ආයුබෝවන්..! මේ කියන්න යන්නෙ මැරයෙක් ගැන ඇත්ත කතාවක් කතාවක්. ඇල්ෆොන්සෝ ගේබ්‍රියල් කැපෝන්, 1899 ජනවාරි 17 නිව්යෝර්ක්හි, බෘක්ලින් වල උපත ලබන්නෙ ඉතාලි ජාතික සරණාගත යුවළකගේ දරුවෙක් විදියට. කැපෝන් කියන නම ඇමරිකාව පුරා භීෂණය පතුරුවපු තව එක නමක්. තරුණ අවධියේදීම Five Points Gang කියන අපරාධ කල්ලිය හා එක්ව තම…

ආයුබෝවන්..!
මේ කියන්න යන්නෙ මැරයෙක් ගැන ඇත්ත කතාවක් කතාවක්. ඇල්ෆොන්සෝ ගේබ්‍රියල් කැපෝන්, 1899 ජනවාරි 17 නිව්යෝර්ක්හි, බෘක්ලින් වල උපත ලබන්නෙ ඉතාලි ජාතික සරණාගත යුවළකගේ දරුවෙක් විදියට. කැපෝන් කියන නම ඇමරිකාව පුරා භීෂණය පතුරුවපු තව එක නමක්. තරුණ අවධියේදීම Five Points Gang කියන අපරාධ කල්ලිය හා එක්ව තමන්ගෙ දාමරික ජීවිතය ආරම්භ කරන කැපෝන් වයස අවුරුදු 20 වෙන්නටත් පෙරම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කාර නායකයෙක් වූ ජොනී ටොරියෝගෙ සමීපතම හා විශ්වාසනීයම ආරක්ෂකයෙක් බවට පත් වෙනව. මෙතනින් එහාට තමයි ඔහුගේ ජීවිතය සම්පුර්ණයෙන්ම දාමරික ජීවිතයක් බවට පත් වෙන්නෙ. ජොනී ටොරියෝ සතුව අපරාධ සංවිධායක් පැවතුණා. ඒ තමයි චිකාගෝ අවුට්ෆිට්. මේ අපරාධ සංවිධානයට සහ ජොනී ටොරියෝ හට සම්පූර්ණයෙන්ම පාහේ ආරක්ෂාව සැලසුනේ සිසිලියානා එකමුතුව නමින් හැඳින්වුණු දේශපාලනික සංවිධානය මඟින්. කාලය ගත වෙලා ටොරියෝගෙ ශක්තිය හීන වෙනකොට, එකල සමගාමීව ක්‍රියාත්මක වුණු North Side Gang නම් වූ කල්ලිය අතින් ටොරියෝගේ බලය අඩපණ වෙනව. ටොරියෝගෙ මේ බලය අඩපණ වීම චිකාගෝ අවුට්ෆිට් සංවිධානයේ බලය කැපෝන් අතට මාරු විම කෙරෙහි බලපානව. චිකාගෝ අවුට්ෆිට්හි බලය මෙසේ කැපෝන් වෙත සංකේන්ද්‍රණය වෙන අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා විකිණීම ඉතා ප්‍රචණ්ඩකාරී මට්ටමකින් ඉහළ නංවන්න කැපෝන් සමත් වෙනව.
සත්‍ය කතාවට පදනම් වන ජේත්තුකාර කැපෝන් ඔහු ඉතා ප්‍රිය කළ පෙට්ටි සුරුට්ටුව සමඟ
ඇල් කැපෝන් හට අන්වර්ථ නාම කීපයක් පටබැඳිල තියෙනව. ස්කාර්ෆේස්, ඉග් ඇල්, බිග් බෝයි, ස්නොර්කි මේවායින් කීපයක්. ස්කාර්ෆේස් නැත්තං කැළල් මූණා කියන නම හැදෙන්නත් නිධාන කතාවක් තියෙනව. ඔහු කාලයක් ෆ්‍රැන්කි යාලේ නම් තැනැත්තෙක් සමඟ “කොනී අයිලන්ඩ්හි” “හාර්වඩ් ඉන්” කියන රාත්‍රී සමාජ ශාලාවෙ සේවය කරනු ලබනව. දවසක් කැපෝන් එහි පැමිණුනු කාන්තාවකට ඉතා අපරික්ෂාරී විදියට නින්දා කරනු ලබනවා. ඉතිං මේ සිදුවීම නිසා ඇගේ සහෝදරයා විසින් කැපෝන්ගේ මුහුණෙ කැපුම් තුවාලයක් ඇති කරනව. මේ හේතුව නිසා තමයි ඔහුට ස්කාර්ෆේස් නැත්තං කැළල් මූණා යන අන්වර්ථ නාමය පටබැඳෙන්නෙ. වයස අවුරුදු 19 දි නැත්තං වර්ෂ 1918 දෙසැම්බර් මස 30 කැපෝන් විවාහප්‍රාප්ත් වෙන්නෙ “මේයි ජොසෆින්” නම් සුරූපී තරුණිය සමඟ. ඔවුන් දෙදෙනාට ඇල්බර්ට් ෆ්‍රැන්සිස් කැපෝන් නමින් පුත්‍රයෙක් ලැබෙන අතරෙ කැපෝන්ගේ අපරාධකාරී ජීවන රටාව හැරෙන්නට මේයි සහ කැපෝන් ඉතා සාර්ථක යුග දිවියක් ගත කළ බව සඳහන් වෙනව. ඒ බව චිත්‍රපටිය තුළත් ඉතා හොඳින් බලාගන්න පුළුවන්.
