ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව. ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය… පාසල් කාලේ කියන්නෙම පිස්සුවක් මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්! ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර…

ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව.
ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය…
පාසල් කාලේ කියන්නෙම පිස්සුවක්
මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්!
ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර අනන්තද?
ඒ අතීතයේ තමයි අපේ ජීවිතයේ ලස්සනම පාට තැවරිලා තියන්නේ.
ප්‍රශ්න මැද මිරිකිලා ඉන්න හැම මොහොතකම,
වේදනාවකින් දුකකින් හදවත පෙලෙන හැම තත්පරයකම,
අපේ මූණට හිනාවක් ගේන්නේ පාසල් අතීතයේ සුන්දර මගෝඩි වැඩක්…
අපි තනියම හිනාවෙනවා-තනියම ලැජ්ජා වෙනවා
ඒ ලස්සන ලෝකෙට තත්පර ගාණකට හරි ආපහු දුවලා යන්න ඇත්නම් කියලා ලතවෙනවා
ඔව්, හැම මිනිහෙක්ම එහෙමයි!
තමන්ගේ ඉස්කෝලේ කාලෙට පණටත් වඩා ආදරෙයි…
මතක තියාගන්න,
පණ ගැහෙන මනුස්ස ජීවිතයේ ලස්සනම කාලේ, ඉස්කෝලේ කාලේ…
මේ ඔයාව ආපහු මගෝඩි ඉස්කෝලේ කාලෙට ගෙනියන වෙලාවයි!

ලිපිය කියවන්න පටන් ගත්තු ඔබට මේ සිනමාපටය ගැන කිසිම අදහසක් නොතියෙන්න පුලුවන්. මීට කලින් නමවත් අහලා නොතියෙන්න ඇති. බාගවිට, චිත්‍රපටය බලන්න කිසිම ආසාවක්වත් නොතියෙන්නත් පුලුවන්. නමුත් මේ ලිපිය කියවලා අවසන් කරන්න. ඒ ඉල්ලීමක්! මොකද, ඔයා මිස් කරගන්න යන්නේ ජීවිතයේ බලපු සුන්දරම සිනමාපටයක්… අන්තිම හරියට යනකොට අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියේවි.

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ චිත්‍රපටය ඩිජිටල් රිලීස් වෙනකන් පිස්සුවෙන් වගේ බලාගෙන හිටපු මිනිස්සු සියගාණක් අපේ රටේ ඉන්නවා. කේරළයෙන් ආපු ආරංචිවලට පිස්සු වැටිලා, තවත් ඇබ්බැහියකට මුල පුරන්න ඔවුන් මාස ගාණක් තිස්සේ ආදරයෙන් දතකට මැදගෙන හිටියා. වාසනාවකට දෝ මන් අයිති වෙන්නෙත් ඒ ගොඩට! උන් දන්නවා මේ මලයාලමේ රඟේ!! චිත්‍රපටියේ පිටපත් එළියට ආවේ ගිය වසරේ වුණත් ඉංග්‍රීසි උපසිරැසියක් නොතිබුණු නිසා සබ ගේන්න බැරිව ලත වෙවී හිටියේ. අන්න එතනදි තමයි මුහුණුපොතෙන් මුණ ගැහුණු අපේ කේරළ මිත්‍රයෙක් උපසිරැසියක් නිර්මාණය කළේ. ඉතින් ඒ වෙනුවෙන් නොදුටු මිත්‍රයා Gokul Dinesh ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ කතාවලින් වැඩක් නැහැ. දන්න නොදන්න හැමෝම වෙනුවෙන් ‘අ’යන්නේ ඉඳන්ම පටන් ගන්නම්කෝ එහෙනම්, කතන්දරේ…

ඩිජිටල් රිලීස් එකක් කවදා එයිද…කවදා එයිද කිය කිය බලන් හිටපු ප්‍රේක්ෂකයන්ව මෙහෙම දිග ලිපියකින් රස්තියාදු කරන එක අපරාධයක්. ඒත් හොඳම හරිය තියන්නේ දැනුයි. මේ යකා තියාගෙන ගුණ කතනය කළාට මෙලෝ රහක් නැති ගොබ්බ චිත්‍රපටියක් කියලා හිතෙනවද?

