Watch Trailer

Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ.…

Captain America 2014

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ. ඒත් අද දවසේදී බයිස්කෝප් අඩවියේ උපසිරසි 50 සපුරපු 12 වෙනියා විදියට මම මෙතන ඉන්නවා. තව දෙතුන් දෙනෙක් මේ සමගම වගේ තව ටික දොහකින් පනහේ කාණ්ඩයට එක්කාසු වේවි. ඒ අතරට කාන්තා පාර්ශවය නියෝජනය කරන අයෙක්ද ඉන්නවා කියලා ආරංචියි. ඉතින් අද මෙතනට එන්න ගොඩක් උදව් කරපු අය ඉන්නවා. මුලින්ම අඩවියේ නිර්මාතෘ පොතේගුරා (ඉසිර ගුණතිලක) සහෝදරයවත් ඔහුගේ සහයක ගෝල සහොත් (උමේෂ් ලීලසේන). ඒ දෙන්නා නැත්තම් අද මේ වගේ තැනක් අන්තර්ජාලයේ නොතිබෙන්න තිබුනා. ඊටපස්සේ අන්තර්ජාලයට මුල්ම උපසිරස එකතු කරපු අන්තර්ජාල උපසිරසිකරුවන්ට පාර පෙන්වපු පෙරගමන්කරු රොයිලි අයියා. මේ අඩවියට එකතුවුන දවසේ ඉදලා වද දුන්නු ආදරණිය විකියා. ඔව් දැන් එයා අලුත් වැඩක් පටන් අරන් අලුත් විදියකට මාව අමාරුවේ දාලා තියෙනවා 😛 ඒ වගේම ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කරද්දී ගොඩක් උදව් කරපු වාසල අයියා, අයියා කිවුවට එයත් මාමෙක්. හැම වෙලේම උපසිරසි වල අඩුපාඩු පෙන්නලා දීලා නිරතුරුව දිරි දුන්නු හිතවතා හසන්ත මාමා. (සමාවෙන්න මාමේ තාමත් උපසිරසි වල යතුරුලියන දෝෂය එහෙමම තියනවා :P) සමහර වෙලාවට උපසිරස පරිවර්තනය කරගත්තත් හරියට ගලපන්න බැරි වෙන අවස්ථාවලදී පිහිටට එන දිනිඳු මාමා. මෑතකදී විවාහ ප්‍රාප්තවී දැන් වගකීම් රැසක් දරන අයෙක් නිසා දැන් වැඩිය අප සමග නොරැදුනත් උපසිරසි සම්බන්ධ ගැටළු හා ඊට පිටත ඇතිවෙච්ච ගැටළු වලදී පවා එකල උදව්වට ආපු කැලුම් ගුණසේකර අයියා. ඒ සමගම වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ලා කියලා හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා.. හේවා ලුණුවිලගේ මාමා. මගේම වයස සහෝදරයින් දෙදෙනා බොක්කේ ෆිට් දෙක, මේ දවස්වල ආදර හුටපටයක ගැඹුරටම එරිලා ඉන්න සමීර කරුණාරත්න සහ ඩාවින්සිගේ ගුණ නිතර සිහිපත් කරමින් අපිට එය වෙලාවට කලාවට රැගෙන එන පුබුදු සුපුන් සහෝ ඇතුළු පිරිසම මේ වෙලාවේ මතක් නොකරම බැහැ. බැන බැන අන්තර්ජාල වියදම් දරපු අම්ම තාත්තටත් බොහොම ස්තුතියි. ඒ වගේම නමින් මතක් කරන්න නොහැකිවුන හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි. ඒ හැමෝවම නමින් මතක් කරන්න ගියෝතින් තවත් ලිපියක් ලියන්ට වෙනවා 😛 ඉතින් බයිස්කෝප් අඩවියට එක්ව උපසිරසිකරණයේ යෙදීම නිසාවෙන් ඉතාමත් හොද අරමුණක් තියන, අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් තම විවේකය කැප කරන, යහපත් මිතුරන් පිරිසක් හදුනාගන්න ලැබුනා.. ඒ වගේම තව කෙනෙක් හිටියා ඔයා ඕක කරලා ඉවරවුනාම කියන්නකෝ කියලා පැය ගණන් බලන් උන්නු වගේම සමහර වෙලාවට පරිවර්තන සහය පවා ලබා දුන්නු, එයාටත් බොහොම ස්තුතියි හැම දේකටම වගේ ඒ දේටත් ලබා දීලා තියන නිදහස වෙනුවෙන්. 🙂

