Watch Trailer

The Railway Man (2013) | සංග්‍රාමයක් ඉතිරි කළ කැළලක්… [සිංහල උපසිරසි සමඟ]

යුද්ධය ගැන අපි දන්නේ මොනවාද?…… නොයෙක් දෙනා නොයෙක් දේවල් කීවත් අවසානයේ උරුම වන්නේ මහා විනාශයක් පමණක් බව යුද්ධය අත්වින්ද රටක පුරවැසියන් විදියට අපි දන්නවා. යුද්ධය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන් සාමාන්‍යය වැසියන් අති මහත්. ඊට නොදෙවෙනියි ආබාධිත වූ පුද්ගලයින් ගණනත්. ඒත් ඊට සාපේක්ෂව වද දීම්, පහර දීම් වස…

The Railway Man (2013)

යුද්ධය ගැන අපි දන්නේ මොනවාද?…… නොයෙක් දෙනා නොයෙක් දේවල් කීවත් අවසානයේ උරුම වන්නේ මහා විනාශයක් පමණක් බව යුද්ධය අත්වින්ද රටක පුරවැසියන් විදියට අපි දන්නවා. යුද්ධය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන් සාමාන්‍යය වැසියන් අති මහත්. ඊට නොදෙවෙනියි ආබාධිත වූ පුද්ගලයින් ගණනත්. ඒත් ඊට සාපේක්ෂව වද දීම්, පහර දීම් වසර ගණනක් බලෙන් රඳවාගැනීම් ආදී යුධ අපරාධ නිසා පීඩා විඳි පුද්ගලයින් තුළ ඇතිවන මානසික පීඩනය අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න එවැනි පුද්ගලයෙකුගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටියක් අරගෙනයි මම අද ආවේ. එරික් ලෝමැක්ස් කියන්නේ දෙවන ලෝක යුධ සමයේ ජපනුන්ට එරෙහිව යුද වැදි බ්‍රිතාන්‍යය සොල්දාදුවෙක්. තාවකාලික සාමයක් වෙනුවෙන් යටත් වන තම බල ඇණිය වැඩි කාලයක් නොගොස්ම ජපනුන්ගේ වහලුන් බවට පත් වී ඇති බව එරික්ට අවබෝධ වෙනවා. ජපනුන් මේ සොල්දාදුවන් අමානුෂික ලෙස යොදාගෙන බැංකොක් සිට බටහිරට දුම්රිය මාර්ගයක් තැනීමටයි සූදානම් වෙන්නේ. නමුත් තමන් ඇතුලු මිත්‍රයින් කීප දෙනෙක් සේවය කරන්නේ ඉංජිනේරුවන් හැටියට නිසා එරික්ට දුම්රිය මාර්ගය සෑදීමේ බරපතල වැඩ වල නිරත වීමට සිදුවන්නේ නැහැ. කෙසේ නමුත් තමන් ඇතුල් පිරිසට පිටත පවතින යුද්ධයේ නියම තතු දැන ගැනීම වෙනුවෙන් රේඩියෝවක් නිර්මාණය කිරීමේ බරපතල කාරියට එරික් අත ගහනවා. ඒත් වැඩි කල් නොගොස් එය ජපන් බලධාරීන් අතට පත්වනවා. මේ සුළු වැරැද්දට එරික්ට දඬුවම් කරන අයුරු මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් තමන්ට දඬුවම් පමුණවපු එක් ජපන් සොල්දාදුවෙක් දෙවන ලෝක යුද්ධය නිමාවී සෑහෙන කාලෙකට පස්සේ ජීවත් වන බව එරික්ට දැනගන්න ලැබෙනවා. ඉතින් එරික් ලෝමැක්ස් ඔහුත් එක්ක තම ගණුදෙනු කෙසේ පියවා ගනීද?  Jonathan Teplitzky ගේ අතිශය දක්ෂ අධ්‍යක්ෂණයෙන් රස ගැන්වෙන මේ සුන්දර චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වන්නේ Colin Firth, Nicole Kidman, Jeremy Irvine, Stellan Skarsgård, Hiroyuki Sanada, Tanroh Ishida යන විශිෂ්ට රංගන ශිල්පීන්. මේ අතරින් බොහෝ දෙනෙක් අපට දැක හුරුපුරුදු රංගන ශිල්පීන්. 2013 දෙසැම්බර් 06 වනදා ඕස්ට්‍රේලියාවේදී තිරගත වූ මේ චිත්‍රපටියේ කතා කාලය මිනිත්තු 116 ක්. IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටස සඳහා මට උපසිරැසි ගැන්වීමට ආරාධනා කලේ අපේ හසන්ත සහෝ. ඇත්තම කීවොත් උපසිරසි ගැන්වීමට තිබුනේ පේළී 915 ක් වැනි අඩු ප්‍රමාණයක් වුනත් මම මෙතෙක් කළ උපසිරැසි අතර අමාරුවෙන්ම කළ උපසිරැසිය තමයි මේ. එහෙනම් ඔයාලගේ අදහස් සුපුරුදු ලෙසම මේ වෙනුවෙනුත් ලබා දෙන ලෙසට මතක් කරන ගමන් මම සමුගන්නවා. ජයම වේවා…! 