කැපෝන්ගේ බිරිඳ “මේයි” සහ පුත්‍රයා “ඇල්බර්ට්”
1919 දි කැපෝන් නිව්යෝර්ක් අතහැරල චිකාගෝවට යන්නෙ, ටොරියෝගෙ ආරාධනාවකට. චිකාගෝවට පැමිණෙන කැපෝන් ගණිකා නිවාසයක පාරිභෝගිකයන් හසුරුවන තැනැත්තෙක් ලෙස සේවය කරනු ලබනවා. මේ අවස්ථාවෙදි තමයි ඔහුගේ ජීවිතයේ අවසානය දක්වා ඔහු වේදනා විඳින රෝගයක් ඔහුට වැළඳෙන්නෙ. ගණිකා නිවාසයේ සේවය කරන අතරතුර ඔහුට ලිංගිකව සම්ප්‍රේෂණය වන “සිෆිලික්ස්” රෝගය වැළඳෙනව. අඛණ්ඩ ප්‍රතිකාර මඟින් ආසාදනය පැතිරීම පාලනය කර ගැනීමට කැපෝන් හට හැකියාව ලැබුණත් සම්පුර්ණයෙන්ම රෝගය සුව කර ගන්න හැකියාව ලැබෙන්නෙ නැහැ. 1920 මැයි 11 වැනි දින වන විට, එවකට චිකාගෝවෙහි මත්ද්‍රව්‍ය සම්බන්ධ බලාධිකරය පැවති ජේම්ස් කොලොසිමෝ ඝාතනය කරමින්, ජොනී ටොරියෝ කොලොසිමෝ සතුව පැවති අපරාධ රාජධානියේ බලය අල්වා ගනු ලබනවා. කොලොසිමෝගෙ අබිරහස් මරණය හා කැපෝන් සම්බන්ධව ඇති බවට එවකට රාවයක් පැතිරී යමින් තිබුණ. 1925 දි කැපෝන් භීතියට පත් කරමින් ඔහුට ප්‍රහාරයක් එල්ල වෙනව. නමුත් මේ ප්‍රහාරයෙන් ඔහු හානියක් වෙන්නෙ නෑ. මේ කාලය වෙනකොට ජොනී ටොරියෝ හටත් අඛණ්ඩව ප්‍රහාර ගණනාවක් එල්ල වී තිබුණා. ටොරියෝ මේ ප්‍රහාර වලින් සුවය ලැබූ වහාම එවකට වයස අවුරුදු 26ක් වූ තරුණ කැපෝන් හට කැනඩාව ආදී වූ රටවල් වලට මත්පැන් සැපයුමේ ප්‍රධානත්වය ලබා දී පසෙකට වුණා. ඒ ආකාරයට ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස මත්පැන් සැපයීම සිදු කළ කැපෝන්, තමාගේ කල්ලියේ මත්පැන් ලබා නොගන්නා ඕනෑම ව්‍යාපාරයක් බෝම්බ තබා පුපුරුවා හැරීමට තරම් සාහසික වුණා. මේ ප්‍රහාර වලින් සිය ගණන් මිනිස්සු අහේතුකව ඝාතනයට ලක්වුණා.
මත්පැන් ව්‍යාපාරයේ රජු ලෙස මෙලෙස කිරුළුප්‍රාප්ත වුණු කැපෝන් උජාරු ඇඳුම පැළඳුම, සිගාර් හෙවත් පෙට්ටි සුරුට්ටු, ඉහළ පෙළේ ආහාර, Templeton Rye නම් මත්පැන් සහ ගැහැණුන් සඳහා ඉහළ රුචියක් දැක්වූවා. මීට අමතරව ඔහු පැළඳි ඉතා විචිත්‍ර, මිල අධික ආභරණ හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවා. ඔහුගේ මේ ක්‍රියාකාරීත්වය ගැන ඔහුට ලැබෙන ප්‍රශ්න වලදී ඔහු ලබා දුන් පිළිතුරක් තිබුණා.
” මම මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලබා දෙන සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. මම කරන්නෙ පොදු ජනතාවගේ ඉල්ලීම් සපුරන එක විතරයි”
කැපෝන් හට ස්කාර්ෆේස් (කැළැල් මූණා) ලෙස අන්වර්ථ නම පටබැඳිමට හේතු වූ කැළල
1926 සැප්තැම්බර් 20 South Side Gang කල්ලිය විසින් කැපෝන් හට ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. නමුත් ඔහුට ඉන් හානියක් සිදු වෙන්නෙ නෑ. ඒ වගේම ඔහුගේ රියදුරා පැහැරගෙන ගොස් වධ දී මරා දමා තිබී හමුවුණා. මේ හේතූන් නිසා කැපෝන් තමබ්ගෙ ආරක්ෂාව ගැන ඉතාමත් සැලකිල්ලක් දැක්වූවා. ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු ඔහුගේ නමින් කිසි දිනෙක කිසිඳු දේපොළක් මිලදී ගෙන නැහැ. ඒ වගේම ඔහුගේ නමින් කිසිඳු බැංකු ගිණුමක් පවත්වාගෙන ගොස් නැති අතර, උපරිමය ඩොලර් 1000 දක්වා මුදල් හුවමාරු සඳහා ඔහු වෙස්ටන් යූනියන් මුදල් හුවමාරු සේවය සෑම අවස්ථාවකදීම භාවිතා කර තිබුණා. මීට අමතරව සමාජය ඉදිරියේ ඔහුගේ ප්‍රතිරූපය යහපත් ලෙස පවත්වාගෙන යෑම සඳහා ඔහු ධානපතියෙක් ලෙස සමාජ සේවා කටයුතු වල නිරත වුණා. 1927 කාල පරාසයේදී කැපෝන් එවකට ඉලිනොයිස් නගරයේ පැවති නගරාධිපතිවරණයේදී විලියම් හේල් තොම්ප්සන්ගේ ජයග්‍රහණය සඳහා කැප වී ක්‍රියා කරනු ලැබුවා. ඉතිහාසයේ මෙය සඳහන් වන්නේ Pineapple Primary යනුවෙන්. මීට හේතුව වෙන්නෙ මේ මැතිවරණය අවස්ථාවේදී ප්‍රසිද්ධ ලෙස මැරයන් හට සිය දේශපාලනික ක්‍රියාකාරීත්වය හෙළි කිරීමට ලැබුණු අසීමිත ඉඩකඩ. පූර්ව මැතිවරණ කාල සීමාව තුළ ආසන්න වශයෙන් බෝම්බ ප්‍රහාර 62ක් එල්ල වී තිබුණු අතර, දේශපාලඥයන් දෙදෙනෙකු මේ කාල සීමාවේ ඝාතනයට ලක් වුණා. මෙම බෝම්බ ප්‍රහාර සඳහා බහුල ලෙස භාවිතා කර තිබුණේ අත් බෝම්බ. මේ ප්‍රහාර සඳහා අන්නාසි ගෙඩියක් හැඩැති අත්බෝම්බ භාවිතය නිසා මෙම පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩකාරී කාල සීමාව Pineapple Primary ලෙස හඳුන්වනු ලබනවා. 1928 අප්‍රේල් 10 පැවති මෙම මැතිවරණයේදී කැපෝන්ගේ බෝම්බකරුවන් ඡන්ද පෝලිම් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයෙන් අවම වශයෙන් මිනිසුන් 15ක් පමණ ඝාතනයට ලක් වුණා.