ඉතින් අද වෙනකොට සිනමාපට 29ක් සහ රුපවාහිනී කතා මාලාවන්හි කතාංග සදහා ලබා දුන් උපසිරසි 20ද ඇතුළුව අද ඔබට ලබාදෙන මේ උපසිරස සමගින් උපසිරසි 50ක් ඔයාලට ලබා දීලා තියනවා. සමහර වෙලාවට අදාල උපසිරස ලබා දෙන්න දවස් දෙක තුන පමා උන වෙලාවල් තිබුනා. ඒත් ඔබ අප විසින් ලබාදෙන උපසිරස වෙනුවෙන් බලා සිටි බව අප දන්නවා. ඒ නිසාවෙන්මයි කොපමණ වැඩ තිබුනත් ඔබට කෙලෙසකින් හො උපසිරස ලබා දීමට උත්සුක වන්නේ. “සිනමා රසික ඔබ තමා අපගේ කොදු නාරටිය, අප ඔබ වෙනුවෙනුයි උපසිරසි නිර්මාණය කරනුයේ.” ඉතින් ඒ හැම උපසිරසකටම අදහස් දක්වපු රසික ඔබ නිසා තමයි තව තවත් උපසිරසි කරන්න උනන්දුව ඇතිවුනේ. වැඩිම අදහස් ගණනක් පළවුණේ සහ දෙවනියට වැඩිම බාගත කිරීම් ප්‍රමාණයක් ලැබී තිබුනේ Frozen (2013) සිනමාපටයට ලබාදුන්නු උපසිරසට වන-අතර වැඩිම බාගත කිරීම් ප්‍රමාණයක් ලැබිලා තිබුනේ Now You See Me (2013) සිනමා පටයට ලබා දුන්නු උපසිරසටයි. ඉතින් එලෙස දායකත්වය දැක්වූ ඔබටත් හිසනමා ආචාර කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න අවසරයි. උපසිරසක් සමගින් යම් සිනමාපටයක් හෝ ටෙලි කතාංගයක් නැරඹු ඔබ ලබන වින්දනය සහ මානසික තෘප්තියේ විශාල කොටසක හිමිකරුවා වන්නේ අදාල උපසිරස වෙනුවෙන් තම ශ්‍රමය වටිනා කාලය මහන්සිය කැපකළ උපසිරසි කරුවාය. සත-පහක ලාබයක් මින් නොලබන ඔහුට ඔබේ ස්තුතිය පුදනොකර සිටීමට තරම් ගුණමකුවෙකු වන්නට එපා. පැය හය හතක්, සමහර විට පැය පහලවක් විස්සක් පමණ මහන්සි වී, නිදි වර්ජිතව ඔබට උපසිරස ලබා දෙන ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නේ උපරිම විනාඩියක කාලයක් වැයවන එක පුංචි අදහස් දැක්වීමකි. මෙය මා වෙනුවෙන් නොව අන්තර්ජාලයේ සිටින සියලුම උපසිරසිකරුවන් වෙනුවෙනි, මා මෙසේ කියා සිටින පළමු සහ අවසන් වතාව මෙය වේ. මන්ද උපසිරසක් පරිවර්තනය කර අවසන්වූ විට සිතට දැනෙන තෘප්තිය සහ නිරායාසයෙන් ලැබෙන දේ මාහැගි බැවිනි… සෑම උපසිරසි කරුවකුගේම සිත්-තැවුලට පත්වන පොදු සංසිද්දියක් වන එය මටත් පොදු කාරණයක් ඉතින්.. එහෙමනම් වල්-පල් කියවීම නවත්වලා අද අරගෙන ආපු සිනමාපටය දිහාවට හැරෙමු…

මුලින්ම කිව යුතුයි. මේ දීලා තියෙන්නේ “HD කැමරා කොපියක්” මේක හොද මට්ටමක තියනවා ඒ වගේම බොහෝ දෙනෙක් ඉල්ලුවා මේක දෙන්න අපි බලනවා අවුලක් නැහැ කියල.. ඉතින් මේක නොබලන අය තව ඉවසන් ඉන්න. හොඳ පිටපතක් නිකුත් වෙච්ච සැනින්. ඒ සදහා ගැලපෙන උපසිරසි සහ පිටපත් ලබදෙන බව ඔයාලා දන්නවනේ. මේක බාගත කරනවානම් අඩු මෙගාබයිට් ප්‍රමාණයේ පිටපත බාගත කරන්නේ නැතුව වැඩි ප්‍රමාණයේ පිටපත බාගත කරගෙන බලන්න. ඒ වගේම පිටපතේ සාම්පල් එකක් තියනවා මෙන්න.

