පිං.

    1. ඔෂද ධනංජය

      elasahoo..apith ehemai..weda asse sub eka denne....apen wenna one de api karanawa thank...broo

  3. Niroshani maduka

    Sub ekata thank you dr..

  4. isuru srinath sjs

    Thank you machan .

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sasala

    බොහොම ස්තූතියි

  7. nuwanishalika

    baiscop eken api hoda nirmana rasa vindala thinawa. ekata hamadama thnks karanawa baiscop ekata. eth me wage gobba film nam sub karanna denna epa kiyala man ella sitinawa. mewage films sub karana eken apitawath, katawath wena sethak na. nirmana rasaya pahathata dana me wage moda films nam sub karanan denna epa

    1. oshanda

      sahodaraya,oyata balen film eka balanna kiyala nene,api karanne film eka balana ayata therum ganna widhiyata sinhalen pariwarthanaya karana eka misak gobba film ekadda nedda kiyala api thiranaya karanne ne,balana oya eka trailer eka balala ho wisthare balala film eka balanwada nedda kiyala thiranaya karanna...

  8. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!