මේ සියල්ල අතර කැපෝන් මැදිහත් වී සිදු කළා යැයි සැළකෙන ඉතා ප්‍රසිද්ධ ප්‍රහාරය වුණේ “ශාන්ත වැලන්ටයින් දිනයේ සංහාරය” (Saint Valentine’s Day Massacre) ප්‍රහාරයයි. 1929 දී මේ ප්‍රහාරය එල්ල කරන්නෙ North Side Gang නායක Bugs Moran මරා දැමීමේ අරමුණින්. මෙහිදී වැලන්ටයින් දිනයේ කැපෝන්ගේ පිරිස පොලිස් නිළධාරීන් ලෙස වෙස් මාරු කර ගනිමින් North Side Gangහි සාමාජිකයන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ සහායකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු ලින්කන් පාර්ක්හිදී අත්තඩංගුවට ගනු ලබනවා. මෙලෙස අල්ලා ගනු ලබන පිරිස එහි තිබූ තාප්පයක් දෙසට හරවා පෝලිම් කර වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේ සංහාරය සිදු වෙන්නෙ 1929 පෙබරවාරි 14 උදෑසන 10.30 ට. මේ සිදුවීමට එරෙහිව ඔහුට එරෙහිව නඩු ගොනු කිරීමක් සිදුකිරීම ඊට සති කීපයකට පසුව සිදු වුණත්, අසනිප බව හඟවා ඊට සහභාගී වීම ඔහු පැහැර හරිනවා.

“ශාන්ත වැලන්ටයින් දින සංහාරය” (Saint Valentine’s Day Massacre)
කැපෝන් තමන්ගෙ සියළු නොමනා ක්‍රියාවන් තමන්ගේ සහායකයින් ලවා සිදු කර ගැනීමට සෑම විටම උත්සුක වුණා. මේ ආකාරයට වරක් ඔහුගේ සහායකයින් තිදෙනෙක් වන Scalise, Anselmi, සහ Giunta තමාට එරෙහිව සතුරු කල්ලි සමඟ කුමන්ත්‍රණය කරන බව දැනගනු ලබන කැපෝන් ඔවුන් සමඟ රාත්‍රී ආහාර වේලක් සහ මත්පැන් සංග්‍රයක් සූදානම් කරනු ලබනවා. සාදය අවසානයේ ඔහු කුමන්ත්‍රණකරුවන්ට බේස්බෝල් පිති වලින් පහර දී අවසානයේ ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙස ඔහුගේ ආරක්ෂකයන් හට නියෝග කරනු ලබනවා.
1929 මාර්තු 27 නෛතිකව තහනම් වූ ක්‍රියාකාරකම් වල නියලීමට චෝදනා ලැබ අත්තඩංගුවට ගනු ලබනවා. 1929 මැයි 16 දින පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා හිදී අත්තඩංගුවට ගනු ලබන්නේ සඟවා තබා ගත් ආයුධ ඔහු සන්තකයේ තිබී සොයා ගනු ලබන නිසා. 1929 මැයි 17 ඔහුට එරෙහිව නඩුව විභාග වන අතර, වසරක සිර දඬුවමක් ඔහුට නියම වෙනු ලබනවා. ඒ අනුව 1930 මාර්තු මස දක්වා බන්ධනාගාර ගතවී සිටින ඔහු ඉන් නිදහස ලැබූ පසු Chicago Crime Commission මඟින් නොනිළ වශයෙන් ඔහු “අංක එකේ පොදු සතුරෙක්” ලෙස නම් කරනු ලබනවා. නැවත 1930 අප්‍රේල් මස ඔහු සිරගත වන අතර මාස හයක සිර දඬුවමකින් අනතුරුව නිදහස ලබනවා.
කැපෝන් පිළිබඳ වන අපරාධ වාර්තා සහ ඇඟිලි සලකුණු සටහන්
මේ සියල්ල අභිබවා යමින් ඔහුට දරුණුම අන්දමේ චෝදනාව ගොනු වෙනු ලබන්නේ බදු නොගෙවා හැරීම සම්බන්ධවයි. ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු බදු නොගෙවා හැර ඇති බවට චෝදනා ගොනු වූ අතර මේ සඳහා 1931 වර්ෂයේ ඔක්තෝබර් 17 දින ඔහුට වසර 11 සිර දඬුවමක් නියම කරනු ලබනවා. ඊට අමතරව ඩොලර් දස දහස් ගණනක් වූ රජයට නොගෙවූ බදු සියල්ල ද ඔහු රජයට ගෙවිය යුතු බවට නියෝග නිකුත් කරනු ලැබ තිබුණා. මේ සියළු මුදල් ඔහු විසින් 1920-30 කාල පරාසය තුළ මත්පැන් විකිණීම තහනම් වූ කාල පරාසයේ උපයා ගත් මුදල් බව සඳහන් වෙනවා. ඒ අනුව 1931 වර්ෂයේ දී බදු නොගෙවා හැරීම සම්බන්ධව ඔහු සිරගත වීමත් සමඟ ඔහුගේ මැර ජිවිතය අවසන් වූ බව සඳහන් වෙනවා.
