Watch Trailer

The Parts You Lose (2019) Sinhala Subtitles | දරුණු අපරාධකරුවෙකුට පිහිට වන දස හැවිරිදි බිහිරි දරුවා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න 2020 වර්ෂයේ දෙන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මේ ෆිල්ම් ඒකේ උඩ තියන පෝස්ටර් එක දැක්ක ගමන් කට්ටියටම මතකෙට එන්නේ මොකක්ද කියන්න මං දන්නවා. Breaking Bad නේද? හැබැයි මේක Breaking Bad රූපවාහිනි කතා මාලාවට අදාල කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ වුනාට Breaking Bad එකේ යම් අර්ථයක් සිනමා ලෝ…

හොඳයි, එහෙනම් ඔන්න 2020 වර්ෂයේ දෙන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මේ ෆිල්ම් ඒකේ උඩ තියන පෝස්ටර් එක දැක්ක ගමන් කට්ටියටම මතකෙට එන්නේ මොකක්ද කියන්න මං දන්නවා. Breaking Bad නේද? හැබැයි මේක Breaking Bad රූපවාහිනි කතා මාලාවට අදාල කරලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ වුනාට Breaking Bad එකේ යම් අර්ථයක් සිනමා ලෝලීන්ට මේ චිත්‍රපටයෙන් දෙන්න උත්සහා කරලා තියනවා. කතාව බලද්දි හැමෝටම ඒක තේරුම් යයි. Breaking Bad රූපවාහිනි කතා මාලාවටම එක්කාහු කරලා හදපු චිත්රපටිය තමයි ගිය අවුරුද්දේ ආපු El Camino: A Breaking Bad Movie (2019). බළලා නැත්තම් මේකත් අරන් බලන්න. Aaron Paul එහෙමත් නැත්තම් Breaking Bad එකේ ජෙසී තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයකට රංගනයෙන් පණ පොවන්නේ.

තව එක විශේෂ යමක් විශේෂයෙන්ම සදහන් කරන්න ඕනේ. ඒ තමයි මේ චිත්‍රපටයෙ දස හැවිරිදි බිහිරි දරුවාගේ චරිතය කරන Danny Murphy කුඩා දරුවා ගැන. මෙයාගේ පළමු චිත්‍රපටය තමයි මේක. ඒ වගේම මෙයා ඇත්තටම ජීවිතේ බිහිරියි. මෙයාගේ අම්මා තාත්තත් බිහිරියි 🙁 ඒ වුනත් මෙයාගේ අයියයි නංගීයි නම් බිහිරි නෑලු. මෙයාලා බ්රිතාන්ය ජාතිකයෝ. මෙයා GCSE’s in English, Maths, Science, Media, Drama, ICT, Geography, BTEC Business Studies වගේ බොහොමයක් උසස් අධ්‍යාපනික දේවල් කරලා සමත් වෙලත් ඉවරයි.

ඒවගේම තව මෙයා CITV කියලා නාලිකාවක බිහිරි අය වෙනුවෙන් තියන යම් වැඩසටහනක් මෙහෙයවන්නෙක් විදියටත් ඉඳලා තියනවා. තව මෙයා විහිළු දේවල් තියන එයාගේ YouTube චැනල් එකකුත් හදලා තියනවා. දැනට මිලියන 1.5ක් වගේ නරඹන්නෝ ගානකුත් මෙයාගේ මේ චැනල් එක බළලා තියනවා. ඒ වගේම මෙයා බ්රිතාන්ය බිහිරි සංගමය විසින් පවත් වනු ලැබු Diana Award එකත් දිනලා තියනවා.

පොඩි වුනාට සෙල්ලම් කොල්ලෙක් නෙමෙයි. වැඩකාරයෙක් 🙂 තමන්ගේ විශාල එක අඩුපාඩුවක් තිබුනත් ජීවිතයේ අනිත් දේවල් හොඳින්ම සාර්ථක කරගෙන. කතාව මේකයි,

