Watch Trailer

Ringu 0 (2000) Aka Bâsudei Sinhala Subtitles | සදාකෝගේ දෙබිඩි ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක…

කොහොමද කට්ටියටම, හොඳින් ඉන්නවා නේද? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ Ringu චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ මේක තමයි මෙම චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. කලින් 1 සහ 2 දුන්න මතකයිනෙ. ඔන්න එහෙනම් 3 වෙනි කොටස බලන් ඉඳපු යාළුවන්ට තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් නිර්මාණ දෙකම Hideo Nakata විසින් අධ්‍යක්ෂණය සිදු කරල තිබුණත් මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ Norio Tsuruta කියන ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. Ringu 0 : Birthday නැමැති මෙම තුන්වෙනි කොටස 2000 වසරේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. චිත්‍රපටය අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩ වලට. පැයයි විනාඩි තිස් නවයක වගේ ධාවන කාලයක් සහිත මෙය Imdb දර්ශකයේ 6.0 ක මනාපයක් ලබාගෙන තිබෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 82% මනාපයක් ලබාදීල තියෙනවා. පළවෙනි සහ දෙවෙනි කොටස් නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒ දෙක බලලම මේක බැලුවනම් තමයි හොඳ. මොකද එතකොට කතාව හොඳට තේරෙයි. හරි එහෙනම් කතාව පැත්තට යමුකෝ.

මේ පාර සිද්දිය වෙන්නේ සදාකෝගේ ජීවිතය වටා ගෙතුණු කතාවක්. කලින් චිත්‍රපටවල සිදුවීම් වලින් අවුරුදු 30ක් ආපස්සට තමයි මේකෙ කතාව ගෙතිල තියෙන්නේ. කලින් කොටස් දෙකේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් කතාව ගෙතිල තිබුණට මේකෙදි කතාව ටිකක් වෙනස්. මේකෙදි නපුරු හීනයක් සම්බන්ධව තමයි කතාව ගෙතිල තියෙන්නෙ. සදාකෝ කියන චරිතය ගැන අපිට හරියටම මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් සදාකෝ ඇත්තටම මොන වගේ චරිතයක්ද? සදාකෝ ඇත්තටම නපුරුයිද, අහිංසකයිද? සදාකෝට ඇත්තටම මොකද වුණේ? හරි එහෙනම් බලන්නකෝ කට්ටියම.

එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

1,196 downloadsDownload Ringu-0-2000.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

1,196 downloadsDownload Subtitles24 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    * Rasen AKA Spiral (1998)
    * Sadako (2019)
    මේ දෙකටත් සබ් දෙනවද බ්‍රෝ :) :)
    ජය වේවා.!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.
    Sadako (2019) සබ් දෙන්න.ජය වේවා!

  3. Shamal manojan

    බොහෝම ස්තූතියි සහෝ මේ ලබාදුන්නු උපසිරැසියට......බෙහෙවින්ම ස්තුතියි......
    මේ ෆිල්ම ටිකටද උපසිරැසි දෙනු පිණිස කාරුණික අවධානය ලබා දෙනු මැනවි.

    Ring: Kanzenban - 1995
    Rasen Aka Spiral - 1998
    Sadako - 2019

    pulse - 2001

    Ju-on: The Curse - 2000
    Ju-On: The Curse 2 - 2000
    Ju-On: The Grudge - 2002
    Ju-On: The Grudge 2 - 2003
    Ju-On: White Ghost - 2009
    Ju-On: Black Ghost - 2009
    Ju-On: The Beginning of the End - 2014

    1. Shamal manojan

      සොරි සහෝ... Ju-On: The Grudge - 2002 ෆිල්ම් ඒකට සහෝ ඔයා කලින් සබ් දීලා තියනවා. ඉතිරි ju-on ෆිල්ම් 6 ක් තියනවා. කාරුණිකව මේ පිළිබදව අවධානය යොමු කරන්න.

  4. isuru srinath sjs

    ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට...

  5. Udara Damith Dissanayaka

    ela

  6. indika75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!