Watch Trailer

Footfairy (2020) Sinhala Subtitles | මරු කැඳවන දෙපා යුගල [සිංහල උපසිරසි]

පාළුවට ගිය රාත්‍රියක්…. ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා.. වැඩිය සෙනගකුත් නෑ… පාළුවට ගිය වේදිකාවට බැස්සෙ ලස්සන ගෑණු ළමයෙක්.. කන් දෙකේ ඉයර් බඩ්ස් දෙකකුත් ගහගෙන අඳුරු රේල්පාරට බැහැලා හෙමින් ඉස්සරහට යනවා.. එක්වරම ඈ වෙත පාත්වුන යක්ෂයා ඇගේ ඔළුවට දාන්නෙ පොළිතින් උරයක්.. ඈ හුස්…

පාළුවට ගිය රාත්‍රියක්….
ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා..
වැඩිය සෙනගකුත් නෑ…
පාළුවට ගිය වේදිකාවට බැස්සෙ ලස්සන ගෑණු ළමයෙක්..
කන් දෙකේ ඉයර් බඩ්ස් දෙකකුත් ගහගෙන අඳුරු රේල්පාරට බැහැලා හෙමින් ඉස්සරහට යනවා..
එක්වරම ඈ වෙත පාත්වුන යක්ෂයා ඇගේ ඔළුවට දාන්නෙ පොළිතින් උරයක්..
ඈ හුස්මගන්න ලොකු වෙහෙසක් ගන්නවා..
මාරයා එක්ක සටන් කරන්න හයියක් ඒ සියුමැලි ලපටි සිරුරට නෑ..
ඈ පරාජය භාර ගන්නවා..
අවසන් හුස්ම බෑග් එකටම හෙලන ඈ නිසල වෙනවා..
මිනීමරුවා ඊළඟට ගන්නෙ කියතක්..
රේල්පාරෙ අඳුරු කෙලවරක ඉඳන් යක්ෂයා කියත ඇගේ සියුමැලි ඇත්දළ වන් සුසුදු වළලු කරට…
“චරර්ස්…” හතර වටේටම ලේ….

කෙල්ලන්ගෙ පාද කැපූ මළ සිරුරු ට්‍රොලි බෑග්වල දාලා මුම්බායි වල එක් එක ස්ටේෂන් අසලින් හම්බවෙද්දී, ඒ පරීක්ෂණ භාරවෙන්නෙ CBI විශේෂ අපරාධ කොට්ඨාශයේ සහකාර අධ්‍යක්ෂක විවාන් දේශ්මුක් ට. විවාන් එක්ක මේ පරීක්ෂණයට තවත් සහාය නිළධාරීන් දෙන්නෙක් එක් වෙනවා. ඉතින් මේ තුන්දෙනාට නගරය වසාගත්ත මේ බිය නැති කරන්න පුළුවන් වුණාද?

ෆිල්ම් එක අරං බැලුවොත් ඒක දැනගන්න පුළුවන්. ඔය උඩින් ලියපු සටහන, භාරත සිනමා රසික සංසදය facebook group එකේ චරිත් මොරගොඩ සහෝදරයා විසින් ලියපු එකක් මං සුළු සුළු සංස්කරණයන් ටිකක් කරලා ගත්ත එකක්. ඒ සටහන මේ ලිපියට යොදාගන්න අවසර දීම සම්බන්ධයෙන් චරිත් සහෝදරයට ස්තුතියි.

Footfairy කියන්නේ 2020 ඔක්තෝබර් මාසයේ Netflix ඔස්සේ නිකුත්වුණු Crime, Thriller වර්ගයේ හින්දි චිත්‍රපටියක්. Kanishk Varma විසින් අධ්‍යක්ෂණය කරපු මේකෙ Gulshan Devaiah, Sagarika Ghatge, Kunaal Roy Kapur ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරනවා. IMDB අගය දැක්වෙන්නේ 4.7 ක් විදියට. මේක හෙමින් ගලාගෙන යන චිත්‍රපටියක්. හැබැයි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

මේක කරන්න බාර අරගෙන සතියකට වැඩි වුණත්, තිබුණු එක එක වැඩ එක්ක මේ වෙනුවෙන් ලොකු කාලයක් යොදන්න වුණේ නෑ. ඉතින් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් ඔන්න අන්තිමට දවස් 10 කට වගේ පස්සෙ වැඩේ ඉවර කරගත්තා.

එහෙම නම් ආපහු ඉඩ තියන වෙලාවක හම්බවෙමු. ඇඩ්මින්වරු සහ සහෝදර උපසිරැසිකරුවන් ඇතුළු බයිස්කෝප් පවුලේ හැමෝටමත්, උපසිරැසි ගන්න හැමෝටමත් තෙරුවන් සරණයි…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,919 downloadsDownload Footfairy-2020.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,919 downloadsDownload Subtitles51 KB

21 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Anonymous

    Thanks for sub

  3. Gihan Lakmal

    Ela

  4. Kushan

    Sub akta thanks

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. indika 75

    thanks..

  7. Naveen

    උපසිරසියට තුති

  8. Anonymous

    Patta

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. dulan

    ස්තුතියි !

  11. Sheron

    Thanks for subtitles

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Gayan

    බොහොම ස්තුතියි

  15. Neo

    Thanks brother
    Keep it up

  16. Eranda

    Thanks brother

  17. Ashan bandara

    උපසිරැසියට ස්තූතියි..ඇත්ත මිනීමරුවා මම හිතන්නේ රිෂබ්...නෑ කියනවා නම් ඔප්පු සාක්ෂි ඕන තරම්..

  18. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  19. Lahiru Lakshan

    thanks machn....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Ruchira

    Thanks for the sub!!!