වෙස්ලි වයස අවුරුදු 10ක බිහිරි කුඩා පිරිමි දරුවෙක්. වෙස්ලිට මව පියා හා එක් කුඩා සහෝදරියක් සිටියි. මොවුන් ජීවත් වෙමින් පවතින්නේ සීත කාලගුණය අධිකව වසරේ ලැබෙන වකවානුවකයි. පාසල් යන වෙස්ලී තම ශ්රව්ය ආබාධය නිසා නිරන්තරයෙන් තම පන්තියේ සිසුන්ගෙන් විවිධ කෙනෙහිලිකම් විඳිමින් සිටිනවා. දිනක් පාසල නිම වී නිවස බලා එන වෙස්ලිට යම් ආගන්තුක පුද්ගලයෙක් හිම මත වැතිරි සිටිනු දැකගැනීමට ලැබෙනවා. මෙම පුද්ගලයා දරුණු අපරාධ ක්‍රියා වලට සම්බන්ධ නීතියෙන් පලා යන තුවාල ලත් අපරාධකරුවෙකි. මේ කිසිවක් නොදන්නා කුඩා වෙස්ලි සියලුම දෙනාට හොරා මොහුට උදව් උපකාර කර පිහිට වීමට මොහුව තම නිවසේ මඩුවකට රැගෙන ගොස් දමනවා.

තුන්වෙලේ කෑම සහ බෙහෙත්හෙත් සියලුම දේ වෙස්ලි විසින් නිරතුරුවම මෙම නීතියෙන් පලා යන්නාට සපයනු ලබනවා. මෙම අපරාධකරුවගේ යම් ඇතැම් පණිවිඩ හා දැනුම් දීම් ඇතැම් අයවලුන්ට කිරීමට අපරාධකරු විසින් වෙස්ලිව යොදා ගනුද ලබනවා. කෙමෙන් කෙමෙන් දෙදෙනා අතර යම් හාද කමක් ඇති වෙන්නටද පටන් ගන්නවා. මෙහෙදි මොවුන් තම පෞද්ගලික ජීවිතයේ තොරතුරු හුවමරු කරගෙන කාලය ගෙවා දමනවා. වෙස්ලීට පාසලෙදි සිදුවන කෙනෙහිලිකම් පිළිබඳ දිනක් අවබෝධ වන තුවාල ලත් අපරාධකරු වෙස්ලීට ඔවුන්ගෙන් ගැලවී එඩිතරව නැගී සිටීමට යම් අපූරු ක්රම විධි කියාදෙනු ලබනවා. දෙදෙනාගේ මේ දිගු බැඳීම හේතුවෙන් අවසානයේ වෙස්ලිට මෙම අපරාධකරුව නැතුවම බැරි තත්වයකට පත්වනවා.

වෙස්ලිට පන්තියේ ළමයි මොකද කරන්නේ? මේ නීතියෙන් පලා යන පුද්ගලයා කවුද? වෙස්ලිගේ මේ වැඩේ අම්මා තාත්තට අහුවෙයිද? මොනවද අපරාධකරු වෙස්ලි අතේ යවන පණිවිඩ? වෙස්ලිගේ ජීවිතයට අනතුරක් වෙයිද? අපරාධකරු වෙස්ලිට මොනවද ඒ කියලා දෙන්නේ පන්තියේ ළමයින්ගෙන් බේරෙන්න? අපරාධකරු අවසානයේ නීතියේ රැහැනට කොටුවෙයිද? ඇයි වෙස්ලිට මේ තරම් මෙම අපරාධකරු ගැන සෙනෙහසක් ඇති වෙන්නේ?

සේරටම උත්තර දැනගන්න චිත්රපටිය අරගෙන බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,229 downloadsDownload The-Parts-You-Lose-2019.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

4,229 downloadsDownload Subtitles26 KB

17 comments

  1. gihan perera

    නියමයි මචෝ....ළඟදි හොඳ ඉංග්‍රීසි ෆිලුමක් බැලුවෙත් නෑ....ස්තුතියි ස්තුතියි ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  2. Shaggie

    Thnks mchn

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  6. ridmal

    Thankz bro..

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. jagath55

    Thanks

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. isururko

    මම ඔක ලියලා ගොඩක් කල්

  11. kodagoda

    tnx sahoo sub ekta

  12. indika75

    thanks..

  13. nish47

    ස්තූතියි සහෝ

  14. melinda

    thank you

  15. රිශාන්ත

    ස්තුතිය පුද කරමි

  16. Anuruddha Udaya

    thanks bro

  17. sanjeewakbg

    thanks bro..