ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව…
ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් ලබා දීලා තියනවා.
හරි ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න කියලා මාව උනන්දු කළේ අපේ තිසර ප්‍රමුදිත සහෝ.ඉතින් ඒක නිසා මම මුලින්ම තිසර සහෝට ස්තුති කරලා ඉන්නම්.මෑත කාළයේ ගොඩාක් ජනප්‍රිය වුන චිත්‍රපටියක් තමයි මේක.2011 ජූලි වල නිශ්පාදනය කරපු මේ චිත්‍රපටිය Joe Johnstonගේ අධ්‍යක්ෂනයක්.මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.1 වගේ ඉහළ සංඛ්‍යාවක් ලබා ගෙන තියනවා. Chris Evans, Hayley Atwell, Sebastian Stan, Tommy Lee Jones ඇතුළු නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.
මම එහෙනම් කථාව පොඩ්ඩක් කියන්නම්.ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය ආසන්නයේ හිම මිදෙන මුහුදක ගවේශන කණ්ඩායමක් යමක් හොයනවා.ඒ කණ්ඩායමට අවසානයේ පැරණි ගුවන් යානයක් වගේ එකක් හම්බ වෙනවා.ඉතින් මේ ගුවන් යානය මොකක්ද?මේ පැරණි යානය ඇතුලේ තියෙන්නේ මොනවද?මේ ගුවන් යානයත් එක්ක බැඳුන අතීත කථාව මොකක්ද?ප්‍රශ්න ගොඩක් නේද?ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු මේ චිත්‍රපටිය බැලුවහම ඔයාලට හොයා ගන්න පුළුවන් වේවි.
හොදයි ඔයාලගේ සතුට වෙනුවෙන් මම මගේ කාළයෙන් පැය 6හෝ 7ක් Captain Americaඑක්ක ගතකරන්න ඇති.ඉතින් ඔයාලට Captain Americaඑක්ක ගත කරන්න වෙන්නේ පැය 2වගේ කාළයක්.ඉතින් හොදින් චිත්‍රපටිය රසවිඳලා ඔයාලා වෙනුවෙන් කැප කරපු මගේ කාළය වෙනුවෙන්,මිනිත්තුවක් දෙකක් කැප කරලා ඔයාලගේ කමෙන්ඩ් එකත් දා ගන යන්න යන්න කියලා මගේ අහිංසක ඉල්ලීමකුත් තියනවා.
ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
106,615 downloadsDownload Captain-America-The-First-Avenger-2011.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Subtitles by
අමිල මනනදේව
Subtitles
315 comments
ns
Saranga
මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ... ගොඩාක් ස්තුති සහෝදරයා....
AL1717
Ela Ela Saho onna Mamath Gattha Me Sub Eka Film Eka Nama Bala Thibbe.
Thanks Wewaa
Jaya Wewaaa
Djwathila
එල මචෝ... මම මොනව නොබැලුවත් ඔයා සබ් දාන පිල්ම් බලනව.. මොකද ඔයා දාන සබ් හරිම පැහැදිලියි..
ගොඩක් ස්තුතියි...සමියා
Thank you Thank you....
Maxa Film elak....Ishan Gihantha
Thanks Machazzz...
JMLR
පහුගිය දවස් ටිකේ මට එපා වෙලයි තිබුනෙ.. මේ සයිට් එක වැඩ කලේ නෑ කියන්නෙ එදාට හරියට කෑවෙ නෑ වගේ තමයි. කොහොම උනත් සබ් වලට ගොඩාක් ස්‌තුතියි ..
කේ. යූ. ජී. උදාර
අලුත් ෆිල්ම්ස් උණු උණුවෙම සිංහල උපසිරැස දාල අපිත් එක්ක බෙදා ගන්නවට අමිල සහෝට බොහොමත්ම ස්තූතියි.
දිගටම මේ වැඩේ කරගෙන යන්න...
කමෙන්ට් සහය දිගටම දෙමි.විකියා
මේක මැක්සම බයිස්කෝප් එකක්. :) ...අනිවා හැමෝම බලන්න.. වෙහෙස මහන්සි වෙලා කාලය කැප කරලා සබ් දීපු අමිල සහෝටත් බොහොමත්ම පින්..ඒ වගේම වැඩි වැඩියෙන් උපසිරස යොදන්න ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...
