ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අගෝස්තු පස් වෙනිදා Netflix හරහා නිකුත් වෙච්ච ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකකට කැමති අය ඉන්නවා නම් මේ ෆිල්ම් එක ඒ අය වෙනුවෙන් හදල තියෙන්නේ. කවුරු හරි ඒ වගේ චිත්‍රපට වලට කැමතී නම් මේකෙ ට්‍රේලරේ බලලා බලන්න ගන්න. මොකද ට්…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අගෝස්තු පස් වෙනිදා Netflix හරහා නිකුත් වෙච්ච ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල් ඇක්ෂන් තියෙන ෆිල්ම් එකකට කැමති අය ඉන්නවා නම් මේ ෆිල්ම් එක ඒ අය වෙනුවෙන් හදල තියෙන්නේ. කවුරු හරි ඒ වගේ චිත්‍රපට වලට කැමතී නම් මේකෙ ට්‍රේලරේ බලලා බලන්න ගන්න. මොකද ට්‍රේලරේ පෙන්නන විදිහට සුපිරිම කැමරා ශොට් ටිකක් එක්ක ෆුල් ඇක්ෂන් පැක් එකක් මේකෙ තියෙනවා. හැබයි කියන්න ඕනෙ මේක ක්‍රියාදාම ෆිල්ම් රසිකයන්ට විතරයි, මොකද මේක ක්‍රියාදාම වලින්ම පිරුණ චිත්‍රපටයක්. අනික් අයට මේක සෙට් වෙන්නැති වෙන්න පුළුවන්. ඒ නිසාම මේකට ලැබිල තියෙන්නේ IMDb 5.1 අගයක්. මේකෙ ප්‍රතිචාරත් එහෙමත් මිශ්‍ර ප්‍රතිචාර තියෙන්නෙ. පෙලක් අයට මේක සෙට් නෑ, ඒත් ඇක්ෂන් හොයන රසිකයන්ට මේක හොඳටම සෙට්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Jeong Byeong-Gil කියන අධ්‍යක්ෂකවරයා. මේකට රංගනයෙන් දායක වෙනවා Joo Won/ Lee Sung-jae/ Jung Jae-young/ Jung Hae-kyun/ Kim Bo-min/ Andreas Fronk යන අය. කතාව ගැන කෙටියෙන් මතක් කළොත්,
උතුරු කොරියාවෙ සහ ඇමරිකාවෙ DMZ කියලා මාරාන්තික වයිරසයක් පැතිරෙනවා. ඒ වයිරසයෙන් වැඩියෙන්ම බලපෑමක් එල්ල වෙන්නේ උතුරු කොරියාවට ඒ රටෙන් තුනෙන් එකකටම වයිරසය ආසාදනය වෙලා. ඒත් දකුණු කොරියාව ඊට හාත් පසින්ම වෙනස්, මොකද දකුණු කොරියාව වයිරසයෙන් තොර කලාපයක් ලෙසයි නම් කරලා තියෙන්නේ. මොකද දකුණු කොරියාවේ වෛද්‍ය වරයෙක් වෙන ජන්ග් බියෝන්-හූ ඒකට ප්‍රතිකාරයක් හොයාගන්නවා. ඒ ප්‍රතිකාරය තමයි එයාගෙ දුව වෙන හැනාගෙ ලේ. ඉතිං දකුණු කොරියාවෙ ඉදන් වෛද්‍ය ජන්ග්වයි එයාගෙ දුවවයි උතුරු කොරියාවට යවන්න ලෑස්ති කරනවා, ඒ උතුරු කොරියාවෙත් ප්‍රතිනාශක බෙහෙත නිර්මාණය කරන්න. ඔහොම උතුරු කොරියාවට යමින් ඉද්දි වෛද්‍ය ජන්ග්වයි, එයාගෙ දුවවයි පැහැර ගන්නවා. ඒකට පෙලක් සංවිධාන චෝදනා කරනවා දකුණු කොරියාව, උතුරු කොරියාව බිඳ වට්ටන්න කරපු කුමන්ත්‍රනයක් කියලා.
