ඒ කොට්ටායම් හිරගෙදර වෙනදට වඩා එදා එහි කලබලයක් පේන්න තිබුණා. ප්‍රධාන නිලධාරිතුමා හිටියෙත් පොඩි ගැස්මක එයාට හතරවටින්ම කෝල් එන්න අරන් ඒ අස්සේ කොට්ටරාක්කරා හිරගෙයි හිටපු නම ගිය මැරයෝ වගයක්වත් මෙහෙට එවලා. මොකක්ද මේ හදිසියේ වෙන්න යන්නේ? “සර්, මුන් ටිකව මෙහෙට ගෙන්නලා තියෙන්නේ අරුන්දැට වැඩේ දෙන්න තමා. අද ම…

ඒ කොට්ටායම් හිරගෙදර
වෙනදට වඩා එදා එහි කලබලයක් පේන්න තිබුණා.
ප්‍රධාන නිලධාරිතුමා හිටියෙත් පොඩි ගැස්මක
එයාට හතරවටින්ම කෝල් එන්න අරන්
ඒ අස්සේ කොට්ටරාක්කරා හිරගෙයි හිටපු
නම ගිය මැරයෝ වගයක්වත් මෙහෙට එවලා.
මොකක්ද මේ හදිසියේ වෙන්න යන්නේ?
“සර්, මුන් ටිකව මෙහෙට ගෙන්නලා තියෙන්නේ
අරුන්දැට වැඩේ දෙන්න තමා.
අද මෙහෙට උන්දැ එනවනේ.
අද නම් මෙහෙ දෙකෙන් එකක් සිද්ධ වෙනවා”
එන පුද්ගලයා ගැන ආරංචි වුණාම
කවුරුත් කම්පනය වෙලා තිබුණේ..
මුන්දැ කවද්ද හිරගේක පස් පෑගුවේ?
ඊටත් එහා කවුද මුන්දැව අල්ලගත්තේ?
මොන දේ වුණත් ඉස්සරහට වෙන්න යන දේ නම්
හොඳ දෙයක් නෙමේ.
අද ඉඳන් මෙහෙ එකම යුධ පිටියක් වෙයි.
මොකද..
අද මෙහෙට දරුණුම කොටියෙක් එනවා..
කුරියාච්චන්..!!!
පසුගියදා තිරගත වීම ඇරඹි, Prithviraj Sukumaranගේ කඩුවා චිත්‍රපටය අද වනවිට අතිශය ජනප්‍රියත්වයක් ලබාගෙන වසරේ දැවැන්තම මලයාලම් චිත්‍රපට අතරට එක්වී තිබෙනවා. මලයාලම් සිනමාව තුළ එතරම් දැකගත නොහැකි Mass Action ශානරයේ චිත්‍රපටයක් වන මෙය තිරගත වීම ඇරඹුණේ පසුගිය ජුලි 07 වනදායි. චිත්‍රපටය නිකුත් වී දින 30ක්වත් ගත නොවුනත්, මේ වනවිට මෙය රැස් කරගත් සම්පූර්ණ ආදායම ඉන්දීය කෝටි 60කට අධිකයි.
මලයාලමේ පෙරළිකාර ක්‍රියාදාම චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Shaji Kailasගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුනු මෙය, ධනාත්මක ප්‍රේක්ෂක-විචාරක අවධානයක් දිනා ගත් Jana Gana Mana සිනමාපටයෙන් පසු මේ වසරේදී ප්‍රිත්විරාජ් සුකුමාරන් රඟපෑ දෙවන සිනමාපටයයි. ඔහුට අමතරව Samayuktha Menon, Arjun Ashokan, Priyanka Nair, Sudheer Karamana වැනි මලයාලමේ හුරුපුරුදු මුහුණු ගණනාවක්ම මෙහි රංගනයෙන් එක්ව සිටිනවා. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවීර චරිතයට පණ පොවන්නේ සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු විවේක් ඕබ්රෝයි විසිනුයි. Lucifer සිනමාපටයෙන් පසු මලයාලම් නිර්මාණයකින් ඔහුව දක්නට ලැබෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
Kaduva ප්‍රදර්ශනය ඇරඹි පළමු දින තුළම ලෝ පුරා කෝටි 5කට අධික මුදලක් රැස් කරගත් වූ අතර සතියක් අවසානයේදී කෝටි 30කට ආසන්න ආදායමක් ලබා ගනිමින් Super Hit ලේබලය හිමි කරගන්නට සමත් වුනා. මේ වනවිට සිනමාශාලා ප්‍රදර්ශනයෙන් ලබාගෙන තිබෙන ආදයම පමණක් කෝටි 50කට අධිකයි. OTT & Satellite Rights ඇතුළුව සමස්ත ආදායම ඉන්දියානු කෝටි 60 සීමාව පසු කර තිබෙනවා.