The Railway Man (2013) on IMDb

 

 

2,287 downloadsDownload The-Railway-Man-2013.zip103 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,287 downloadsDownload Subtitles103 KB

51 comments

  1. sujan wasala

    thank u very much brother..

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  3. නලින්

    ස්තුතියි යෂෝධ සහෝ!

    ලස්සන කථාවක් ව‍ගේ ස්තුතියි මචං!

    ජය වේවා!

  4. Ayesh

    Thank You..

  5. අසෙල්

    Niyami bro filma bala tibe baluwe na sub nathi nisa
    dannam balanawa thnxz bro

  6. “චූටී මල්ලි”

    හොද එකක් කියලා පේනවා
    ඇයි බන් මේක මෙච්චර අමාරු උනේ දෙන්න
    එල එල
    සබට තුති
    ඔබට ජය............

    1. යශෝධ

      අනේ මන්දා බන් ඒත් වෙනදා තරම් ලේසි වුනේ නම් නැහැ...
      වචන භාවිතය ටිකක් සංකීර්ණයි...

    2. “චූටී මල්ලි”

      එහෙමද........
      කෝමහරි දුන්නනෙ

  7. jenith

    tanx machn

  8. Nelson Rodrigo

    ලස්සනයි වගේ ස්තුතියි සහෝදරයා

  9. හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය

  10. gayan

    thanx saho

  11. ඉෂාර වෙත්තසිංහ

    ලස්සන ෆිල්ම් එකක් වගේ...........
    සබ් වලට ගොඩක් ස්තුතියි...........

  12. nalinda

    thank u

  13. me

    Thanks

  14. Chami

    Thank you very much dear...

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  17. Global

    Bohoma Watina Sinama Nirmanayakata Sub Dunnata Bohomathma Thuthi Yashoda Saho..!

  18. Kulanjana Maduranga

    elazzzzzzzzzzz.subata thanks YASHODA saho.jaya wewa......

  19. richi

    thanks...

  20. Shan Vimukthi

    මේකේ බාගයක් කලින් බැලුවා
    උබ කියපු කතාව ඇත්ත තමා
    පාවිච්චි කරන වාක්‍ය රටාව වෙනස් තමා
    දැන් අවුලක් නෑ යශෝධ කොල්ලගේ සබ තියනවා නොවැ
    බොලාඅ කෝච්චි ගැන සෑහෙන සම්බන්ධයක් තියනහැඩයි
    බොහොම ස්තුතියි කොල්ලෝ සබට! :)

  21. Tharindu Perera

    elazzz ahh macahnnn..
    patta kathavakvageee...
    thanks macahnn sub ekatahh...

  22. Gayan

    ගොඩක් ස්තුතියි සබ් දුන්නට තවත් වැඩි වැඩියෙන් සබ් දෙන්න ලබෙවා!!!!

  23. වරුණ රංගජිත් (වරූ)

    ලස්සන ෆිල්ම් එකක් වගේ...
    සබට තෑන්ක්ස්....
    ජය වේවා....!!!

  24. Dulanga

    ela ela...