1939 නොවැම්බර් මස 16 වැනි දින අධික ලෙස අසනීප තත්වයෙන් පසුවූ කැපෝන් සිරබාරයෙන් මුක්ත කරනු ලබනවා. 1942 ඇමරිකාව තුළ මහා පරිමාණයෙන් පෙනිසිලීන් නිෂ්පාදනය ඇරඹීමත් සමඟ ඇමරිකාවේ මෙම ඖෂධය මූලික වශයෙන් ප්‍රතිකාර සඳහා යොදාගත් රෝගීන් අතර කැපෝන්ගේ නමත් සඳහන් වෙනවා. නමුත් සිෆිලික්ස් රෝග තත්වයේ පසු කාලීන අදියරක සිටි කැපෝන් හට ඉන් සහනයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. 1946 දී කැපෝන්ගේ වෛද්‍යවරයා පැවසුවේ ඔහුගේ මානසික මට්ටම අවුරුදු 12 දරුවෙකුගේ මනස හා සමාන බවයි. මෙලෙස රෝගී තත්වයෙන් පෙළුණු කැපෝන් මරණයට පත් වෙන්නෙ 1947 ජනවාරි 25 (වයස අවුරුදු 48 දී) ෆ්ලොරිඩා, ෆාම් අයිලන්ඩ්හි ඔහුගේ නිවසෙදි. එතෙක් ඔහු ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය පුතු, බිරිඳ සහ මුණුබුරන් සමඟ සාමකාමීව ගත කළ බව සඳහන් වෙනවා. නමුත් ඔහුගේ මරණයෙන් පසුව කැපෝන් පවුලේ බොහෝ දෙනා හට තමන්ගේ නම වෙනස් කර ගනිමින්, පදිංචි ස්ථාන වෙනස් කර ජීවත් වීමට සිදු වූ බව සඳහන් වෙනවා. ඊට හේතුව කැපෝන් නම සඳහන් වූ පමණින් ඔවුන් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.
ෆ්ලෝරීඩාහී පැවති ඔහුගේ අතිශය සුඛෝපභෝගී නිවස
කෙසේ වෙතත් කැපෝන් ඩොලර් මිලියන දස දහසක මුදලක් සඟවා තබා තිබූ බවත්, ඔහුගේ අසනීප තත්වය මත ඔහුට එය සඟවා තැබූ ස්ථානය පිළිබඳ මතකය ගිලිහී ගොස් තිබූ බවත් කැපෝන්ගේ මිණිබිරියක් විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳ මෙම චිත්‍රපටිය තුළ පවා අන්තර්ගත වෙලා තියෙනව. කැපෝන් සිර ගත වූ පසු බොහෝ පිරිසක් ඔහුගේ මේ සැඟවූ වස්තුව සොයා ගොස් ඇතත් මේ තාක් එවැන්නක් සොයා ගැනීමට හැකි වී නැහැ. බොහෝ විචාරයකයන් ප්‍රකාශ කරන්නෙ ඔහු එම මුදල් සිය සුඛෝපභෝගී ජීවිතය සඳහා වියදම් කරන්නට ඇති බවයි. නමුත් ඇතැම් තැන් වල සඳහන් වන්නේ සැබෑවටම ඔහු නැවත සිරෙන් පැමිණිවිට ජීවත් වීම සඳහා මෙවැනි විශාල මුදලක් සඟවා තබන්නට ඇති බවත්, පසුව ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා එය අමතක වී යන්නට ඇති බවත්ය. කොහොම නමුත් මේ සිනමාපටය සම්පුර්ණයෙන්ම පාහේ වෙන් වෙලා තියෙන්නෙ කැපෝන් සිරෙන් නිදහස් වී පැමිණුනාට පසුව ඔහු ෆ්ලොරිඩාහි ගත කළ ජීවිතය අලලා ගොඩනැගූවක්. ඒ නිසා මහා පරිමාණ ඇක්ෂන් තොගයක් මේ තුළ බලාපොරොත්තුවෙන් නම් මේක බාගත කරන්න එපා. මේක සම්පුර්ණයෙන්ම ජීවිත කතාවක්. චරිත කතාවක්. සත්‍ය කතාවක්. උක්ත කතාව කිව්වෙ මේ චරිතය ගැන අවබෝධයක් ලබා ගන්න සහ ඔහුට ජීවිතයේ අවසාන කාලයේ ලැබුණු ප්‍රතිවිපාක සාධාරණ ද යන්න ඔබට තීරණය ගන්න සහ දැනුමට.
අවසාන වශයෙන් මතක් නොකරම බැහැ මේ සඳහා රංගන දායකත්වය ලබා දෙන චරිත ගැන. Tom Hardy බොහෝ විට නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් මොහු අඳුනනවා. ඔව්. ඒ හැමෝම දන්න Venom සිනමා පටයෙහි Eddie Brock චරිතයට පණ පොවන විශිෂ්ට රංගධරයා. Tom Hardy ගැන කතා කරද්දි, ඔහු, මම දැකපු අතිශය ප්‍රතිභාපූර්ණ කලාකාරයෙක් කියල කියන්න ඕනෙ. සෑම ආකාරයකම පාහේ චරිතාංගයන් නිරූපණය කිරීමට ඔහු සතු රංග ප්‍රතිභාව උත්කෘෂ්ටයි. ඒ ප්‍රතිභාව කැපෝන් චරිතය තුළින් පමණක් නොවෙයි හඬ සංයෝජනය තුළින් පවා දැකගන්න ඔබට හැකියාව ලැබෙයි. මීට අමතරව අපි හැමෝම දන්න ස්කූබ් සිනමාකෘති වල “වෙල්මා” සහ Avengersහි Laura Barton ලෙස රංගන දායකත්වය ලබා දෙන Linda Cardellini “මේයි” සඳහා සිය රංගන දායකත්වය ලබා දෙනවා. මීට අමතරව තව දක්ෂ රංගන ශිල්පීන් බොහෝ සංඛ්‍යාවක් Capone සඳහා සිය රංගන දායකත්වය ලබා දීල තියෙනව. එහෙනම් ඔය තමයි කැපෝන් සම්බන්ධ විස්තරය.