ලිපියට ආස හිතිලා ඩේටා පුච්චගෙන ෆිල්ම් බෑවට බැලුවට පස්සේ ලිපිය ලියපු එකාව මරාගෙන කන්න හිතුණ අත්දැකීම් තියෙනවා නේද?

බය වෙන්න එපා! Thanneer mathan Dinangal කියන්නෙත් එහෙම ලොන්ත පුස් පිච්චර් කෑල්ලක් කියලා හිතෙනවා නම් ඔයාට ගොඩක් වැරදිලා. පහළින් තියන්නේ ඔයාට වැරදුණු බවට සාක්ෂි!

Comedy | Romance වර්ගීකරණයට අයත්ව පසුගිය ජූලි 26 වෙනිදා කේරළයේ ඉතා සීමිත සිනමාශාලා කිහිපයක පමණක් තිරගත වීම ඇරඹුණු Thanneer mathan Dinangal සිනමාපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, හද්ද ලෝ-බජට් චිත්‍රපටියක්. පසු නිෂ්පාදන හා ප්‍රචාරණ වියදම්ද ඇතුළු සමස්ත වියදම ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක් වැනි ඉතා අවම පිරිවැයකින් නිමැවුණු මෙය කවුරුත් නොහිතපු විදිහට එකපාරටම මලයාලම් බොක්ස්-ඔෆීසිය දෙවනත් කරන්න පටන් අරගෙන අන්තිමට නැවතුණේ ඉන්දියානු කෝටි 50කට අධික හීනෙන්වත් හිතපු නැති කඩයිමක් පන්නලා! තම 05වන දිනයේදී කේරළය තුළ පමණක් කෝටි 5.5ක ආදායමකට ළඟා වී Blockbuster ලේබලය සමඟින්, අති සාර්ථක ආරම්භයක් ලබා ගත්තා වූ මෙය ප්‍රාන්තීය ආදායම් වාර්තා කීපයක් අලුත් කරන්න පවා සමත් වුණා.

– එදා මෙදාතුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමාපටයක් ලැබූ දහඅටවන වැඩිම ආදායම
– 2019 වසරේදී තෙවන වැඩිම ආදායම හිමිකර ගත් මලයාලම් සිනමාපටය
– එම වසරේදීම Overseas ආදායමින් තෙවන වැඩිම මලයාලම් සිනමාපටය
– මෑතකාලීන කේරළ ලෝ-බජට් සිනමාපටයක් ලැබූ අතිශය වැඩිම ආදායම
– මෙතෙක් කේරළ ඉතිහාසයේ ගල්ෆ් (GCC) කලාපීය 04 වන වැඩිම ආදායම සහිත මලයාලම් සිනමාපටය