කට්ටියම දැනටමත් දන්නවා ඇතිනේ ඇවෙන්ජර්ස් කණ්ඩායම පටන්ගත්තේ කොහොමද ආදී විස්තර ටික, ඒ වගේම දන්නවා ඇතිනේ ඇවෙන්ජර්ස් දෙවන සිනමාපටයත් ඉදිරියේදී පැමිණෙනවා කියලත්. ඒ වගේම හැමෝම වගේ බලන්න ඇතිනේ Captain America: The First Avenger (2011) කියන මේ සිනමාපටයේ පළමු දිගහැරුමත්. සමහරුන්ටනම් ඒක ඒ හැටි අල්ලලා ගියේ නැහැ. මට හිතෙන හැටියට එහෙම උනේ මාවල් සමාගම ඒ සිනමාපටයට වඩා වැඩි අවධානයක් යොමු කලේ Avenger (2012) සිනමාපටයට ඉන් මුල පිරීමක් ලබාදිමට අවධානය යොමු කරපු නිසා කියලයි. හැබැයි මේකනම් එහෙම නැහැ. සමීර සහෝ මේක කලින් බලපු ගමන්ම කිවුවේ ගියපාර එකට වඩා හොඳයි මරේ මරු කියල.. සමීර තමයි මේක මුලින් උපසිරසි යොදන්න බාරගෙන තිබුනේ මට 50 සම්පුර්ණ කරන්න මේක ලබා දීම පිළිබදව ඔහුටත් ස්තුතියි. ඉතින් imdb අඩවියෙත් 8.2ක අගයක් ගත්තු මේ සිනමාපටයේ දැනට ඇමෙරිකාව තුල බොක්ස් ඔෆිස් ආදායම $ 708,373,264 වෙනවා. ඒක දැනට ලොව වැඩිම අදායම් ඉපයූ සිනමාපට අතර දෙවෙනි තැන අරගෙන තියනවා මේ වෙනකොට.

කතාව ගැන කියනවනම් මෙහෙමයි.. “කැප්ටන් ඇමරිකා ගැන දැනගෙන හිටියත් එයාගේ අතීතය ගැන අපි ඒ හැටි දන්නේ නැහැනේ. ඒ වගේම එයා මුල් වතාවට හයිඩ්‍රා බලය පරාද කලාට පස්සේ මොනාද උනේ කියලා අපි දන්නේ නැහැනේ. මේ සිනමපටයේදී වෙන්නේ ඊට පස්සේ සිදුවුණ සිදුවීම් සමග වර්තමාන සිදුවීම් ගලපාගෙන කතාව ඉදිරියට අරන් යාමක්.. ඒජන්ට් ඔෆ් ශිල්ඩ් නැරඹුවානම් දැනටමත් ඔයාලා දන්නවා ශිල්ඩ් අභ්‍යන්තරයෙම තමයි හයිඩ්‍රා පිලලය වැඩිලා තිබුනේ කියල. ඒ සිදුවීම් ආරම්භ වෙන්නේ කොහොමද කියලා මේකෙදි බලාගන්න පුළුවන්. කැප්ටන් ඇමෙරිකා එහෙම නැත්තම් ස්ටීව් රොජර්ස්ව මරන්නයි ශිල්ඩ් එකේ ඉදපු ඒත් හයිඩ්‍රා පාක්ෂිකයින් ඔට්ටුවෙන්නේ. අහ් ඊට කලින් අධ්‍යක්ෂ නික් ෆියුරිට වෙඩි තියනවා අන්තිම මොහොතේදී නික් ෆියුරි විසින් කැප්ටන්ට යමක් අන්තර්ගත පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. ඒ වගේම කිසිම කෙනෙක්ව විස්වාස කරන්න එපා කියනවා. සිද්දිය පටන් ගන්නේ අන්න එහෙමයි. ඔය අතරෙදි මෙතෙක් ඔබ නොදන්නා චරිතයක්ද කතාවට පැමිණෙනවා. පියාබන්න පුළුවන් උපකරණයක් පැලදගත්තු කෙනෙක් එයාගේ නම ෆැල්කෝන්…

ඒ වගේම අමතක කරන්නම බැහැ නතාෂා රමනොව්ෆ්. ඔව් එයත් ඉන්නවා. ඇය වෙනුවෙන් ඉදිරියේදී වෙනම සිනමාපටයක් නිර්මාණය කරන්න මාවල් ආයතනය තීරණය කරලා තියනවා කියල ආරංචියකුත් තියනවා. ඉතින් එයා කැප්ටන් ඇමෙරිකා එක්ක මොනාද මේ කරන්නේ…? ඔයාලට මතක ඇති පළමු සිනමපටයේදී කැප්ටන්ගේ හිත ගත්තු යුවතිය පෙගී, එදා යානය කඩන් වැටුනට පස්සේ පෙගීට මොකද උනේ.. ඒ වගේම කැප්ටන් අමෙරිකාගේ පැරණි මිතුරෙක්, මියගියා කියලා හිතන් හිටපු කෙනෙක්. ප්‍රධානම හතුරෙක් විදියට මේකෙදි එලියට එනවා.. ඇයි එයා හතුරෙක් වෙලා තියෙන්නේ…? අහ් ඒ වගේම ඉහල අහසේ සිට අපේ පුංචි ශ්‍රී ලංකාව ඉතාම කදිමට පෙන්නුම් කරන දර්ශනයකුත් තියනවා. විස්තර ටිකක් උඩින් උඩින් කිවුවට හැම දේම කියන්න හිත නැහැ.