මෙහි අධ්‍යක්ෂකවරයා වන Shaji Kailas කලෙක හැඳින්වූයේ මලයාලම් සිනමාවේ හොඳම සටන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයා ලෙසයි. නමුත් කාලයත් සමඟම, ඔහුගේ නිර්මාණ රසිකයින්ගෙන් යම්තාක් දුරකට ඈත් වුනා. තමන්ගේ නිර්මාණ දිගින් දිගටම අසාර්ථක වූ නිසා 2012-2013 කාලයෙන් පසුව Shaji චිත්‍රපට නිර්මාණකරණයට එතරම් උනන්දු වුනේ නැහැ. නමුත් දැන් යළිත් Kaduva හරහා ඔහුට සුපුරුදු Mass Action ශෛලය නැවතත් කේරළ සිනමාවට එකතු කරන්නට ශජී සමත් වී තිබෙනවා. දකුණු ඉන්දියානු සිනමා විචාරකයින් පවා සඳහන් කරන්නේ මෙය ශජී කයිලාස් නැමැති දක්ෂ ක්‍රියාදාම චිත්‍රපට නිර්මාණකරුගේ “Comeback චිත්‍රපටය” ලෙසයි.
Kaduva හි ප්‍රධාන නිෂ්පාදකවරිය වන්නේ ද ප්‍රිත්විරාජ් සුකුමාරන්ගේ බිරිඳ Supriya Menonයි. ඊට අමතරව Magic Frames වෙනුවෙන් Listin Stephen මෙහි සම – නිෂ්පාදනයට සම්බන්ධ වී තිබෙනවා. මෙය Listin සහ Prithvirajගේ සුසංයෝගයෙන් නිෂ්පාදනය කළ සිව්වන සිනමාපටය වන අතර, මෙරට මලයාලම් රසිකයින් අතරෙ හි ජනප්‍රියත්වයට පත් Brothers Day | Driving License | Jana Gana Mana චිත්‍රපට ත්‍රිත්වයම නිෂ්පාදනය කළේ ඔවුන් දෙදෙනා එකතුවෙනුයි.
ඉතින් උඩ ලිපිය අරගෙන ආපු කවිනු වීරක්කොඩි මල්ලිට බොහොමත්ම ස්තූති වෙන ගමන්, හැමෝටම ආරාධනා කරනවා Kaduva නරඹන්න කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
8,371 downloadsDownload Kaduva-2022.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2022
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Jinu Abraham
- #Kaduva (2022)
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Prithviraj Sukumaran
- #Samyuktha Menon
- #Shaji Kailas
- #Siddique
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Vivek Oberoi
- #You Decide
- #උපසිරැසි
- #රේණුකා සුභාෂිණි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
41 comments
Kamal
Anonymous
Thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
indika 75
thanks..
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි දෙන්නටම. <3
Anonymous
Patta
Samith
Thanks both
Anonymous
supiriyak wage
ela elaHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑම්ක්ස් බොම්කස්❤️
dulan
ස්තුතියි !
Anonymous
තැන්ක්ස් දෙන්නටම
Sheron
Thanks for subtitles
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!Anonymous
Thnkz guyz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Supun Kaushalya
තෑන්ක්ස් දෙන්නටම
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Lakindu
Thank You 2022
Happy Birthday 2022මේ තෙලිඟු දෙකත් ඕනේ මචන්ලා
Gayan
බොහොම ස්තුතියි
Anonymous
Poya special mkuth ndda ?
Film set ekakma ott release wela thynneNeo
Thanks both
Keep it upකසුන්
ෆිලුම අවුලක් නෑ
හැබැයි ප්‍රිත්විරාජ් ගෙනුයි විවේක් ගෙනුයි මීට වඩා දෙයක් ගන්න තිබ්බා,දෙන්නම පට්ට නලුවෝ ඒකයිEranda
Thanks both
මධුකප්‍රිය පෙරේරා
thanks
Minol Perera
බොහොම ස්තුතියී
RK
Primer 2004
Upstream color-2013
Me deketh sub site eke naj.d
සිංහල උපසිරසියට ස්තුතියි
oshanda
thank you dennatama
දහරා මුතු අමා
සබට තුති, දෙන්නටම.
V.P
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
සාරංග J ලියනගම
Thanks
මේනක හේරත්
දෙපලට ගොඩාක් ස්තූතියි . සබ් එක ලෙසටම දීලා තියෙනවා
bunny
Thanks buddy
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි දෙන්නටම <3 ;-)
Malith samarawickrama
Thanks sub ekata
මිනුල
ප්‍රිත්විරාජ් ලොක්කගේ අලුත් ෆිලුම Theerppu එකට සබ් දෙන්නකෝ අක්කේ
තව අලුත් මලයාලම් ත්‍රිලර් ෆිල්ම් ටිකකුත් ඇවිත් තියෙනෝ
ඔයාලත් වැඩ බව දන්නවා ඒත් ඉතින් අපිට බලන්න පුලුවන් හොද සබ් දෙන්නේ ඔයාල විතරයිනේ පුලුවන් විදියට දෙමුTharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kaduva (2022) Sinhala Subtitles | කොටියා..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/08/කඩුවා-2022.jpg)
ela ela