එම සාර්ථකත්වය නිසාම ගල්ෆ් කලාපය තුළත් කෝටි 12+කට අධික ආදායමක් රැස් කරගන්න හැකි වෙලා තියෙනවා. 25වන දිනය වන විට ඉන්දියානු රුපියල් කෝටි 30 සීමාවට ළඟා වූ අතර 45වන දිනය පසු කළේ ඉන්දියානු රුපියල් කෝටි 50 සීමාව ද පසු කරමිනි. මේ ජනප්‍රියත්වය කෙතරම්ද කියනවා නම්, ගල්ෆ් කලාපීය ආදායමින් වර්තමාන දෙමළ සිනමාවේ සුපිරිතම තාරකාව අජිත් කුමාර්ගේ NerKonda Paarvai සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දමන්න මේ ලෝ-බජට් මලයාලම් චිත්‍රපටයට හැකියාව ලැබුණා. වියදමට සාපේක්ෂව මෑතකාලීන වැඩිම profitable දකුණු ඉන්දියානු සිනමාපටය වූයේත් මෙයමයි. මෙහි බලපෑම නිසාම ටොවිනෝ තෝමස්ගේ අතිශය බලාපොරොත්තු සහගත Kalki සිනමාපටයට පවා උරුම වුණේ දරුණු පරාජයක්! Margam Kali, Ambili, Porinju Mariyam Jose වැනි සමකාලීන ප්‍රාන්ත චිත්‍රපටයන්ට උරුම වුණෙත් ඒ සෙතේමයි. පහුගිය දවස්වල කේරළය පුරා ඇතිවුණු ගංවතුර තත්වය නොතිබෙන්න මීටත් වඩා අතිශය ඉහළ ආදායමකට යමින් මම්මුතිගේ වැඩිම ආදායම්ලාභී Madhura Raja චිත්‍රපටයට බොහෝ ආසන්න වෙන්නත් ඉඩකඩ තිබුණා.

කෝටි 1.65කින් නිමැවී….
වියදම මෙන් 40x ගුණයකටත් වඩා වැඩි ආදායමක් ලබමින්…
වසරේ තෙවන වැඩිම ආදායම ලද මලයාලම් සිනමාපටය ලෙස අබිසෙස් ගැන් වී
රජ ගමනේ තිරගත වූ Thanneer mathan Dinangal සිනමාපටය එදාමෙදා’තුර කේරළ සිනමා ඉතිහාසයේ නොමැකෙන සංදිස්ථානයක් විදිහට හැඳින්වුව ද වරදක් නැහැ.
8.8ක් වැනි අතිශය ඉහළ අගයකට IMDb මීටරය කරකවන්න ගමන්
97% Google පරිශීලක මනාපයක් හා 96% Facebook පරිශීලක මනාපයකට
උරුමකම් කියමින් අපව බොහෝ කාලෙකින් විඳිය හැකි සුන්දරතම ආදරයකට රැගෙන යන්නා වූ මෙම සොඳුරු සිනමා සිත්තම ලාංකේය සිනමා රසික රසිකාවියන් අතරේ ද නවතම උන්මාදගත පුරාවෘත්තයක් වනවා, නොඅනුමානයි.

මේ චිත්‍රපටියේ පෝස්ටරයක් දැක්කත් හැමෝටම පේන දෙයක් තමයි, එච්චර තාරකා ගුණයක් නැති කාස්ට් එකක් තමා දකින්න තියන්නේ. Vineeth Sreenivasaට රංගනයෙන් යම් තරමක ජනප්‍රියත්වයක් තිබුණට, මිනිහත් මේ ආසන්න කාල සීමාවෙදි මිනිස්සු අතරට ආවේ නෑනේ. අනික කේරළයේ අනිත් නලුවන්ට සාපේක්ෂව විනීත් එච්චරම ප්‍රබල නලුවෙකුත් නෙමෙයි. එහෙනම් කොහොමද දෙයියනේ, වියදම වගේ තිස්පස් ගුණයකටත් වැඩි ආදායමක් හොයාගත්තේ? මේ හැමදෙයකටම මුල තාම අවුරුදු දහඅටවත් පැනලා නැති කොල්ලෙකුයි කෙල්ලෙකුයි කියලා කිව්වොත් විශ්වාස කරනවද??