හේමන්ත සමයේ සොල්දාදු උන්නැහේ කවුරුන්ද කියල බාගත කරගෙනම බලන්නකෝ එහෙනම්. පෑ දෙකහාමාරකට අසන්න කාලයක් ගෙවිලා යනවා දැනෙන්නේවත් නැතිවෙයි. මුල් වතාවට බලද්දී මටනම් එහෙම උනා. ඒ වගේම පළමු සිනමාපටය නරඹා නොමැතිනම් මේකට කලින් ඒක බලන්න. එතකොට අපැහැදිලි තැන් මතුවෙන එකක් නැහැ. උපසිරස කරද්දී මමත් වරහන් ඇතුලේ ඉඟි පලකරලා තියනවා ඒ කියන දේවල් තේරුම් ගන්න උදව්වක් වෙන්න. ෆිල්ම් එක ධාවනය වෙනකොට ඒක කියවන්න වෙලාව මදි වෙයි සමහර තැන් වලදී ඉතින් අමනාප නැතිව ෆිල්ම් එක ධාවනය වීම නවත්වලා ඒක කියවන්න. ඒ වගේම මාවල් සිනමාපට පෙලම අපේ අඩවියේ සිංහල උපසිරසි සමගම තියනවා. ඒ හැම එකක්ම බලන්න. එහෙම උනොත් මේ සිද්දවෙන ගොඩක් දේවල් තේරුම් ගන්න ඉතාමත් පහසු වේවි ඔයාලට. මොකද මාවල් පිටපත් රචකයෝ සමහර තැන් වලදී එක පොඩි වචනයකින් ලොකු තේරුමක් දෙනවා. උදාහරණයක් විදියට මාවල් අවෙන්ජ්ර්ස් ෆිල්ම් එකේදී කොල්සන් මිය ගියහම යම් මෑන් කැප්ටන් අමරිකාට කියනවා කොල්සන්ගේ පෙම්වතිය චෙලෝ වාදනය ශිල්පිනියක් කියල. අන්න ඒ වචනේ ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතා මාලාවේදී එක කතාංගයක් සදහා වෙන් වෙනවා. ඒක බලපු අයට මතක ඇති කොල්සන් එයාව බේරගන්න විදිය ගැන. ඉතින් ඒවගේම ඉතාම රසවත් සිනේ කතා පෙළක් අතර ඇති සම්බන්ධය දැනගන්න පුළුවන් වේවි ඒ හැම ෆිල්ම් එකක්ම නැරඹුවොතින්. එහෙමනම් හිතවතුනේ අදට නවතින්නම් කියවනවා වැඩියි වගේ හිතෙනවා. යමින් ගමන් මගේ උපසිරසි ගැන සදහන් මුහුනුපොතේ තියන මේ පිටුවට ලයික් එකක් දාගෙන යන්න හැකිනම්. නැවත හමුවෙමු එතෙක්, Hail Hydra… !! 😛

vima 50

Captain America: The Winter Soldier (2014) on IMDb

 

 

650 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

60949c7a5f77f5efd2a3d88d6a943f4f160bccd7

880 MB (BR) කොපිය මෙතනින් බාගන්න

f613699bc65afdf5c289165495f91eb741f3074d

930 MB (BR) කොපිය මෙතනින් බාගන්න

fc49a628946fad524e99e1dcc0082842d8695dae ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

32,039 downloadsDownload Captain-America-The-Winter-Soldier-2014-BR-3.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

32,039 downloadsDownload Subtitles315 B

328 comments

  1. Bhanuka

    ඔන්න හාහා පුරා කියල මම මුලින් බැව

    1. Shan Vimukthi

      උපසිරස පිළිබද ඇතිවී තිබු ගැටලුව නිවැරදි කර ඇති බැවින්, ඔබට ඇතිවූ අපහසුතාවය පිළිබධව සමව යදිමින් එය නැවත බාගත කරගන්නලෙස කාරුණිකව දන්වමි. ස්තුතියි!

  2. යශෝධ

    උඹේ 50 ට විමෝ මගෙන් මෙන්න උණුසුම් සුභ පැතුම්....... ඉක්මනින්ම 100 ගහන්න ඕන එළ කොල්ලෙක් උඹ..... සුපිරිම ෆිලුමකින් 50 ගැහුවා... උඹයි හැබෑ මාර්වල් වීරයා... එලස්ස්ස්....... මට තේරුණා පුතයා හැරෙද්දීම..... බොහෝම ස්තූතියි එහෙනම්...... ජයම වේවා...... එලස්ස්ස්................