ජයෙන් ජය..!
chamath
ela patta saho onna math banna damma maxa film ekka meka jaya wewa
kte
ජයවේවා මචෝ ...ගොඩක් ස්තුතියි
සංජිව
තැන්ක්ෂ් යාලු මේක කොයි වේලේ ලැබේයිද කියලා බල බලා හිටියේ... කියන්න වචන නැ
Anonymous
elama ela maxxa vadak.thankzzzz for lot
Sahan
maxxama maxxa vadak.very very thankssss sahooo
chamila
meka baluwa.........
Anonymous
ස්තූතියි සහෝදරයා... අපේ පැය දෙකක සතුටට ඔබේ පැය හත අටක් වැය කිරීම ගැන...ඒ වගේම පිළුණු වෙන්න කලින් උණු උණූවෙම සබ් දාලාම දෙනවට...
අබා
ස්තුතියි අමිල සහෝ...ඔයාට කොම්මෙන්ට් දාන්නේ නැතුව කාට දාන්න්නද? එල එල ජයවේවා...
nuwan
ela wadak machan... sinhala sub nisda mama dan film eka balanawa,,, :)
viraj
ela kiri ...
driftkingdj
ජයවේවා මචෝ!!! මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ…ගොඩක් ස්තුතියි......
kumu
thnks me ane bodyguard hindi movie ekatath sinhala sub dennakooooooooooooo
chathura
mamath banavaaaaa.....thanks saho...
Dinesh Gamage
thank you!
Anonymous
නියමයි යලුවා.ගොඩාක් ස්තුති අපි වෙනුවෙන් කාලෙ යෙදෙඋවට
theekshana
නියමයි යලුවා.ගොඩාක් ස්තුති අපි වෙනුවෙන් කාලෙ යෙදෙඋවට
Praneeth
මේක සිංහල උපසිරැසි එක්ක බලන්න ආසාවෙන් හිටියේ..., ගොඩක් ස්තුතියි අමිල
Thisara Pramuditha
thnkx amila saho.oya wadak karoth ela kiri wagee tama..dan lctr ekaka,gedara gihin comment ekak dannam sub baalama.
asanka
thanks sahoooooooo..........
සමන් කලුබෝවිල
ela..ela. mee dawas wala balanna film ekak nethuwa hitiyee.... thankx .... jaya.... :)
shiwantha
thanx machan sinhala sub ekka meka enakam balagena hitiye dl karaganna. :)
sad
elakiriyoooooooooooooooo
අමිල නිශාන්ත
නියමයි.... බොහොම ස්තුතියි. තව තවත් උපසිරැසි ලබා දෙන්නට ධෛර්යය ශක්තිය ලැබේවා.....
කැප්ටන් ඇමරිකා
මේ වගේ අලුත්ම ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක බලන්න දුන්නාට ගොඩක් ස්තූතියි සහෝ....
රොයිලි
හ්ම්ම්ම්ම් කාලෙකට පස්සෙ කමෙන්ට් එකක් දානවා. අමිල සහෝට මම බොහොමත්ම ස්තූතියි කියනවා. මම ආපහු සබ් දාන්න පටන් ගන්න ගියේ මේ චිත්‍රපටියෙන්. ඒත් අමිල සහෝ මට ඉස්සර වෙලා. ඉතින් මම වෙන එකක් තෝර ගත්තා. :P
මේ චිත්‍රපටිය ලබන අවුරුද්දෙ මැද එන ප්‍රධාන චිත්‍රපටය වෙනුවෙන් පටිගත වෙන චිත්‍රපට මාලාවෙන් එක් චිත්‍රපටියක්. Marvel චිත්‍රකතා අනුව සෑදෙන මේ චිත්‍රපට මාලාවම බොහොම ලස්සනයි. බොහොම ස්තූතියි අමිල සහෝ උපසිරැසි වෙනුවෙන් කාලය වැය කරල අපිත් එක්ක බෙදාගැනීම ගැන. තවත් චිත්‍රපටියක් ලඟදීම බලාපොරොත්තු වෙනවා.... :)
Anonymous
maxxxaa machooo
Shashi Fernando
Thanx, oya gindara kollek bro. keep it up!!!