රංගන ශිල්පී ටොම් හාර්ඩි සහ සැබෑ ඇල්ෆොන්සෝ කැපෝන්
මෙතනින් පහළට තියෙන්නෙ මගේ 200 වැනි උපසිරැසිය තෙක් ආපු මගේ ඉතිහාස කතාව.

මම බයිස්කෝප් පවුල එක්ක එකතු වෙලා ආපු මේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වෙන මගේ 200 වැනි නිළ කඩයිම් උපසිරැසිය ලබා දීම සිදුකරන්න වෙලා තියෙන්නෙ හරි අරුම පුදුම කාලයක. Covid 19 වසංගතය නිසා මුළු ලෝකයම අක්‍රීය වෙලා තියෙන වෙලාවක ගෙදර ඉඳල තමන්ගෙ ආරක්ෂාව සලස්වා ගන්න, ඔබ වෙනුවෙන් උපසිරැසිකරුවන් විදියට අපිට ඔබේ විනෝදාස්වාදය උදෙසා මෙවැන්නක් කරන්න ලැබීම ලොකු සතුටක් ඇති කරවනව. ඉතිං බයිස්කෝප් පවුලේ සාමාජිකයෙක් විදියට මේ වටිනා පවුලට 2017 ජූලි 03 වැනිදා එකතු වෙලා, හරියටම කිව්වොත් වසර 2කුත් මාස 10ක පමණ කාල පරාසයක් තුළ මට හැකියාව ලබිල තියෙනව උපසිරැසි 200ක් ලබා දීමේ අවස්ථාව හිමි කර ගන්න. නැත්තං, බයිස්කෝප් සමඟ එකතුවෙලා මම සමරන හතරවැනි කඩයිම තමයි මේ. 2017 ජූලි සහ ඉන් පසු කාල පරාසය කියන්නෙ, මම උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් අධිකව කාර්‍යබහුලව ගත කරපු කාලයක්. හැබැයි අහම්බෙන් ඔළුවට ආපු අදහසක් නිසා මම නිකමට බයිස්කෝප් එකට ඊමේල් පණිවුඩයක් යොමු කළා උපසිරැසියක් ලබා දීමේ අරමුණෙන්. එදා පළවෙනි උපසිරැසිය වෙන් කර ගන්න මට පිළිතුරු දුන්නෙ අපේ අසංක අයිය. උපසිරැසිගැන්වීම සම්බන්ධව ලොකු අවබෝධයක් තිබුණෙ නැති නිසා වෙබ් සයිට් එකේ උඩම තිබුණු “උපසිරැසියක් නිර්මාණය කරන්නේ කෙසේද?” කියන ලින්කුවට ගිහින් මුලින්ම වැදගත්ම කරුණු ටික ඉගෙන ගත්ත. පස්සෙ උපසිරැසිය හදලා වෙබ් සයිට් එකට ඊමේල් කළා. එදා පළවෙනි උපසිරැසිය සයිට් එකේ පළවෙලා, ඒකට පිරිස අදහස් දක්වනකොට, බාගත කිරීම් දකිනකොට, තව උපසිරැසියක් නිර්මාණය කිරීමේ උණ ඇඟ ඇතුළට නිකම්ම ආව. ඊට පස්සෙ මේ ආපු ගමන් මඟ සුන්දර චාරිකාවක් වුණේ, වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි.. බයිස්කෝප් ඇඩ්මින් සහෝදරයන් සහ සහෝදර උපසිරැසිකරුවන් නිසාමයි. උපසිරැසි ලබා දීමේදී මේ පිරිස නොවෙන්න මමත් මේ වැඩේ නතර කරල දාල බොහෝ කාලයක් වෙනව. ඒකට හේතු අලුතින් කියන්න ඕන නෑ, හැමෝම හැම තැනකම වගේ කියනව. “නිකං ලැබෙන කිසම දේක වටිනාකමක් නෑ කියන එක ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයන්” බොහොම තැන් වලදි අපිට පෙන්වල දීල තියෙනව. ඒක ඉතිං අපි කාගෙ කාගෙ අවාසනාව.
200 වැනි උපසිරැසිය අරගෙන එන අවසථාවෙදි මම ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනා මතක් කරන්න ඕනෙ. ඉසිර අයිය, රොයිලි අයිය ප්‍රධාන වශයෙන් මතක් කරන්නම ඕනෙ. ඊට පස්සෙ අපේ හසායියා හැම වෙලාවෙම උපකාර කරනව හැම දේකදිම. ඒ වගේම උපදෙස් දෙනව. වැරදි පෙන්වල දෙනව. ඉඳල හිටල බනිනව. වලි දාගන්නව. ඔය ඔක්කොම කරනව. එතකොට විමා මතක් කරන්න ඕනෙ හැම වෙලාවෙම උපසිරැසිකරුවන් ගැන හොයල බලනව. වැරැද්දක් දැක්කම කියනව. තව සමීර කරුණාරත්න, දැන් උපසිරැසිකරණයෙන් ඈත් වෙලා හිටියත් ගුණාත්මක බව රැකගෙන උපසිරැසියක් කරන හැටි කියල දුන්න. එතකොට චාමර සම්පත් මතක් කරන්නම ඕනෙ, 200 වැනි නිර්මාණය සඳහා චිත්‍රපටියක් නැතුව ඉන්නකොට මේ ෆිල්ම් එක මට කතා කරලම වෙන් කරල දුන්නෙ චාමර. මම ඒ ගැන චාමරට ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ වෙලාවෙ. තව ආසිරි, සමන්, සිසිලයිය, සුධීරයිය, යශෝධ, තිසර, අසංක අයිය, නලින් අයිය, අපේ ඩොක් අයිය සමීර චතුරංග, නිර්මාණි සහෝදරිය, නවෝදනී සහෝදරිය සහ රුමේෂා අක්ක (ඇඩ්මින් කෙනෙක් නොවුණත් මතක් කරන්න ඕනෙ, බයිස්කෝප් වෙනුවෙන් කරන නිහඬ සේවය නිසාම).. මේ අපේ අනික් ඇඩ්මින්ල ටික. ඇත්තටම කිව්වොත් මේ පිරිස මට සමීප වුණේ බයිස්කෝප් අපි ඔක්කොම එකතුවෙලා කරපු, සුහද හමු, සමාජ සත්කාර, මංගල, අවමංගල ආදී මෙකී නොකී… සතුට, දුක බෙදා හදාගන්න අපි එකතු වුණු විවිධ අවස්ථාවන් වලදි.