    1. Saketha Pulasthi

      ‍අම්‍‍මෝ ‍ඇ‍ති ‍යන්‍‍තන්‍ ‍මේ‍ක‍ට ‍මේ ‍උ‍ප‍සි‍ර‍සි ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.‍‍ ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍ර‍සි ‍දෙ‍න‍කම්‍ ‍ඉ‍ව‍ස‍පු ‍ඉ‍ව‍සිල්‍‍ලක්‍. Agent of SHIELD ‍බැ‍ලු‍‍ව‍ට ‍පස්‍‍සේ ‍බො‍හො‍ම ‍අ‍මා‍රු‍වෙන්‍ ‍උන්‍‍නේ ‍ශීල්‍ඩ්‍ ‍එ‍ක‍ට ‍වෙච්‍‍ච ‍සම්‍‍පූර්‍ණ ‍සිද්‍‍ධි‍ය ‍දැ‍න‍ගන්‍‍න‍කම්‍. ‍‍කො‍හො‍ම ‍හ‍රි ‍ඉ‍තින්‍ ‍හැ‍මෝ‍ම ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍ය ‍එ‍ක‍ක‍ට ‍ත‍ම‍යි ‍උ‍ප‍සි‍ර‍සි ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.

      :) :) 50 උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍! :) :)

  3. විකියා

    හදපිරි සුභ පැතුම් 50 ට

    100 ක් ඊගාවට

    ජයෙන් ජය!

    1. Pathum Sameera

      විකියා අයියෙ මටත් උපසිරසක් හදන්න ආසාවක් තියෙනවා.. මං ඔයාලගෙ වෙබ් අඩවියේ Email ලිපිනයට Email එකකුත් දැම්මා.. ඒත් තාම reply එකක් ආවෙ නෑ.. මං කැමති ඉක්මනට විස්තර ටිකක් කියනවා නම්...

    2. කැලුම් ගුණසේකර

      ඔන්න අලුත් සාමාජිකයෙක් අපිට. විකියා, පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන. විකියා ටිකක් කාර්යයබහුලයි මල්ලී. ඒකයි. කොහොමත් ඉක්මණින් ම ඔයා ව සම්බන්ධ කරගනීවි.

    3. Pathum Sameera

      හොඳයි අයියෙ... මං ගොඩාක් අසාවෙන් ඉන්නවා. හැමදාම උපසිරස බාගෙන යනකොට මටත් උපසිරසයක් හදන්න හිතුනා.. ලංකාවේ හොඳම උපසිරස කණ්ඩායමේ සාමාජිකයෙක්වෙන එක මට ලොක සතුටක්..

  4. KproX

    ශාන් ලොක්කත් 50 ගැහුවා එහෙනම් ඈ.. එල එල. මේක දෙනකම් හිටියෙ. බොහොම ස්තූතියි!

    1. KproX

      බුකියේ සද්දෙ දදා හිටියෙ එහෙනම් මේකට තමයි.

    2. රවිඳු නිපුන්

      ඒකනේ...මං හිතුවේ එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එක කියලා.

    3. ශාන් විමුක්ති [විමා]

      heeeeee :P

  5. රවිඳු නිපුන්

    අනිවා බෑමක් තමා!!! නියමයි නියමයි නියමයී........එනකල්මයි බලන් හිටියේ! 50 වෙනි උපසිරසියත් දුන්නනේ ? ගුඩ් ලක් සහෝ..දිගු ගමනක් යන්න සුබ් පතනවා!! සබට තෑන්ක්ස් !!

  6. Isuru hasaranga

    patta bn niyamai

    1. pehan

      niyamai

  7. Global

    Appata Hudu Vima...50 I NE..KIYALA WADAK NE..OYA DUNNU HAMA MOVIE EKAKMA MAMANAM BALUWA..A EKKAMA SUBA PATHANAWA HAMADAMA HAMOTAMA ME KARANA SEWAYATA..GOOD LUCK VIMA & BAISCOP ALL OF U MY FRIEND..!

  8. DilanH

    උණුසුම් සුභ පැතුම් මචන් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
    !!! සුබම සුබ පැතුම්

  9. maleesha

    fatta baduuuuuuu mah thamy ela kiyannah wachanah naha yako uba nam fatta marvel hero kenek... mata pissu wagey udeh bawa dan sub ekath ekka baluwahaki
    winter soliders enakan hitiyeh yakuuuuuuuuu <3 ummah love u machan

  10. dilshan

    ස්තුතියි

  11. Sujith

    Thanx bro!! Congrats!! :)

  12. kaumara

    sub ekata thanks. jaya wewa. nice.work. all.the best. good luck

  13. Kumara

    thank you bro grate work

  14. Sureni Athurugiri

    congrtz bro....!!!!
    ඉක්මනට 100 වාර්තා කරමු....

  15. sahan

    උපසිරැසියට තුති…….
    50වැනි උපසිරසියට සුභ පැතුම්…!!!!!
    1000 දක්වා යෑමට හැකියාව ලැබෙන්න ඕනා.ජය වේවා..