2019 වසරේ පළවෙනිම මලයාලම් බ්ලොක්බස්ටරය, Kumbalangi Nights හි ෆ්‍රැන්කිගේ චරිතය පණ පොවපු පොඩි කොල්ලා මැතිව් තෝමස්! Thanneer mathan Dinangal කියන්නේ මැතිව්ගේ දෙවෙනි චිත්‍රපටයයි. පළවෙනි ෆිලුමත් 50+ Cr දෙවෙනි ෆිලුමත් 50+ Cr තුන්වෙනි ෆිලුමත් 50+cr මිනිහා ක්ෂේත්‍රයට ඇවිත් තියන්නේ නියම නාඩියක් අල්ලගෙන. ඔහු ජේසන්ගේ චරිතයට රංගනයෙන් දායක වෙද්දී චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Anaswara Rajan. බොරු බයිලා නැතිව කියනවා නම්, මේ ලෝ බජට් චිත්‍රපටිය හීනෙන්වත් හිතපු නැති තරම් ඉහළට ඔසවා තබන්න වැඩිපුරම දායකත්වය දුන්නෙත් මේ හිච්චි කෙල්ලමයි! ඇයගේ තෙවන සිනමා රංගනය… හැබැයි දැනටමත් ඉන්දියාවෙන් බාගයකගේ අලුත්ම Crush එක වෙලා. චිත්‍රපටය බලලා ඉවර වුණාම තමුන්නාස්සේලාටත් වෙන්නේ ඒ සෙතේමයි. කියුට් ගතියටයි ඒ හිනාවටයි කාටද දෙයියනේ හිත යන්නේ නැත්තේ? මෑතකදි ආපු Oru Adaar Love හි ඇස් ගහන කෙල්ල වගේ නෙමෙයි. මෙයා රඟපාන්නත් දන්නවා හොඳේ. අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණු ආකාරයට දැනටම තවත් චිත්‍රපට හයකට ආසන්න සංඛ්‍යාවකට ආරාධනා ලැබිලලු.

එතකොට අපේ ඩිරෙක්ටර් උන්නැහේ. නමින් ගිරිෂ්. තිර පිටපත් රචනයත් මොහුමයි. ගිය අවුරුද්දේ Mookuthi නමින් කරපු ෂෝට් ෆිල්ම් එකකට පස්සේ කෙලින්ම බැහැලා තියන්නේ මේ වැඩේට.

අන්තර්ජංජාලේ පීර පීරා මේ ගැන තොරතුරු හොයද්දි හරි අපූරු Connections වගයක් ගැනත් විස්තර හම්බුණා. චිත්‍රපටිය බලද්දි පොඩ්ඩක් මේ ගැනත් සෝදිසියෙන් ඉන්නකෝ. නිවින් සහ නස්‍රියා ප්‍රධාන චරිත රඟපාපු Neram (2013) මතකයි නේද? පැය විසිහතරෙන් පොළී රාජට සල්ලි ගෙවලා තමන්ගේ පෙම්වතියව බේරගෙන මස්සිනා ඉල්ලපු සල්ලිත් හොයලා දෙන්න සිද්ධ වුණු රැකියාවිරහිත තරුණයා! අන්න ඒ ෆිලුමේ අන්තිමට යන්නේ හරි ලස්සන සිංදුවක්. “පිස්ටා සුමා කිරා යේ පිස්ටා සුමා කිරා..” විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි, අන්න ඒ සිංදුව ප්ලේ වෙනවා කෑම්ප් එක ළඟදී. ඊළඟට ස්ටෙෆීට කෝල් කරන අතරතුරේ ජේසන් කියන සිංදුව තියන්නේ ටොවිනෝයි ‍ඵෙශ්වර්යයි එකතු වෙලා අපිව පිස්සු වට්ටපු Mayaanadhi (2017) චිත්‍රපටියේ.

