Watch Trailer

Catwoman: Hunted (2022) Sinhala Subtitles | මැණිකක් සොයා… [සිංහල උපසිරසි]

මේ අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත්වෙන පළමු DC ඇනිමේශන් චිත්‍රපටයයි. මේ පාරත් Warner Bros. Animation ලා අලුත් දෙයක් උත්සහ කරල තියෙනවා. (මෙහෙම දෙයක් උත්සහ කරපු පළවෙනි වතාවත් මේක නෙවෙයි.) සාමාන්‍යය ඇමරිකන් ඇනිමේශන් ශෛලියෙන් එහාට ගිහින් මේ පාර ජපන් ඇනිමේශන් ශෛලියක් පාවිච්චි කරල මේ අරන් එන Catwoman Hun…

මේ අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත්වෙන පළමු DC ඇනිමේශන් චිත්‍රපටයයි. මේ පාරත් Warner Bros. Animation ලා අලුත් දෙයක් උත්සහ කරල තියෙනවා. (මෙහෙම දෙයක් උත්සහ කරපු පළවෙනි වතාවත් මේක නෙවෙයි.) සාමාන්‍යය ඇමරිකන් ඇනිමේශන් ශෛලියෙන් එහාට ගිහින් මේ පාර ජපන් ඇනිමේශන් ශෛලියක් පාවිච්චි කරල මේ අරන් එන Catwoman Hunted චිත්‍රපටය නිර්මාණය කරළ තියෙනවා.

චිත්‍රපටයේ වතගොත කතා කරොත් මේක අධ්‍යක්ෂණය වෙන්නේ Shinsuke Terashawa විසින්. Elizabeth Gillies, Stephanie Beatriz, Lauren Cohen ඇතුලු පිරිසක් හඬ දායකත්වය සපයල තියෙනවා. ඇනිමේශන් එක පෙබරවාරි 8 නිකුත් වෙන්න තිබ්බත් සුපුරුදු පරිදි BluRay කොපියක් මෙයාලා කලින්ම ඊයේ නිකුත් කරල තිබුණා. ඒ නිසා වෙන්න ඇති මම මේ ලිපිය ලියන මොහොත වෙද්දිත් තාම IMDB හෝ Rotten Tomatoes රේටින් නිකුත් වෙලා නෑ. කොහොම හරි ෆිල්ම් එක නම් හොඳට රසවිඳින්න පුලුවන් එකක්.

කතාව පැත්තට ආවොත් මේකෙදි හුඟක් අවදානය දීලා තියෙන්නේ කාන්තා චරිතවලට. කැට්වුමන් aka. සෙලීනා කයිල් බ්ලැක් මාස්ක්ගෙන් ඉතාමත් වටිනා මැණිකක් හොරකම් කරනවා. කොහොම හරි වැඩේ ගැස්සිලා කැට්වුමන්ගෙ සැලසුම් අසාර්ථක වෙනවා. බ්ලැක් මාස්ක්ගෙන් පැනගත්තත් බැට්වුමන් සෙලීනව අල්ල ගන්නව වගේම අර මැණිකත් අහිමි වෙනවා.

ඉතිං පොලීසියයි බැට්වුමනුයි මේ පාර සෙලීනට පොඩි පගාවක් වගේ දීලා අර මැණික එක්කම බ්ලැක් මාස්ක්ව අල්ල ගන්න උදවු ඉල්ලනවා. සෙලීනත් ගැලවෙන්න ක්‍රමයක් නැති නිසාම ප්ලෑන් එකට කැමති වෙනවා. පේන විදිහට සෙලීනට මොකක් හෝ යටි අරමුණකුත් තියෙනව වගේ. ඉතිං බ්ලැක් මාස්ක් අහුවෙයිද? පොරට ඇයි මේ මැණික මෙච්චර ඕනේ? සෙලීනගෙ අරමුණ මොකද්ද? මේ ටික දැනගැනීම ඔයාලට භාර කරනවා.

එහෙනම් අදට සමුගන්නම්. ආයෙත් සබ් එකකින් නැවත හමුවෙමු.

සුබ දවසක්…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,945 downloadsDownload Catwoman-Hunted.2022.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

2,945 downloadsDownload Subtitles36 KB

12 comments

  1. cp kumara

    thanks you so much..............
    gods bless you!!!!!!!

  2. නිර්මාල් විමුක්ති

    සබ් එකට ස්තුතියි සචින්ත මල්ලි..

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ. ජයවේවා!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  6. Lehan

    thanx bro

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Udara Damith

    එල මොන්ගෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!