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    " ඒ සමගම වයසට ගියත් බැන්දේ නැත්තම් කොල්ලා කියලා හිතන් ඉන්න ඕනෑම අයුරක උදව් කරන හිතාදර මිතුරා.. ආසිරි ප්‍රියන්ත මාමා."

    ඉස්තුතියි... මීට වඩා හොඳයි මාව මතක් නොකරම උන්නා නම්..
    උඹල වගේ යාළුවො ඉන්නවා නම් හතුරෝ ඕනෙම නැහැ...උඹ හොදටම ඇති..
    උඹට අද විශේෂ දවසක් නිසා මීට වඩා කියන්න යන්නේ නැ..
    කෝක වෙතත්..
    ඔබතුමාගේ 50 ට මගෙනුත් උණුසුම්ම සුභ පැතුම්...
    විගහට 75 ත් ගහමු..
    මමනම් හොඳ කොපියක් එනකම්ම ඉන්නවා..
    ජය වේවා..

    1. දිනිඳු සම්පත්

      ඇත්තටම මචෝ මූ ගැලපෙන්නේ සිනමාවේ දුෂ්ඨයගෙ චරිතයට තමයි...

  17. das

    උණුසුම් සුභ පැතුම් මචන් දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ :)

  18. Sam

    niyami sahooo me movie sub dunnata..50 sub ekata unusum suba pathum..jaya wewa...

  19. ගයාන් ගමගේ

    50 වන උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම්!

  20. Sureni Athurugiri

    congrtz bro….!!!!
    ඉක්මනට 100 වාර්තා කරමු….

  21. Sahesh (Gopa)

    cngrt machan..
    ela ela
    diunuwen diunuwata path wewa!!!!!
    suba anagathayak !!!!!!

  22. “චූටී මල්ලි”

    මටත් බෝම සතුටුයි
    මචන් අනික් 50 ගහපු අයගෙ වගෙම උබෙත්
    සබ් 50ටම මන් කමෙන්ට් කරලා තියෙ
    මන් උබ දීපුවගෙන් වැඩියෙන්ම කැමති
    Frozen එකට
    අර උබ කියපු සෙට් එක ඔක්කොටම අපිත්
    ස්තුති කරන්න ඔනි ම්ම්ම්ම්...
    ඒවගෙම හෙමින් සීරුවෙ 100 කඩයිමටත්
    ලංවේවා කියලා හදවතින්ම
    ප්‍රාර්ථනා කරනවා
    මේකත් ඉතින් අනිවා බලනවා
    හැබැයි මමනම් බලන්නෙ
    හොද කොපිය ආවාම
    සබට තුති
    ඔබට ජය.........

  23. Gayan VDO

    Thanq Subs Walata,
    Eth Original enakam iwasanawa...

  24. CHAMEE

    Hadawathinma subapathanawa sahoo

  25. හසන්ත වික්‍රමරත්න

    ජය වේවා කොල්ලෝ !!! තව තවත් උපසිරසි කරන්න ලැබේවා. එකම එක දවසක් කතා කරලා තිබුනට තාම හැබැහින් නොදැක්කට බුකියේ නම් උඹලා අපි එක පවුලේ සහෝදරයෝ වගේ. ඕනෙම දේකට ඉන්න උඹලා වගේ කොල්ලෝ සෙට් එකක් එක්ක සෙට් වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි. ඒ වගේම හැමෝටම කියනවා වගේ හැමෝටම වෙනවා වගේ මේ විනෝදාංශය තව තවත් ඇබ්බැහි වේවා කියලා පතනවා !!! ඒ වගේම තාම ඉගෙන වයසේ ඉඳන් මේ වගේ තවත් කෙනෙක්ගේ හිත සුව පිණිස තමන්ගේ කාලය මිඩංගු කරන උඹලා වගේ කොල්ලන්ට ජය නියතයි !!! ඒ වගේම කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා!!

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      විමෝ, මේ ටිකම නොකිව්වට මගේ හිතෙත් තිබ්බා හොඳේ...
      හැමදාම වගේ වචන ගලපගන්න බැරි උනා..
      මගේ උඩ කමෙන්ට් එකට මේ ටිකත් දාගෙන කියවපන්..

    2. pubudusupun

      බලමුකෝ ඒකෙත් හැටි. මෙන්න මේ ටිකම තමයි මාත් කියන්න ගියෙ. කොහෙද මාම ඉස්සර වුනානේ

    3. Shan Vimukthi

      එකම බෝට්ටුවේ ඉන්න මාමලා පුතාලා නොව ඉතින් :p

  26. දිනිඳු සම්පත්

    යකඩෝ... අපේ විමා ‍කොලුවත් 50 ගහලා නොවැ... බොහොම සතුටුයි.. බොහෝ.....ම සතුටුයි. ඒ වගේම මම උඹට මුළු හදවතින්ම සුභ පතනවා.. උඹ වෙන්නැති මේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න පොඩිම එකා (අපි හැමෝම මාමලා බාප්පලානේ.. :p )