“මේ සාදික්කා උයනේදී…
ඔබ මා දිහා බලා ඉන්නා විලාසය, ඕ හෝ!
පාට පාටින් සමනල් රෑනක්
පියඹන්නා වාගෙයි,
මොනාදෝ අමුත්තක් තියෙනවාදෝ මගේ හැසිරීමේ “

සංගීතමය පැත්ත ගැන කතා කළොත්, චිත්‍රපටියේ මුලු ඇල්බම් එකම දවස් ගාණක් එකදිගට අහන්න පුලුවන් ලස්සනක් තියන්නේ. විශේෂයෙන්ම Jaathikkathottam ගීතය සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. විනීත් ස්‍රීනිවාසන්, විද්‍යාධරන් මාස්ටර් වැනි ප්‍රවීණයන් පිරිසක් ගායනයෙන් දායක වෙද්දි SoundTrack ඇල්බමය ජස්ටින් වර්ගීස්ගේ. මේ ලිපිය කියවන හැමෝටම ආරාධනා කරනවා යූ ටියුබ් පැත්තට ගිහින් Jaathikkathottam ගීතය අනිවාර්යෙන්ම අහන්න කියලා. ඒ විෂුවල් එකේ ඉඳන්ම අපි ආදරේ කරන මලයාලම පිරිලා තියෙනවා! කේරළ පාසල් සිසුන් අතරේ මෙය දැන් උන්මාදයක් ගාණයිලු. ඇත්තම කිව්වොත් පොතේ හැටියට, මමුක්කාගේ Unda සිනමාපටයට පස්සේ නැවතත් මලයාලම් බොක්ස්-ඔෆීසිය රත් කරන්න තිබුණේ Onam උත්සවයට සමගාමීව තිරගත කළ Mohanlal ගේ Ittymani: Made in China හා Prithviraj ගේ Brothers Day චිත්‍රපට ද්විත්වයයි. ඒත් ඉතින් කවුරුත් නොහිතපු විදිහට මේක මැද්දට පැන්නනේ! දැන් යන කසුකුසුවේ හැටියට මෙහි Remake එකකුත් ළඟදීම දැක ගන්න ලැබේවි. බොහෝ දුරට දමිළ හෝ හින්දි භාෂාමය නිර්මාණයක් වෙන්න ඉඩ තියෙනවා. කොහොම නමුත් ඒ ගැන නිල තොරතුරක් තවමත් වාර්තා වී නැහැ.

මීදුම මැදි කරගෙන ඈත කඳු යායෙන් හමා එන හීතල හුළඟක් ඇඟේ වැදෙද්දී කොළ පාට තුරු වියන් ගොන්නකින් පිණි බිඳු බේරෙන හරිත පැහැ අසිරිමත් කේරළය… කොළපාට පෙඳ පාසිවලින් වැහුණු නිල් කැටයක් වන් ජලාශයක් මැද්දේ පෙම් කෙළින ආදරණීය පෙම්වත්තු…. මේ ලෝකයේ හැම මලයාලම් ආදරවන්තයෙක්ම වශී වුණේ අන්න ඒ සුන්දරත්වයටයි. ඒ නිසාමදෝ ලංකාවේ නූතන තරුණ පරම්පරාව ඇතුළේ උන්මාදගත ඇබ්බැහියක් බවට මලයාලම් සිනමාව පත්වෙලා තියෙනවා. මගේ පෞද්ගලික අදහසේ විදිහට එම ඇබ්බැහියේ කූඨප්‍රාප්තිය තමයි නිවින්ගේ Premam!