M.D.A Pradeep (අමිල මනනදේව)
@ හැම සහෝදරයෙක්ටම
අදහස් දක්වන හැම සහෝදරයින්ටම ස්තුතියි.ඔයාලගේ අදහස් නිසා තමයි තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ගැම්මක් එන්නේ එන්නේ.ලගදීම තවත් අලුත් එකක් දෙන්නම්.@රොයිලි සහෝ
අනිවාර්යෙන්ම රොයිලි සහෝ මම ඔයා සබ් දාපු ෆිල්ම් බලලා තමයි මමත් සිංහළ සබ් දාන්න පටන් ගත්තේ.ලගදීම තව එකක් දෙන්නම්.මම හිතන්නේ ඔයා මගේ ෆිල්ම් එකකට දාන මුල්ම කමෙන්ඩ් එක ස්තුතියි සහෝ....tharindu
ela macho.good work
Anonymous
maxxxxxxxxxxxxxxa sum bro...............thank yoy
ලිට්ල් ජොන්
අමිල සහො ඔයා බයිස්කෝප් අඩවියට ආවාට පස්සේ මේකේ අමුතු එලියක් තියනවා පට් පට් ගාලා සබ් දෙන්න ඔයා ඇර වෙන කවුද
Dinuk
ස්තූතියි සහෝ,,,.
k2abey
niyamai niyamai aai wada patan aran neda jayawewaaa.......
Alaya
ammiyoo meka denakaam balan hitiye..godaak sthuthiy lokka.. jaya \m/
chamal
elaaaaaaaaaaaaa maxxaaaaaaaaaaaa
Anonymous
wow machan thanks
Dinusha
thanks machan.
nnr
Thank Machoo Godakk Pin......
lahiru
මේකනම් ලොවෙත් නැති සුපිරි කතාවක්...මුල ඉදල අගටම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් නියම ක්‍රියාදාම වලින් පිරුණු බයිස්කෝප් ඒක.සිංහල උපසිරැසි වලටත් ස්තුතිය්.
Imesh
Sinhala subs dana ekanam godak loku deyan sahooooo...
GooD WoRK
Keep Going n Goooooood Luckතිසර ප්‍රමුදිත
නියමයි අමිල සහෝ.ඔයා ටික කාලයකින් මේ අඩවියේ නැතුවම බැරි චරිතයක් උනා.එහෙම වෙන්න හේතුව ඔයා ඉක්‌මනින් උපසිරස් දෙන නිසයි.අනික් දේ තමා එන අලුත් සුපිරි ෆ්ලිම් වලට උපසිරස් දෙන නිසයි.ඔයා නිවරදිව වටහා ගත්තා අපේ සහෝදරයින් ගේ කැමත්ත.උපසිරස් දෙනවා කියලා පරන ෆිල්ම් එකකට දෙනකොට ඒ ෆිල්ම් උපසිරස් දෙන්න කලින් බලලා තියන ප්‍රමානය වැඩි.ඒ නිසා ඒවාට ගොඩාක් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බෑ.අනික උපසිරස් බාර අරගෙන ගොඩාක් කල් අරන් උපසිරස් දෙනකොට වෙන්නෙත් ඒ කලින් කියපු දේම තමා.නමුත් අමිල සහෝ මේ දේ හොදින් තේරුම් අරන් උපසිරස් දෙන බව එක දවසට ලැබිලා තියන ප්‍රතිචාර වලින් ම ඔප්පු වෙනවා.ඔයා ගැන අමුතුවෙන් ගුණ වර්නනා කියන්න ඕනි නැ.හැමෝම ඒ ගැන දන්නවා.ඔබට ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඊලඟ උපසිරැසි ලිස්ට් එකේ ෆිල්ම් බාර අරන් මාස ගානක් ගියත් දෙන්න නැති අයට ඔයා හොඳ ආදර්ශයක්