    50 තෝරගත්ත චිත්‍රපටියනම් සුපිරි පහරක්. හැබැයි මමනම් මේකෙ හොඳ කොපියක් එනකල් ඉන්නවා බාගන්න. උඹ උපසිරැසි ගන්වපු චිත්‍රපටි වලින් වැඩිපුරම බාගත්ත සහ වැඩිපුරම අදහස් දක්වපු චිත්‍රපටිය මේක වේවි.. ඉතින් කොලුවෝ.. ඉක්මනටම උපසිරැසි 100 කණ්ඩායමටත් එකතු වෙන්න වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැමෝම වෙනුවෙන් වෙන් කරපු උඹේ වටිනා කාලයට බොහොම ස්තූතියි. (එක අතකට රස්තියාදු ගගහ ඉන්නවට වැඩිය මෙහෙම ප්‍රයෝජනවත් වැඩකට කාලය වෙන් කරපු එක ‍ගොඩක් හොඳයි. උඹටත් ඒ ගැන සතුටු ඇති... :) ) එහෙනම් කොලුවෝ..ජයවේවා!!!

  27. Rakitha ranathunga

    Loweth ne macho
    Ela ela
    Congratulations

  28. Gagan

    Ela Thanx sub walata

  29. kanchuka

    wish u all da best machan keep going.................

  30. Ashan ravihansa

    ela machan 50ta unusum suba pathum 100 venei ekath ikamanta gahapu meka dila thiyena hindama banava hoda ekak avama ekath banava moakak baluvath ekama kathavane

  31. prasha

    congratz

  32. Susantha

    බොහොම ස්තුතියි මචෝ ! ඔබට ජය……………..

  33. අසෙල්

    Supiri macho
    5o suba phathanawa
    ikmanata 100 gahamu
    spiri film ekakne dila thiyene
    Wiat for Br rip

  34. සමීර කරුණාරත්න

    පහුගිය ටිකේම මේකා නම් 50 දෙනකොට අපි මරුන තැන්වල ගසුත් පැලවෙලා තියෙයි කියලා මඩ ගහ ගහා නෙව අපි හිටියේ, කොහොම හරි ඔන්න විමා එහෙනම් 50 වැනි උපසිරැසත් කළා, බොහොම සතුටුයි වගේම, මේ 50 දුන්නා වගේ 500ක් දෙන්න සුභ පතනවා එක සිතින්ම, ඒ වගේම අර පැය ගණන් මේකා උපසිරැස කරලා එනකම් බලාගෙන ඉන්න කෙනාටත් ස්තුතියිවන්ත වෙනවා. ;) මේ කළා වාගේ තවත් දිග දුරක් යන්නත්, ජිවිතයේ සියලුම බලාපොරොත්තු සඵල වෙලා, අර අඩි දෙකේ සීමාව නැති වෙලා යන්න හදවතින්ම සුභ පතනවා, ජය මචෝ...!!!

  35. jack

    නියමයි යාලුවා....
    සුපිරිම ෆිල්ම් එකකින්නේ 50 ගහන්නේ...
    ඉක්මනටම 100 ට යන්න....

    අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට බොහොමත්ම ස්තුතියි සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජයෙන් ජය බට.

  36. Rehan Chanaka

    Congrats Bro, Ohommama 100th gahamu...

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ශාන් සහෝට මගෙන් උසුසුම් සුබ පැතුම්, හිමින් උනත් බොහොම අර්ථවත් චිත්‍රපට අපට සමීප කරමින් මේ ආපු ගමන තවත් දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවායි මා එක සිතින් පතමි, ජයවේවා.

  38. sasi

    එල කිරි.ඔහොම 100 ම ගහන්න පුලුවන් වෙන්න කියල මම පතනව... මම මෙක දෙන කන් බලන් හිටියෙ.හොද කොපියක් එනකන්ම ඉන්නව...

  39. Anuradha Eranda

    Ela bro best of luck for the 50
    GO A HEAD

  40. නලින්

    කොයි දේසේ හිටියත් විමාට සුභ පතන්න නැතුව නිදා ගන්න හිත දුන්නේම නැහැ! මං පල්ලා!!

    ඔන්න විමෝ උඹ මෙතෙක් දිපු 50 ඇතුලේ අඩුම තරමේ 40ක් වත් මම බලලා ඇති.. ඉතිං එහෙව් එකේ කෙහොම හරි උඹට සුභ කියලා නිදා ගත්තේ නැත්නම් අඩු ගානේ හීනේන් හරි බය වෙනවා !

    ඉති කොලුවෝ මෙවගේ සුභ මෙහොතක.. ඇත්තමයි කියන්න වචන එන්නෙත් නැහැ..