Thanneer mathan Dinangal තුළිනුත් හැමදෙනාම බලාපොරොත්තු වුණේ තවත් ප්‍රේමම් චිත්‍රපටයක්…
මාස ගණනක් පුරාවට ආදරයෙන් මතක් කරන්න පුලුවන් සිනමා උන්මාදයක්…
එකපාරක් දෙපාරක් නෙමෙයි, සිය වතාවක් වුණත් එපා නොවී බලන්න පුලුවන් රූපමය චාරිකාවක්…
බලන බලන වාරයක් පාසා තෝන්දු මාන්දු වෙලා යන සුන්දර ප්‍රේමයක්…
පිටු ගණනින් විචාර ලියන්න පුලුවන්, පේළි ගණනින් සඳැස් නිසඳැස් පුරවන්න පුලුවන් ඇබ්බැහියක්…
හිතට අවංකයෙන්ම කිව්වොත් මේ ලිපිය අවස්ථාව වෙද්දී මන් මෙය දෙපාරක් නරඹලා අවසානයි. ඒත් තාමත් මදි, එක්කෝ අද රෑට නැත්නම් හෙට දිහාවේ ආයෙත් බලාවි.
ඔබ සොයන මලයාලම සහ ඔබ සොයන ආදරය මෙම චිත්‍රපටය ඇතුළේ තියෙනවා මිත්‍රවරුනි. කෝටි පනහකට අධික ආදායම වගේම Twitter, Wikipedia අඩවි පුරා ලියැවුණු පතරංග රචනා පේළි ඊට සාක්ෂි දරනවා. විශ්වාස නැත්නම් පොඩි සෝදිසියක් දාලා එන්න!

දැන් ඇති වගේ නේද? මන් හිතනවා, සවිස්තරාත්මක ලිපියක් ලියවෙන්න ඇති කියලා. Thanneer mathan Dinangal කියන්නේ හැමදාම දකින එකම වට්ටෝරුවේ සීනිබෝල ෆිලුමක් නොවන විත්තිය ලිපිය කියවපු ඔබට දැන් තේරෙනවැතිනේ. එහෙනම් තවත් දික්ගස්සන්නේ නැහැ. අදහස්, උදහස් ඔක්කොම පහළ කොමෙන්ට් තීරයේ කොටාගෙන යන්න.

කෝටි එකහමාරකින් හදපු ලෝ-බජට් චිත්‍රපටියක් තාම ඉස්කෝලේ යන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකතු වෙලා කෝටි 50කටත් එහා ආදායමක් ලැබෙන්න දිවේවවා නම්,
Premam ට පසු වැඩිම ආදරණීය ප්‍රතිචාර ලැබුණු මලයාලම් චිත්‍රපටයට බවට වාර්තාපොත් අලුත් කරමින් ඉන්දියාව හා ගල්ෆ් කලාපය පුරා Box-Office ලැව්ගින්නක් ඇති කළා නම්,
මාස ගණනාවක් එකදිගට දකුණු ඉන්දීය සමාජ මාධ්‍ය අවකාශයේ නවතම උන්මාදගත ප්‍රේමය බවට පත් වූයේත් එය ම නම්,
හිතෙන්නැත්ද ඒ සිනමාපටයේ මොනාහරි විශේෂයක් තියෙනවැති කියලා?
දැනෙන්නැත්ද ඒ සිනමාපටය මිනිස්සුන්ගේ හදවතටම කිඳා බැහැලා කියලා?
මතක තියාගන්න,
පණ ගැහෙන මනුස්සයන්ගේ ජීවිතයේ ලස්සනම කාලේ, ඉස්කෝලේ කාලේ.
එතකොට ඉස්කෝලේ කාලේ ආදරේ..?

හ්ම්, ඒ ගැන චිත්‍රපටය බැලුවට පස්සේ කතා කරමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP / DVD පිටපත් සඳහා අදාළ වේ.

17,836 downloadsDownload Thanneer-Mathan-Dinangal-2020.zip159 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සහ “ කවිනු වීරක්කොඩි ” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
කවිනු වීරක්කොඩි

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS
කසුන් ජලිත

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,836 downloadsDownload Subtitles159 KB

35 comments

  1. Madhushani Gamage

    එනකන් බලන් හිටපු සබ් එකක්..ගොඩක් ස්තූතියි...

    1. Lahiru

      අනේ ගොඩක් ආසාවෙන් බලන්න ආවේ.ඒත් මීට වඩා හොද copy එකක් නැද්ද

  2. Nethini123

    කවිනු මල්ලි බොහොම ස්තූතියි ඉක්මනටම සබ් එක දුන්නට....නියම ලිපිය....දෙන්නට බොහොම ස්තූතියි

  3. Lalani Maduwanthi

    Thank you

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  6. deshan chandana

    lipiyaya pissu watuna saho aniwa balanawa obata jaya..