මීට අමතරව පටන් ගත්ත කාලෙ නම් එකින් එක නම් ටික දාල කියන්න පුළුවන් සහෝදර උපසිරැකරුවන් පිරිසක් තමයි දැන ඇඳිනගෙන හිටියෙ. දැන් බයිස්කෝප් මිතුරු සංධානය සෑහෙන ලොකු පිරිසකගෙන් සන්නද්ධ වෙලා නිසා එක නමක්වත් හලල කාගෙවත් හිත රිද්දන්න බෑ. ඉතිං මෙතැන නම් වලින් නොකිව්වත්, මාත් එක්ක කතාබහ කරපු, දැන හැඳින ගත්ත හැම කෙනෙක්ම පොදුවේ මම ලෙංගතුව මෙතනදි සිහිපත් කරනව. ඒ වගේම බයිස්කෝප් වලට වැදගත්ම පිරිස අපේ ලෙංගතු ප්‍රේක්ෂක පිරිස, අපිට ස්තුති කිරීම් සහ වැරදි පෙන්වල දෙන අපේ සහෝදර සහෝදරියන්, කමෙන්ටුවකින්, බාගත කිරීමකින් අපිව දිරි ගනවන හැම කෙනෙක්ම ආදරෙන් මතක් කරනව. මේ පිරිස තමයි බයිස්කෝප් අපිව දිරි ගන්වන පිරිස. තව ඉන්නව පිරිසක් අපිට දෝෂාරෝපණය කරන, බැනවදින, තර්ජන කිරීම් කරන, අපහාස කිරීම් කරන පිරිසක්. ඉතිං ඒ තමයි අපි සාර්ථක බව උදක්ම ලෝකයට කියන පිරිස. ඵල ඇති රුකට නොකඩවා ගල් මුල් වදිනව කියන එක පසක් කරන්නෙ මේ පිරිස. ඉතිං මේ පිරිසටත් ස්තූතියි අපේ සාර්ථකත්වය ලෝකයාට පෙන්වා දෙන එකට. 200 වෙනි උපසිරැසියක් ආයෙ එන්නෙ නෑ. ඒකයි ඔය ටික කිව්වෙ. එහෙනම් ඇති මගේ හෑල්ල කියෙව්ව.
නැවත උපසිරැසියකින් අපි හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5,969 downloadsDownload Capone.2020-Blu-Ray.zip115 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
57 comments
Hashan M. Priyadarshana
Ravindu Rukshan
200 වෙනි උපසිරැසය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා.
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.Pasindu Madumal
200වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් අයියේ. සයිට් එකෙන් හම්බ වුණු තවත් හිත හොද අයියා කෙනෙක්. ලස්සන කතාවක් තොරාගෙන තියෙන්නේ 200ට. ගැන්ස්ටර් ටයිප් බයෝග්‍රැපිකල් කතාවක්. ඉතින් නොබලා කොහොමද. සබට තුති එහෙනම් මෙන්න ගත්තා. 250*ටත් ඔය ඉක්මනින්ම යමු.
එල්.සී. දමැල්
200ට සුභ පැතුම්...
250ටත් ඉක්මනින්ම යන්න හැකියාව කාලය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...
ජය...කවිශල් රසින්ත (කවී)
එක ළග කඩයිම් තුනක්... ඒකත් මරු... මුලින්ම දෙසීය වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අයියේ... ඔය ගැම්මෙන්ම දෙසිය පනහත් ගහමු... අපේ ගමේම සහෝදරයෙක්.. උදව්වක් ඉල්ලුවොත් අනිවාරෙන් කරලා දෙන හිත හොඳ අයියා කෙනෙක්...ඉතින් මේ වෙලාවේ හතරවෙනි කඩයිමට සුභ පතන ගමන් පෞද්ගලික ජීවිතෙත් ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ටොම් හාර්ඩිගේ ෆිල්ම් එකක් මග ඇරගෙන බෑ.. අනිවාරෙන් බලනවා.. උපසිරසියටත් ස්තූතියි එහෙනම්. ජය වේවා... ❤️❤️
යුරාන් ධනුක (දනුවා)
200* වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ...
මේ අවුරුද්දෙම 300*ත් ගහමු
සයිට් එකේ ටීවී සීරීස් පැත්තේ හොඳම සේවයක් කරන කෙනෙක් විදියට
උදයංග සහෝව හඳුන්වන්න පුලුවන්
ඒ වගේම ගුණාත්මක උපසිරැසි ප්‍රවීණයෙක්
එහෙනම් ඉදිරියටම යමු සහෝදරයා
ජයවේවා !!!Anonymous
හම්බො 200යි නේ.
ලගදි නම් බැලුවෙ ඩාක් වෝටර්.
සුපිරියටමසබ් කරන පොරක් තමයි ඉතිං. පට්ට.
එහෙනම් 200 ට මගෙන් සුභ පැතුම් ජොනී.
250, 300 ත් ගහමු ඉක්මනටම.
ජය වේවා!!malithmadhushan45
200 මගෙන් උනුසුම් සුබ පැතුම් උදයංග අයියේ. ඉක්මනටම 250, 300 කඩයිම් වලටත් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා. ඉක්මනටම තව සුහද හමුවකින් අපි සෙට් වෙමු. ජය වෙවා අයියේ
sachintha
නියමයි උදයංග සහෝ 200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
250ත් ගින්දර වගේ ගහමු...