ඉතිං මං දැං කිව්ව ටික ෆිල්ම් එක පටන් ගත්තාම නිව්ස් වලට කියන ටිකක්. එහෙනම් අපි කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන කාටර් පැත්තට හැරෙමු. ඔහු මතකෙ නැති වුණ කෙනෙක්. ඔහුගේ කනේ හයි කරලා තියෙන උපකරණෙකින් හන් ජොන් හී කියලා කෙනෙක් කතා කරනවා. එයා කියන්නේ කාටර් මෙහෙයුමක ඉන්නේ. එයාගෙ මතකෙ නැති වුණ එකත් කාටර්ගෙම අදහසක් සහ එයාගෙ මෙහෙයුම වෙන්නේ අර වෛද්‍ය ජන්ග් ගේ දුව වෙන හැනාව උතුරු කොරියාවට ගෙනියන එක. මොකද කාටර්ගේ බිරිඳ වයිරසය නිසා මියගිහින් සහ එයාලගෙ දුවට ඒ වයිරසේ ආසාදනේ වෙලා එයාව බේරගන්න තියෙන එකම විදිහ හැනාගෙ ලේ නිසා. ඉතින් ඇත්තටම කාටර් කියන්නේ කවුද? මතකෙ නැතිවුණ කාටර්ට හැකි වෙයිද හැනාව උතුරු කොරියාවට ගෙනියන්න? ඇත්තටම කුමන්ත්‍රනකාරයෝ ඉන්නවා නම් උන් ඉඩ දෙයිද කාටර්ට හැනාව ගෙනියන්න දෙන්න? තව රහස් බොහොමයක් තියෙනවා මේ චිත්‍රපටය තුල සැගවිලා, ඉතින් ඒව හොයාගන්න නම් මේක බලන්නම වෙනවා.
ආයෙත් කියනවා මේක ක්‍රියාදාම රසිකයන් වෙනුවෙන් විතරයි. අනික් අයට නම් මං නිර්දේශ කරන්නෑ. කැමති අය ඉන්නවා නම් අරන් බලන්න. ඒවගේම මේ ෆිල්ම් එකේ තියෙන එක දර්ශනයක් නිසා පවුලේ සැමට නරඹන්න බැරි ෆිල්ම් එකක් කියලා මතක් කරනවා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙනකල් මං සමුගන්නවා, ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
15,167 downloadsDownload Carter-2022.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
35 comments
Ravindra
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..Spider
Sub ekata thanks
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Anonymous
සබ් එකට Tnx❤
sandman එකට සබ් දෙන්නෑද්ද?Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Rajitha
තැන්ක්ස් සහෝ
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ දීලා නේද
උපසිරසියට තුති සහෝ
ජය වේවා !Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Kushan
Sub akta thanks
Anonymous
Patta
රජිත
බොහොම ස්තුතියි උපසිරසියට ....
චාමල් සහෝගෙන් පස්සේ බයිස්කෝප් එකෙන් කොරියන් දෙනඑක ගොඩක්ම අඩුවුනා
ඉදිරියටත් එහෙම කරන්න එපා බයිස්කෝප් පුලුවන් විදියට කොරියන් ඒවා දෙන්න බලන්න මොකද සුපිරිම නිර්මාන හැදෙනවා කොරියන් සිනමාවේHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Spiritwalker korean movie sub plz
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sheron
More korean movies plz
Also thanks for thiskishan
thank you.. pahara
Anonymous
Korean action ekak nm aniwa blnwa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
arindu
I cant download subtitle how can I download subtitle
Gayan
බොහොම ස්තුතියි
Neo
Thanks brother
Keep it upකොරියන් පිස්සා
පට්ට පීකුදු බාන්ඩයක් නෙහ් බස්සලා තියෙන්නේ
තැන්ක්ස් වේවා බ්‍රදර්Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Wick
Film eka aulak na hodai.. habai action seen animation wage poddak.. sub ekata thanx.. jaya wewaa.. !!!
UDARA DAMITH
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Malith samarawickrama
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janitha220
Thanks bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks sub ekata