    මේ වගේ අඟනා උපසිරසි අපි වෙනුවෙන් කලා වගේම තව තවත් ඉදිරියටම අපිත් එක්ක රැදිලා අපි වෙනුවෙන් මේ කර්තව්‍ය කරන්න උඹේ අතපය හතර තව තවත් සවි ශක්තිමත් වේවා කියලා පතන ගමන්ම උඹ වැනි රුවන් කදක් මෙලෝවට බිහි කරපු නුඹේ රත්තරන් අම්මයි තාත්තාටයි මම පින් දෙනවා. නිහඬව අපි වැනි උපසිරැසි පිපාසිතයන් වෙනුවෙන් කරන සද්කාර්යයට..!

    කවදත් උඹට වරදින්නේ නැහැ මෙතනින් එහාට !!

    එහෙනම් 100 ගාන්න කලින් 51න් නැවත හමුවෙමු විමෝ!

    ජය වේවා! ජය වේවා!! ජය වේවා!!!

  41. DCD Weerawardhana

    Congrats bro... Thanks for the sub :-)

  42. Badula

    Ela Elaaz....

  43. ගයාන් රූකාන්ත (ජෝනා)

    මම දැන ගත්තා බුකියේ මේ දවස් ටිකේ සද්ද දානකොට
    වැඩේ මේක තමා කියලා ,ඔන්න මගෙත් හදපිරි සුබ පැතුම් විමෝ..!
    50 ,100,150,200,... තව තවත් උපසිරසි නිර්මාණයට අවැසි ශක්තිය ධෛර්ය
    ලැබෙන්න කියලා පතනවා,සුබ සුබ පැතුම්.

    ෆිලුම අරන් තියෙන්නේ ඔන්න සබ ගත්තා .ජය..!

  44. tikiri

    patta saho...mekanam supirima eka thamaaa......hithuwata wada ikmanata meka baiskope eken dunnata oyata thax

  45. kaviya

    පට්ට මචන් දිගටම සබ් දෙන්න.

  46. Tharindu Perera

    elazzzz bnnnnn...................
    mata hithunaaa anivaa ubama thamai mekata denava aththee kiyalaaa......
    api venuven kalaya kapakarala me karana vadeta godak pin macahnn...
    ubata me sub ekak karanna yana velave thava kochchara vadanam karanna thibunadaa...
    e okkoma kapa karalanee uba api venuven upasirasi karanneee..
    digatama me vade karan palayan machannn...
    ikmanata 100 th gahamuuu...50 ta unusum subapathum macahnn....
    thavath sub karanna vadi vadiyen kalaya labevaaa....
    danma nam meka balanne naaa bnnnn
    hodak copyak enakam innavaaaa......50 ta ayemath subapathuma macahnnn...
    ehenam hama sub ekatama vagee mekatath thanks machannn....

  47. Pramuk

    my congratulation bro ohoma digatama yamu

  48. damith

    මචන් මේක කැ මරා කොපියක්නේ මේවා දාන්න එපා බං . Original විතරක් දාපන් ..

  49. Givantha Arshakularathne

    50 වෑනි උපසිරෑසියට සුබ පතුම්.
    ඔබට ජය.

  50. Thisara Buddhika (තිසර නියෝ)

    මේ දවස් වල බුකියේ සද්ද දදා ඉද්දි දැනගත්තා මේක තමයි 50ට එන්නේ කියලා....
    ඇත්තටම සතුටුයි සහෝ මේ වගේ විශේෂ වාරයකට මේ වගේ සිනමා පටයකට උපසිරසි ලබා දුන්නට..
    මගේ හදපිරි උණුසුම් සුබ පැතුම් සහෝ..
    ඔය 50ටම කොමෙන්ට් කරත් අඩුගානේ මට 30ක් විතර බලන්න පුළුවන් උනා දැනට...

    හසන්ත සහෝ කිව්ව මේකටනම් මමත් එකඟයි ( !!! ඒ වගේම තාම ඉගෙන වයසේ ඉඳන් මේ වගේ තවත් කෙනෙක්ගේ හිත සුව පිණිස තමන්ගේ කාලය මිඩංගු කරන උඹලා වගේ කොල්ලන්ට ජය නියතයි !!! )

    ඇත්තට සත පහකවත් වාසියක් නොබලා කරන මේ වගේ කාර්යයකට කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා මමත් දන්නවා...කාලය, ශ්‍රමය වය කරගෙන ගෙන එන සබ් බාගෙන මිනිත්තුවක් වැය කරලා කොමෙන්ට් එකක් නොදා යන අය බොහෝ හිටියත් මෙච්චර කල් ඒ කිසිත් නොතකා රැඳී සිටීමම අගේ කරනවා.

    ඉක්මනටම 75, 100, 150........ සබ් දෙන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා...

    කොහොම උනත් මේකේ br කොපිය එනකල් අමාරුවෙන් උනත් බලන් ඉන්නවා.. අනිවා උඹේ සබෙන් තමයි එකත් බලන්නේ...

Load more comments