ජයHelili Hemamali
200 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්! අපි ඉක්මනින්ම ඊලඟ කඩයිමෙන් හමුවෙමු නේද? සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Prabodha20
Congratulations bro 20th sub title ekata..
Anonymous
සමාවෙන්න ඔිනි මුලින්ම සුභ පතන්න පරක්කු වුනාට.ඇත්තටම මේ කොල්ලව අදුරන් හිටියට මුලින්ම ගොඩක් ෆිට් වුනේ ගිය අවුරද්දෙ අපි කරපු සමාජ සත්කාර වැඩ සටහනෙදි තමයි.එදා ඉතින් ගොඩක්ම ෆිට් වුන පොරක් කිව්වොත් නිවැරදියි.....බයිස්කෝප් එකත් එක්ක ගොඩක් දුර ආප පොරක් විදිහට සුභ පතනවා මේ කඩඉම වෙනුවෙන්....ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා පතනවා..
උදයංග සම්පත් හතරසිංහ
Anonymously කමෙන්ට් එකක් දැම්මම කොහොමද කෙනා අඳුන ගන්නෙ. :D
Kavinu
200ට උණුසුම් සුබ පැතුම්! ඉක්මනටම 250..300 වගේ කඩයිම්වලටත් යන්න ලැබේවා කියලා ආයෙ අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ.
මාස හයෙන් හයට කඩයිම ගානේ පන්නනවා ඉතින් කොහොමත් :) නැද්ද හා?!
ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!දමිත්
200 කඩ ඉමට උණුසුම් සුබ පැතුම් සහෝ.
ඉදිරියටත් මේ අනර්ඝ සේවය කරගෙන යාමට ශක්තිය,ධෛර්යය,වාසනාව හා සුවපත්භාවය ලැබේවා!
ජයෙන් ජයම වේවා!Kantha_DLA
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!#ChalinduDeshan(kinaa)
Congratulations for 200th.
මධුකප්‍රිය පෙරේරා
200ට හෘදයාංගම සුබපැතුම්!
උපසිරසි 200ක් කියන්නෙ සෑහෙන කැපවීමක්..
ඒ වගේම බය නැතුව කියන්න ඇහැකි ගුණාත්මකව
වගේම ඉතා ඉක්මණට උපසිරසි ලබා දෙන කෙනෙක්.
එහෙමනම් ඉතින් හනිකට 250ත් ගහලා දාමු නෙහ්?
වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබේවා කියා පතනවා.
ඔබට ජයෙන් ජය!සොහාන් ජයසූරිය
ගොඩක් ස්තූතියි අයියෙ සබ් එකට.. ඒ වගේම හදවතින්ම සුබ පතනවා 200 කඩඉමට.. ඔහොම්ම 250,300,400,500 ටම යමු අයියේ.. තව තව සබ් කරන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා!
kumara 123
අම්මෝ ලිපිය මරුනේ
සුබ පැතුම්Navodani Thilini
මං "ගෑන්ග්" කැපෝන් ගැන කලින් ටිකක් විතර අහලා තිබ්බා. මේ ලිපිය ඇත්තටම වටිනවා. මතකෙ ගොඩක් අළුත් වුනා. ලිපියටනම් ගොඩක් ස්තූතියි.
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා. ඊළඟ කඩඉමටත් ඉක්මණටම මේ වගේ යන්න කාලයයි ධෛර්යයි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
උපසිරසියට ස්තූතියි. අනිවාරෙන් ෆිල්ම් එක නම් බලනවා.Rakitha Ranathunga
Congratulations aiyah
Anonymous
ඇල් කැපෝන් කොමික් චරිතයක් කියලා මන් හිතන් හිටියේ..
ගෝතම් එකේ ඇල් කැපෝන් කියලා චරිතයක් තිබ්බා නේද?එනිවේ 200 සුබ පැතුම්.
ඉසුරු සම්පත් සිරිසේන
200* ට හදවතින්ම සුබ පතනවා මචන්..
අපේ ගම් දනව්වෙ මගේ වයසෙම කොල්ලෙක් බයිස්කෝප් අඩවියේ
මෙච්චර දුරක් ආ එක ගැන අවංකවම ගොඩක් ලොකු සතුටක්
වගෙම ආඩම්බරයක් හිතට දැනෙනවා..
උඹ ගැන අමුතුවෙන් කමෙන්ටුවකින් වර්ණනා කරන්න ඕනි වෙන්නෙ නැහැ,
මොකද බයිස්කෝප් අපිට වගෙම අපෙන් උපසිරසි අරගන්න හැමෝටම වගේ
"උදයංග" අමතක නොවෙන චරිතයක් වෙලා හමාරයි...
බයිස්කෝප් අඩවියේ ඉන්න රාමුවෙන් ඔබ්බට ගිය කවුරුත් අත නොගහන
විදියෙ නිර්මාණ වලට උපසිරසි ලබාදෙන කීපදෙනා අතරෙ උඹත් ඉන්නවා,
ඒක තමයි මචන් මම උපසිරසිකරණයේදී උඹෙන් දකින විශේෂත්වය..
එහෙනම් මචන් කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න
අතරවාරෙ හැකි ඉක්මනින් ඊළඟ කඩයිමත් පසුකරන්න
ශක්තිය, ධෛර්යය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..!!~ඔබට ජය~
Anonymous
එල බ්‍රො නියමයි
indika75
ස්තූතියි.200වෙනි උපසිරැසියට සුබපැතුම් !!!!
-චානක ඉඳුනිල්-
කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ!
උපසිරැසි 200ක් කියන්නෙ සෙල්ලමක්ද...කොච්චරනම් කාලයක් වැය වෙන්න ඇතිද...ඉතින් ඒ කැප කරපු කාලයට බොහොම ස්තූතියී!
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!Suranjan
Thanks jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... හැඳින්වීම පට්ට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.... දෙවි පිහිටයි....