  7. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝලා දෙන්නටම
    කවිනු මල්ලි රෙක්මදාරු කරොත් ඉතිං හොයන්න බලන්න දෙයක් නෑ !!!

  8. benukanimsena

    උඹත් එක්ක මොනව කිව්වත් ඉන්දියන් ෆිල්ම් කැටගරියේ ආසම මලයාලමට
    මේක ගැනත් උඹලා දෙන්නා නොකියවපු දෙයක් තියනවා යෑ
    අද රෑට අරගෙන හෙට රෑට අනිවාර්‍යයෙන්ම බලනවා
    ප්‍රේමම් වගේ නම් නොබලා කොහොමද
    ලොකු කැපකිරීමකින් සබ් එක ගේන්න මහන්සි වුණු බව අපිත් දැනුවත් නේ!
    එහෙනම් බයිස්කෝප් පහතමාලේ මලායලම් පිස්සෝ දෙන්නට ජයවේවා!!
    බොහොම ස්තූතියි

  9. Kamal Liberty

    Yeh Teraa Ghar Yeh Meraa Ghar pleese sinhala sub title

  10. indika75

    thanks..

  11. Chandima Prasad

    thanks sub ekata..

  12. Achi

    බොහොම බොහොම ස්තුතියි ආ සබ් එකට....
    ඒ කැප කිරිමට ආදරෙයි

  13. Anonymous

    mega download karagannne kohenda boissss? sub kata nam thanks

    1. Kasun Jalitha

      baiscopedownloads. co එකේ තියෙනව

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Hashan M. Priyadarshana

      මේවටත් සබ් දෙන්න :)
      * Eureka (2020) Telugu
      * Raahu (2020) Telugu
      * Mahira (2019) Kannada
      * 41: Naalpathyonny (2019) Malayalam

  15. රංගික සිනෙත්

    දෙන්නටම බෝම තුති .සුපිරියක් .ජයම වීවා

    1. Anonymous

      Thank you

  16. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  17. Pathum N herath

    sabataa thnkz bro

  18. D.Chamara

    bohoma sthuthi

  19. Prasad

    Bro link ekk ewndko.mn dwnld krana ewa sub ekta gelpen nhe

    1. isuru srinath sjs

      w w w . b a i s c o p e d o w n l o a d s . c o එකට යන්න..

  20. isuru srinath sjs

    බොහොම ස්තුතියි දෙන්නටම... සුපිරියක් වගෙ... බලන්නම ඕන..!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Nirmala Madushanka

    Sub walata thnx mchn film eka baluwa apu dawaswalama sub natuwa mko english sub wath tibbe nane api ekka kerala un inna hinda danna widihata baluwa ahagena patta film eka. habai apita tiyena malayalam pissuwa unta na.untath mn kiwwama tama film eka gana blanne.dn godak dawaswalata un enawa malayalam film download krada ahagena heee

  23. සුභාෂිණී මල්ලව ආරච්චි

    ලස්සනම ෆිල්ම් එකක් මල්ලි. සබ් එකට ගොඩක් ස්තූතියි

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Anonymous

    Stand up movie ekata sinhala sub ekk krnnako

  26. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා දෙන්නටම...
    එනකල් බලන් හිටපු ෆිලුමක්...
    ලිපියත් මරු..
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  27. Anonymous

    Sub ekak daddi film eka gena wisthara dapanko හෙන හෑලි ලියන්නැතුව

  28. Anonymous

    stand up (2019) malayalam film ekata sub eka denna puluwnda

  29. නෙතුමි සංජනා

    ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න තැනක් කියන්නකෝ

    1. Sandaruwan AGV

      බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකට යන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.