  25. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔයා දෙන ඕනම කෝච්චි කතාවක් මම බානවා අනිවා. මතකයිනේ කලින් එක ;) ජය෴෴ :P :P

  26. nalaka

    බොහොම ස්තුතියි

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සහෝ....
    කෝච්චි කතා අතාරින්නෙම නැ වගේ නේද?
    ග්‍රේට් ට්‍රේන් රොබරි කොටස් දෙකත් එලටම සබ් එක තිබ්බා...
    ඒ වගේ,ම සුපිරියි.
    ඉතිං මේකත් අතාරින්නෙ නැ..
    ඔන්න බාන්න දැම්මා..
    ජය වේවා...

  28. කේ.යූ.ජී. උදාර

    ඔන්න පුතේ මාත් ගත්තා............
    බොහොම ස්තූතියි කොල්ලො.

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,ජයවේවා.

  30. Pubudu Danushka

    Film eka maru wage.. mn gannwa.. Thnx aiye..

  31. jack

    නියමයි සහෝ...
    ස්තුතියි උපසිරැසියට.

  32. Saman Prasad ( Black Panther )

    ela ela Yashoda kollo. onna ehenam baanna danawa. sub ekata thanks... (y)

  33. Aditha Praween

    නියමයි නියමයි
    තවත් ලස්සන එකක් වගේ .
    දිගටම සබ් දෙමු .
    ජය වේවා !
    :D

  34. gihan

    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  35. Sasanka

    මේක සත්‍ය සිද්ධියක්ද?
    ගොඩක් ලස්සන කතාවක්
    බොහොම ස්තුතියි මේ වගේ ඒවාට සබ් දෙනවට

  36. සාරංග ලියනගම

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි......

  37. chathuranga

    patta mcn

  38. වරුණ නිරෝෂණ

    දෙවන ලෝක යුද්ධය හා බැදුණු කතා නොබලා කොහොම ද .... ස්තුතියි සහෝ උපසිරැසියට

  39. nidi

    manaram film ekak, niyama kathawak, ee dekatama gelapena subs. Yashodha, oya karala thiyenne supuri wedak! thanks very much! pls digatama me wage filmswalata subs denna.

  40. nimal

    සබ් හොදයි... ඒත් අර ඵකම සබ් ඵකක් මුල ඉදන් අග වෙනකම්ම වැටිලා තියෙනවා... ඒක අයින් කරනන් බැරිද... ඒක තියෙද්දි අනිත් සබ් කියවන්න අමාරුයි.. ඒක කරදරයක්

  41. අසිත

    එලම සහෝ තෑන්ක්ස්

  42. තුසිත

    ස්තුතියි බෙහෙවින් ම. අපූර්ව නිර්මාණ උපසිරැසි ගන්වනවාට.

  43. Chathura

    බොහොම ස්තූතියි.. ජය !!

  44. nethula

    උපසිරැසියට ගොඩක්ම ස්තුතියි සහෝ..කතෘ අයිතිය ගැන කියල තියෙන කොටස නැති කරන්න බැරිද.ඔයාගේ මහන්සිය නම් මම උපරිමයෙන්ම අගය කරනවා.පේලී 915 උනත් ඔයා ලොකු වෙහෙසක් දරල තියෙනවා මේ උපසිරැසිය වෙනුවෙන්.ඒත් අර ටයිටල් එක රසවින්දනයට නම් පොඩි පහරක්..ස්තුතියි ඔබට..

  45. Lakshansilva18

    Ww2 movie ekaknam aniwa balanawa උපසිරිසියට බොහොම ස්තුති

  46. avishka360

    Thanks

  47. Kavi

    සහෝ පරණ ෆිල්ම්ස් වල සබ extract වෙන්නෙ නෑ.
    ෆයිල්ස් corrupt වෙලා වගේ.
    පොඩ්ඩක් ඒ ගැන බලන්න.

    1. Ravindu Heshan - Admin

      Me film eka dan wada

  48. Kavi

    සහෝ බයිස්කෝප් එකේ දීපු පරණ සබ් ගොඩක්ම වැඩකරන්නෙ නෑ.
    extract කරන්න බෑ ෆයිල් corrupt වෙලා.
    ඒ ගැන පොඩ්ඩක් බලන්න.
    මේ සබ් එකත් වැඩ නෑ.
    බොහොම ස්තූතියි!