Anonymous
lipiya hindama blnawa
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මුලින්ම 200 වෙනි කඩඉමට තව විදියකට කිව්වොත් උපඋපසිරැසිකරණයෙ සිව්වන කඩඉමට උණුසුම් සුභ පැතුම්.! බයිස්කෝප් පවුලෙ හමුවුන තවත් නිහතමානී සහසහෝදරයෙක් විදියට හඳුන්වන්න පුලුවන්.! ඉක්මනින්ම 250 වෙනි උපසිරැසි නිර්මාණය දක්වාත් යන්නට අවකාශය ලැබේවා.! අධ්‍යාපන කටයුතු මෙන්ම ඉදිරි අනාගතයත් සාර්ථකම වේවා.!
udayanga_kaniya
Patta sub ekata godak sthuthi.
හිරාන් ශාරංග
ගොඩක් ස්තුතියි
isuru srinath sjs
200 වෙනි සිංහල උපසිරැසි කඩයිමට හදවතින්ම සුබ පතනවා මචෝ..!! ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
Shaggie
සබට බොහොම ස්තූතියි සහෝ
Anonymous
mula tika kiyawala download kala passe dakke deiyane action godak na kiyala polawa palagena yanna hithuna
Razor
mula tika kiyawala download kala passe dakke deiyane action godak na kiyala polawa palagena yanna hithuna
රොයිලි
ප්‍රමාද වෙලා හරි ඔන්න මාත් 200 වෙනි කඩ ඉමට සුබ පතන්න එකතු වෙනවා. විමාගෙ අඩිපාරේ නොයා, ලඟදීම 250 ත් ගහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Dileka Prabodhinee
200 වෙනි කඩඉමට සුභපැතුම් අයියේ!
ඉදිරියටත් තව කඩයිම් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.isuru dilshan
උබේ 150ට සුභ පතන්න ආව ගමන තමයි මේ දැක්කෙ 200ත් ගහල කියල.. ඉතින් ඩිරෙක්ට් මෙතනටම ආවා.. විගහට සුභපතන්න ඕනෙ නැත්තන් 250ත් කරල තියෙයි.. :-) 200ට සුභ පැතුම් මචං... ඔහොමම ගැම්මට කරගෙන යමු.. ජයවේවා..!!
ලහිරු ප්‍රසාද්
හදවතින්ම සුබ පතනවා තට්ටෙ 200 වෙනි උපසිරැසිය වෙනුවෙන්. බයිස්කෝප් පවුල නිසා හදුනගන්න ලැබුන තවත් නිහතමානී කොල්ලෙක් තමා උබත්. සෑහෙන වේගෙකින් මේ ටිකේ උපසිරැසි කරගෙන ගිහින් තියනවා, ඔහොම්ම 250 කඩයිම වෙතටත් ලගාවෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. ඉස්සරහටත් නොඅඩුව ටිවි සිරීස්, චිත්‍රපටි වලට උපසිරැසි කරන්න කාල වෙලාව ලැබෙන්න ඕන, උබට ජය!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
200 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
දිගටම සබ් දෙමු...Sam fisherr
200 එල උ.ස
Anonymous
200 suba bro.. diwul annasi walata maru wela eka poddk blnn
උදයංග සම්පත් හතරසිංහ
ගොඩක් ස්තූතියි බං. ඇත්තටම මේක මගෙන් වුණු වරදක්. මම ඒක නිවැරදි කර ගන්නම්.
satM
Supiri
Pramukmili
Congratulation & Thanxx bro...........
ශසිත් සඳරුවන්
200 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මචෝ...
සයිට් එකේ ඉන්න තවත් සබ් මැෂිමක් තමා...
සුහද හමුවලදි වගේම සමාජ සත්කාර වැඩ වලදිත් එකතු වෙලා වැඩ කරලා අඳුරගන්න ලැබුණු තවත් නිහතමානී චරිතයක්. ඉදිරි කඩඉම් වලටත් යන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබටත් තුති වේවා! දිගටම සබ් දෙමු ආ.... ජය!Chämàrá Sâmpáth
200'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් උදයංග.
සයිට් එකට එකතු වෙලා තියෙන කාලේ එක්ක බලද්දී සෑහෙන උපසිරැසි ප්‍රමාණයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ටීවී සීරිස් පැත්තෙන්.
මෙතෙක් කාලයක් කාලය, මහන්සිය කැප කරගෙන කරපු උපසිරැසි වලට හුගක් ස්තුතියි. මේ අවුරුද්ද ඇතුලත 250 ත් ලගා වෙන්න කියලා සුභ පතනවා.
මාවත් මතක් කලාට හුගක් ස්තුතියි!
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!Sohan Jayasooriya
200 වෙනි කඩඉමට හදවතිම සුබ පතනවා අයියේ.. සයිට් එකේ දැක්ක නිහතමානි චරිතයක්.. මේ ලිපියත් මරු ඈ.. ලිපිය කියෙව්වම ෆිලුම බලන්නම හිතුනා.. ඔන්න එහෙනම් සබ් එක ගන්නවා ඈ.. ලිපියට වගේම සබ් එකටත් ගොඩක් ස්තූතියි.. ආවා වගේම ඉදිරි කඩඉම් වලටත් යන්න අවශ්‍ය ශක්තිය, කාලය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ.. ජය වේවා!!!
ප්‍රබුද්ධ කේසර විතානගේ
200 වන කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝදරයා!
ඔබට ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Capone (2020) AKA Fonzo Sinhala Subtitles | ඇල් කැපෝන්: කළකම් පළදුන් මැරයෙකුගේ කතාව..! [සිංහල උපසිරැසි සමඟ] (200)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Capone-2020.jpg)
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ :) :) ... මේ දවස් ටිකේම කස්ටියගෙ කඩඉම් ;) 200වෙනි උපසිරසියට සුබ පතනවා බ්‍රෝ ඉක්මනින්ම 250නුත් මුණගැහෙමු :)
ජය වේවා.!